බිරිඳට, පෙම්වතියට දක්වන ආදරය දෙමව්පියන්ට දක්වන ආදරය යන දෙක පටලව ගත්තොත් තමයි ගොඩක් විට ඔය වගේ දේවල් වෙන්නෙ. අපිව දුක් මහන්සි වෙලා හදල වඩල මේ වගේ තැනකට ගෙනාපු අයට එහෙම කරනවනම් කොහොම ද බිරිඳට, පෙම්වතියට වුණත් සැබෑවට ආදරයක් කරනව කියන්නෙ?
බිරිඳට, පෙම්වතියට හදවතින් ආදරය කරන්න ඕන. ඒ ආදරය හා දෙමව්පියන්ට දක්වන ආදරය කියන දේ සංසන්ධනය කරන්නට යෑම හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒ දෙක දෙකක්. අනිත් දේ තමයි බිරිඳ හෝ සැමියගෙ දෙමව්පියන්ටත් තමාගේ දෙමව්පියන්ට වගේ ආදරයක් ඇතිවෙන්න ඕන. ඒ අය නැත්තම් බිරිඳ හෝ සැමියත් නැහැනෙ ඒ කෙනාට.
තමන්ව අවුරුදු 20 පමණ හදා වඩා ගත් දෙමව්පියන්ව අමතක කරල ගොඩනගන ජීවිතයට ආයුෂ නෑ. දෙමව්පියන්ට හා බිරිඳට වෙන්න ඕන යුතුකම් හරියට ඉටු කරනවනම් ඉතින් ගැටලුවක් වෙන්න විදියක් නෑ කොයි පාර්ශවයටත්.
සමහර දෙමව්පියො නොදැනුවත් කම නිසා හෝ යම් පුහු තත්වයන් නිසා වැරදි තීරණ ගන්න අවස්ථා එනව. ළමයින්ට අසාධාරණයක් කරන. ඒත් ඒ දේ වුණත් එයාල ගොඩක් විට කරන්නෙ ළමයිගෙ හොඳට කියල හිතල. එහෙම නොකරන අයත් නැතුව නොවෙයි. හැබැයි ඒ වගේ අවස්ථාවල ළමය බුද්ධිමත්ව ක්‍රියා කරල ඒ දේ විසඳගන්න එකයි හොඳ. සමහර දෙමව්පියන්ටනම් තේරුම් කර දීම අපහසු වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ අයව නොසලකා හරින එක හොඳ දෙයක් නෙමෙයි මනුෂ්‍යයෙක් වශයෙන් ගෙන බැලුවත්. එයාල මොනදේ කළත් අපෙන් වෙන්න ඕන දේ කරන එකයි තියෙන්නෙ.