ඔය කතාවෙ දෙපැත්තක් තියෙනව. දෙමාව්පියො උනත් තමන් පොඩි කාලෙ ඉන්දන් හැදුව වැඩුව, ඉගැන්නුව කියල ලමය්න්ට අනවශය විදියට බලපෑම් කරන එක අනුමත කරන්න බැහැ. තමන්ගෙ ලමයට ඇත්තටම ආදරේනම් කරන්න ඕන ලමයට තමන්ගෙ ජීවිතේ ගැන තීරන ගැනීමට ඉඩ දීම සහ නිවැරදි තීරන ගැනීමට ඕන උපදෙස් ටික දීම මිසක් උඹ අරූව බැන්දොත් බලාගමු සය්ස් එකෙන් හැසිරෙන එක නෙමෙය්. එතන තියෙන්නෙ තමන්ගෙ ලමයගෙ මාර්ගයෙන් තමන්ගෙ ආසාවල් ඉස්ට කරගැනීමේ ආත්මාර්ථකාමීත්වයක් මිසක් නියම ආදරයක් නෙමෙය්. ලන්කාවෙ දෙමව්පියන්ව ගොඩක් ලමය්න්ට එපා වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා. දෙමව්පියන්ට කැමති වෙන එක්කෙනා එක්ක විවහ වෙනව තරම් ජෝක් එකක් ලෝකෙ වෙන නැතුව ඇති. ඒකෙ අනිත් පැත්තත් ඒ වගේම තමය්, ලමය් තමන්ගෙ අම්මල තාත්තල එක්ක කොහෙවත් යන්නවත් ලැජ්ජය්. නමුත් වයස 20 විතර පහු වෙනකොට ඔක්කොම තේරුම් යන්න පටන් ගන්නව, හැබැය් දැන් තියෙන සමාජ ක්රමය හැටියට අම්මල තාත්තලට ආදරේ කරනව තියා තමන් තමන්ට්වත් ආදරේ නැති පිරිසක් තමය් බෝ වෙලා තියෙන්නෙ