මව් කුසින් උපන් නයි දරුවා

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    මව් කුසින් උපන් නයි දරුවා

    ලෝකයේ රටවල වරින්වර විවිධ වූ විස්මිත දේ සිදු වේ.

    මේවා නවීන විද්‍යාවේ මිණුම් දඬුවලට ගෝචර නොවුණද අසත්‍ය යැයි බැහැර කළ නොහැකිය.

    එවැනි සිදුවීම් පරම්පරාවෙන් පරම්පරාවට යුගයෙන් යුගයට ජන විඥානය තුළ අලුත් වෙමින් පවතී.

    භෞතිකවාදීන් මෙවැනි විස්මිත දේට අනම් මනම් කියනවා මිසක එවැනි සිද්ධීන් ගවේෂණය කොට නිගමනයක් දෙන්නේ ද නැත.

    සීවලී මහ රහතන් වහන්සේ ඉපදීමට පෙර මව්කුස තුළ අවුරුදු හතයි මාස හතයි දවස් හතක් විසූ බව ප‍්‍රසිද්ධ කාරණයකි.

    විශාල සංඛ්‍යාත්මක ගණිත ගැටලු තත්පරයකින් විසඳ්‍ර උත්තරය කියන දරුවකු පිළිබඳ සිද්ධියක් වරෙක අපි ඇසුවෙමු.

    මෙවැනි අතිශය දුර්ලභ වූ විස්මිත සිද්ධීන් පිළිබඳ නියත නිගමන දිය නොහැකිය. කාන්තාවකගේ කුසින් නයි පැටවුන් ප‍්‍රසූත කළා යැයි කීවොත් එය කෙනකුට පිළිගත හැකිද?

    මහා පරාක‍්‍රමබාහු රජතුමා පස්යොදුන් රට ගොවිතැනින් සරු කරද්දී කුඩා වැව් ඉදිකරමින්, ඇළවල් කපා වැඩි ජලය ගංගාවලට බස්සවද්දී කුඩා වැව් අසල පත්තිනි දේවාල ඉදිකොට ඇත.

    වර්තමාන වැලිපැන්න දේවාලය අතීතයේ හැඳින්වූයේ දොඩන්ගොඩ දේවාලය නමිනි. ඒ දේවාල ඉතිහාසයේ අපූරු කතාවක් ඇත.

    දොඩන්ගොඩ දේවාලයේ පත්තිනි රාළගේ බිරිය (පත්තිනි හාමි) වරක් ගැබ්බරව සිට ප‍්‍රසූත කළේ නයි පැටවුන් හත් දෙනෙකි. ඇය මේ නයි පැටවුන් හත්දෙනා දරුවන් හා සමානව පෝෂණය කළාය.

    කිරි උණු කොට නිවුණු පසුව හැන්දෙන් වළඳට තට්ටු කිරීම නයි පැටවුනට දෙන සංඥාවයි. ඒ හඬ ඇසුණු පසු තැන් තැන්වල සිටින නයි පැටවුන් හත්දෙනා වහා පැමිණ කිරි පානය කිරීම සිරිතය.

    දිනක් කිරි උණු කොට වළඳ ලිපෙන් බිමට ගත් සැණින් පත්තිනි හාමි අතින් හැන්ද වළං ගැට්ටේ වැදී හඬ නැගිණි. ආහාරයට වේලාව දැනුම් දුන්නා යැයි සිතා නයි පැටවුන් හත්දෙනා වහා පැමිණ කිරි බොන්නට සූදානම් වූ විට උන්ගේ කටවල් පිච්චුණි.

    එයින් අමනාප වූ නයි හත්දෙනා පත්තිනි රාළගේ නිවසින් පිටව ගොස් දේවාල හතක නතර වූ බව කියයි. ඒ දේවාල හත වැලිපැන්න (දොඩන්ගොඩ) දේවාලය, කපුගෙදර දේවාලය, ගුරුදල දේවාලය, හුරුළුගෙදර දේවාලය, අඹේගොඩ දේවාලය, ලත්පඳුර ;ද්වාලය සහ රබලිය දේවාලය, යන දේවාල හතයි. මේ දේවාල ඉතිහාසයන්හි ද නයි හත් දෙනාගේ කතාව කියැවෙයි.

    ඇත්තටම මිනිස් මවකගේ කුසින් නයි පැටවුන් බිහිවිය හැකි ද? එය විද්‍යාත්මකද? මෙය මහත් ගැටලුවකි. මේවා දේවාල ආනුභාව මතු කැර පෙන්වීම සඳහා නිර්මාණය කළ කතා විය හැකිය. මම ද මේ කතාව සුරංගනා කතාවක් විය හැකියැයි සිතා සිටියෙමි.

    පල්ලේකැලේ ජාත්‍යන්තර සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනා පුහුණුවට පසුගියදා මම ද ඇතුළත් වී නේවාසික වූයෙමි. අපේ භාවනා වැඩසටහන අවසන් වූයේ ඇසළ පසළොස්වක පොහෝ දිනයේය.

    එදින හපුකොටුව, ජම්බුගස්පිටියේ, ඩෙරිල්ටන් ද සිල්වා මහතා ද සිල් සමාදන්වීම සඳහා භාවනා මධ්‍යස්ථානයට පැමිණ සිටියේය.

    අප සතුටු සාමීචියේ යෙදෙද්දී ඔහුගෙන් කියැවුණු මෑත අතීතයේ මවකට නයි පැටවකු උපන් කතාවකි මේ. හැටපස්වැනි වියේ පසුවන ඩෙරිල්ටන් මහතා මා සමඟ විස්තර කළ ඒ කතාව ඔහුගේ වචනයෙන් ම මෙසේය.

    “මං ජම්බුගස්පිටියේ දැන් පදිංචිව හිටියත් මගේ උපන් ගම මාතර තොටමුණ. මගේ පියා සිඩ්නි අර්නස්ට් ද සිල්වා. ව්‍යාපාරිකයෙක්. අම්මා ආර්.පී. ඒඩා ද සිල්වා. මගේ ආච්චි අම්මා මිය ගියේ එක්දහස් නවසිය පනහේ අවුරුද්දේ.

    මේ ආච්චි අම්මා දරුවන් විසි ගණනක් ප‍්‍රසූත කැර තියෙනවා. එයින් හුඟ දෙනෙක් උපන් හැටියෙ ම වගේ මැරිලා.

    මගේ අම්මා ඇතුළු ගැහැනු දරුවෝ හතරයි මාමලා තුන් දෙනයි ජීවත් වුණේ. මගේ ලොකු අම්මා තවමත් මාතර ජීවත් වෙනවා. අපේ පවුල්වල අය තවමත් මේ අය හඳුන්වන්නේ නයි අම්මගේ පවුලේ අය කියා.

    මේක මාතර තොටමුණේ ප‍්‍රසිද්ධ කතාවක්. අපේ ආච්චි වරක් පිරිමි දරුවකු ප‍්‍රසූත කැර තියෙනවා.

    ඒ කාලේ ආණ්ඩුවේ වින්නඹු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවන් නැහැ. ගමේ ම පළපුරුදු වැඩිහිටි කාන්තාවක් තමයි වින්නඹු අම්මා ලෙස කටයුතු කරන්නේ.

    දරුවා උපන්නා ම සීයා වේලාව අරගෙන නක්ෂත‍්‍රකරුවකු හමුවෙන්න ගිහින් තියෙනවා වේලාපත්කඩය හදා ගන්න. ඒ නක්ෂත‍්‍රකරු බොහෝභ ප‍්‍රසිද්ධ දක්ෂ කෙනෙක්.

    නම පින්තු. නක්ෂත‍්‍රකරු වේලාව පරීක්ෂා කැර කියා තියෙනවා මේ වෙලාවට දරුවො දෙන්නෙක් උපදින්න ඕනැය කියා. සීයා කියා තියෙනවා “නැහැ” කියා.

    “එහෙම වෙන්න බැහැ. මේ වේලාවේ හැටියට දෙන්නෙක් උපදින්න ඕනෑ. ඒක එහෙම නොවෙයි කියනවා නම් මට මේ හඳහන හදන්න බැහැ”යි කියා ප‍්‍රතික්ෂේප කැර තියෙනවා.

    ඉතින් සීයා ආපහු ගෙදර එන්න පිටත්වුණා. මේ එන අතරමඟ තමයි වින්නඹු අම්මාගේ ගෙදර තියෙන්නේ. එන ගමන් ඒ ;ගදරට ගොඩ වැදිලා වින්නඹු අම්මා මුණ ගැසී සිද්ධිය කියා තියෙනවා.

    “ඉතින් වින්නඹු අම්මා කියා තියෙනවා ‘දරුවො නම් උපන්නේ එක්කෙනයි. හැබැයි මස් වැදල්ලකුත් නළිය නළියා එළියට ආවා. පණුවෙක් වෙන්න ඇති කියා මම එතන බිත්ති කණ්ඩිය උඩින් තියලා ඇති” කියලා.

    සීයා ඉක්මනින් ගෙදර ඇවිත් බිත්ති කණ්ඩිය උඩ බලලා තියෙනවා. ඒ මස් වැදැල්ල බිත්තියේ තිබුණු මැටි වැලි තැවරිලා ඒ වෙලාවෙත් නළිය නළියා තියෙනවාලු. කෝටු කෑල්ලකින් ටිකක් සුද්ධ කැර බලන කොට පණුවෙක් වගේ පුංචි නයි පැටියෙක්.

    මේ සිද්ධිය ආච්චිට කීවාම ඒ නයි පැටියා ගෙන්න ගෙන තනකිරි ටිකක් දොවලා පහන් තිරයකින් කිරි පොවලා තියෙනවා. මේ නයි පැටියත් ඒ ගෙදර ම දරුවොත් එක්ක හැදිලා වැඩිලා තියෙනවා.

    පහුවෙන කොට එළකිරි දුන්නාලු ආහාරයට. රෑටත් නයි පැටියා එහේ මෙහේ යනවාලු. නිදාගෙන ඉන්න දරුවන්ගෙ ඇඟ උඩින් යනවාලු. එයා එක්කම ඉපැදුණු දරුවා ළඟට වෙලත් ඉන්නවාලු.

    අවුරුද්දක් දෙකක් ගතවෙන විට නයි පැටියා අඩි තුනක් විතර දිගට හැදිලා තියෙනවා. දවසක් මේ පවුලේ අය කතරගම වන්දනාවෙ ගිහින් තියෙනවා. ඒ කාලෙ හැටියට කරත්තෙන් තමයි ගිහින් තියෙන්නේ.

    කතරගමට ගිහින් බලන කොට මෙන්න නයි පැටියත් කරත්තෙට නැගිලා ඇවිත්. මිනිස්සු වගේ ම නවාතැන් ගත්ත මඩමටත් ගිහින් එහේ මෙහේ ඇවිදින්න පටන් අරගෙන.

    පවුලේ අයටත් මෙයාව හොය හොයා ඉන්න වේලාවක් නෑ තම තමන්ගේ වැඩ කරගන්න එපායැ. උඹ ආවා නම් ඇවිදලා වරෙන් කියලා කෑම බීම උයන්න පිහන්න පටන් ගත්තාලු.

    නයා තැන තැන ඇවිදින්න ගිහින්. එහෙම ගිය තැනකදි මිනිස්සු බය වෙලා මන්දක් ගහලා බැඳලා ගල් වලකට ගිහින් දාලා තියෙනවා. නයා ගල්වලෙන් උඩට ඇවිත් තියෙනවා පෙණය පුප්පාගෙන. එතන හිටපු මිනිහෙක් ගල් ගෙඩියක් උස්සලා නයාගෙ ඇඟට අත ඇරලා. නයා එතැනම මැරිලා.

    පැය කීපයකට පස්සේ නයා පේන්න නැති නිසා පවුලේ අය නයා ගැන විපරම් කරලා තියෙනවා. ඊට පස්සෙ ආරංචි වෙලා තියෙනවා නයාට සිද්ධ වෙච්ච හරිය. කොහොම වුණත් තමන්ගෙ කුසෙන් වදාපු සතානෙ. ආච්චිටත් හිතට අමාරුලු.

    ආපු වන්දනා කටයුතු ඉෂ්ට කරලා ආපහු ගමට එන්න පිටත් වුණාලු.

    කතරගම සිට මාතර බලා ගමන් කරන අතරමඟදි අර නයා එක්ක උපන් දරුවා අසනීප වුණාලු. ප‍්‍රතිකාර කළත් සනීප වෙලා නැහැ. මාතර තොටමුණේ ගෙදරට ආ හැටියේ ඒ දරුවාගෙත් පණ ගියාලු.

    එසේ ම පල්ලේකැලේ භාවනාවට පැමිණ සිටි අම්පාරේ ඒ. ජයසේන මහතා ද එවැනි කතාවක් කීවේය. තමන්ට වයස අවුරුදු දොළහේ දී පමණ තම ගමේ කාන්තාවක ඉතාම කුඩා අලි පැටවකු ප‍්‍රසූත කළ බවත් කකුල් හතර, ;හාඬවැල අලි මුහුණ මැනැවින් පැහැදිලිව තිබුණු බවත්, එහෙත් ඒ අලි දරුවා උපදින විට ම ප‍්‍රාණය නිරුද්ධ වී තිබුණු බවත්, ගමේ හා අවට ගම්වල බොහෝ දෙනා මේ අලි දරුවා දැක ගැනීමට පැමිණි බවත් පැවැසීය.

    මෙවැනි සුවිශේෂී සිද්ධින් පිළිබඳ අපේ රටේ සංවිධානාත්මක ගවේෂණයක් සිදු නොවීමත්, යටත් පිරිසෙයින් සජීවි දත්ත රැස්කිරීමක් පවා සිදු නොකිරීමත් මහත් අඩුපාඩුවකි.

    මව් කුසකින් නයි පැටවකු උපදින්නට පුළුවන් දැයි මම ගලිගමුවේ ඤාණදීප හිමියන්ගෙන් විමසුවෙමි.

    “පුළුවන්. පෙර අකුසල් නිසාත්, සාප කිරීම් නිසාත් ඒ වගේ අද්භූත උත්පත්ති සිදුවෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේත් සඳහන් වෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක‍්‍රම හතරෙන්ම නාගයන් උපදින බව සංයුක්ත නිකායයේ සඳහන් වෙනවා.

    ඒ වගේම මීට අවුරුදු පණහකට පමණ පෙර ලංකාවේ එක්තරා කාන්තාවකට යක් පැටවෙක් උපන් සිද්ධිය ප‍්‍රසිද්ධ කතාවක්. යක්ෂයෙක් වගේ හැඩරුව ඇතිව රෝම පිරුණු ශරීරයකින් ඉපැදුණු මේ අද්භූත යක් පැටවා බලාගෙන සිටියදී උස් මහත්වී කුස්සියට දුවගෙන ගොස් ලිප් ගල මත වාඩි වුණාලු.

    ගෙදර අය මෝල් ගහකින් ගසා මරා දමා තියෙනවා. ඒක ප‍්‍රසිද්ධ කතාවක්. පාප කර්ම විපාක අනුව එවැනි දේ සිදු වෙනවා” යි උන්වහන්සේ පැවැසූහ.

    මතුගම මහින්ද විජේතිලක
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ගොන් කතා අහල තියෙනවා, මෙහෙම ගොන් කතාවක් ඇහුවමයි. හොඳ වෙලාවට ඔව්ව සිංහලෙන් විතරක් ලියන්නේ
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025

    Pattapal boruwak nai pataw kohomada ban maw kusin upadinne.

    ගොන් කතා අහල තියෙනවා, මෙහෙම ගොන් කතාවක් ඇහුවමයි. හොඳ වෙලාවට ඔව්ව සිංහලෙන් විතරක් ලියන්නේ



    එක එක පුද්ගලයා ලෝකේ දකින විදිහ වෙනස් නේ බන්. මෙත් ඒ වගේ කතාවක් තමා ඉතින්. පිටරට මිත්‍යා කතා ලංකාවේ අපි රස කර කර TV එකේ බලන්නේ. මේකත් ඒ වගේ කතාවක් තමා,කියවන පුද්ගලයා අනුව කථාවේ අසය වෙනත්.


    REP ADD 8+
     
    • Like
    Reactions: hitback

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    බෙන් 10;23506988 said:

    එක එක පුද්ගලයා ලෝකේ දකින විදිහ වෙනස් නේ බන්. මෙත් ඒ වගේ කතාවක් තමා ඉතින්. පිටරට මිත්‍යා කතා ලංකාවේ අපි රස කර කර TV එකේ බලන්නේ. මේකත් ඒ වගේ කතාවක් තමා,කියවන පුද්ගලයා අනුව කථාවේ අසය වෙනත්.


    REP ADD 8+

    ඒ වුනාට මේක මිත්‍යා කතාවක් නෙමෙයි නේද? පත්තරේ ගියපු සිරා කතාවක් නේ? :D
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඕවා තමයි වැඩි දෙනෙක් භාවනා කරන්න යනවා කියලා ගිහින් කරන්නේ...
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    ඒ වුනාට මේක මිත්‍යා කතාවක් නෙමෙයි නේද? පත්තරේ ගියපු සිරා කතාවක් නේ? :D

    එක එක පුද්ගලයා ලෝකේ දකින්නේ වෙන වෙන විදිහට කිව්වේ එක තමා බන්. උබලා වගේ අයට මේවා මිත්‍යා වගේ බලලා තේරුන් ගන්න පුළුවන්. තව අයට මේවා ඇත්ත වගේ කියලා පිළිගන්න පුළුවන්. තවත් අයට මේක ඇත්ත නැත්ත ගැන පස්න කරලා විද්ද්යතාමකව නිවරදි පැත්තක් වෙනම හදා ගන්න පුළුවන්.
    amma beneta ringalada nathnan naya gedarata rigalada
    :rofl:

    විය නොහැක්කේද නොවේ.......
    :confused:

    ඕවා තමයි වැඩි දෙනෙක් භාවනා කරන්න යනවා කියලා ගිහින් කරන්නේ...
    :shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බෙන් 10;23507588 said:
    එක එක පුද්ගලයා ලෝකේ දකින්නේ වෙන වෙන විදිහට කිව්වේ එක තමා බන්. උබලා වගේ අයට මේවා මිත්‍යා වගේ බලලා තේරුන් ගන්න පුළුවන්. තව අයට මේවා ඇත්ත වගේ කියලා පිළිගන්න පුළුවන්. තවත් අයට මේක ඇත්ත නැත්ත ගැන පස්න කරලා විද්ද්යතාමකව නිවරදි පැත්තක් වෙනම හදා ගන්න පුළුවන්.



    කෙහෙද බං ! මේවාගේ විද්‍යාත්මක කමක් තියෙන්නේ මිනිසා ඉන්නේ වෙනම වංශයක (මැමාලියා-ක්ෂිරපායින්) සර්පයෝ වෙන වංශයක (රෙප්ටීලියා) මිනිස්සුන්ට මුහුන් වෙන්න පුළුවන් සතෙක් ලොවෙත් නෑ පුතී !:baffled::baffled::baffled:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    මළ ගෙවල් වල නිදිමරනකොට මේ වගේ කතා නම් මසුරන්
    තව තියෙනවා. ඉදපන් දානකම්

    මතුගම මහින්ද පිහිටයි
    :eek:

    කෙහෙද බං ! මේවාගේ විද්‍යාත්මක කමක් තියෙන්නේ මිනිසා ඉන්නේ වෙනම වංශයක (මැමාලියා-ක්ෂිරපායින්) සර්පයෝ වෙන වංශයක (රෙප්ටීලියා) මිනිස්සුන්ට මුහුන් වෙන්න පුළුවන් සතෙක් ලොවෙත් නෑ පුතී !:baffled::baffled::baffled:

    ඔව්. ඔය කතාව දැනට හරි. එත් මම අදහස් කලේ ඕක නෙමේ බන්.
    "ඩාවින්චිගේ පරිණාමවාදය එන්න කලින් මිනිසා ඇතිවුණේ කොහොමද කියලාද මිනිස්සු පිලි ගත්තේ?" අන්න ඒ වගේ විද්‍යාත්මක පැත්තක් තමා අදහස් කලේ.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025



    REP BACK
    11.gif