මචං උඹගෙ අදහස ගැන හරිම සතුටුයි. නමුත් මචං මට ටිකක් මේකට එකතුකරන්න හිතුනා උඹගෙ දැන ගනීම සදහා. උඹ පිලිගනීද දන්නැහැ. මෙතන වාදයක් නම් නැහැ කොහෙත්ම. දැනුම බෙදාගැනීමක් පමණමයි.මගේ බලාපොරොත්තුව නම් මේ විපස්සනාවෙන්ම නිවන් දකින්නයි.
නිවන් දැකීම කියන එක එකපාරටම අරමුණු කරන්න එපා මචං. මොකද නිවණ කියන්නෙ අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කළවඳාල අන්තිම ඵලය. ඉතිං අපි එකපාරටම නිවණ අරමුණු කරණකොට අපේ හිතේ මාන්නයක් වැඩෙනවා. මේ ධර්ම මාර්ගයෙ ගමන් කරණකොට ඔය මාන්නයට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකෙන් උඹේ අරමුණට අනර්ථයක්මයි සිද්ධවෙන්නෙ. ඒනිසා අපි උත්සාහ කරන්න ඕනෙ සතර අගතියෙන් මිදෙන්න. එතකොට අපි සතර අගතියෙන් මිදෙන්න මොකද කරන්න ඕනෙ. අපි සෝවාන් ඵලය අර්මුණුකරලා ඒ සදහා වීර්ය වඩන්න ඕනෙ. එතකොට සෝවාන් වෙන්න අපි මොකද කරන්න ඕනෙ?
1. ආර්ය ශීලය
2. බුද්ධ ධම්ම සංඟරත්ණය පිලිබඳ ආර්යවතී ශ්‍රද්ධාව
3. කල්යාන මිත්‍ර ඇසුර සහ අහපු ධර්මය නුවණින් මෙනෙහි කිරීම.
සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා තව භව හතයි මචං ජීවත්වෙන්නෙ. භව හතකින් පස්සෙ ඒ උතුම් වූ නිවාණය සාක්ෂාත්කරගන්නවා.
අපි සෝවාන් ඵලයට පත් උනාට පස්සෙ අපිට අවශ්‍ය නම් සකුර්දාගමී ඵලය අරමුණුකරන්න පුලුවන් මේ භවයෙදිම. සකුර්දාගමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා මචං තව භව හතරයි ජීවත්වෙන්නෙ. භව හතරකින් පස්සෙ ඒ උතුම් වූ නිවාණය සාක්ෂාත්කරගන්නවා.
සකුර්දාගමී ඵලයට ලඟාඋණාට පස්සෙ අපිට අවශ්‍ය නම් අණාගාමී ඵලය අරමුණුකරන්න පුලුවන් මේ භවයෙදිම. අණාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා මචං තව එකම එක භවයයි ජීවත්වෙන්නෙ. ඒ භවයෙන් පස්සෙ අණාගාමී පුද්ගලයා ඒ උතුම්වූ අජරවූ අමරවූ ශාන්තවූ නිවාණය සාක්ෂාත්කරගන්නවා.
එතකොට කාටහරි මේ භවයෙදිම නිර්වාණය අවබෝධකරන්න අව්ශ්යනම් මොකද කරන්න ඕනෙ? උතුම් වූ අරහත් භාවයට පත්වෙන්න ඕනෙ. නමුත් අපිට රහත්භවයට පත්වෙන්න ඉස්සෙල්ලා ගොඩාක් පියවර පසුකරන්න ඕනෙ.
අනිත් කාරණාව මචං භාවනාව. අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ පිලිබඳව ශ්‍රද්ධාව ඇතිකරගන්නෙ නැතිව කවදාවත් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ශ්‍රද්ධාව තමයි මුල් වෙන්නෙ හැමදේටම. ශ්‍රද්ධාව සකස්කරගත්තෙ නැති පුද්ගලයා අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සෙ සතර අගතියට පත්වෙනවා.
ඒනිසා මචං මම උඹට කමටහණක් හැටියට කියනවා පන්චශීලයේ පිහිටලා ශ්‍රද්ධාව සකස්කරගෙන ප්රඟ්නාව වඩවාගනින්. ඊට පස්සෙ අපිට පුලුවන් බුද්ධානුස්සතිය ධම්මනුස්සතිය සහ සංඟානුස්සතිය වඩාලා විපස්සනාව වඩන්න.
අවසාන කාරණාව මචං ලංකාවෙ ඒ උතුම්වූ රහත්භවයට පත්වෙච්ච ස්වාමීන්වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩවාසය කරණවා. නමුත් ඒ ස්වාමීන්වහන්සේලාගේ රහත්භාවය ගැන යමක් කියන්න පුලුවන් අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේට පමනයි. වෙනකිසි කෙනෙකුට බැහැ කව්රුවත් රහත් වෙලාද නැද්ද කියලා කියන්න.
ඉතිං අවසාන වශයෙන් මම උඹට ඒ උතුම්වූ අජරවූ අමරවූ ශාන්තවූ නිවාණය වඩවාගැනීමට අවශ්‍ය වීර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථණා කරණවා.
තෙරුවන් සරණයි
Last edited:

මම නම් ඉතිං කාට හරි උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ ජීවත් වෙන ඩයල් එකක්. මට බං හැම වෙලේම ජීවිතේ අස්ථීරකම ගැන හිතෙනවා. මට පිස්සුත් නෑ හොඳද
හොඳකටද නරකකටද උනේ දන්නෙ නෑ බං මට යන්න හිතුනෙ නෑ. ඉතිං මම ගියෙ නම් නෑ ඒ මනුස්සයා එන්න කිව්වට. 
එයැයිට අවුරුදු හතලිස් ගාණක් වෙනවා. තාම බැඳලා නැහැ. වෙන්න මායියා ඇවිත් විසි ගණන්. ඉතින් ඒකත් එක අතකට කාම තණ්හාවනෙ. ඒත් ඒක මම කියන්න ගියෙ නැහැ එයැයිට. 

කොහොමත් මෙ හැමදේම අන්තිමට තෙරුමක් නැති දෙයක් තමයි