මහණ නොවී වනගත වෙන්න හිතුව

youtube

Member
Feb 22, 2012
478
115
0
මගේ බලාපොරොත්තුව නම් මේ විපස්සනාවෙන්ම නිවන් දකින්නයි.
මචං උඹගෙ අදහස ගැන හරිම සතුටුයි. නමුත් මචං මට ටිකක් මේකට එකතුකරන්න හිතුනා උඹගෙ දැන ගනීම සදහා. උඹ පිලිගනීද දන්නැහැ. මෙතන වාදයක් නම් නැහැ කොහෙත්ම. දැනුම බෙදාගැනීමක් පමණමයි.
නිවන් දැකීම කියන එක එකපාරටම අරමුණු කරන්න එපා මචං. මොකද නිවණ කියන්නෙ අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කළවඳාල අන්තිම ඵලය. ඉතිං අපි එකපාරටම නිවණ අරමුණු කරණකොට අපේ හිතේ මාන්නයක් වැඩෙනවා. මේ ධර්ම මාර්ගයෙ ගමන් කරණකොට ඔය මාන්නයට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකෙන් උඹේ අරමුණට අනර්ථයක්මයි සිද්ධවෙන්නෙ. ඒනිසා අපි උත්සාහ කරන්න ඕනෙ සතර අගතියෙන් මිදෙන්න. එතකොට අපි සතර අගතියෙන් මිදෙන්න මොකද කරන්න ඕනෙ. අපි සෝවාන් ඵලය අර්මුණුකරලා ඒ සදහා වීර්ය වඩන්න ඕනෙ. එතකොට සෝවාන් වෙන්න අපි මොකද කරන්න ඕනෙ?
1. ආර්ය ශීලය
2. බුද්ධ ධම්ම සංඟරත්ණය පිලිබඳ ආර්යවතී ශ්‍රද්ධාව
3. කල්යාන මිත්‍ර ඇසුර සහ අහපු ධර්මය නුවණින් මෙනෙහි කිරීම.

සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා තව භව හතයි මචං ජීවත්වෙන්නෙ. භව හතකින් පස්සෙ ඒ උතුම් වූ නිවාණය සාක්ෂාත්කරගන්නවා.

අපි සෝවාන් ඵලයට පත් උනාට පස්සෙ අපිට අවශ්ය නම් සකුර්දාගමී ඵලය අරමුණුකරන්න පුලුවන් මේ භවයෙදිම. සකුර්දාගමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා මචං තව භව හතරයි ජීවත්වෙන්නෙ. භව හතරකින් පස්සෙ ඒ උතුම් වූ නිවාණය සාක්ෂාත්කරගන්නවා.

සකුර්දාගමී ඵලයට ලඟාඋණාට පස්සෙ අපිට අවශ්ය නම් අණාගාමී ඵලය අරමුණුකරන්න පුලුවන් මේ භවයෙදිම. අණාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා මචං තව එකම එක භවයයි ජීවත්වෙන්නෙ. ඒ භවයෙන් පස්සෙ අණාගාමී පුද්ගලයා ඒ උතුම්වූ අජරවූ අමරවූ ශාන්තවූ නිවාණය සාක්ෂාත්කරගන්නවා.

එතකොට කාටහරි මේ භවයෙදිම නිර්වාණය අවබෝධකරන්න අව්ශ්යනම් මොකද කරන්න ඕනෙ? උතුම් වූ අරහත් භාවයට පත්වෙන්න ඕනෙ. නමුත් අපිට රහත්භවයට පත්වෙන්න ඉස්සෙල්ලා ගොඩාක් පියවර පසුකරන්න ඕනෙ.


අනිත් කාරණාව මචං භාවනාව. අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ පිලිබඳව ශ්‍රද්ධාව ඇතිකරගන්නෙ නැතිව කවදාවත් ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ශ්‍රද්ධාව තමයි මුල් වෙන්නෙ හැමදේටම. ශ්‍රද්ධාව සකස්කරගත්තෙ නැති පුද්ගලයා අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සෙ සතර අගතියට පත්වෙනවා.

ඒනිසා මචං මම උඹට කමටහණක් හැටියට කියනවා පන්චශීලයේ පිහිටලා ශ්‍රද්ධාව සකස්කරගෙන ප්‍රඟ්නාව වඩවාගනින්. ඊට පස්සෙ අපිට පුලුවන් බුද්ධානුස්සතිය ධම්මනුස්සතිය සහ සංඟානුස්සතිය වඩාලා විපස්සනාව වඩන්න.

අවසාන කාරණාව මචං ලංකාවෙ ඒ උතුම්වූ රහත්භවයට පත්වෙච්ච ස්වාමීන්වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩවාසය කරණවා. නමුත් ඒ ස්වාමීන්වහන්සේලාගේ රහත්භාවය ගැන යමක් කියන්න පුලුවන් අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේට පමනයි. වෙනකිසි කෙනෙකුට බැහැ කව්රුවත් රහත් වෙලාද නැද්ද කියලා කියන්න.

ඉතිං අවසාන වශයෙන් මම උඹට ඒ උතුම්වූ අජරවූ අමරවූ ශාන්තවූ නිවාණය වඩවාගැනීමට අවශ්ය වීර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථණා කරණවා.
තෙරුවන් සරණයි
 
Last edited:
  • Like
Reactions: hodakolla

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං උඹගෙ අදහස ගැන හරිම සතුටුයි. නමුත් මචං මට ටිකක් මේකට එකතුකරන්න හිතුනා උඹගෙ දැන ගනීම සදහා. උඹ පිලිගනීද දන්නැහැ. මෙතන වාදයක් නම් නැහැ කොහෙත්ම. දැනුම බෙදාගැනීමක් පමණමයි.
    නිවන් දැකීම කියන එක එකපාරටම අරමුණු කරන්න එපා මචං. මොකද නිවණ කියන්නෙ අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කළවඳාල අන්තිම ඵලය. ඉතිං අපි එකපාරටම නිවණ අරමුණු කරණකොට අපේ හිතේ මාන්නයක් වැඩෙනවා. මේ ධර්ම මාර්ගයෙ ගමන් කරණකොට ඔය මාන්නයට ඉඩ දෙන්න හොඳ නැහැ.


    බුදුන් දවස එක භික්ශුවක් මහත් වීර්යෙන් භාවනා කලත් කිසිදු මාර්ග පලයක් අවභොද කර ගත නොහැකිව පසුවනු දුටු බුදුන් වහන්සේ එම භික්ශුවට අසල ඇති ගන්ගාවට ගොස් බීමට වතුර සිවල්පයක් ගෙන එන ලෙස දැන්වීය. දිය ගෙන ඒමට ගගට බට භික්ශුවට තමා ගගට බැසීම නිසා දිය බොර වනු දැකිය හැකි විය. බොර වුනු දිය පැහැදිලි කිරිමට වේවිද දේ කලත් එයින් බොර ගතිය වැඩි වනු මිස අඩුවක් නොවීය. අවසානයේ පසකට වන් භික්ශුවට ගග විසින් ඉබේම බොර දිය පිරිසිදු කරනු දැකිය හැකි විය. තමා එහිම එල්බ සිටීමෙන් බොර ගතිය වැඩි වූ බවත් තමායන්න ඉවත් කිරීම බොර දිය පහ වීමට හෙතුවූ අකාරය නුවණින් දුටු එම භිකශුව එයම කමටහනක් කොට එතැනම් රහත් පලයට පත් විය.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ අදහස....

    උඹ ඔය කියන එක තමයි කරගන්න පුලුවන් නම් කරන්න තියන හොඳම විදිහ. ඔය කතාව මටනම් අහලා අලුත් දෙයක් නෙවෙයි. මං දෙයක් කියන්නද? ඔහොම ගියපු අයගෙන් ඉතාම ස්වල්ප කීප දෙනෙක් තමයි ගොඩ ගියෙ. අනික් අයට හිතා ගන්න බැරි විදිහට වැරදුනා. ඒවට හේතු තියනව. උඹ භාවනා කරනකොට පෙනෙන දර්ශණ, ඇතිවන සිතුවිලි නිසා. අපිට නොපෙනෙන ලෝකයෙන් බාදා තියනවා නොසෑහෙන්න. උඹ බුද්ධිමත් නොවුනොත්, නිර්වාණය වෙනුවට "පිටිදූවෙ සිරිධම්ම" කෙනෙක් වෙන්න පුලුවන් ලේසියෙන්ම.

    මෙතනදි උඹට ගුරු හාමුදුරු කෙනෙකුගෙ අදීක්ශනය උවමනා වෙනවා බොහෝ විට. නැත්තම් වරදින්න තියන ඉඩකඩ වැඩියී. වැඩිම දෙනෙකුට වරදින්නෙ සමතය වඩලා 4වන ධ්යානයට සම වැදිලා විදර්ශණා භාවනාව වඩන කොට.

    මෙහෙම වෙන්න පුලුවන් ගෙදර භාවනා කරන අයෙකුට වුවත්. ඒත් එතනදි අඩු ගානෙ තමන්ට සැක සහිත දෙයක්, ගැටලුවක්, ප්‍රශ්ණයක් ඇති වුනොත් අහ ගන්න, උදවු ගන්න ගුරුවරයා ලඟ ඉන්නවනෙ. අනික කායික වශයෙන් ලෙඩක් එහෙම හැදුනත් ගැටලුවක් නෑ. හැබැයි මෙතනදි භයානකම සිද්ධිය තමයි, නිවැරදි ගුරුවරයෙකු තොර ගන්න තමන් දක්ශ වෙන්න ඕනෙ. අදාල පිං තියන අයට කල්යාන මිත්‍රයන්ගේ ඇසුර, ධර්මය, බුද්ධිය නිතැතින්ම ලැබෙනවා. වැරදි ගුරුවරයාගේන් උපදෙස් ගත්තොත්, තමන්ට වරද්දන පුද්ගලයා ගුරුවරයාම වෙන්න පුලුවන්.

    උඹ සෝවාන් වුන කෙනෙක් නම් උඹට ඕනම වනාන්තරයක ගිහින් භාවනා කරන එක ගැටලුවක් වෙන්නෙ නෑ. මොකද කොයි තරම් බාදා ආවත්, ධර්මය වරදින්නෙ නෑ. ඒ නිසා බයක් නෑ. කෙනෙකුට සෝවාන් වෙන්න පුලුවන් උනා කියන්නෙ ඉතින් ආයෙ කතාකරන්න දෙයක් නෑ, එයා පුදුමාකාර වාසනාවකින් මේ භයානක සංසාරයෙන් ගැලවෙනවා. මොකද එයා කවදාවත් අයෙ නිරයේ යන්නෙ නෑ. මොකද නිරයෙ යන කර්ම තියනවනම් ඒවා අහෝසි වෙනවා.

    ඉතින් උඹෙ අරමුණ ගොඩක් හොඳයි. මං දන්නෙ නෑ ඉතින්, නමුත් මට පෙනෙන විදිහට උඹට තාම සුදුසුකම් මදි වගේ. ඉතින් සුදුසුකම් ලබාගෙන ඔය අරමුණට ගියාට කිසිම ගැටලුවක් නෑ. මං මෙතන අදහස් කලේ තනියම කැලේ භාවනා කරන්න යන්න එපා කියලා විතරයි හරිද..

    ඉතින් ඔන්න ඕක තමයි මගේ අදහස....

    වහ වහා ඒ උතුම් වූ ආර්ය සත්යය අසත්වා! .. දකිත්වා!..
     
    Last edited:

    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0

    අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න උඹට තවත් කලකිරෙයි

    අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න කලකිරිම නෙමෙයි වෙන්නෙ,වෙන්නෙ හරි හැටි දැකිමයි,හරි හැටි දැකිමෙයි/කලකිරිම යනු දෙකක්.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn oka blessing ekak loku gift ekak ubata hambuna....darmaya awaboda karagatta ekenek tawa upathti 6kta wage adu ganakin niwan dakinawa kiyala man kiyawala tiyenwa......godak ayata mae samajayen eha lokayak dakinna beri taramata erila inne....tamanma prashna dagena tamanma eke duk widinawa....dwell on your own created problems...ex:marriage,kids,houses,owa okoma api wihin daganna leda.......nivanata yanna mahana wennama one kiyala ekak ne...mahana wenawa kiyanne sangayata kapawenawa kiyana eka,buddagame pawatma sadaha......ubata gedara idanuth nivan dakinna puluwan...but mae dan society ekakth ekka eka be....hela heppim,prashna,karadara wediy........mata podi kale idan ohoma idea ekak tibba man kawadawath society eke weda walata etchara kemattak dakke ne ita eha lokayakmai dakke....parata giyath minissu taman wihinma prashna athi karagena duk widina heti penawa.....kisima terumak ne...ehata duwanawa mehata duwanawa lamai iskole danna duwanawa,malapannna gannawa..

    man nan kiyanne wena hema dema accept karapan...reality eka accept karapan....etakota kawru merunath dukak ne...sansare gena hoda awareness ekak gattama kisima dekata dukak hitenne ne....

    uba pin weda karala,bawana karala nivana lan karaganna...
    man nan mahana wenne ne...mata be kelawakata pansalakata gihilla inna.mata etchara hayyak ne..but man decision ekak gatta nanna money nethuwa nan lamai hadanne ne...eka lamayntath dukak and tawa duk wedi karagannimak monawa kivath...ape parenslata metchara amaru wunan apiwa hadanna mae corrupt bankcrupt society eke future eke lamai hadanne kohomada....lamaiyntath apa duk widinna wenawa...

    man nan uba karana ewata wish karanawa....godak minsu isubawa adinna hadai society ekata,mokada egollowath danne ne taman erila inna duk goda gena...but eken goda enna hayyakuth ne...society eka yannan wale yanawa...

    okomala wage try karanne society ekata one widihata inna...but ewa karanna gihin marenakan apa duk widala ohe marila yanawa...
     
    • Like
    Reactions: sleeping_fox

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිතන් හිටියේ බන් මට විතරයි ඔය වගේ අදහස් ඇති වෙන්නේ කියලා බන්. මමත් කාලයක් කල්පනා කළා මේ කරන හැම දෙයක්ම කිසි තේරුමක් නැති තාවකාලික දේවල් කියලා. සසර දුකින් එතෙර වෙන්න මහන්සි වෙන එක තමයි අපේ මේ මනුෂ්‍ය ආත්මය තුල කල යුතු දේ. එත් ඒ දේ වෙනුවට අපි ලෞකික සැප සම්පත් පස්සේ සීමාවක් නැතුව දුවනවා. ඒ නිසා මමත් කාලයක් හිතුවා මහන වෙන්න ඕනේ කියලා.

    පස්සේ තවත් ධර්මය ඉගෙන ගනිද්දී මට තේරුණා නිවන් දකින්න නම් අපි කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න නම් මහන වෙන්නම ඕනේ නෑ. ගිහියෙක් විදියට ඉඳගෙනම පුළුවන් ඒ මාර්ගයේ යන්න. හොඳට මතක් කරලා බලපන් බෝධිසත්වයෝ පෙරුම් පුරද්දී වැඩි හරියක් ඉඳල තියෙන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන ගිහියෙක් විදියට.රජ කෙනෙක්, වෙළඳ නායකයෙක්, පුරෝහිත කෙනෙක්, වෙළෙන්දෙක් වගේ සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙලා තියෙන්නේ බුදු වෙන්න පෙරුම් පුරද්දීත්.

    අනික මචන් මම ගැන හිතල බැලුවොත්, මට නම් එක පාරටම මම අද ඉඳන් සිල්වත් කෙනෙක් වෙනවා කියන එක කරන්න බෑ බන්. එහෙම කරන්න කාටවත් බෑ. කරන්න ඕනේ ඉස්සෙල්ලම ගිහියෙක් විදියට උපරිම ප්‍රමාණයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න උත්සාහ කරන එක. සීලයේ පිහිටන්න පුළුවන්, භාවනා වන්න පුළුවන් ගිහියෙක් විදියටම. හැබැයි බැහැලම කරන්න බෑ තමයි ඉතින්. ඒත් වෙන risk එකක් නෑ. මනසට සැකයක් නෑ. නිකමට හිතපන් උඹ ඔක්කොම දේවල් අත් ඇරලා වනගත වෙලා ටික කාලෙකින් උඹට එපා වුනොත්? ඊට පස්සේ චාටර් වෙලා ආයෙත් මිනිස්සු අතරට එන්න එපැයි. අනික මිනිස් ආශ්‍රයක් නැතුව තනියම ජීවත් වෙන්න නම් පට්ටම හිත හයිය හිත දියුණු කරපු ධර්ම මාර්ගය ගැන සැකයන් දුරු කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ටික දවසක් ගියාට පස්සේ දානේ දෙන්න ආපු කෙල්ලෙක් දැක්කත් ඇති ඔක්කොම දමල ගහලා ආයේ ගෙදර එන්න.

    ඒ නිසා මම නම් කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට පලයන් කියලා.

    "නුවනැත්තා පිලිවෙලින් ටිකෙන් ටික රිදියෙහි මල හරින රන් කරුවෙකු සේ තමාගේ කෙලෙස් මල දුරුකරයි."

    ඒ නිසා මුලින් ගිහියෙක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුළුවන් උපරිම දුර පලයන්. එතෙන්ට ඇවිත් ඊට පස්සේ මොකද කරන්නේ කියලා තීරණය කරපන්. එක සැරේට ලොකු පිමි පනින්න යන්න එපා. පොඩි පොඩි පිමි පැනලා ඉස්සරහට පලයන්. එතකොට රිදෙන්නෙත් අඩුවෙන්. අවදානමත් අඩුයි. ගමනත් ගිහින්...
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    මම හිතන් හිටියේ බන් මට විතරයි ඔය වගේ අදහස් ඇති වෙන්නේ කියලා බන්. මමත් කාලයක් කල්පනා කළා මේ කරන හැම දෙයක්ම කිසි තේරුමක් නැති තාවකාලික දේවල් කියලා. සසර දුකින් එතෙර වෙන්න මහන්සි වෙන එක තමයි අපේ මේ මනුෂ්‍ය ආත්මය තුල කල යුතු දේ. එත් ඒ දේ වෙනුවට අපි ලෞකික සැප සම්පත් පස්සේ සීමාවක් නැතුව දුවනවා. ඒ නිසා මමත් කාලයක් හිතුවා මහන වෙන්න ඕනේ කියලා.

    පස්සේ තවත් ධර්මය ඉගෙන ගනිද්දී මට තේරුණා නිවන් දකින්න නම් අපි කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න නම් මහන වෙන්නම ඕනේ නෑ. ගිහියෙක් විදියට ඉඳගෙනම පුළුවන් ඒ මාර්ගයේ යන්න. හොඳට මතක් කරලා බලපන් බෝධිසත්වයෝ පෙරුම් පුරද්දී වැඩි හරියක් ඉඳල තියෙන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන ගිහියෙක් විදියට.රජ කෙනෙක්, වෙළඳ නායකයෙක්, පුරෝහිත කෙනෙක්, වෙළෙන්දෙක් වගේ සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙලා තියෙන්නේ බුදු වෙන්න පෙරුම් පුරද්දීත්.

    අනික මචන් මම ගැන හිතල බැලුවොත්, මට නම් එක පාරටම මම අද ඉඳන් සිල්වත් කෙනෙක් වෙනවා කියන එක කරන්න බෑ බන්. එහෙම කරන්න කාටවත් බෑ. කරන්න ඕනේ ඉස්සෙල්ලම ගිහියෙක් විදියට උපරිම ප්‍රමාණයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න උත්සාහ කරන එක. සීලයේ පිහිටන්න පුළුවන්, භාවනා වන්න පුළුවන් ගිහියෙක් විදියටම. හැබැයි බැහැලම කරන්න බෑ තමයි ඉතින්. ඒත් වෙන risk එකක් නෑ. මනසට සැකයක් නෑ. නිකමට හිතපන් උඹ ඔක්කොම දේවල් අත් ඇරලා වනගත වෙලා ටික කාලෙකින් උඹට එපා වුනොත්? ඊට පස්සේ චාටර් වෙලා ආයෙත් මිනිස්සු අතරට එන්න එපැයි. අනික මිනිස් ආශ්‍රයක් නැතුව තනියම ජීවත් වෙන්න නම් පට්ටම හිත හයිය හිත දියුණු කරපු ධර්ම මාර්ගය ගැන සැකයන් දුරු කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ටික දවසක් ගියාට පස්සේ දානේ දෙන්න ආපු කෙල්ලෙක් දැක්කත් ඇති ඔක්කොම දමල ගහලා ආයේ ගෙදර එන්න.

    ඒ නිසා මම නම් කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට පලයන් කියලා.

    "නුවනැත්තා පිලිවෙලින් ටිකෙන් ටික රිදියෙහි මල හරින රන් කරුවෙකු සේ තමාගේ කෙලෙස් මල දුරුකරයි."

    ඒ නිසා මුලින් ගිහියෙක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුළුවන් උපරිම දුර පලයන්. එතෙන්ට ඇවිත් ඊට පස්සේ මොකද කරන්නේ කියලා තීරණය කරපන්. එක සැරේට ලොකු පිමි පනින්න යන්න එපා. පොඩි පොඩි පිමි පැනලා ඉස්සරහට පලයන්. එතකොට රිදෙන්නෙත් අඩුවෙන්. අවදානමත් අඩුයි. ගමනත් ගිහින්...

    :yes::yes::yes::yes:
     

    massina

    Active member
  • මේ හැම දේම අත ඇරලා (මහණ නොවී) ගිහියෙක් විදිහට, භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න හිතෙන එක ගොන් කමක්ද? මේක මගෙ හිතේ ලොකු කාලයක ඉඳං තියෙන දෙයක්. මුල්ම පියවර විදිහට ලබන මාසෙ මම සතියක කාලයක් භාවනා කරන්න මධ්‍යස්ථානගත වෙන්න සූදානම් වෙනවා. මගේ අදහස වැඩේ සාර්ථක බවක් පෙණුනොත් එහෙම්ම නතර වෙන්නයි. නැත්නම් ගෙදර අයත් ෂේප් කරගෙන හෙමීට හෙමීට මගේ ගමන යන්නයි. දැන් උඹලා හිතනව ඇති මම නාකියෙක් කියලා. නෑ බං. මම නාකි ඩයල් එකක් නම් නෙවෙයි. :P මම නම් ඉතිං කාට හරි උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ ජීවත් වෙන ඩයල් එකක්. මට බං හැම වෙලේම ජීවිතේ අස්ථීරකම ගැන හිතෙනවා. මට පිස්සුත් නෑ හොඳද :P මොකද මගෙ සීන් එක අහලා ලංකාවෙ හොඳම වගෙ ඉන්න ඩොකෙක් කිව්වා මට ඇති පිස්සුවක් නැහැ තියෙන්නෙ ජීවිතය ගැන අතෘප්තිය කියලා. ඩොකා කිව්ව චැනල් කරලා එන්න අපි පොඩ්ඩක් කතා කරමු එතකොට ඕව්වා හරි යනවා කියලා. :nerd: හොඳකටද නරකකටද උනේ දන්නෙ නෑ බං මට යන්න හිතුනෙ නෑ. ඉතිං මම ගියෙ නම් නෑ ඒ මනුස්සයා එන්න කිව්වට. :oo:

    මම මේ ගැන ගොඩක් අය එක්ක කතා කළා. ගොඩක් හෙවුවා. ආනන්ද විද්‍යාලයේ අසූ ගණන්වල බැජ් එකක ඔය ගොඩක් සිංහළ බෞද්ධ වැඩවලට බර අය්යා කෙනෙක් මුණ ගැහුණා ගිය අවුරුද්දෙ. මගෙ කතා අහලා ඒ මනුස්සයා කියුවා. එහෙම එක පාරම කැලෑවදින්න යන ඒක ගොන් වැඩක්ය කියලා. සෑහෙන්න දේවල් කතා කරා. මම පිටට නොපෙන්නුවට ඒ මනුස්සයාගේ තර්ක එක්ක මම හරිය කියලා හිතන් ඉඳපු ගොඩක් දේ මගෙ හිත ඇතුළම බිඳ වැටුණා. ඒ මනුස්සයා ලස්සනට කරුණ කරුණ අරන් මගෙ තර්ක සේරම විනාස කළා. එයැයි කියන්නෙ මහණ වෙන්නම ඕනේ නැහැ කියලයි මේ නරාවලෙන් ගොඩ යන්න. හොඳට විවාහ ජීවිතයක් ගත කරන ගමන් උනත් භාවනාව හරියට කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියනවා. එදා මම හිතුව ඒක ඇත්ත කියලා. ඒත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ නේ ඇත්ත කතාව. අද කරනවා හෙට කරනවා කිය කිය ඉන්නවා මිසක් අපි කවුරුවත් ඕකට යොමු වෙන්නේ නැහැ. අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි භෞතික අංශයෙන් ටික ටික දියුණු වෙනකොට ඔය පැත්ත නිකන්ම අමතක වෙනවා කියන දේ. කෙළ උනාම තමයි ආගම දහම මතක් වෙන්නෙ. :lol: එයැයිට අවුරුදු හතලිස් ගාණක් වෙනවා. තාම බැඳලා නැහැ. වෙන්න මායියා ඇවිත් විසි ගණන්. ඉතින් ඒකත් එක අතකට කාම තණ්හාවනෙ. ඒත් ඒක මම කියන්න ගියෙ නැහැ එයැයිට. :Pමොනවා හිතයිද දන්නෙත් නැහැනෙ. :rolleyes:

    මම හොයාගත්ත සමහර කරුණුවලින් හිතට බයකුත් දැණුනා. මම කතා කළා එහෙම සියල්ල දාලා ආරණ්‍යගතව භාවනා කරන්න සිවුරට ගිය අය එක්ක. මට අහන්න ලැබුණු කතාවලට ඔළුව විකාර වෙනවා. සමහරු දැන් උපැවිදි වෙලා. :oo: ඒ අතුරින් එක් කෙනෙක් දැන් උපැවිදි වෙලා ධර්ම දානය කරනවා. ඇහුවමත් නිකන් පිස්සු වගෙ නේ.. එයාට වෙලා තියෙන්නේ ලෙවල් එකකින් උඩට හිත දියුණු කරන්න බැරි උන එක. ඒ මට්ටමේම හිර වෙලා තියෙනවා එතනින් උඩට ගෙනියන්න දියුණු කරගන්න බැරිලු. ඊට වඩා හිත දියුණු කළ නිවුන් හාමුදුරුවන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා එයා හිටි තැන ඒ අය කියලා තියෙනවා ඔයැයි කරලා තියෙන කුසල් අකුසල් අනුව තමයි ඔහොම වෙන්නේ කියලා. ඒ මනුස්සයා දැන් උපැවිදි වෙලා මිනිස්සුන්ගෙන් ලෝකේ නැති කතා අහ අහ රස්සාවක් කරනවා ධර්ම දානය කරලා ආයි භාවනා කරන්න. ඒකත් හරි ගියේ නැත්තං ඒ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ නැහැ. :oo:

    තවත් ආනන්දෙම හොඳට සල්ලිබාගෙ තිවුණු 2008/2009 බැජ් එකේ කොල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා රිකව උනායින් පස්සෙ ජීවිතේ අස්ථීර බව ගැන හිතුනයි කියලා මාර්ගෙට ඇවිල්ල තියෙනවා. මේ වෙනකොට එයැයි බුරුම වනාන්තරයක ඉන්නවා කියලයි ආරංචි. ඌ එකෙන්ම මට වඩා දෙයක් තිබුණු පොරක්. උට පුළුවන් උනානම් අත අරින්න. ඇයි මට බැරි. අනික කොච්චර මේ දිවුවත් දරුවො හැදුවත්, ගේ දොර හැදුවත් දවසක තමන්ට තමංගෙ නෝනා මහත්තයා නැති වෙනවා. නැත්තං තමං කලින් මැරෙනවා. තමංගෙ අත පය තමංටම වලංගු නැති දවසක් එනවා. කොහොම හිටියත් අන්තිම ප්‍රතිඵලය ඒක නම් අපි මේ කරන දේවල තේරුම මොකක්ද බං. කොච්චර හොඳ ගතිගුණ තියෙන කොච්චර ලස්සන කෙල්ලක් බැන්ඳත් ඒ දෙයත් නීරස වෙන දවසක් ඕනෑ කෙනෙක්ට එනවා.

    මම සර්ව අසුභවාදී නෙවෙයි. ලස්සන දේට ලස්සනයි කියන්න හොඳ දේට හොඳයි කියන්න මම දන්නවා බං. ඒත් වැඩක් තියේද මේ දේවල්වල. මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං? මේ මස පොළොවට පස් වෙනවා බං. අපි ඉගනගත්තුවා, කරපුවා සේරම තියලා අපි යනවා. මට තියෙන එකම දෙගිඩියාව මමත් මේ කරන්න යන වැඩේ ෆේල් වුණොත් කාත් කවුරුවක් නැතිව දුක් විඳලා මැරිලා යන්න වෙයිද කියන එකයි. මම ගන්න හදන්නෙ ලොකු රිස්ක් එකක්. ජොබ් එකේ ඉඳලා සේරම දාලා යනවා කියන්නෙ හෙනම රිස්ක් එකක්. මොක උනත් ලබන මාසෙ ගමන නම් යනවා. ඉදරිය ගැන තමයි හිතේ චකිතයක් තියෙන්නේ. :dull:

    මචන්...උබට හරියි කියලා හිතෙන දේ කරපන්...තේරිච්ච වේලාවේ ඒක මිස් කරන්න එපා...ජය!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබෙ කැමැත්තක් :) කොහොමත් මෙ හැමදේම අන්තිමට තෙරුමක් නැති දෙයක් තමයි:dull:
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    Saul Goodman < ඔය කියල තියන කතාව සහතික ඇත්ත.මචං උබට මේ දේ ගැන කථා කරන්න හොදම පුද්ගලයාව මම සම්බන්ධ කරන්නම්. ඒ මහත්මයට කථා කරලා ඔයාගේ විස්තරේ කියන්න. භාවනාවෙන් ගොඩක් දුරට හිත දියුණු කර ගත්ත කෙනෙක්. ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට තමන්ගේ කාලය ශ්‍රමය මුදල් කැප කරගෙන ගිහින් පිරිසිදු ධර්මය දෙන උත්තමයෙක්. 0773131916 මේකට කථා කරලා ඔය කරන්න ඕනේ නිවරිදීම දේ දැන ගෙන තීරණයක් ගන්න.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    බුදුන් දවස එක භික්ශුවක් මහත් වීර්යෙන් භාවනා කලත් කිසිදු මාර්ග පලයක් අවභොද කර ගත නොහැකිව පසුවනු දුටු බුදුන් වහන්සේ එම භික්ශුවට අසල ඇති ගන්ගාවට ගොස් බීමට වතුර සිවල්පයක් ගෙන එන ලෙස දැන්වීය. දිය ගෙන ඒමට ගගට බට භික්ශුවට තමා ගගට බැසීම නිසා දිය බොර වනු දැකිය හැකි විය. බොර වුනු දිය පැහැදිලි කිරිමට වේවිද දේ කලත් එයින් බොර ගතිය වැඩි වනු මිස අඩුවක් නොවීය. අවසානයේ පසකට වන් භික්ශුවට ගග විසින් ඉබේම බොර දිය පිරිසිදු කරනු දැකිය හැකි විය. තමා එහිම එල්බ සිටීමෙන් බොර ගතිය වැඩි වූ බවත් තමායන්න ඉවත් කිරීම බොර දිය පහ වීමට හෙතුවූ අකාරය නුවණින් දුටු එම භිකශුව එයම කමටහනක් කොට එතැනම් රහත් පලයට පත් විය.
    බුදුහහාමුදුරුවන්ගෙ කාලෙ ටිකක් වෙනස් මචං. මොකද මචං ගොඩක් රහත් වෙච්ච උදවිය කල්පගනන් පතාගෙන ආපු අය. බුදුන්දැක නිවන්දකින්න. විශාකාව සෝවාන් වෙන්නෙ අව්රුදු හතේදි. දැන් පොඩ්ඩක් නුවනින් හිතලා බලපන් ඒ වයසෙ කෙනෙකුට සොවාන් වෙන්න පුලුවන්ද?
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙකයි මචන් උඹ කියනවා වගේම උඹ ගන්නේ ලොකු රිස්ක් එකක්. මොකද උඹ ඔක්කොම දාලා ගිහින් ඔය කියන නිවන කියන එක හම්බ උනේ නැත්නම් එත් වැඩක් නෑනේ. මොකද නිවන ලබා ගත්ත කෙනෙක් හම්බ වෙලා නෑනෙ බොරු කාරයෝ ඇරෙන්න. උඹ පුලුවන් නම් හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරල බලපන් කවුරුහරි ඉන්නවද කියල ඔහොම ගිහිල්ල යමක් ලබා ගත්ත. එහෙම නැත්නම් ඉතින් දෙම්ව්පියන් ට දුක් දීලා කැලේ වදින එක තේරුමක් නෑ. ඊට වඩා හොඳයි සමාජයේ ජීවත් වෙලා නැති බැරි මිනිහෙක්ට උදව් කරන් ජීවත් වෙන එක. බුදු හාමුදුරුවෝ දේශනා කරපුවා නම් 100% ක් ඇත්ත. ඒත් ඒක ලබා ගත්ත කවුරුත් නැති එක ත්මයි ප්‍රශ්නෙ.