මහණ නොවී වනගත වෙන්න හිතුව

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ඔයෑයිට හොද නම් එයෑයිගේයි මෙයෑයිගෙයි ඒවා අහන්නේ මක්කටේයි.. කොරන එකනේ තියෙන්නේ..
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ...මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං?...:)
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    ...මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං?...:)

    it's a sign to encourage you to go on your quest. good luck :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan iskole giya mulma dawase idanma ohoma tama ban hitenne:baffled:dan nan darunuwatama scene eka tiyenwa...but mahana wenna hiyak ne....

    quote-there-are-only-two-mistakes-one-can-make-along-the-road-to-truth-not-going-all-the-way-and-not-buddha-26664.jpg
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    රහත් වෙන්න නම් පාරමිතා පුරලා තියෙන්න ඕනේ. පාරමිතා 10 ක් පුරලා නම් උබට පුලුවන් රහත් වෙන්න මහන්සි වෙලා නමුත් උබ ඒවා කරලා නැත්නම් එතකොට වැඩක් නෑ වැඩිම උබට යන්න පුලුවන් බ්‍රහ්ම් ලෝකයට මොකක් හරි ධන්‍යයක් උපයා ගත්තොත් නැත්නම් දිව්‍යය ලෝකයට හරි කෙලෙස් අඩු කරගත්තොත් ඒක තමයි වාසි හැබැයි.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    This thread is going to become the most valuable thread in Elakiri history :) and first time I am proud to say I am a member of Elakiri family.

    With current complexities,it will be really be hard to live a life of an ordinary monk. Best option is to go to a aranaya senasanaya and find your own peace there.

    I have seen someone saying there will be no one to take care of you,if you choose to go to such place to practice Dhamma. I would say,if someone is saying like that that person has not understand the Buddhist teaching properly. In Buddhism, it teaches about mindfulness, it doesn't teach you to worry about what is going to happen in 50 years later or worry about things you have done in past.

    Right mindfulness is about being conscious about this moment and doing the right thing for this moment. :)

    btw I am also planning to head out towards your path in very near future. Wish you all the best for the journey!
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    (ප්‍රක්ඥා ඉන්ද්‍රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට)

    ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද භුක්තිය විඳියි. මෙබඳු ආස්වාදයන් ප්‍රිය මධුර ලෙස නිගමනය කිරීමට නම් ලෝක සත්වයාට යම් අසමතුලිත (ඌනතාවයක් ඇති) පද්ධතියක් ගොඩ නැගි තිබිය යුතුයි. තවත් ආකාරයකින් විස්තර කරනවා නම් යම් සමතුලිත (පූර්න) තත්වයකට පත් වූ විටදි එම ආස්වාදයෙන් තවදුරටත් ඔහුට සුවයක් ගෙන නොදෙයි. මේ ගැන උදාහරණ වලින් පැහැදිලි කර ගැනිමෙන් අපට තේරුම් ගැනිමට වඩා පහසු වෙයි.
    අපිට බඩගිනි එනවා අපි කෑම කනවා දැන් බඩගින්න නිවෙනවා. නැවතත් ටික වෙලාවකින් බඩගින්න එනවා. දැන් නැවතත් කන්න ඕන. ඒ කිව්වේ යම්කිසි සමතුලිතතාවයකට (පූර්නතාවයකට) පත්වීම (බඩගින්න නිවීම) ටික වෙලාවකටයි තියෙන්නේ, නැවතත් ඌනතාවයකට පත් වෙනවා. ඉතින් ආස්වාදය ගොඩනැගෙන්නෙත් මේ ආකාරය‍ටයි. අපි වඩාත්ම කන්න කැමති කෑමක් කෑමේදි අපට ආස්වාදයක් ලැබෙන නමුත් එහි යම් කිසි සීමාවක් ඉක්මවා ගැනීමේදි එම ආහාරය තව තවත් ආස්වාද නොදෙන තත්වයකට පත්වෙයි (කන්න කන්න අතිරහත් තිත්තයිලු). එහිදී අප සමතුලිත (පූර්න) තත්වයකට පත්වෙයි. නමුත් නැවත අසමතුලිත(ඌනතා) තත්වයකට පත් වූ විට එම ආහාරය අපට නැවතත් ආස්වාදයක් ගෙන දෙයි. ලිංගික ක්‍රියාවලියත් මේ ආකාරයට උදාහරණයක් ලෙසින්ම දැකිය හැක.
    එසේ නම් ආස්වාදයක් ලැබිමට නම් අනිවාර්‍යයෙන්ම අසමතුලිත(ඌනතා) තත්වයක් නොහොත් පූර්ණ නොවු තත්වයක් ගොඩ නැගි තිබිය යුතුය. ලෝක සත්වයා මතු මතුත් ආස්වාද බලාපොරොත්තුවෙන් සසර සැරි සැරිමෙදි, එම බලාපොරොත්තු වූ ආස්වාද ලබා දීම සදහා ඉන්ද්‍රියන් හයකින් සමන්විත අසමතුලිත (ඌනතා) තත්වයක්ම සහ එයට ගෝචර වෙන අසමතුලිත ලෝකයක්ම විද්‍යාමාන වෙයි.
    පෙර ගොඩ නගපු අසමතුලිත (ඌනතා) තත්වයක් නිසාම ආස්වාද සුව ගෙනන බව ඔවුන් නොදකියි. එම නිසා ආස්වාදන්ට ඡන්දරාගයෙන් බැදී නැවත නැවතත් අසමතුලිත (ඌනතා) තත්වයක්ම හදාගනි.
    පංච කාමයන්ගෙන් වෙන් වීමෙන් ධ්‍යාන තත්වයක් ලබා ගන්නා සත්වයන් පංච කාමයන් සුව නොදෙන හා ඉන් සමතුලිත තත්වයකට පත් වුන බ්‍රාක්ම ලෝකයක උපදියි. ආස්වාදන්ගේ ස්භාවය පූර්ණ ලෙස අවබෝද වී එහි ඡන්දරාගයෙන් මිදුන රහතන්වහන්සේ තුන් ලෝකයේම කොතනක යලි හටගන්නද?
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මටත් ඔය සිතිවිල්ලම ඇවිත් තියෙන්නෙ..උඹට සසර කල කිරුනනම් ඒක අනිවා එන්නෙ උඹේ පෙර සසර පුරුද්ද අනුව,,කවුරු මොනව කිව්වත් ඒ දේවල් මාර බලපෑම් විදියට හිතන්න පුරුදු වෙන්න.ගිහි ගෙය ගිනි ගොඩක් කියලනේ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. වනගත වෙන්න කලින් මේ ටික කල්පනා කරල බලපන්.

    1.උඹ දැන් තරුණ වයසෙ වනගත වෙලා නාකි උනාම කවුරුවත් නෑ. ඒ නිසා මහණ වෙන එක තමා හොඳ මම නම් හිතන විදියට.හැබැයි හොඳ ආරණ්යෙයක, මීතිරිගල නිස්සරණ වනය තමා මෑත කාලෙයි නිවන් දුටු හිමි වරු ගොඩක් වැඩ හිටිය තැන.

    2.
    උඹේ ධර්ම ඥානය කෝමද? මොකක්ද කරන භාවනාව? විනාඩි 15, පැයක් දෙකක් එක දිගට කරගෙන යන්න පුලුවන්ද? කියල තමන් තමන් ගැනම තියෙන අවබෝධය. ඔය සිරිධම්මලගෙ, කිරිබත්ගොඩලගෙ බණ අහල නම් නිවන් දකින්න බෑ .
    මුලින්ම රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් සෙට් එකම නිවී හැනහිල්ලෙ කියවපන්. විශේෂයෙන්ම "සතිපට්ඨාන භාවනා ක්‍රමය" කියන පොත. මගේ බලාපොරොත්තුව නම් මේ විපස්සනාවෙන්ම නිවන් දකින්නයි.ඊට පස්සේ "දන්කන්දේ ධම්මරතන" හාමුදුරුවන්ගෙ බණ අහපන්.මේ හාමුදුරුවො රහත් උනා කියල මට හොඳටම විශ්වාසයඉ.උන්වහන්සේගේ ධර්ම ඥානය සුවිශෙෂයි. අද කාලෙ ලන්කාවෙ අහන්න පුලුවන් හොඳම බන.හරියට බුදුන්ගෙන් ඇහුවා හා සමානයි. මේ තියෙන්නෙ ලින්ක් එක,,
    http://archive.org/details/VenDankandeDhammaratanaThero
    ඕකෙ නාම - රූප, පටිච්ච සමුප්පාදය වගේ ගැඹුරු ඒවා දහ පාරක් හරි අහල තේරුම් ගන්න බලපන්,,,


    අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න උඹට තවත් කලකිරෙයි...එහෙම උනොත් මහණ වෙන්න. තෙරුවන් සරණයි.

    මෙයා කොමෙන්ට් කරයිද කියල මම බලාගෙන හිටියෙ. නැතිනම් මම කියන්න ගියේ රේරුකානෙ හාමුදුරුවන්ගෙ බණ පොත් ටික කියවන්න. එතකොට ඔයාටම තේරෙයි තමන් කොතනද ඉන්නෙ. කරන්න ඕනෙ මොනවද? නොකරන්න ඕනෙ මොනවද කියන එක. ඒ නිසා හසරක් නොදැන අතරමංවෙලා ජීවිතේ විනාශ කරගන්නවට වැඩිය හොදයි දැනුම තියෙන කෙනෙක්ව ආශ්‍රය කරල තමන්ගෙ දුර්වලකම් හැකියාවන් ගැන අවබෝදයක් ඇතිව නිවැරදි මාර්ගයක යන එක තමයි හොදම. තව ටිකක් කල්පනා කරල බලන්න. සහ එක පැත්තක් ගැන විතරක් හිතන්නෙපා.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,773
    1,283
    113
    Mars
    පව් අඩුවෙන් කරපන්, පින් වැඩියෙන් කරපන් ....සරල විදියට හිටපන්...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රහත් වෙන්න නම් පාරමිතා පුරලා තියෙන්න ඕනේ. පාරමිතා 10 ක් පුරලා නම් උබට පුලුවන් රහත් වෙන්න මහන්සි වෙලා නමුත් උබ ඒවා කරලා නැත්නම් එතකොට වැඩක් නෑ වැඩිම උබට යන්න පුලුවන් බ්‍රහ්ම් ලෝකයට මොකක් හරි ධන්‍යයක් උපයා ගත්තොත් නැත්නම් දිව්‍යය ලෝකයට හරි කෙලෙස් අඩු කරගත්තොත් ඒක තමයි වාසි හැබැයි.

    මට හිතෙන විදිහට නම් මචෝ උබ ඔය කියල තියෙන කාරනාව රහත් වෙන්න වීර්ය වඩන්න හයිය නැති අලසයො කියන කතාවක්...(තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..මට ඔයත් එක්ක පුද්ගලික තරහක්වත් මොකවත් නෑ.මම මේ කියන්නෙ මට හිතෙන දේ..)
    අමුතුවෙන් පාරමිතා පුරන්න ඕනෙ නෑ බන්....අපි මේ බුද්දෝත්පාදක කාලයකම ඉපදිල ඉන්නෙ පෙර ආත්ම වල පින් කරල තියෙන නිසා..අපිට සත්‍ය අවබෝද කර ගැනීමේ හැකියාව තියෙනව...ඕන කරන්නෙ ඒ පිලිබද නුවනින් විමසල සසර කෙටි කර ගන්න වීර්ය වඩන එක විතරයි...
    දන්නවනෙ සමහර කාල තියෙනව බුද්ද කියන වචනෙ අහන්නවත් ලැබෙන්නෙ නැති කාලවල්...උබ ඔය කියන විදිහට පාරමී පිරීම ගැන හිතන්න යන එකෙන් වෙන්නෙ සසර ගමන නතර කරන්න අවශ්‍ය වීර්ය හීන වෙන එක විතරයි....ඒකට හේතුව මනුස්සයො හිතන්න ගන්නව අපි පාරමී පුරල නැතිව ඇති නිවන් දකින්න තරම් කියල..එතනින් එහාට එයාල නිවන් දැකීම අරමුනු කර ගන්නෙ නෑ මගදි අසාර්තක වෙයි කියල...
     

    Dhanushka501

    Member
    Jan 11, 2010
    74
    1
    0
    මටත් ඔය අදහසම තියනවා බන් . මගේ idea එක නම් බන් ගෙදර ඉදලම බාවනා කරන්නයි.