
...මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං?...![]()

and first time I am proud to say I am a member of Elakiri family. 
(ප්‍රක්ඥා ඉන්ද්රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට) මචන් මටත් ඔය සිතිවිල්ලම ඇවිත් තියෙන්නෙ..උඹට සසර කල කිරුනනම් ඒක අනිවා එන්නෙ උඹේ පෙර සසර පුරුද්ද අනුව,,කවුරු මොනව කිව්වත් ඒ දේවල් මාර බලපෑම් විදියට හිතන්න පුරුදු වෙන්න.ගිහි ගෙය ගිනි ගොඩක් කියලනේ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. වනගත වෙන්න කලින් මේ ටික කල්පනා කරල බලපන්.
1.උඹ දැන් තරුණ වයසෙ වනගත වෙලා නාකි උනාම කවුරුවත් නෑ. ඒ නිසා මහණ වෙන එක තමා හොඳ මම නම් හිතන විදියට.හැබැයි හොඳ ආරණ්යෙයක, මීතිරිගල නිස්සරණ වනය තමා මෑත කාලෙයි නිවන් දුටු හිමි වරු ගොඩක් වැඩ හිටිය තැන.
2.උඹේ ධර්ම ඥානය කෝමද? මොකක්ද කරන භාවනාව? විනාඩි 15, පැයක් දෙකක් එක දිගට කරගෙන යන්න පුලුවන්ද? කියල තමන් තමන් ගැනම තියෙන අවබෝධය. ඔය සිරිධම්මලගෙ, කිරිබත්ගොඩලගෙ බණ අහල නම් නිවන් දකින්න බෑ .
මුලින්ම රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් සෙට් එකම නිවී හැනහිල්ලෙ කියවපන්. විශේෂයෙන්ම "සතිපට්ඨාන භාවනා ක්‍රමය" කියන පොත. මගේ බලාපොරොත්තුව නම් මේ විපස්සනාවෙන්ම නිවන් දකින්නයි.ඊට පස්සේ "දන්කන්දේ ධම්මරතන" හාමුදුරුවන්ගෙ බණ අහපන්.මේ හාමුදුරුවො රහත් උනා කියල මට හොඳටම විශ්වාසයඉ.උන්වහන්සේගේ ධර්ම ඥානය සුවිශෙෂයි. අද කාලෙ ලන්කාවෙ අහන්න පුලුවන් හොඳම බන.හරියට බුදුන්ගෙන් ඇහුවා හා සමානයි. මේ තියෙන්නෙ ලින්ක් එක,,
http://archive.org/details/VenDankandeDhammaratanaThero
ඕකෙ නාම - රූප, පටිච්ච සමුප්පාදය වගේ ගැඹුරු ඒවා දහ පාරක් හරි අහල තේරුම් ගන්න බලපන්,,,
අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න උඹට තවත් කලකිරෙයි...එහෙම උනොත් මහණ වෙන්න. තෙරුවන් සරණයි.
රහත් වෙන්න නම් පාරමිතා පුරලා තියෙන්න ඕනේ. පාරමිතා 10 ක් පුරලා නම් උබට පුලුවන් රහත් වෙන්න මහන්සි වෙලා නමුත් උබ ඒවා කරලා නැත්නම් එතකොට වැඩක් නෑ වැඩිම උබට යන්න පුලුවන් බ්‍රහ්ම් ලෝකයට මොකක් හරි ධන්‍යයක් උපයා ගත්තොත් නැත්නම් දිව්‍යය ලෝකයට හරි කෙලෙස් අඩු කරගත්තොත් ඒක තමයි වාසි හැබැයි.