මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,105
    113
    Mother Earth
    මාවත් මගේ යාළුවෙක් Global lifestyle එකට ඇද ගන්න හැදුවා. අප්පේ ඒ දවස් වල ඌගෙන් හෙන වදයක් තිබ්බෙ. ඌත් එක්ක මළ පැනල හිටියෙ. පස්සෙදි මම ඌට තේරුම් කරල දුන්නා. ඌ ලක්ෂ දෙකහමාරක් නැති කර ගත්තා. මම උන්ගෙ ඔය දේශණ අරවා මේවට ගියා. ඒත් බැඳුනෙ නෑ. ඇත්තටම මට ඕන වුණේ උන් මොන මොන සෙල්ලම් දානවද කියල දැන ගන්න. නිකන් දෙන කේක්, කැවුම් කොකිස් අරව මේවා ඔක්කොම කාල කිරි බීලා අරුන්ගෙ බයිල අහන් හිටියා. මරු බ්‍රේන් වොෂ් එකක් දෙනවා. පණ දෙන්න වගේ කතාව. අන්තිමට උන් පව් කියල හිතුණා අපිව convince කරන්න දඟලන දැඟලිල්ලට. :p
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බම්ප්

    බම්ප්
    ------ Post added on Jan 19, 2021 at 6:53 AM

    බම්ප්
    ------ Post added on Jan 19, 2021 at 6:54 AM
     
    • Like
    Reactions: Ragna_SL

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ත්‍රෙඩ් එක දැම්මෙ පිරමිඩ් ජාවාරම් ගැන දැනුවත් කරන්න
    අපේ එවුන්ට ප්‍රශ්නේ තියෙන්නෙ ඌ එක ළඟ පෝස්ට් දෙක තුන දැම්මෙ කොහොමද කියල දැනගන්න
    සිරාවට කොහොමද බන් එහෙම දැම්මෙ? 😅 😅 😅 😅
    ඕන දෙයක් බයිපාස් කිරීම පාරාවෝවරුන්ගේ ඇති දස්ස කමකි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Thanks machan man me seen eka gana danagena hitiyata wisthra gdk danagatte dan.

    මන් දන්න යාලුවෙක් ඉන්නව අවුරුදු ගානක් තිස්සේ ආශ්‍රයක් නෑ එත් මේ ලඟදි කෝල් කරලා විස්තර අහල පස්සේ හෙමීට මේ සීන් එකට එනව. උන් කරන්නේ Best Life කියල එකක්. මූ උන්ගේ ගැන video එවනවා මුන්ගේ ලොක්කො පාවිච්චි කරන වාහන ගැන කියනව. මන් බැරිම තැන මුන්ගේ ගාව නැති බඩුවක් තියේද කියල ඇහුව ගන්න මු කියනව ඒක ගන්න එපාලු වතුර පිල්ටර් එකක් ගන්නලු වතුර විකුණලා දියුණු වෙන්න පුළුවන්ලු මාත් ගොනා වගේ අහගෙන හිටිය. මූ තවම daily කෝල් කරනවා අයේ ගෙදර ඇවිත් හම්බෙලා කතාකරන්න ඕනි කියල. බඩුවක් ගන්න බෑ කියුවම ගානක් invest කරලා join වෙන්නලු ඉතුරු ටික එයාල බලාගන්නම් ලු අලුත් members ල බඳවා ගන්න එක තව මෙයාල කියන අනිත් දේ තම අවට ගියාට නෙවේ අපි ඔයාව තෝරාගත්තේ ලොකු Research එකක් කරලා කියල ඕක හැමෝටම කියනව මූ තව කියනව මගේ පෙර පිනකටලු මාව සිලෙක්ට් වුනේ අම්මෝ මට පට්ට අතල් මාත් අහගෙන හිටිය මුල් දවසේ බයික් එකෙන් ආවේ පස්සේ දවසේ කාර් එකකින් එනව ලොල් . මුන් brain wash කරන විදිහට සාමාන්යෙන් මනුස්සයෙක් ඇඳෙනවා.

    මන් දන්න තව කෙනෙක් ඕක කරා මෙයාලගේ තියනව Function ඒවාට ලොක්කෝ එන්නේ කොටි ගණන් වල වාහන වෙලා පවු ඉතින් මිනිස්සු රැවටෙනවා. අන්තිමේදී ඒ කරපු කෙනත් ලොස්ට් වුන උඩ ඉන්න උන් අයින් වුන නිසා.

    සම්නයෙන් තේරුමක් තියන කෙනෙක් ඕවට අහුවෙන්නේ නෑ කරන අයත් එහෙම වැඩි දැනුමක් නෑ සල්ලි හොයන්න ලොකු ඕනි කමක් තියන අය සමහරක් විට තියන දේවල් විකුණලා මේවට බැඳිච්ච අය වෙන්න පුළුවන්.
    මටත් ඔය වගේම කියන් ආවා. මිනිස්සු දැන ගන්න ඕනේ හිතලා බලන්න ඕවට අහුවෙන්න කලින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    පෝස්ට් එකක් දාලා 25s කට පස්සෙ තව එකක් දාන්න පුලුවන්නෙ බං
    අලුත් අප්ඩේට් එකෙන් පස්සෙද? ඉන්දහන් බලන්න මේකට පස්සේ එකක් දාල බලන්න.
    me dawaswala cryptocurrency kiyala coin 1000k wikunana case ekak thiyenawa neda, ekath mewageda?
    මොකක්ද කොයින් එක. cryptocurrency කියන්නේ පොදුවේ කියන නමනේ.

    ආෆ්ටර් 25 සෙකන්ඩ්ස්
    ------ Post added on Jan 20, 2021 at 10:09 AM

    හානේ කලින් එකටම ඇඩ් වෙනවා නේද... 😲😲😲
    ------ Post added on Jan 20, 2021 at 10:10 AM
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,648
    539
    113
    ලන්ඩන් වත්ත
    මොකක්ද කොයින් එක. cryptocurrency කියන්නේ පොදුවේ කියන නමනේ.
    ah ow bn mama coin eke nam dala naha ne. sport chain kiyala coin ekak. phone app ekakin thamai run wenne danna tharamin. step counting ekakin power boost wena scene ekak thiyenawalu. thawa kattiya add karanna karanna power eka boost wenawa kiyala kiyanne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    mcn oyata wada hodma krmaya thmi thamange ma idea eka kin goda ena eka. self dependent eka thami hoda oya wage magule walata patalenawata wada.
     
    • Like
    Reactions: Ragna_SL

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ දවස් වල වැඩී නේද?
    මට ගිය සතියේ ඔහොම තුනක් ම ආවා
    එකකට නම් ආතල් එකට zoom install කරන් ගියා. මුන් මූන බලන්න ඕන කිව්වා.. තව 5ක් වගේ සෙට් වෙලා උන්ගේ එකෙක් ඇවිත් තෙල ගැහුවා
    පොඩි අසරන උන් නම් සිරාවට පව්.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    කට්ට කාල හොයා ගන්න තුට්ටු දෙකට තට්ටු වෙන්න දෙන්න එපා.
    මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
    ඔබට හදිසියේම ඔබ හොඳින් දන්නා කෙනෙක් කතා කරයි.

    +“වැඩක් සෙට් වුණා. විස්තර පස්සෙ කියන්නම්, අහවල් දවසේ උදේම අහවල් තැනට එන්න.“
    - “මොකක්ද වැඩේ?“

    +“පොඩි බිස්නස් එකක්, මහන්සි නොවී ගෙදර ඉඳන්ම මාසෙට 60, 000ක් 70, 000ක් ‍හොයාගන්න පුලුවන් වැඩක්....“.
    (මේ කතා කරන කෙනා ඔබ කොයි තරම් හොඳින් හඳුනන කෙනෙක් වුණත් මේ එන්න කියන්නෙ මොන අහවල් දෙයක් කරන්නද කියලා එදාට ගියොත් මිසක් දැනගන්න නම් ලැබෙන්නෙ නැහැ)

    * * *
    එහෙමත් නැත්නම්,ඔබ හඳුනන කෙනෙක් හදිසියේම ගෙදරට ඒවි. ඇවිත් වෙන වෙන වල්පල් කතාකරමින් ඉඳලා හෙමින්සැරේ ට්‍රැක් මාරු කරලා කියයි,

    + “පොඩි බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා, සෙට්වෙලා කරමුද?“
    - “මොනවගේ බිස්නස් එකක්ද?“

    +“ගෙදර ඉඳන් පාට් ටයිම් කරන්න පුලුවන් වැඩක්, බය වෙන්න එපා, මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වැඩක්. මෙහෙම කිව්වම මොනවගේ දෙයක් කියලද හිතෙන්නෙ?“
    - “හිතාගන්න බැහැනෙ!“

    +“මුලින් ඔයා අපෙන් භාණ්ඩයක් මිලදීගන්න ඕනි. අපි ළඟ පැකේජස් කීපයක්ම තියෙනවා“
    (මේ ඔක්කොම අදාළ භාණ්ඩයේ සැබෑ වටිනාකම වගේ කීපගුණයකින් වැඩි අස්ප ගණන් ඒවා).
    “ඔයා ගන්න පැකේජ් එක අනුව ඔයාට මේ මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඉන්පස්සෙ කරන්න තියෙන්නෙ ඔයා අඳුනන කීපදෙනෙක්ට මේ භාණ්ඩ හඳුන්වාදෙන එකයි. ඔයාට පහළින් එකතුවෙන ඕනම කෙනෙක් භාණ්ඩයක් ගත්තම ඔයාට ප්‍රතිලාභයක් ලැබෙනවා. කිසිම මහන්සියක් නැතිව ගෙදර ඉඳන් හොඳ ගාණක් හම්බකරගන්න පුලුවන්“
    - “අපෝ, පිරමිඩ් නේද?“

    +“නෑ. පිරමිඩ් නෙවෙයි. මේ ක්‍රමයට අපි කියන්නෙ නෙට්වර්ක් මාකටිං/ඩිරෙක්ට් සේල්ස් කියලා. මේ තියෙන්නෙ අපේ ලියාපදිංචි සහතිකය. පිරමිඩ් නම් මෙච්චර අවුරුදු ගාණක් මේක කරගෙන එන්න බැහැනෙ. අපි කරන්නෙ අතරමැදියො නැතිව කෙළින්ම පාරිභෝගිකයා ළඟටම භාණ්ඩය ගෙනත් දෙන එක.“
    (ඇත්තටම මේකෙ පාරිභෝගිකයෙක් කියලා අවසන් පරිභෝජකයෙක් නැහැ. ඉන්නෙ අලෙවි කරුවෙකුගෙන් භාණ්ඩය අරන් තවත් අලෙවිකරුවන් කීපදෙනෙකුට විකුණනඅලෙවිකරුවන් පිරිසක් විතරයි).
    “එතකොට අනෙක් සමාගම් මාකටිං වලට බෙදාහැරීම් වලට දරන සම්පූර්ණ වියදමම ඉතිරියි. ඒ ඉතිරිවෙන මුදල බෙදෙන්නේ අපේ නෙට්වර්ක් එකේ ඉන්න අය අතරේ. ඔයාගෙ නෙට්වර්ක් එක පුළුල් වෙන තරමට ලැබෙන ප්‍රතිලාභයත් වැඩිවෙනවා.“
    (පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදීගන්නෙ අවශ්‍යතා වුවමනා සපුරාගන්න. එහෙම මිලදීගන්නෙත් තමන් ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන භාණ්ඩ විතරයි. නමුත් මේ භාණ්ඩය ගන්න මිනිහට ඇති අවශ්‍යතාවයකුත් නැහැ, ගෙවන මුදලට කිසිම වටිනාකමකුත් නැහැ! මේ ධුරාවලියේ ඉහළට මුදල් ප්‍රවාහයක් ගලාගෙන ගියාට පහළට වටිනාකමක් ගලාගෙන නොයන නිසා මේක ඔය කියන විදියෙ එකක් නෙවෙයි)

    ඉන්පස්සෙ ඔබේ දුක සහ මුදල් තණ්හාව ප්‍රයෝජනයට අරගෙන ඔබේ මාසික ආදයම් වියදම් සිදුවන ආකාරයත්, කවදාවත් ඉතිරියක් සිදු නොවන ආකාරයත්, ඉතා ඉක්මනින් ඔබේ හීන හැබෑ කරගන්නා ආකාරයත් කියලා අන්තිමට මාසෙකට ලක්ෂ 70-80ක ආදායමක් එන හැටි ඇස් පනාපිට රූප සටහන් ඇඳලා ඔප්පු කරලා පෙන්නයි!
    “කිසිම බලකිරීමක් නැහැ, කැමතිනම් දවසක් ඇතුළත මට කියන්න...ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. ආවොත් ගොඩම තමයි. හරිගියෙ නැත්නම් මම පාඩුව අතින් ඔයාට ගෙවනවා. ඕනිනම් කොළයක අත්සන් කරලා දෙන්නම්!“

    (වැඩේ ඇනිලා අර කටින් දුන්න Money Back Guarantee එක ගැන අහන්න ගියාම කවදාවත් ඉටු කරන්න බැරි කොන්දේසි ගොඩකට ඔබ එකඟවෙලා ඉන්න බව දැනගන්න ලැබේවි. මොකද එදාට ඒ මනුස්සයාත් අනාගෙන ඒ මනුස්සයාටguarantee එක දුන්න මනුස්සයත් අනාගෙනනෙ ඉන්නෙ. ඉතින් කොහෙන්ද සල්ලි? )

    ඔය උඩ කිව්ව අවස්ථා දෙකට ඔබ මුහුණ දීලත් ඇති. එහෙමත් නැත්නම් ළඟදිම දවසක මුහුණදෙන්න සිද්ධවේවි.
    දැනටමත් ඔබ හොඳින් දන්නා හඳුනන, විශ්වාස කරන කවුරු හරි මෙහෙම කිව්වද? කළාද?
    එහෙමනම් ටිකක් පරිස්සම් වුණොත් හොඳයි!. මොකද ඒ කතා කරන්නේ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයකට (එහෙමත් නැත්නම් Multilevel/Network Marketing / Direct salesබව පෙන්වමින් එන වහෙන් ඔරෝ පිරමීඩ යෝජනා ක්‍රමයකට) ඔබව සම්බන්ධ කරගැනීම සඳහා වෙන්න පුලුවන්.
    ඉතින් යාලුකම/නෑදෑකමයි, සල්ලියි නැති කරගෙන මිනිස්සුන්ගෙන් බැණුම් අහලා ඒ මදිවට හිරේ විලංගුවෙත් වැටෙන්න කලින් මේ ත්ර‌ේඩ් එක සම්පූර්ණෙන් කියවන්න.

    දිගු කාලීන වේදනා ජනිත කරමින්, මූල්‍ය විනාශයන්ට අමතරව පුද්ගලික හා සමාජ ව්‍යසනයන්ට හේතු වෙමින් වඩ වඩාත් ප‍්‍රබල අයුරෙන් පැතිරෙන නිසාත්,වටහාගැනීමට අපහසු, කලාතුරකින් අධ්‍යයනය කෙරෙන සහ විවිධ නම්වලින් හැඳින්වෙන මේවා තවදුරටත් විනාශකාරීවිය හැකි බැවිනුත්” ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරමිඩ් ඇලර්ට් (Pyramid Alert) සංවිධානය විසින් පිරමිඩ යෝජනා ක‍්‍රම මූල්‍ය සුනාමියක් ලෙස හඳුන්වලා තියෙනවා.සරලවම කිව්වොත්, යම් යෝජනා ක්‍රමයකට (Scheme) තමන් යටතේ තවත් අය බඳවාගැනීමට හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් සිදුකර ඒ සඳහා ආදායමක් ලබාගන්නා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් කියලා හඳුන්වන්න පුලුවන්.

    ඒ කියන්නේ, මුලින්ම ඔබ ගෙවීමක් කළ යුතුයි. එහෙමත් නැත්නම් ඒක නිකංම නිකං ගෙවීමක් බව නොදැනෙන්න අධික මිලක් (Price) ගෙවා ඒ මිලට වඩා අඩු වටිනාකමක්(value) ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. සමහරවිට ඒ භාණ්ඩයෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්. ඒත් මේ බිස්නස් එකට ඇතුළ් වෙලා තවත් අය ඔබ යටතේ බඳවාගෙන මුදල් උපයන්න නම් ඒක ගන්නම වෙනවා. නැවත ඔබ විසින් බඳවාගන්නා අයත් මේ විදියටම මේ මූලික දායකත්වය ගෙවන්න ඕනි. එතකොට ඒ අය ගෙවන මුදලින් කොටසක් ඔබට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ පිරමීඩාකාර යෝජනා ක්‍රමයක ලක්ෂණයක් තමයි ඒ විදියට පහළ මට්ට්ම් වලට යනකොට සම්බන්ධවෙන පිරිස වේගයෙන් වැඩි වෙන එක. ඒ කියන්නේ ඔබ තුන් දෙනෙක් බඳවාගන්නවා. ඒ තුන්දෙනා තව තුන්දෙනා බැගින් නවයක් බඳවාගන්නවා. ඊළඟට ඒ නවදෙනා..... හරියට ගුණෝත්තර ශ්‍රේඪියක් වගේ. එහෙම ගත්තම මේකේ ආකෘතිය පිරමීඩයක් නිසා තමයි පිරමීඩ නමින් හඳුන්වන්නෙ. මේකෙ තියෙන අවුල තමයි කවදාහරි මේ පිරමීඩයේ පහළ ඉන්න අයට ප්‍රතිලාභ තියා තමන් යෙදූ මුදලත් අහිමි වීමට ඇති අවදානම. ඒ නිසා මේවා “සැලසුම් සහගත පාරිභෝගික වංචා“ කියලා හඳුන්වනවා.
    PICKME alto karayek dawasak "jiwithaya jayaganna enna apith ekka kiyala" Pyramid magulak set karanna haduwa.(GlobalLifeStyle pakek)
    kari alto kararayata jathake mathak karala awe.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    Fast3Cycle කියන එක ගැන් කට්ටිය මොකද කියන්නෙ.. ? මේක කරන පොඩි උන්ගෙන් නම් මාර කරදරයක් තියෙන්නෙ, අපිටත් මේක කරන්න කියලා....
    ශැන්ග්‍රිල්ලා වල ඇඩ්‍රස් දාගෙන ලීගල් බිස්නස් එකක් විදිහට ප්‍රොමෝට් කරනව, ඇතුලාන්තය දන්න කට්ටිය කියන්න බලන්න. පවු ඉතින් තමන්ගෙ කාලය ශ්‍රමය මෙව්වට වැය කරන තරුණ පරම්පරාව....
     
    Last edited: