කොලබ ලේසියි හැමදේටම, ඒත් රශ් එක වැඩියි, පට්ට බිසී, රස්නෙ වැඩියි, එච්චර ලොකු ආසාවක් නෑ, investment එකක් වගේ කරන්න ශේප්, ජීවත් වෙන්න නම් එච්චරටම කැමැත්තක් නෑ ඔලුව බේරගෙන ඉන්න නම් බබ්බු වගේ ඉඳල හරියන් නෑ ඔක්කොම දන්නෙ නැතත් දන්නව වගේ ඉන්න ඕන නැත්තම් ඇරල යනකන් දන්නෙ නෑ, වාහන පාට්ස් ගන්න පන්චිකාවත්ත පැත්තෙ එහෙම ගියාම ඒක ලොවෙත් නැති වයිබ් එකක්... කාලයක් මාලබේ, රාජගිරියෙ හන්දිය කිට්ටුව හිටියා, ඒ වගේම බණ්ඩාරනායකපුර ගෙයක් රෙන්ට් කරල හිටිය අපි යාලුවො සෙට් එකක් අවුරුද්දක් දෙකක් වගේ, ඒ පැත්තට කට්ටිය ගියේ පට්ට අකමැත්තෙන්, අපිට කලින් ඇනෙක්ස් එකෙන් යන්න කියල තිබ්බ අයිතිකාරයා ඒක renovate කරන්න ඕන කියල, හදිසියට වෙන ඔප්ශන් එකක් නැති නිසා එතනට යන්න උනා, දෙපැත්තෙ ගෙවල් වල මිනිස්සු මාරම friendly, උන්ගෙ කටේ සද්දෙ වැඩියි ඒත් කිසි අවුලක් නෑ, ඒ කිට්ටුව කඩවල් වල නෙස්ටමෝල්ට්, රත්ති ග්‍රෑම් පනහෙ පැකට් තිබ්බා, මං ඒව පොඩි කාලෙ කඩවල් වල දැක්කට පස්සෙ ආයෙ දැක්කෙ මේ හරියෙ... පාරෙ මම වාහනේ පාක් කරල යනවා, පලවෙනි දවසෙ වාහනේ පාක් කරල යන්න හිතට ටිකක් අවුලෙන් එතන කැරකි කැරකි ඉද්දි පොරක් ඇවිත්.. කිසි දේකට බය වෙන්න දෙයක් නෑ, අපේ වාහනත් පාරෙ තියෙන්නෙ බය නැතුව යන්න කියල, මට ඌවත් ශුවර් නැතුව එදා ආයෙ රෑ 10ටයි දොලහටයි වගේ සැරින් සැරේ ඇවිත් බැලුව වාහනේ තියෙනවද කියල

ඊට පස්සෙ එක පාරක් අපි ට්‍රිප් එකක් යන්න වෑන් එකක් රෙන්ට් කරල පලවෙනි දවසෙ නවත්තල තිබ්බෙ එතන එහා පැත්තෙ ගෙදරක, ඒ මිනිස්සු පේන්න අවුල් උනාට ඇත්තටම එහෙම අවුලක් තිබුනෙ නෑ...
නුවර ගැන කිව්වොත් ටවුන් එක පට්ට කම්පැක්ට්, පාකිං හොයාගන්න ලේසි නෑ... ට්‍රැෆික් එකකට දවසක් සෙට් උනා එදා නම් එපාම උනා, ලංකාවේ වායු දූශනය වැඩිම නගරයක් මං හිතන්නෙ, ඇතුලෙ පාරවල් සාපේක්ෂව පොඩියි, ඒත් ඒකෙ ඩ්‍රයිව් කරද්දි අමුතු ලල් එකක් තියෙනව,climate එක පට්ට, පට්ට ලස්සන locations තියෙනව

නුවර සෙට් උන බොක්කවල් ඉන්නව,එලම පොරවල්, කෙල්ලොත් ලේසියෙන් ෆිට් වෙන් නෑ හැබැයි උන් සෙට් උනොත් ආයෙ හොඳටම ෆිට් වෙනවා කොල්ලො වගේම... ක්ලැසික් කාර් එහෙම අන්දලා විකුනන තම්බි, යක්ක පුත්තු එහෙම සෑහෙන්න ඉන්නවා නුවර...
ඒ ඔක්කොටම හරියන්න ආයෙ පැත්තෙන් ඉඳං නුවර නුවර නුවර කිය කිය බස් කොන්දොස්තර කෙනෙක් වගේ වංසෙ කබල් ගාන අනාතයොත් ඉන්නව අනිත් පලාත්වලට වඩා සෑහෙන්න

ලෙසටම ආතල් ගන්න පුළුවන් ඒ වගේ උන්ගෙන්... ආයෙ ෆුල්ම සීරියස්, පට්ටම මෝඩයි
ඒ වගේ එකෙක්ගෙ ගේක photo එකක් වැරදිලා උගේ අතින් ඕපන් උනා දවසක්, ඌ දීපු ටෝක්ස් වල හැටියට අනික් උං හිතන් හිටියෙ මූ වලව්වක් වත් තියෙන උදාර ඩයල් එකක් කියල බැලින්නම් බිම රතු සායම් ගාපු හොල්මං ටයිප් එකේ සාමාන්‍ය පරණ ගෙයක් ඒක, ඒක දැකල කවුරුත් මුකුත් කියන්න ගියේ නෑ, කිව්ව නම් උගේ ගානටම අනිත් උනුත් වැටෙනව
