මහමෙව්නාවට_අනුකම්පා_කරන්නෙක්_වන්න

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහමෙව්නාවට_අනුකම්පා_කරන්නෙක්_වන්න

    මහමෙව්නාවට අනුකම්පා කරන්නෙක් වන්න

    බුදුදහමේ ශරීරය ද, සාරය ද අභිධර්මය ය. 84000 ක් වූ ධර්මස්කන්ධයෙන් 42000 ක්, එනම් හරි අඩක් ම අභිධර්මය ය. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්මය ය. එහෙයින් අභිධර්මය බුදුසස්නෙන් පිටත ඇතියක් නොවේ.

    සූත්‍ර පිටකය ප්‍රමාණයෙන් මහත් වුව ද කරුණු අතින් එපමණ මහත් වී නැත. එමෙන්ම එහි අඩංගු කරුණු අභිධර්ම පිටකයේ තරමට විස්තර විභාග කර ද නැත.

    නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම දේශකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ය. ධර්ම දේශනයක වරද නිවරද සොයා ගැනීමට, ඇද කුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගැනීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන දේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට මට්ටම් ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

    බුද්ධ දේශනාවේ වචනයක් වුව ද ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ට මහ මෙරක් තරමට වටනේ ය. සෑම බුද්ධ වචනයක ම විමුක්ති රසය ඇත්තේ ය (රස වසේන ඒකවිධං). එහෙයින් ම කීකරු ශ්‍රාවකයා නො දන්නා බුද්ධ වචනය අර්ථ සහිතව උගෙන ගන්නවා විනා ප්‍රතික්ෂේප කිරීමට තරම් ලැජ්ජා භය විරහිත වන්නේ නො වන්නේ ය.

    මේ සා පරම ගම්භීර වූ අභිධර්ම පිටකය "මහමෙව්නා අසපු නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්" ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව තමන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද "බෝධි ඥාන ව්‍යවස්ථාවෙන්" පවා ඉවත් කර තිබේ. "අපට අභිධර්මය පිළිබඳව සැක තිබේ ය", "අභිධර්මය දේශනා කරන ලදුයේ දෙවියන්ට හෙයින් මිනිසුන්ට සතර සතිපට්ඨානය පමණක් ඇතය" යි ද කියමින් ලක්ෂ ගණනක් වූ තම ශ්‍රාවකයන් මිසදිටු ගන්වන්නේ ය, බුද්ධ දේශනාවේ සාරය බැහැර කරවන්නට කටයුතු කරන්නේය.

    උන්වහන්සේ ගෙන් මෙය අසා දැනගත් අන්ධ ශ්‍රාවකයින් කිසිවක් ම නො විමසා ගිරවුන් සේ එය ම වපුරති. මේ ආකාරයෙන් ඥාණානන්ද හිමියන් ගෙන් ආරම්භ වී ගඟක් සේ ගලා ව්‍යාප්ත වී අසපු ශ්‍රාවකයින් ගෙන් තව තවත් විහිදී ගොස් අවසන ලක්ෂ ගණනාවක් බෞද්ධයින් තිසරණයෙන් බොහෝ ඈතට විසිවනවා පමණක් නොව අභිධර්ම පිටකය පිළිබඳව වරදවා පිළිපැදීමේ (පහත දැක්වෙන) විපාකයන් දිටුදැමියෙහි ම අත්විඳිති.

    *** අභිධර්ම පිටකය වැරදි ලෙස පිලිපැදීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන් උමතු බවට පත් වී අපාගාමී වේ. ***

    මේ වන විටත් මහමෙව්නාවේ සිටි භික්ෂූන් වහන්සේලා අතරින් සමහරෙක් මානසික රෝහල් වල ද, තවත් සමහරෙක් අසපු හැර ගොස් ද ඇති බව අපට දැනගන්නට ඇත. දරුවන් පැවිදි කිරීම මහා ශාසනික මෙහෙවරකැයි කියන්නවුන් පැවිදි වූ පසුව වන විනාශය ගැන කිසිත් නො දනිති, නො සොයති.

    ප්‍රතික්ෂේප කිරීමටත් ඔබ්බට ගොස් උන්වහන්සේ විසින් පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයේ "අභිධර්මය" යන වචනය සඳහන් වන සූත්‍ර දේශනා වල ද ඒ වචනය ද ඉවත් කර එයට "ගැඹුරු ධර්මය" යි යොද ඇති බවට සාධක කිහිපයක් පහත කමෙන්ටුවල දක්වන්නෙමු.

    "අප ශ්‍රද්ධාව ඉගෙන ගත්තේ එතනින් ය", "අපට බුදුන් වඳින්නට කියා දුන්නේ එතනින් ය", "නො මඟ ගිය අප සුමඟට ගත්තේ එතනින් ය", "සැඟවී තිබූ ධර්මය මතු කෙළේ එතනින් ය" යි අසපු ශ්‍රාවකයින් කොතෙක් වහසි බස් දෙඩුවද ඔවුන් "බුද්ධ වචනය ට ගැරහීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ ශාපය" නිසාවෙන් ම "දැනටමත් බෞද්ධ යැයි සිතා සිටිනා අබෞද්ධ පිරිසක්" බව වගකීමෙන් කියන්නෙමු.

    එහෙයින් ඔබ මහමෙව්නාවට හා එහි ශ්‍රාවකයින් හට සැබවින් ම හිතෛෂී නම් මේ අනතුරින් ඔවුන්ව ගලවා නැවත තිසරණයේ පිහිටුවීමට කටයුතු කිරීම කරුණා මෛත්‍රිී පෙරදැරිව වහ වහා කළ යුත්තකි.

    මෙත් සිතින්
    ..............


    .
     
    • Like
    Reactions: ruchira55

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama meathana kiyala thyenne mokkkdai vataha ganimata, smpurnayen kiyevve naha. ATH RADIO EKE SVAMIN VAHANSE KENEK DESANA KALA MEHEMA----------BUDUN VAHANSE DESANA KALALU MESE-------------AVABODAYEN THORAVA, VADIPURA SRAHDAVA PAMANAK THULIN ---------MODA PAKKAN[MODAYIN]-------- BIHI VENA BAVA.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කිරිබත්ගොඩයා එහෙම කියනව නම් ඒක වැරදියි.

    ඒත් මේ වලස්මුල්ලෙ බහු බූතයා කරන විනාශය?




     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    me video eke mahamewunama gena kiyawenne nehene ban:sorry::sorry:

    Nauyane ariyadhamma hamuduruwo wage aya anith ayata baninna yanne na ban. Waradi mathayak thiyenawa nam pahadili karanawa. Echcharai. Ithiri tika therum ganna eka ape wadak. Dan uba kiribath goda hamuduruwange abi dharmaya gana kiyana banak ahala baluwoth therei.
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ධර්මය අවබෝධ කරනවට වඩා අමාරුයි විකෘති ධර්මය මොකක්ද නිවැරදි බුද්ධ ධර්මය මොකක්ද කියල අවබෝධ කරන එක. මට තේරුන විදිහට නම් අභිධර්මය අවිශ්වාස කරන්නේ අභිධර්මය තේරුම් ගත්තේ නැති අය.අපි හැමෝම තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒ දේ දිහා බලන්නේ සැකෙන්,බයෙන්.රේරුකානේ හාමුදුරුවො ලියපු පොත්වල,නාඋයනේ හාමුදුරුවො දේශනා කරපු බන වල අභිධර්මය ගොඩාක් විස්තරාත්මකව විග්‍රහ කරනවා.උන්වහන්සේලා අභිධර්මය ප්‍රතික්ශේප කරන්නේ නෑ සර්වඤ්ඤ දේශනාවක් නෙමේ කියලා.

    හැබයි මාර්ගඵල අවබෝධ කරගන්න අභිධර්මය අත්‍යාවශ්‍යම අංගයක් කියලනම් භාග්‍යවතුන් වහන්නේ දේශනා කරල නෑ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Nauyane ariyadhamma hamuduruwo wage aya anith ayata baninna yanne na ban. Waradi mathayak thiyenawa nam pahadili karanawa. Echcharai. Ithiri tika therum ganna eka ape wadak. Dan uba kiribath goda hamuduruwange abi dharmaya gana kiyana banak ahala baluwoth therei.

    මේ කියන කාරණයට මාත් එකගයි.. ධර්මයරත්නය බාවිත කරන්න කියල තියෙන්නේ දේවල් දෙකකට විතරයි
    1) තමන්ගේ නිර්වාණ අවබෝධයට සහයෝගයක් ලෙසත්
    2) අනෙක් පුත්ගලයින්ගේ නිර්වාණ අවබෝධයට සහයෝගයක් ලෙසත්
    මේ කාරණා දෙකම ලෝකෝත්තර අරමුණු ..
    වෙන අන්කිසි අරමුණක් සපුරා ගැනීම සදහා බාවිතා කරනවානම් එක අකුසල ඇතිවීමට හේතු වෙන්ව අදාල පුත්ගලයාගේ .:yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    netlife007මට මතකයි ඉස්සර උබ මහමෙව්නාව හොදයි කිය කිය ත්‍රෙඩ් දාල තිබ්බ.
    හොදම බිස්නස් එකක් තමා ඉතින් කිරිබත්ගොඩගෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    මේ කියන කාරණයට මාත් එකගයි.. ධර්මයරත්නය බාවිත කරන්න කියල තියෙන්නේ දේවල් දෙකකට විතරයි
    1) තමන්ගේ නිර්වාණ අවබෝධයට සහයෝගයක් ලෙසත්
    2) අනෙක් පුත්ගලයින්ගේ නිර්වාණ අවබෝධයට සහයෝගයක් ලෙසත්
    මේ කාරණා දෙකම ලෝකෝත්තර අරමුණු ..
    වෙන අන්කිසි අරමුණක් සපුරා ගැනීම සදහා බාවිතා කරනවානම් එක අකුසල ඇතිවීමට හේතු වෙන්ව අදාල පුත්ගලයාගේ .:yes::yes::yes:

    :yes::yes:

    පෝරිසාදයා;23102670 said:
    netlife007මට මතකයි ඉස්සර උබ මහමෙව්නාව හොදයි කිය කිය ත්‍රෙඩ් දාල තිබ්බ.
    හොදම බිස්නස් එකක් තමා ඉතින් කිරිබත්ගොඩගෙ

    Puduma wenna deyak na ban. Mahamewnawata giyata passe eekata washi wenawa. Minissunta ehe kiyana dewal harida waradida kiyala therum ganna hakiyawakuth nahane.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පෝරිසාදයා;23102670 said:
    netlife007මට මතකයි ඉස්සර උබ මහමෙව්නාව හොදයි කිය කිය ත්‍රෙඩ් දාල තිබ්බ.
    හොදම බිස්නස් එකක් තමා ඉතින් කිරිබත්ගොඩගෙ

    නොදැනුවත්ව............මම මහමෙව්නාවෙ ඇතුලතින් හිටපු කෙනෙක්. මුන්ට මම කොටී ගනන් දීලා තියනවා. කිරිබත්ගොඩ උන්නැහේ බුදුහාමුදුරුවන්වත් විකුනාගෙන කනවා. මට මුන්ගේ ඔක්කම හොර අහුවෙලා තියෙන්නේ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත්ගොඩයා එහෙම කියනව නම් ඒක වැරදියි.

    ඒත් මේ වලස්මුල්ලෙ බහු බූතයා කරන විනාශය?



    Watch the following video from the monk who translated the tripitaka to sinhala and published the very first copy in 1991 at Nedimala.

    [FONT=&quot]
    [/FONT]