මහල්ලන් සමඟ දීග යන දැරිවියන්ගේ ඛේදවාචකය!

අවුරුද්දකදී වයස අවුරුදු 10 ට අඩු දැරිවියන්ගේ විවාහ 716ක් සිදුවෙලා
ඉරානයේ ළමා ආරක්ෂක විශේෂඥයන් විසින් දැනට වර්ධනය වෙමින් පවතින විවිධ ළමා අපචාර පිළිබඳව ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ළමුන්ගේ මානසික රෝග, සියදිවි නසා ගැනීම්, අඩු වයසින් හොරෙන් පැනයැම සහ ගැහැනු ළමයින් වෛශ්‍යා වෘත්තියට පෙළඹීම මෙම අපචාරවලින් කිහිපයකි. මෙයට හේතුව වී ඇත්තේ ඔවුන් අතර සිදුවන විවාහයන් දික්කසාදයෙන් අවසන් වන නිසාය.
රජයේ ආයතන මගින් පිළිගනු ලැබූ සිවිල් සංවිධාන විසින් සකස්කර ඇති ලේඛන අනුව සනාථ වී ඇත්තේ ස්ත්‍රී පාර්ශ්වය අතර මෙම තත්ත්වය ඉතා උග්‍ර බවය. එහෙත් දෙපාර්ශ්වයටම මෙම තත්ත්වය යටතේ පීඩා විඳීමට සිදු වී ඇත. මේ අතර සමහර පවුල්වල සිටින ගැහැනු දරුවන් පිටස්තර පවුල්වල වයස්ගත පිරිමින්ට විවාහකර දෙනු ලබන්නේ කාලයක් තිස්සේ ගෙවාගත නොහැකිව සිටින ණය මුදලකින් ගැලවීම සඳහාය.
ඉරාන රාජ්‍ය නොවන සංවිධානයක් වූ ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සමිතිය සඳහන් කළේ 2009 වර්ෂයේදී වයස අවුරුදු 15 ට අඩු ගැහැනු ළමයින් 43,459 දෙනකු විවාහ කර දුන් බවය. එයට කලින් වසර තුනේ විවාහ සමඟ සස¹ බැලීමේදී එය 33, 383 ක්වූ බව සහ 2010 වසරේදී වයස අවුරුදු 10 ට අඩු ගැහැනු ළමයි 716 ක් විවාහ කරදුන් බවය. කලින් වර්ෂයේදී එම ගණන 449 ක් වූ බවද සඳහන් විය.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ පාෂිඩ් යස්ඩනී පැවසුවේ නූගත්කමින් හා විෂ මත්පැන්වලට ඇබ්බැහි වී සමාජයෙන් කොන් වී සිටීම, එමෙන්ම අන්ත දුගීභාවයේ ගැලී සිටීම ද මේ තත්ත්වය උදාවීමට හේතු වී ඇති බවය.
මෙම පවුල්වල ආර්ථික අහේනිය ළමා විවාහවලට මූලික හේතුව වී ඇති අතර සංස්කෘතික දුර්වලතාවය මෙන්ම අඥානකමද මේ ළමා විවාහ සඳහා මූලික වන තවත් කරුණු වන්නේ යෑයිද යස්ඩනී මහතා පුවත්පත් වාර්තාකරුවන් සමඟ පැවැසීය.
ශීඝ්‍රව වැඩිවෙමින් පවතින ළමා විවාහවලට සමගාමීව ළමා දික්කසාදවීම්ද වැඩිවෙමින් පවතින බව සඳහන් කළ ඔහු 2007 සහ 2010 වර්ෂ අතරතුර වයස අවුරුදු 15-19 වයසේ ගැහැනු ළමයින් වසරකට 15,000 බැගින් තම සැමියන් දික්කසාද කළ බවද ඔහු සඳහන් කළේය.
සංඛ්‍යාලේඛන අනුව මෙම තත්ත්වයට උපයෝගී වන තවත් කරුණක් වන්නේ ඉස්ලාම් නීති සංග්‍රහයට අනුව විශේෂයෙන්ම අඩු වයසේ ගැහැනු ළමයින්ට නුසුදුසු වයසේ විවාහ වීමට හැකිවීමට ඉඩ සලසා තිබීමය.
ෂාරියා නීතියේ සඳහන් වන්නේ ගැහැනු ළමයින්ට වයස අවුරුදු 09 තරම් අඩු කාලයේදී විවාහවීමට හැකි බවය. 2002 වර්ෂයේදී බලවත් යෝග්‍යතා කවුන්සලයක් නීති පැනවූයේ වයස අවුරුදු 13 ට අඩු ගැහැනු ළමයින් හා වයස අවුරුදු 15 ට අඩු පිරිමි ළමුන්ට විවාහවිය හැකි වන්නේ ඔවුන්ගේ පියවරුන්ගේ සහ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත පමණක් බවය.
කෙසේ වුවද පැරණි චාරිත්‍ර ආදියට ගරු කරන අය පදිංචි ප්‍රදේශවල ජනතා මතය වී ඇත්තේ අඩු වයසින් සිදුවන විවාහ අනාචාරයට තුඩුදෙන බවය. මේ අතර මූලධර්මවාදී මන්ත්‍රීවරයකු වන මොහොමඩ් අලි අස්පෙනානි පවසන්නේ වයස නවයේ ගැහැනු ළමයින්ගේ විවාහ නීත්‍යනුකූලව පිළිගැනීමට ඉරානය ආගමිකව බැඳී සිටින බවය.
සමහර ජනයා අපගේ ඉස්ලාමීය වත්මන් අධිකරණ ක්‍රමයට එකඟ නොවුවද අප විසින් පිළිගත යුතුව ඇත්තේ වයස අවුරුදු 09 දී වැඩිවියට පත්වන ගැහැනු ළමයා විවාහයට සුදුසුකම් ලබන බව යෑයි පාර්ලිමේන්තු නීති සහ අධිකරණ කමිටුවේ සභාපති අස්පෙනානි මහතා පැවසීය.
එම ක්‍රියාවලියට පටහැනිව කටයුතු කිරීම ඉස්ලාමික ෂරියා නීතියට අභියෝග කිරීමක් හා පිටුපෑමක් වන්නේ යෑයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
29.08.2012 දි අයිලන්ඩ් World View හි කොටසේ පළ වූ Alarm as hundreds of children under ageof married in Iran හි පරිවර්තනයයි.
එස්.කේ.ඡේ. කුරේරා