මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එල එල වටින නූලක්...!!!
    මේ නූල පටන් ගත්ත c$k ට සහ මාව මේ ගැන දැනුවත් කරපු පැන්තරයට බොහොම ස්තුතියි...දෙන්නටම රෙප්++
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අඩුම සතියක් නෙමෙයි
    හැමදාටම දාගෙන ඉමු,ඔය අවටර් එකේම යටින් මාහසොහොන් බලකාය කියල ගහන්න ඔන
    මම එක එ විදිය්ට හාදවලා උබලාටා කියන්නම්
    එතකොට ඔක්කම එක දාගමු,හැමදාටම



    Ethakota mage es pillam gahana pusha :(

    Pushanam moko damu kattiyama set wela ekama avatar eka :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් අපේ රට ජාතිය ගෑන කතාකලොත් එලකිරියෙන් බෑන් වෙනවා. ඒත් බොරලුගොඩ fake එකවුන්ට් එකක් කියලා ඌම කියද්දී සිංහල ජාතියල අවමන් කරකර ඌ යහතින් වෑජබෙනවා. මචන් එලකිරියත් හලාල් වෙලාද?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    රත්තරං;12260978 said:
    මචන් අපේ රට ජාතිය ගෑන කතාකලොත් එලකිරියෙන් බෑන් වෙනවා. ඒත් බොරලුගොඩ fake එකවුන්ට් එකක් කියලා ඌම කියද්දී සිංහල ජාතියල අවමන් කරකර ඌ යහතින් වෑජබෙනවා. මචන් එලකිරියත් හලාල් වෙලාද?

    Samanyen Elakiri eke Fake account ban karanawa. anika boralugoda kiyanne apiwa muslim agamata baninna polambawaganna kenek. ane manda site eka promote karaganna udaw karana account ekak da kiyala. wena keneknam fake kiyala mattu unama ban karanawa. moo baya nethuwa fake kiyala kiyaddith hondata innawa :baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මේ කියන්න යන්නෙ අපේ ඉතිහාසයේ දුටුගැමුණු රජතුමා එළාරට ෂොට් එක දීපු විදිය....

    මෙන්න මේ පොත්වල තමයි ඒ යුද්ධය හා යුධඋපක්‍රම ගැන අපිට සාක්ෂි හමුවන්නේ....

    ශ්‍රී ලංකාවේ පැරණි වංශකථා වන මහාවංශය, දීපාවලිය,රාජාවලිය සහ ථුපවංශය යන ඉපැරණි වංශකථාවන්හි එළාරට එරෙහිව දුටුගැමුණු රජුගේ සටන තොරතුරු සහිතව සදහන් වී ඇත.එම සෑම සටහනකම මෙම සිදුවීම විස්තර කර ඇති අතර එයට ඉහල වටිනාකමක්ද එක් කර ඇත. රට තුල නැවත බුද්ධ ධර්මය පිහිටුවීමේ අරමුණින් මෙම සටන දියත් වු නිසා එය ධාර්මික සටනක් ලෙසද දැක්විය හැකි අතර එම නිසා දුටුගැමුණු රජු ශ්‍රී ලංකා ඉතිහාසය තුල වීරවරයෙක් ලෙස සලකයි.

    විජිතපුර සටන - (අද්විතීය යුධ සැලසුම් හා දසමහා යෝධයන් හා ඇත්, අස්, රිය හා පාබල සේනා තීක්ෂණ ලෙස යොදා ගනිමින් දියත්කරන ලදී.)

    විජිතපුර සටන දුටුගැමුණු රජු විසින් දකුණු ඉන්දියානු එළාර නම් සොලී ආක්‍රමනයට එරෙහිව දියත් කරන ලද තිරණාත්මක සටනක් විය. එළාර ආක්‍රමණිකයගෙන් නැවත රට මුදාගැනීමට සටන දියත් කිරීමෙන් පසු විජිතපුරයට පැමිණීමට පෙර දුටුගැමුණු රජු විසින් එළාරගේ ශක්තිමත් බලකොටු කිහිපයක් අත්පත් කරගන්නා ලදී. මාස හතරක නොනවතින සටනේ රජුගේ සේනාව සහ රාජකීය ඇතා මෙහිදී විශේෂ කාර්යක් ඉටු කරන ලදී. රජුගේ දස මහා යෝධයින් ගැන ඉපැරණි වංශකථාවන්හි පැහැදිලිව සදහන් කර ඇති අතර ඔවුන් යුද්ධයට සමබන්ද වීමට පෙර එකිනෙකා කරන ලද විවිධ අපහසු සහ රසවත් සිදුවීම්ද දක්වා ඇත.

    එළාරගේ මරණය සහ සේනාවන්හි පරාජයත් සමග දුටුගැමුණු රජුට ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව සටන අවසන් වූ අතර එම සටන සිදුවූ ප්‍රදේශය නිශ්චිතව හදුනාගත නොහැකි වුවත් යම් යම් ප්‍රදේශ විජිතපුරය යැයි ඉතිහාසඥයන් විසින් අනුමාන කර ඇත. ශ්‍රී ලාංකික ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස මෙය සදහන් වී ඇති අතර මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය සමයේ රටේ ජනතාවට නිතර සිහියට නැගුණු සිදුවීමක් ද විය.

    මෙහි ප්‍රධාන අවස්ථා...

    1. විශේෂ බලකාන් පෙරසිටම ගොඩනැගීම.
    2. යුධ පසුබිමක් ගොඩ නැගීම
    3. රණශූර පරික්ෂාව
    4. වටලෑම
    5. අවසන් පහරදීම
    6. ජයග්‍රහණය

    විස්තර ඉදිරියට....
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    fea7.jpg


    Battle of Vijithapura
    විජිතපුර සටන


    යුද්ධය පුරාවට ලෙලදුන් දුටුගැමුණු රජතුමාගේ ධජය


    220px-Flag_of_Dutthagamani.png


    ආයුධ මුවහත්කල ස්ථානය...

    KaduGaGala.jpg


    රණශූර පරික්ෂාව.....

    සටනට පෙර දුටුගැමුණු රජතුමා විසින් රණශූරයින්ගේ දක්ෂතාවයන් පරික්ෂාවට ලක්කර ගැනීමට කරනලද විවිධ පරීක්ෂණ ඉපැරණි වංශකතා ගෙනහැර දක්වයි. ඉන් පලමු පරීක්ෂණය ලෙස රා කල්දේරමක් පානය කලහැකි අයෙක් මේ අතර සිටින්නෙදැයි විමසු විට සියළු දෙනා එය ප්‍රතික්ෂේප කල අතර නමුත් සුරනිමල යෝධයා ඉදිරියට පැමිණ එම රා කල්දේරම කිසිදු අපහාසුතාවයකින් තොරව පානය කර ඇත.දෙවන පරීක්ෂණය සේනාවේ අණදෙන්නාවූ නන්දමිත්‍ර යෝධයා වෙත විය. දුටුගැමුණු රජතුමා ළග කණ්ඩුල නම් රාජකීය ඇතෙක් විය. කණ්ඩුල ඇතා කෝපාවිෂ්ට කර නන්දමිත්‍ර සමග සටනට යොමු කරනලද අතර නන්දමිත්‍ර කණ්ඩුල ඉදිරියේ සිටගත් අතර ඔහු ඇතාගේ දළ දෙකෙන් අල්ලා ඉහලට උස්සා දළ දෙකෙන්ම පොලවේ ගැසුවේය. මේ සියලුදේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුධබෙර නාදය හා ධජ ඉහලට එසවීමෙන් අනතුරුව විජිතපුරයට පහරදීම ආරම්භ කලේය.

    වටලෑම.....

    යම් යම් ප්‍රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්ෂාව සහ නැවතත් ශක්තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ගියහ. නමුත් ජයග්‍රාහී දුටුගැමුණුගේ සේනාව එම බලකොටුව ආසන්නයටද පැමිණ කදවුරු බැදගන්නා ලදී. එම කදවුරුලාගත් ප්‍රදේශය පසුව බනදාවර පිත්ති හෝ කදවුරුපිටිය ලෙස හැදින්වුයේය. ඔවුන් ස්ථානගතවීමෙන් අනතුරුව බලකොටුව වෙත පහරදීම් සිදුකල අතර එළාරගේ සේනාවද සටන ඔවුන්ගේ පාර්ශවය දෙසට හරවා ගැනීමට සටන් කල අතර නමුත් දෙපාර්ශවයටම එය ඉටුකර ගැනීමට නොහැකි විය. මාස හතරක කාලයක් නගරය ආසන්නව කදවුරුලා සිටීමෙන් අනතුරුව නැවතත් බලකොටුව අල්ලාගැනීමට දුටුගැමුණුගේ සියළුම සේනාවෝ එක්ව සැලසුම් සහගත දැවැන්ත පහරදීමකට යොමු විය. එහිදී රජුගේ දසමහා යෝධයින් සහ සේනා සංවිධායකවරුන් ඉතා සුවිශේෂී කාර්යක් සටනේදී ඉටුකර ඇත.

    අවසන් පහරදීම.....

    දුටුගැමුණුගේ සේනාව එකවරම නගරයේ ගේට්ටු හතර අක්‍රමණය කලේය. ඔහු නන්දමිත්‍ර, සුරනිමල සහ කන්ඩුල ඇතා සමග ප්‍රධාන පහරදීම දකුණු ගේට්ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්ටු දෙසට ප්‍රහාර දියත් කලේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්ව නැගෙනහිර ගේට්ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැගෙනහිර ගේට්ටුව දෙසට දියත් කල මෙහෙයුමෙන් ගේට්ටුවේ ආරක්ෂකයන් බියවී ගේට්ටුව අත්හැර පලාගියේය.

    එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිදීමට දරණ සෑම ප්‍රයත්නයකදීම ඉහල සිට උණු කරන ලද යකඩ පහල සිටින සේනාව දෙසට විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක්‍රමණය වැලැක්වීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේය. දකුණු ගේට්ටුව බිද දැමීමට කන්ඩුල ඇතා ප්‍රයත්න දරන අතරතුර එවන් ප්‍රහාරකට ඇතා ලක්වූයේය. තුවාලවලට ප්‍රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා පවුර බිද දමන ලෙස ඇතාට විදානය කලේය. එය බිද දැමීමත් සමග නගරයට ඇතුලුවූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුරය බලකොටුව අල්ලා ගත්තේය. මෙහිදී දසමහා යෝධයින් කල කාර්ය සුවිශේෂිය. ඔවුන්ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිද දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් දියත් කලේය. නගරය අත්හල එළාරගේ සේනාව අනුරාධපුරය දෙසට පලාගියේය.

    ජයග්‍රහණය.....

    විජිතපුර ජයග්‍රහණය අනුරාධපුරය අල්ලා ගැනීමේ සටන වේගවත් කලේය. ඉන් අනතුරුව තවත් ශක්තිමත් බලකොටු දෙකක් අල්ලාගනිමින් සටන අනුරාධපුරය දෙසට ලගාවූ අතර එහිදී දුටුගැමුණු එල්ලකරන ලද එක පහරකින් එළාර මියගිය අතර ඒ සමගම දුටුගැමුණු අනුරාධපුරයෙහි පමනක් නොව ලක් දිවයිනෙහිම පාලකයා බවට පත්විය.