Captain ජැක් ස්පැරෝ;12285658 said:උඩරට රජුගේ විෂේශ බලකාය
කොඩිතුවක්කු සේනාංකය
![]()
1505 දී සිදුවුනු පෘතුගීසි ආගමනයත් සමග දුණු ඊතල,හෙල්ල,පලිහ,තෝමරය,කඩුව, හුරු පුරුදු ලාංකික හේවා භටයන්ට තුවක්කු හා කාලතුවක්කු හඳුනාගන්නට ලැබුනි.මේවා පෘතුගීසීන්ගෙන් සිංහලයන් අතට ලැබුනු මුත් ඔවුන්ගේ තුවක්කු වලට වඩා ප්‍රබල හා හොද තත්වයේ තුවක්කු එකල ලංකාවේ සිංහලයන් අතින් නිමැවුනි.පෘතුගීසීන් හා ලන්දේසි යුගයන් හි සිංහල හමුදාව භාවිතා කල කොඩිතුවක්කුව නම් බිම තබා වෙඩි තබන තුවක්කුව එකල පැවති වැඩි ගිණී බලයක් ලබාදුන් තුවක්කුවක් විය.
මහත් රෞද්‍ර හඬක් පිට කරමින් වෙඩිල්ල පිට වන නිසා රෞද්‍ර යන අරුත ඇති කොඩි යන ද්‍රවිඩ වචනය මුලට යොදා කොඩිතුවක්කුව ලෙස මෙය හදුන්වා තිබේ.මෙම තුවක්කු විශේෂය යුද්ධයේදී මහත් ප්‍රයෝජනවත් වන නිසා මෙම තුවක්කු වලින් පහර දෙන සේනාව වෙනම සේනාංකයක් ලෙස ස්ථාපිත කරන ලද අතර එය කොඩිතුවක්කු සේනාංකය සෙල ප්‍රසිද්ධ විනි.කොඩිතුවක්කු හමුදාව මහනුවර යුගයේ යුධ කටයුතු වල ප්‍රධාන තැනක් ගත් හෙයින් එය යුධ හමුදාවට අයත් වැදගත් සේනාංකයක් විය.කොඩිතුවක්කුකාරයෝ නිතරම යුද්ධයට සූදානමින් වුන්හ.මහනුවර යුගයේ කොඩිතුවක්කු හමුදාවට යුද්ධ කිරීමේ කාර්යයට අමතරව වෙනස් කාර්යයන්ද පැවරී තිබුනු බව පෙනේ.හමුදාමය කටයුතු මෙන්ම ආරක්ෂක බලඇණී කටයුතුද ඔවුන්ට පැවරී තිබුනි.ඔවුහු සේවා මුර ක්‍රමයට දිසාවන්ගේ හා අදිකාරම්ගේ වලව් හා රජ මාලිගයද කොඩිතුවක්කු මඩුවේද මුර සේවයට එක්ව සිටියහ.මීට අමතරව සාහාසික අපරාධකරුවන් සොරුන් මෙල්ල කිරීම හා අත් අඩංගුවට ගැනීම පැවරී තිබුනේද කොඩිතුවක්කු හමුදාවටයි.
![]()
කොඩිතුවක්කු නිලමේ හෙවත් ලේකම් රජුගේ කාලතුවක්කු හමුදාවේ ප්‍රධානියා විය.එකල රාජ්‍ය නිලධාරීන් අතර ඔහුට උසස් තැනක් හිමි වී තිබුනි.මොහු දළදා පෙරහැරේ දෙවැනි ස්ථානයට පිරිවරත් සමගින් ගමන් ගත්තේය.පෙරහැරේ ඊලගට ගමන් ගත්තේ ඒ ඒ දිසාව භාර දිසාවේවරුන්ය.ඔවුහු තම තමන්ගේ දිසාවලට අයත් කොඩිතුවක්කු හමුදාවන්ගේ පාලනය භාරව කටයුතු කලහ.
![]()
කොඩිතුවක්කු තැන්පත් කරන ලද කාලතුවක්කු මඩුව හා වෙඩි බෙහෙත් ගබඩාව ඒ ඒ දිසාවේ වරුන්ගේ වලව් වලට යාබදව තනන ලදි.රජුගේ තුවක්කු මඩුව රජ වාසලට යාබදව සාදා තිබුනි.කොඩිතුවක්කු මොහොට්ටාල හෙයත් මුහන්දිරම් එක් එක් කොරලයේ කොඩිතුවක්කු හමුදාව භාර නිලධාරියා විය. සතරකෝරලයේ තුවක්කු හමුදාවේ මුහන්දිරම් කෙනෙකු යටතේ පැවරුනු බවත් ඔහු යටතේ දුරයා නම් සුළුමුලාදෑනියෙකු යටතේ හමුදාව පාලනය වූ බවත් සතර කෝරලය පිලිබඳ පුරාණ වාර්ථා වල සදහන් වේ.එදා සිංහලයන් විසින් සාදන ලද කොඩිතුවක්කු අදද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශණය පිණිස තබා ඇත.
All Credits Go To Thread Owners ( sudu pusa)
http://www.elakiri.com/forum/showthread.php?t=1374365

![]()
ඌරාගේ සෞඛ්‍ය පාඩම
-------------------------
ඌරාගේ සෞඛ්‍ය පාඩම ආරම්භයේ සිට අවසානය තෙක්ම ගඳය, අපිරිසිදුය. පිරිසිදු වතුර බොන ලෙස ඌරා උගන්වන්නේ යෑයි සිතමු. එහෙත් ඌරා බොන්නේ කුණු ගඳ ගසන විෂ බීජ පිහිනන ජරාම ජරා වතුරය. නිතර නාන ලෙස ඌරා අපට අවවාද කරන්නේ යෑයි සිතමු. එහෙත් ඌ සියොළඟ පුරා පණුවන් දිව ගියත් නාන්නේ නැත. පෝෂ්‍ය පදාර්ථ සහිත පිරිසිදු ආහාර අනුභව කරන ලෙස ඌ අපට උපදෙස් දෙන්නේ යෑයි සිතමු. එහෙත් ඌ අනුභව කරන්නේ අශූචි ය.
ඇමරිකාව අපට මානව හිමිකම් ගැන උගැන්වීම ඌරාගේ සෞඛ්‍ය පාඩම හා සමානය. ඇමරිකාව පිහිටුවන ලද්දේ රතු ඉන්දියානුවන් මරා හෝ එළවා ඔවුන්ට අයත් භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමෙනි. ඊළඟට ඔවුන් විවිධ රටවල් ආක්‍රමණය කළේය. වියට්නාමයට පැන එරට වැසියන් සංහාරය කළේය. ඇෆ්ගනිස්තානය කුඩු පට්ටම් කර එරට සිවිල් වැසියන් ඝාතනය කළේය. ඉරාකයට බෝම්බ දමා සදාම් හුසේන් එල්ලා මරණ තැනට වැඩ සිද්ධ කළේය. විනෝදාංශයක් වශයෙන් දෙසතියකට හෝ තෙසතියකට වරක් පාකිස්තානයට බෝම්බ දැම්මේය. එහි සාමාන්‍ය ජනයා ඝාතනය කළේය. අසල්වැසි රටවලට පහරදීම සඳහා ඉරානයට අවි ආයුධ ලබා දුන්නේය. ඒ අතර යුද්ධයේ අවසන් කොටසේදී යුද හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළ බව කියමින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙළඹවිය.
ඇමරිකාව, වියට්නාම් යුද්ධයේ සිට මේ දක්වා ඝාතනය කළ වෙනත් රටවල ජන සංඛ්‍යාව අතිවිශාලය. හරි වේවා වැරදි වේවා ඔවුන් ජපානයට දැමූ පරමාණු බෝම්බ දෙක නිසා දහස් ගණනක් අඟුරු බවට පත්වූහ. තවත් ලක්ෂ ගණනක් අදටත් ආබාධිතයන්ව සිටිති. ඇමරිකන් පරමාණු බෝම්බයේ බලපෑම හිරෝෂිමා සහ නාගසාකි නගරවල අදටත් ඇත. ඇමරිකාව යනු මානව සංහතියට මහත් විපතක් කළ රටකි. මේ නිසා ඔවුන් සෑම කල්හිම මුළු ලෝකයෙන්ම සමාව යදිමින් ජීවත් විය යුතුය. එහෙත් දැන් සිදුවන්නේ ඇමරිකාව මුළු ලෝකයේම මානව අයිතිවාසිකම් පිළිබඳ නඩුකාරයා බවට පත් වී ජංගම උසාවියක් ලෙස ක්‍රියා කිරීමය. ඇමරිකානු ආණ්ඩුව ඉස්ලාම් භක්තිකයන්ට කරන හිරිහැරවල සීමාවක් නැත. ඔසාමා බින් ලාදින් ඇමරිකන් නිෂ්පාදනයක් වන අතර පසුව ඔහු ඇපයට තබාගෙන ඉස්ලාම් ආගමිකයන් සංහාරය කිරීමට ඇමරිකාව පටන් ගත්තේය. පසුගිය දා ඇමරිකාවේ කුලී හේවායන් ලෙස ක්‍රියා කරන නේටෝ සංවිධානය ඇෆ්ගනිස්තානයේදී ශුද්ධ වූ කුරාණය ගිනිබත් කර ඉස්ලාම් භක්තිකයන්ගේ සිත් ඉතා නරක ලෙස රිදවීය.
යුද්දයේ අවසන් දින කිහිපයේදී ප්රභාකරන් ඇතුළු කොටි මිනීමරුවන් බේරා ගැනීමට ඇමරිකාව උත්සාහ කළ බවට සාක්ෂි තිබේ. පසුගියදා සිsරියාවේදී මරා දමන ලද මාරි කොල්වින් නමැති පුවත්පත් වාර්තාකාරිය සිටියේ ශ්‍රී ලංකාවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු වූ මර්වින් නම්බියාර්ට, චන්ද්‍රිකා දුරකථනයක් හරහා කතා කළ මාරි කොල්වින්, ප්රභාකරන්, පොට්ටුඅම්මාන්, පුලිදේවන්, සුසෙයි ඇතුළු මිනීමරු කැළ යුද හමුදාවට යටත් වීමට කැමැති බැවින් ඔවුන් පරෙස්සම් සහගතව භාරගත හැකි ක්‍රමයක් සම්පාදනය කළ හැකිදැයි විමසා ඇත. මෙවිට මර්වින් නම්බියාර් එවකට ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති රොබට් බ්ලේක්ට මේ පණිවුඩය දී තිබේ. පසුව බ්ලේක් සහ නම්බියාර් යන දෙදෙනා කොටි, යටත් වන ස්ථානයට ගොස් එය නිරීක්ෂණය කිරීමට පවා තීන්දු කර තිබේ.
මේ අනුව ඇමරිකාවට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොටි සංවිධානය සමග නිරන්තර සම්බන්ධකම් තිබී ඇති බව පෙනේ. ප්රභාකරන්ගේ මරණය වෙනුවෙන් අපෙන් පළි ගැනීමට පෙර කී පාර්ශ්වකරුවන් තුළ ඇති අවශ්‍යතාවයේ ඇති පසුබිම එය ය. කෙසේ වුවද මානව හිමිකම් කොමිසමේ ඡන්දයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමට බොහෝදුරට ඉඩ ඇත. එහෙත් ඇමරිකාව දිගටම අපෙන් පළි ගන්නවා ඇත.

කරා..........රත්තරං;12292743 said:ikmanata meka reporat karapalla.. hambayek elakiriya wanasanawa
http://www.elakiri.com/forum/showthread.php?t=1374996&page=3