මහසොහොන් බලකාය | Mahasohon Balakaya

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12304809 said:
    :P:P:P:P
    ඒ කවුද බන්......:lol:

    තවටිකකින් ඇවිත් මෙතන විලාප ගහයි ඌ.... අර අපි කියන්නෙ පී ඩයල් කියල අන්න එයින් එකෙක්.. පී අකුරෙන්මයි පටන්ගන්නෙ.... :P:P:P:P
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඊලාම් යුද්ධය පටන් අරන් 1990 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවය Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කීපයක් ලැබී තිබුනා. මේ යානා වර්ථමානයේ භාවිතා වන ඒවාට වඩා පැරණි version එකකට අයත්.

    Mi-24 යානා කීපයක් පලාලි ගුවන් හමුදා කඳවුරේ වෙලා තිබුනෙ. අපේ ගුවන් ප්‍රහාර වලට මුහුණ දෙන්නට කොටින් SAM (Surface to Air Missles) මිසයිල ලබාගෙන තිබුනා. ඉන්දියාවෙන් සමහර විට.
    video_12.jpg


    මේ කියන්න යන්නෙ ඒ මුල් දවස් වල මේ ගුවන් යානා වලින් සතුරා ට මුහුණ දුන්න අපේ වීරයන් ගැන, ඔවුන්ගෙ උත්තරීතර පරිත්‍යාගයන් ගැන.
    මේ දැයේ වීර පුතුන් ගැන වැඩිය ප්‍රසිද්ධ නොවීම ඇත්තටම අපේ අකෘතඥ බවේ ලකුණක්ද කියල හිතෙනව.

    1997 වෙන විට යාපනය ප්‍රදේශයට යන සියළුම ගොඩ බිම් මාර්ග ත්‍රස්ථවාදී තර්ජනයට යටත් වෙලා තිබුණෙ, මුහුදු මාර්ගයෙන් ගමනාගමනය ඉතාමත් අන්තරායකාරී හා සීමිත වෙලා තිබුණා. මේ නිසා යාපනය ප්‍රදේශයට භාණ්ඩ හා සෙබළ කණ්ඩායම් ගෙන ගියේ ගුවනින්. එවකට මේ සඳහා රුසියාවෙ හදපු ඇන්ටනොව් 32B යානා හා MI-17 හෙලිකොප්ටර් යානා යොදා ගෙන තිබුණා.

    කොටි තස්ථවාදීන් මේ ගුවන් ගමනටත් තර්ජන එල්ල කලේ උන් ලඟ තිබුණ .50 අවි හා SAM මිසයිල වලිනුත්.

    දිනය 1997 නොවැම්බර් 10 වෙනිදා.
    භටයන් රැගත් Mi-17 ප්‍රවාහක හෙලිකොප්ටර් 3ක් සමග එවාට ආරක්ෂාව සපයන්නට Mi-24 යානාවක් වවුනියාව ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වුනා. යානා වල ගමන් පථය වූයේ වවුනියාවේ සිට කෝකිලායි කලපුව ඔස්සේ මුහුද දෙසට ගමන් කර ඉන් පසු අලිමංකඩ දක්වා ගමන් කිරීමටයි. ගමන ඇරඹී විනාඩි 20ක් වනවිට ඔවුන් සිටියේ කෝකිලායි කලපුව ආසන්නයට වුවත් ගොඩ බිම් ප්‍රදේශයට ඉහලිනුයි. පියාසර මට්ටම අඩි 150ක් පමණ වුනා.

    එකවරම කැලෑ රොදකින් එහලට ආ ගිනි හා දුම් වලාවක් ධුම කේතුවක් වගේ යානවන් පසු පස හඹා එන්නට වූවා. ඒ SAM මිසයිලයක්. මේ මිසයිල යානාවන් හි එන්ජිමේ තාපයට සන්වේදී. කෙලින්ම ප්‍රහාරය එන්ජිම පසුපස එනවා. මේ නිසා මේ Heat Seeking Missles වලින් බේරෙන්නට හෙලිකොප්ටර යානා වල ආරක්ශක උපක්‍රම සවි කර තිබුනා. මේවා Mi-17 යානාවල ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වූ නමුත් එකල වූ Mi-24 යානා වල තුබුන ආරක්ශක පද්දතිය ප්‍රදාන ගුවන් නියමුවා විසින් ක්‍රියාත්මක කල යුතුව තිබුනා. මේ සඳහා මිසයිල ප්‍රහාරය දුර සිට නිරීක්ෂණය කල යුතුයි.

    කොහොම නමුත් 1997 නොවැම්බර් 1 වෙනිදා කෝකිලායි වලට ඉහල අහසේදී MI-17 යානාවල උපකරණ පද්ධති අකුරටම ක්‍රියාත්මක උනා. නමුත් Mi-24 යානය වෙත ඇසිපිය ගසන වේගයෙන් ආ මිසයිල එහි එක් එන්ජිමක් විනාශ කර දැමුවා.

    මේ Mi-24 යානය එදා වවුනියාවෙන් ගුවන් ගත වූ CH-619 යානයයි. යානය මෙහෙයවුයේ බලඝන නායක (Squadron Leader) තිලින කලුආරච්චි හා පියාසර නිලධාරී (Flying Officer) ධනේශ් ගුණසේකර යන නිලධාරීන් ය. යානයේ door gunners දෙදෙනෙක් ද සේවයේ යෙදී සිටියා.

    යානාවන්ට ගොඩබිම දෙසින් මිසයිලය ගුවන් ගතවනවාත් සමගම පියාසර නිලධාරී ධනේශ් විසින් එය නිරීක්ෂණය කරනු ලැබුවා. ඔහු ඒ බව බලඝන නායක තිලින කලුආරච්චිට පවසා යානය සතුරාට ප්‍රති-ප්‍රහාර දීමට හරවනවාත් සමගම එක් එන්ජිමක ගැටුන මිසයිලය පුපුරා ගියා. අඩපන වූ MI-24 යානාව කෝකිලායි කලපුවේ ජලකඳ මතට පහත් කරනු ලැබුවා (Controlled Landing). යානාව පතිත වනවාත් සමගම එක් door gunner කෙනෙක් පිටතට පැන ගත්තා. Mi-24 යානයේ Upper Cockpit Door එකෙන් F/O ධනේශ් පිටතට පැමිණියා. කලින් පිටතට ආ door gunner සමග එක්ව අනෙත් door gunner වත් ඔවුන් එලියට ඇද ගත්තා.

    යානාව පුපුරා යා හැකි බැවින් F/O ධනේශ් gunners දෙදෙනාට ඉවතට පිහිනා යන ලෙස අණ කලා. ඔහුටත් බේරී පිහිනා යාමට හැකියාව තිබුයදීත් එසේ නොකලේ බලඝන නායක තිලින කලුආරච්චි තවමත් යානයෙන් පිටතට නොආ නිසායි. F/O ධනේශ් ගේ පියාසර ගුරුවරයා බලඝන නායක තිලින කලුආරච්චි යි. තමන්ට ශිල්පය දුන් ගුරුවරයා අතැහැර යාමට ධනේශ් ගුණමකු වුනේ නැහැ.

    මේවනවිට යානය කෝකිලායි කලපුවේ ජලකඳ තුල ගිලී තිබුනා. කලපුව පතුලේ ගිලී ගිය යානය වම්පසට ඇල වීම නිසා බලඝන නායක තිලින කලුආරච්චිට බේරී යානයෙන් ඉවත්වීමට තිබූ cockpit door එක කලපුව පතුලේ මඩට තෙරපී තදවී තිබුනා. මේ අතර ධනේශ් ගේ ද හෙල්මට් එක තුලට කාන්දු වූ ජලය නිසා ඔහුත් බරපතල අන්තරායකාරී තත්ත්වයකට පත්ව තිබුණා. බලවත් වෑයමෙන් ඔහු උත්සාහ දරා හෙල්මට් එක ඉවත් කර හුස්ම ගන්නට උත්සාහ කලා.

    පසුව යුධහමුදා බෝට්ටුවකින් පියාසර නිලධාරී ධනේශ් හා door gunners දෙදෙනා බේරාගත් පසු Bell 212 යානයකින් අනුරාධපුර හමුදා රෝහල වෙත ගෙන ආවා.

    දැයේ අවාසනාවක මහත !! අධික ලෙස ජලය පිරීම නිසා වූ පෙනහළු අක්‍රිය වීමන් පියාසර නිලධාරී ධනේශ් ගුණවර්ධන අපට අහිමි උනා. එඩිතර වීර පුතෙක් ලක් මෑණිට එදා අහිමි උනා.

    එදා අවම පහසුකම් මධ්‍යයේ වුවත්, තම සහෝදර සෙබළුන් ගේ ආරක්ශාවට ක්‍රියාන්විතයේදී දිවි දුන් වීරෝදාර ගුවන් හමුදා පුතුනි, ඔබ අපට මහත් අභිමානයක්.

    එදා Charlie Hotel 619 යානාව අරා, දිනූ දෙශය වෙනුවෙන් උත්තම පූජා කල මගේ සොයුරනි, සදා ඔබ අපේ සිතේ සුරකින්නෙමු.

    ඔබට යළිත් මේ මනුසත් ලොවේ, ලක් දෙරණ රකින්නට, යළිත් උපදින්නට හේතු වාසනා වේවා.
    තෙරුවන් සරණයි මගේ සොයුරනි.


    Crew of Charlie Hotel 619, Nothing is forgotten
    This salute is for you my brothers


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අපි අද මහසෙන් දැහැන කියල වේදිකා නාට්‍යක් බලන්න ගියා
    සැගවුනු ඉතිහාස කරුණු ගොඩක් දැනගන්න පුළුවන් උනා
    සත්‍ය රාවණ පුවත
    සිංහලයාගේ බිහිවීමේ කථාව
    අපේ ඉතිහාසය කෙලෙසුන විදිය
    අපේ උරුමයන් ගැන
    ගෙරියන් අපේ අනාගතේ නැති කරන්න තනන විදිය ගැන එහෙම

    විශිෂ්ඨ නාට්‍ය නිර්මාණයක්
    Present
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    නියමයි මචන්..
    මම අහල තියෙනව වර්ථමානයෙ ලංකාවෙ, මේ රටට දැයට ආදරයෙන් ඉපදිලා ඉන්නෙ ඉස්සර රාවණා මහ රජුගෙ සේනාවෙ අය කියල.
    මම ධ්‍යාන වඩන්න දන්නෙ නැති නිසා හරියටම කියන්නට දන්නෙ නෑ.. ඒත් LRRP කොල්ලො ටික නම් සසර පුරුද්දක් ඉටු කලා කියල නම් හිතෙනව. මේ රට, සිංහල ජාතිය වෙනුවෙන්.
     
    • Like
    Reactions: ela_eluwa120