මහාචාර්ය_තම්බයියා_සමුගනී
මහාචාර්ය තම්බයියා සමුගනී
ශ්‍රී ලංකාව විසින් ලෝකයට දායාද කැරුණු මුල් පෙළේ සමාජ විද්‍යාඥ ස්ටැන්ලි ජෙයරාජා තම්බයියා දිවියෙන් සමු ගත්තේය.
ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ සමාජ මානව විද්‍යා මහාචාර්ය ධුරය හෙබැවූ එස්ජේ තම්බයියා ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය පිළිබඳවත්, ජාතින් මෙන්ම ආගම් හා දේශපාලනය පිලිබඳ ශාස්ත්‍ර ගවේෂණයේ යෙදුනු සමාජ මානව විද්‍යාඥයෙක්.
Buddhism Betrayed?
මිය යන විට අසූ පස් වැනි වියේ පසු වූ මහාචාර්ය තම්බයියා ශ්‍රී ලාංකිකයන් අතර මහත් සාකච්ඡාවට පාත්‍ර වුයේ මතභේදයට තුඩු දුන් 'බුදු සමය පාවා දීම?' (Buddhism Betrayed) කෘතිය 1992 දී මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීමෙන්.
අහිංසා වාදී දර්ශනයක අනුගාමී බෞද්ධ භික්ෂුන් වහන්සේ අතුරින් ඇතැමකු ශ්‍රී ලංකාව තුල ප්රචණ්ඩ දේශපාලනයක නියැලීමයි එම ග්‍රන්ථයේ සාකච්ඡාවට ගැනුනේ.
1997 දී මහාචාර්ය තම්බයියා කීර්තිධර බල්සාන් සම්මානයෙන් පුද ලැබුවේ අග්නිදිග ආසියාවේ වාර්ගික ප්රචන්ඩතා සහ බෞද්ධ සමාජ පිළිබඳව කළ මුල් පෙලේ අධ්‍යයන වෙනුවෙන්.

Last edited: