මහා රාවණා රජතුමා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොරැ කියන්න එපා බොල. ජර්මනියට තාක්ශ‍නයෙන් වැඩි ආයුධ තිබ්බ තමා හැබැයි ජර්මනිය එක්ක යුද්ධ කරපු රටවලටත් ඊට සමාන එහෙමත් නැත්තන් ඊට වඩා බලගතු අායුධ තිබ්බා. එහෙම නැත්තන් ඉතින් ජර්මනිය යුද්දෙ දිනවානේ හරියට ඊශ්රායෙලය වගේ.

    අනික උඹලාම තමා කියන්නෙ රාවණ කියන්නෙ බලගතු පුද්ගලයෙක් පොරට හැම දේ ගැනම දැනුම තිබ්බා කියල. එහෙම එකේ ඌ නොමනා තීරණ ගන්නවාද ‍‍මෝඩයෙක් වගේ?


    ජර්මන් ආයුද තාක්ශනයෙන් වැඩියි කියල කොච්චර ඩොකියුමන්ට්‍රි වල පොත්පත් වල තියද .සුරුට්ටුව කටේ ගහගෙන හිටියට හැමදේම දන්නව කියල හිතන එක මෝඩ කමක් :confused:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත




    මේ තියෙන්නෙ ඉසුරුමුණිය ලග රන්මසු උයනෙ තියන තාරකා දොරටුව .මේක ඉස්සරහින් සුමට ගල් පුවරු තියනව ඉදගන්න සකස් කරපුව .


    බෙල් ගෙ අදහස මේක බාවනාකරල හිත නිදහස් කරන්න හදපු තැනක්ලු .උගෙ ගෝලය වෙච්ච පරණවිතාන කියනව ඒක අනුමත කරනව කියල .


    ගෑනූ නාන තැනක භාවනා කරන්නෙ මොන මෝඩයෙක්ද ??:confused::confused::confused:


    මාටින් වික්‍රමසින්හ කියල තියනව මේක විශේශ භාවනා ක්‍රමයකින් සන්නිවේදනය කරන්න භාවිතා කරපු තැනක් කියල .


    උබල අනුරාධපුර යනවනම් ඉසුරුමුණියට ගිහින් වදිනව වගේම මේවත් බලපල්ල .මේ සලකුනු තියන ස්තාන තුනයි ලෝකයේම තියෙන්නෙ .මෙක්සිකෝව ,ඊජිප්තුව ලන්කාව :shocked::shocked::shocked:



    සුද්දගෙන් ඉගෙනගත්ත පරනවිතාන ඉතිහාසය සුද්දට ඕන විදිහට හැදුව .

    ඕක තාරකා දොරටුවක් කියන්නත් බෑ භාවනාවට හිත නිවන්න හදපු දෙයක් කියන්නත් බෑ.

    අනික උඹ කියන විදියටම ගෑනු නාන තැනක මේ වගේ තාරකා දොරටුවක් තියන්නේ මොන මෝඩයද? :lol::lol:

    මම නන් හිතන්නේ මේ රෑපෙ මිහිදු හාමුදුරැ‍වෝ ලංකාවට බුදු දහම ගේන්නත් කලින් තිබ්බ ගෝත්රික ආගමක මොකක් හරි රෑපයක් කියලයි. පස්සෙ කාලෙක ඔය රෑපේ තිබ්බ තැන උයනක් හදන්න ඇති.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජර්මන් ආයුද තාක්ශනයෙන් වැඩියි කියල කොච්චර ඩොකියුමන්ට්‍රි වල පොත්පත් වල තියද .සුරුට්ටුව කටේ ගහගෙන හිටියට හැමදේම දන්නව කියල හිතන එක මෝඩ කමක් :confused:

    ජර්මනිය සමහර තාක්ශණයන් පැත්තතෙන් ඉස්සරහින් හිටියා තවත් සමහර තාක්ශණයන් පැත්තෙන් හිටියේ අනිත් රටවලට පිටි පස්සෙන්. දැන් ගන්න න්‍යශ්ටික බලය ඒක තිබ්බෙ ඇමරික‍ාවට. හොද බෝම්බ හෙලන ගුවන් යානා තිබ්බ ඇමරිකාවට. රැසියාවට තිබ්බා හොද යුද ටැංකි, එංගලන්තයට හොද නැව් හමුදාවක් හිටියා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    ඕක තාරකා දොරටුවක් කියන්නත් බෑ භාවනාවට හිත නිවන්න හදපු දෙයක් කියන්නත් බෑ.

    අනික උඹ කියන විදියටම ගෑනු නාන තැනක මේ වගේ තාරකා දොරටුවක් තියන්නේ මොන මෝඩයද? :lol::lol:

    මම නන් හිතන්නේ මේ රෑපෙ මිහිදු හාමුදුරැ‍වෝ ලංකාවට බුදු දහම ගේන්නත් කලින් තිබ්බ ගෝත්රික ආගමක මොකක් හරි රෑපයක් කියලයි. පස්සෙ කාලෙක ඔය රෑපේ තිබ්බ තැන උයනක් හදන්න ඇති.

    පිටසක්වල උන් ඇවිල්ල නාල යන්න එනව ඇති
    මෙහෙ වතුර රස්නේ නිසා උන් වින්ටර් එකට එනව ඇති
    උන්ට නාන්නම තිසා වැව හැදුව

     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දැන් ඉන්න උන් අතිසෝක්තියෙන් කියන්න ගිහින් රාවනාටත් අපහාස කරනව, අනිත් එක ගොඩක් උන් කරන්නෙ රාවනාව විකුනන් කන එක විතරයි, මිරැන්ඩෝ ඔබේසේකර කියන අපතයත් ඒවගේ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණා ගැන හෙලි කරන්න හිටපු එකම මනුස්සයටත් දැන් යහපාලනෙන් සහ මෙහෙ ඉන්දියන්කාරයන්ටසුද්දන්ට ජාතකවුණු අවජාතකයන්ගෙන් විලන්ගු දලා නොවෑ ..:yes:

    43207549_2023460864367023_1983883593461530624_n.jpg


    මහචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍ර අහෝසි කරේ ඇයි..?

    ඉතිහාසය යනු මහාවංසයම යැයි ඉගැන්වූ යුගයක් තිබිනි.. බුදුදහම මිහිඳු හිමියන් විසින් ගෙන ආ බවත්, විජය එද්දී ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි..

    කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය..

    සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් නිර්මානයක් බව පෙන්වාදෙද්දී එක්නැලිගොඩ වලව්වේ පුරාවිද්‍යා ගුරුකුලය තිගැස්සෙන්නට විය.. රංචාමඩමේදී සොයාගත් දේ අතර රූපලාවන්‍ය සඳහා යොදාගත් දේ තිබූ බවත් බලංගොඩ මිනිසාගේ බිරිඳ ෆවුන්ඩේෂන් එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains ⁣සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය.. කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද සහිතව "අනන්ත විශ්වයෙන් එන ශ්‍රමණයිනට" පූජාකල බව සඳහන් සෙල්ලිපි පිටපත් වද්දී බෙල්ගේ ඉතිහාසය, පරණවිතානගේ කාලනිර්ණයන් සහ මහාවංසයේ ඒකපාර්ශ්වික ලියවිලි වෙනුවට විකල්ප සෙවියයුතු බවට මතවාද මතුවිය.

    වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය.. තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට මූලික විය.. ඔහු කැණීම් සඳහා පැමිණීම ගැමියන් සැලකුවේ ආඩම්බරයක් ලෙසයි.. උපකරණ කරගසාගෙන යන්නට, උයා පිහා දෙන්නට ඉහල තැන් වලට නගින ඉනිමං තනා දෙන්නට ගැමියන් කැප වූයේ තම ජීවිකාවද අමතක කරමිනි.. ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය..

    කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩයක්කාරයා ගොවියෙකු බවට පත්ව චන්දනගාමය සකසා මිහිඳු හිමියන් නොවන මගකින් පැමිණි බුදුදහමේ යම්යම් අනුගතවීම් දක්වා පැමිණීම චිත්‍රපටයක ජවනිකා මෙන් මතුවෙමින් තිබිණි..

    ඕනෑම පර්යේෂකයෙක් තම පර්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත.

    කරන ලද පර්යේශණ පිළිබඳ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කර නැති බව දන්වමින් මේවනවිට සෝමදේව මහාචාර්යතුමාගේ කැණීම් අවසරය අත්හිටුවා ඇතිබව ප්‍රසිද්ධවී හමාරය.. පුරාවිද්‍යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකුගේ පර්යේෂණ සීමා කිරීම සාදාරණ නොවන බව මගේ හැඟීමයි..

    සොමදේව යනු උගත් දේ ⁣නිර්ලෝභීව බෙදාගන්නා වර්ගයේ උගතෙකි..ඔහු වලවේ නිම්නයේ සැඟවුනු ඉතිහාසය සොයා මතු කරන්නේ මෙතෙක් නොලියවුනු වීර කාව්‍යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ..

    කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද??

    නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවසිහිපත් කරමි..

    කරුණාකර අත්හිටවූ අවසරය යලි දෙන්න.. ⁣.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඉංදියාවේ 61 දෙනෙක් කෝච්චියට හැප්පිලා මැරුණෙත් රාවණාගේ පිළිමෙකට ගිණි තියන්න ගිහිල්ල නේද?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඉන්දියානුවෝ ලංකාව එක්ක ජම්මන්තර වෛරයකින් ඉන්නේ.... මේ රාවණා නැවත ඇවිල්ලා ඉන්දියාව ආක්‍රමණයක කරනවා කියලා හිතලාද?