අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික 69 වන මහා පෙරහැර මංගල්‍යය - 2013
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික ඈසළ පෙරහැර පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් නැටුම් කණ්ඩායම් 50 ක් පමණ සහභාගී කරගෙන පැවැත්වුණා.. ඉතිං අපේ ගමේ මේ ලස්සන පෙරහැර මම හිතුවා එළකිරි යාලුවෝ ඔක්කොම එක්ක බෙදා හදා ගන්න.. අම්බලන්ගොඩ කිව්වම හැමෝම දන්නවානේ වෙස් මුහුණු කලාව හා රෑකඩ වලට පසිද්ධයි කියල.. ඉතිං ගොඩක්ම අපේ කම අපේ දේවලට මේ පෙරහැරේ ඉඩ ලැබුණා.. වසර 69 ක් පුරා අඛණ්ඩව මේ පෙරහැර හැම අවුරැද්දකම පැවැත්වෙන දකුණු පලාතේ කලාත්මකම ලස්සනම පෙරහැර කිව්වොත් නිවැරදියි.. මම අවුරැදු 21 ක්ම ඉතිං බලනව මේ පෙරහැර.. ඉතිං එදාට වඩා අද ගොඩක් තාක්ෂනය අතින් දියුණුලෝකයේ පෙරහැරත් දියුණුවෙලා සෑහෙන.. අනිත් පලාත්වලය වඩා බලන්න මේ පෙරහැලේ විශේෂත්වයක් ඈති.. මම ඒක ඉස්සසරටහ කියන්නං
ඉතිං මම ගත්ත පොටෝ 500 කින් විතර තෝරා ගත්ත හොදම පොටේා ටිකක් මෙතන දාන්න හිතුවා .. අඩු පාඩු ගොඩාක් ඈති මම තවම ආධුනික කැමරාකරැවෙක් හොදේ.. එහෙනං අපි යමු පෙරහැර බලන්න....
මෙන්න මුල්ම පොටෝ එක.. කොහොමද සෙනග..
ඉස්සරනං පෙරහැරේ මුලින්ම එන්නේ කස කාරයෝනේ.. දැං එන්නේ පොලිස් කාර්එකක්ලු ..

ඔන්න ඔන්න කස මාමල එනවා.. හැමෝම පස්සට වෙලා අයින් වෙයල්ලා... පස්සේ කියන්නෙපා කස පාර කෑව කියල...
ඉස්සර කාලේ කස ගැහුවේ පෙරහැර එන බව අගවන්නලු..
ජාතික කොඩියේ... අපේ අභිමානය පෙරහැරේ ඉදිරියෙන්ම
( කෙළ හැලීමෙන් වලකින්න ලස්සන ගැහුණු ලමයි ඉදිරියේ ද සිිටිනා බැවින් )
බෙද්ධ කොඩිය ..
මේ කොඩියනං මතක නෑ...
බෙද්ධ කොඩියේ පාට රැගත් තරැණියන් ..
දැං බලන්න මෙන්න මෙන්න එනවා හිගමන් දේවි...
බලන්න මේ නිර්මාණය කොච්චර ලස්සනද කියලා.. මම හිතන්නෑ ඔයාලගේ පළාත් වල මේ වගේ දේවල් දකින්න ලැබෙනව ඈති කියල.. ඒකයි මම කිව්වේ විශේෂයි කියල..
අපි මේකට කියන්නේ කූඩුවක් කියල.. තම ඉස්සරහට මේ වගේ ලස්සන කූඩු ගොඩක් තියෙනවා
රෑට තමයි මේවා ලස්සන ලයිට් දැම්ම ගොඩක් ලස්සනයි.. පාට පාට වර්ණ රටා වලින් ලස්සන වෙනවා රෑට..
පෙරහැරේ ඉදිරියෙන්ම යන මේ හිගමන් දේවී කියන දෙවියන් ගේ මේ කූඩුවට බලන්න ඉන්න අය සල්ලි දානව.. ඉතිං වැඩිම මුදලක් එකතු වෙන්නේ මේ කූඩුවෙන් ..
සිංහයෙක් එනවා ... අයින්ට වෙන්නෝ.....






ඊළගට සාම්පදායික බෙර කණ්ඩායමක්
ඒ තාලයට නේ සිංහයෝ දෙන්නා නටන්නේ,
දැං බොද්ධ කොඩි
ඊළගට ඉතිං ගැමි නර්ථනයක්
වැඩිය ලං වෙන්න එපා දෑකැත්තක් අතේ තියෙන්නේ
බොක්කෙන්ම බෙර ගහනව දැක්ක නිසා පින්තූරයක් ගත්තා
ඊලගට කුලුනර්ථනයක්
තවත් නර්ථනයක්.. නම් නං දන්නෑ..
ලී කෙලි නැටුමක් වගේ නේ ..
සාම්පදායික අපේ කම .. උඩරට වෙස් නැටුම්
නිලමේතුමා
වෙස් නැටුම් කණ්ඩායමක් සමග සද්ධන්ත ඈත් රජා ..
මං නං ආසම නෑ බං මේකට.. වඩිග පටුන
කළගෙඩි නැටුමක් ... ෂෝයි ..
ඔන්න තවත් අලියෙක් ...
සද්ධන්ත දැවැන්ත අලියෙක්


අම්බලන්ගොඩ සාම්පදායික කෝලම්, වෙස්මුහුණු පිලිබද නැටුම.. මේක තමයි අපේ කම





රජතුමායි රැජිනයි ඔය වාඩි වෙලා යන්නේ. .
ගුරැන්නාන්සෙත් යන්නේ මේ. .
මේව වෙනකොහෝවත් නෑ හොදේ .. අපේ දේ ..
මේක වෙනමම කලාවක්.. ඔය සිංහ නැටුම
ආරච්චිලැ මහත්තයත් යන්නේ එය උජාරැවට
ගෝලයෝ රොත්ත
හානේ මේ ලෙන්චිනත් යන්නේ
ලෙන්චිනාගේ ලස්සන
ඔන්න පරණ පොලිස් දැකල නැති උන් බලාගනිල්ලා ...
මේක තමයි පරණ පොලිස් කෝලම කියන්නේ,


මෙන්න අපේ සාම්පදායික නැටුම් 


මේ සිංහයත් නැති තැනක් ණෑ
ෂෝයි නැටුමක්. . ලස්සනයි..
බෙර
බෙර නර්තනය
කළගෙඩි නැටුමක්

රබන් නැටුම
අලි පැටියෙක් ... මූටත් ඉන්න බෑ එක විදියටකට පට්ට දාංගලක් තියෙන්නේ..
ඔන්න පුතේ මෝලම් සද්දේට කාවාඩි... මේකේ වීඩියේ කෑලි 40 ක් විතර තියෙනවා .. හීමිට අප්ලෝඩ් කරන්න වෙන්නේ.. ඒ ටික පස්සේ දෙන්නං ..
කාන්තා කාවාඩි
මේ තවත් කාවාඩියක්..
මොනරැ ඈවිත්
මම හිතනවා තව පොටෝස් ගොඩක් තියෙන නිසා මේ පෙරහැර කොටස් 3 කින් වගේ/ දෙන්න මොකද නැත්තං ලෝඩ් වෙන එකක් නෑ.. එහෙනං අනිත් ටික හෙට දෙන්නං .. නේ .. එහෙනං දැනට දාපු ටික ගැන අදහසක් දාගෙනම යන්නකෝ.. ඉතිරි ටික හෙට ... ඕකේ.. මේව කොහෙන්වත් උස්සපුව නොමේ මමම ලියන ඒවා.. එළ .. අපි ගියා
බුදු සරණයි... .
සිංහායා කිව්වට මම හිතන්නෙ ඒ මහසෝනා
ගණදෙවියො නෙ ඔය ඉන්නෙ
පින්තුර වැඩි වගෙ ගොඩක් වෙලා යනවා ලොඩ්වෙන්න ඒක නිසා 2-3 ලොඩ් උනෙ නැ
මොනා උනත් පෙරහැර නම් පට්ට ලස්සනයි