1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 19 වන සංශෝධනය යටතේද ජනාධිපතිවරයාට නව අගමැතිවරයෙකු පත් කිරීමේ බලතල ඇති බව ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා නිවේදනයක් මඟින් සඳහන් කරයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හඳුන්වා දි මේ ප්‍රධාන අරමුණ වන්නේ 1978 විධායක ජනාධිපති ධූරය අගමැති වෙත පැවරීම සහ අගමැතිවරයා විධායක අගමැති වරයෙකු ලෙස පත් කිරීමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහම ජනමත විචාරණයක් අවැසි බවයි. එබැවින් එම කටයුතු සිදු කිරගැනීමට ඇති නොහැකියාව මත විධායක බලතල සමහරක් සීමා කිරීමට හා විධායක ජනාධිපති ධූරය එමඟින් නඩත්තු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කළේය. එහෙත් 1978 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ විධායක ජනාධිපති ධූරය 19 වන සංශෝධනය මඟින්ද එලෙසම පවතී. ඒ අනුව වර්තමානයේද විධායක ජනාධිපති ක්‍රමයක් සහිත ජනාධිපතිවරයා මෙරට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වෙයි.
අගමැති ධූරයට පත් කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4),43(1) සහ 48(1)වගන්ති වලට අනුකූලව එම පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර එම සියළු වගන්ති තුළින් අගමැතිවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයගේ මතය අනව සිදු විය යුත්තක් බව සඳහන් වේ. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිතා සිටින්නේ අගමැතිවරයා ලෙස යම් පුද්ගලයෙකු පත් කරන්නේ නම් එම පුදගලයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබිය යුතු බවයි. නමුත් එසේ වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තියට අනුව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සතු වෙයි. එම වගන්තියට අනුව එම පත් කිරීම සඳහා අදාළ වන්නේ ජනාධිපතිවරයාගේ මතය පමණි.එමෙන්ම එම පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැති අතර අවම වශයෙන් අධිකරණයට වුවද සිදු කළ නොහැකි වේ.
එමෙන්ම 43(1) වගන්තියේ සඳහන් වන ආකාරයට අගමැතිවරයා මිය ගිය හොත්, ඉල්ලා අස්වුවහොත් හෝ අන්‍යාකාරයකින් ඉවත් වුවහොත් යන්නෙන් ”අන්‍යාකාරයකින්” යන්නෙන් අදහස් වනුයේ 42(4) වගන්තියට අනුව ජනාධිපතිවරයා නව අතමැතිවරයෙකු පත් කළ හොත් හිටපු අගමැතිවරයා එමඟින් ඉවත් වන බවයි. එබැවින් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයෙකු පත් කළහොත් එවිට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවට හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වූවද එහි කිසිදු ප්‍රතිථලයක් නොමැත. මෙහි ඇති එකම විකල්පය නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් පත් කළ අගමැතිවරයාට නොමැති බවට විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම පමණි. නමුත් එම යෝජනාව සම්මත කිරීමටද පාර්ලිමේන්තුවේ බහුතරය තිබිය යුතුය.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකින් පසු විශ්වාසභංග යෝජනාවක් හදිසියේ ඉදිරිපත් කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියා පටිපාටියට අනුව කතානායකවරයාට එය භාර ගත නොහැක.
එමෙන්ම ශ්‍රී ලංකාව ස්වාධීන මෙන්ම ස්වෛරී රාජ්‍යයක් වන බැවින් කිසිදු විදේශීය රාජ්‍යයකට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ කාරණයකට මැදිහත් විය නොහැකිය.එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීම හෝ වෙනත් සීමාවන් පැනවීම සඳහා කටයුතු කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක ලේකම් කවුන්සිලයේ අවසරය තිබිය යුතු අතර රුසියාව සහ චීනය විශාල බලයක් සහිතව ආරක්ෂක ලේකම් කවුන්සිලයේ සිටින අතර එම රටවල් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වයට සහයෝගය පළ කරමින් සිටින බැවින් මෙරටට සම්බාධක හෝ වෙනත් සීමාවන්ද පැනවිය නොහැකිය.
https://lkpress.com/නව-අග්‍රාමාත්‍යවරයෙකු-පත/