මහින්දාගමනයට කෙලවීම!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
මහින්දාගමනයට කෙලවීම!!!!

මං අද කියන්න යන්නේ අපේ රටේ සිනමාවට එකතු වුන පට්ට චිත්‍රපටයක් ගැන.ඒ තමා මහින්දාගමනය!!!!මේක කොයි තරම් හොදද කියනවා නම් මට දෙසරයක්ම බලන්න හිතුන.:P:Pඉතින් මට පෙනුණු දේවල් එළකිරි යාළුවොත් එක්ක බෙදා ගන්න හිතුව.(සමහර එව්වා ඔයාලටත් පේන්න ඇති)


1. මුල ඉදන්ම පටන් ගන්නම්කො.චණ්ඩාශෝක මාලිගයට වෙලා එලිය බලාගෙන ඉන්නවා.චණ්ඩාශෝක දිහා දැක්කම බඩ දගලනවා.කිසිම ප්‍රබල බවක් පේන්නේ නෑ.අපි හැමදාම දකින චණ්ඩියා තමා එතන ඉන්නේ.:confused:

2.ඒකත් කමක් නෑ කියමුකෝ.අපි අහල තියෙන විදියට රජතුමාට බණ කියල යහ මඟට ගන්නේ ධ්‍යාන ලබපු සාමණේර නමක්.මේ චිත්‍රපටයේ ඉන්න සාමණේර හාමුදුරුවෝ අපේ ගම්වල ඉන්න පොඩි හාමුදුරුවන්ටත් අන්තයි.පොඩි එකාගේ රගපැමත් පට්ට.නියමෙට හමුදුරුකෙනෙකුට ගැලපෙනවා.

3.ඔය අතරේ ලංකාවේ මාලිගාව පෙන්නනවා.මෙන්න ඉන්නවා රජතුමාගේ සහෝදරයා-මුටසීව .ෂාහ් බලන්න එපැයි මිනිහගේ ලස්සන!!!ගෑනියේක්ද පිරිමියෙක්ද කියල හොයා ගන්න බැ නෙව!!!:baffled::baffled:

4.මෙන්න රජතුමා ඉන්නවා.අපි දන්නා විදියට නම් රජතුමා මුව දඩයමේ යන්නේ අඹ වනයක් මැදින්නේ.ඒත් මේ රජතුමා හිටු කියල අස්පය දක්කන්නේ රබර් වත්තක් මැදින්නේ!!!ලංකාවේ පළවෙනි රබර් ගහ පැල කරන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලෙනේ.එතකොට මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ ඊට පස්සෙද???:baffled::baffled::baffled:

5.මේ චිත්‍රපටය මෙගා කියල පෙන්නන්න ගෙන්නපු එක උපක්‍රමයක්නේ අර පතරංග නැව.අනේ මේ නැව තියෙන්නේ නිකන් වතුර බේසමක වගේනේ.සාමාන්‍යෙන් ඇත්ත නැවක් වතුරේ තියෙද්දී ඒ නැවේ බඳේ වතුර පිරෙන විදියක් තියෙනවනේ.ඒත් මේකට වතුර පිරෙන්නේ කඩදාසි බෝට්ටුවක් වතුරට දැම්ම වගේ.:baffled::baffled::baffled:

6.කතාවේ පරණ බවක් ගේන්න නළු නිලියෝ වහරන්නේ සම්භාව්‍ය සිංහල.ඒ උනාට "මල්කාරයාගේ" අප්පොච්චට මල්කාරයව රාජපුරුෂයෝ අල්ලන් ගියා කියපු ගමන් එව්වා ඔක්කොම අමතක වෙලා "මයේ කොලුවා " කියන්න ඕනේ එකට "මගේ කොලුවා" කියනවා.ඉන් පස්සේ ගොඩක් තැන්වල මේ වැරැද්ද සිද්ධ වෙනවා.:no::no::no:

7.මුලින්ම මිහිඳු හාමුදුරුවෝ පෙන්නන්නේ නැනේ.ඉතින් හැමෝටම හිතෙන්නේ ඒ චරිතෙට තියෙන ගෞරවය නිසා එහෙම පෙන්නන්නතුව ඇති කියල.අනේ අන්තිමට රටවැසියාට බණ කියද්දී මෙන්න කළුම කළු මිහිඳු හාමුදුරුකෙනෙක් ඉන්නවනේ!!!:baffled::baffled::baffled:

8.මහින්දාගමනය බලපු අය පොඩ්ඩක් හිතල බලන්න.ඔයාල බැලුවේ ෆිල්ම් එකක්ද; නැත්තම් වේදිකා නාට්‍යක්ද කියල.එක සිද්ධියක් ඉවර වෙනකොට තිරය බොඳ වෙලා අනිත් සිද්ධිය පටන් ගන්නවා.හරියට අර වේදිකා නාට්‍යක තිරේ වහල අරිනවා වගේ.තවත් කෙනෙකුට කියන්න පුළුවන් මේක කොට කරපු මෙගා නාට්‍යක් කියලත්.
:baffled::baffled::baffled:


මේ වැරදි ඔක්කොම අතරේ කැපිල පේන හොඳ දේවලුත් තියෙනවා.අපි හොද දේට හොදයි කියන්න ඕනෙනේ.

1. මුලින්ම මේ සංකල්පය හොඳයි.මොකද අබා වගේ මේක ඇතුලේ පෞද්ගලික ආගම්වාදයක් පේන්නේ නැති නිසා.

2. මේකේ නළු-නිලියෝ තෝර ගැනීම නම් අන්තිම උනාට දිල්හානි රජතුමාගේ බිසවගේ චරිතෙට ගොඩක් හොද සාධාරණයක් කරනවා.ඒ වගේම "මල්කාරයාගේ" චරිතය කරන නළුවත්(එතුමාගේ නම මතක නෑ) ඉතාම විශිෂ්ට රගපෑමක් කරනවා.:yes:

3. සටන් ජවනිකා අව්ලක් නෑ.විශේෂයෙන්ම දේශීය අංගම්පොර සටන් කලාව ලෝකෙට ගෙනියන්න මේක හොද අවස්ථාවක් කර ගන්න තිබුන.(ෆිල්ම් එක හොදට තිබුන නම්):P
අයි අපි මේවා ගැන කතා කරන්නේ???මහින්දාගමනයට ඇත්තටම පට්ට මුදලක් යට කරලා තිබුන බව පේනවා.ඒත් මේ එක සත පහක්වත් වැඩකට අරන් තියෙනවද කියල සැකයි.මේ මුදල් ටික හොද නිර්මාණ කරලා දැන් වැලේ වැල් නැති වෙලා ඉන්න අධ්‍යක්ෂ කෙනෙකුට දුන්න නම් සුපිරි නිර්මාණයක් බිහි වෙන්න තිබුන.අනිත් අතට මේ කසි කබලට දෙන ප්‍රචාරය???අනේ මේ ප්‍රචාරය ඇත්තටම හොද චිත්‍රපටයක් කියල කට පුරා කියන්න පුළුවන් චිත්‍රපටවලටත් දුන්න නම් අද අපේ සිනමා කතාව මෙයිට වඩා දියුණු වෙන්න තිබුනනේ.


මේ ලිපියේ අරමුණ කාටවත් මඩ ගැසීමක් නෙවෙයි.අපි ප්‍රේක්ෂකයෝ විදියට වැරැද්ද දුටු තැන පෙන්වල දෙනවා නම් චිත්‍රපට හදන අය "අනේ ලංකාවේ බලන උන්ට ඔව්ව තේරෙන්නේ නෑ" කියල හිතන එකක් නෑ.අබාගෙන් පස්සේ මේක ආවනේ.තව ඉතිහාස කතා ගණනාවක් එන්න තියෙනවා.දුටුගැමුණු.විජය කුවීණි,කුස පබා...ජැක්සන් මහත්තයත් තව ඉතිහාස කතාවක් කරන්න මේ දවස්වල ලෑස්ති වෙනවා කියල මට දවසක් කිව්වා.ඉතින් මේ ටිකවත් කට පූරා "ෂාහ්!!!පට්ට ෆිල්ම් එක" කියල කියන්න පුළුවන් තත්වෙකින් එයි කියල අපි හිතමු.


ලිපිය හොඳ නම් අරවා දීල කොමෙන්ටුවකුත් දාලම යන්න.ස්තුතියි :yes:
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba kiyana kathawa aththa machan.
    Film eka parana widihata karanna giyath film eka balana ayata eka therenne naththam wadak nane. Mama film eka apu dawasemai baluwe. Dan dina 100th panala. wena films walata ennath ba.

    Iskole ewun ekkan giyata hena adyapanika wadagathkamak thiyena scene ekak kiyala, eke thiyenneth Udayanthige love scene ekakne ban.

    Roshaan Ranawakata thiyena dialog eka waw hadana eka ganamai.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    යාළුවා ඔය පැත්තක් ගන්නේ නැතිව හොද විචාරයක් දීල තියෙනවා.මේ මහා යය් කියාගන්න නිර්මාණය හදපු මහත්වරුන්ටත් මේක කියවන්න ලැබෙනවානම් හොදය්.මොකද පත්තර කාරයොත් විචාර දාන්නේ එදාවේල හොයාගන්න ඕන නිසා උන් ඕන ගු ගොඩක් මසුරන් වගේ රසකරකර ලියනවා..............................
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ ලංකාවේ බලන උන්ට ඔව්ව තේරෙන්නේ නෑ
    me kathawa nam sapmurna aththa..mun hithanne api matto kiyala..ehema hithagena karana gon film hinda thamai ada film hall walata minissu naththe
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    යාළුවා ඔය පැත්තක් ගන්නේ නැතිව හොද විචාරයක් දීල තියෙනවා.මේ මහා යය් කියාගන්න නිර්මාණය හදපු මහත්වරුන්ටත් මේක කියවන්න ලැබෙනවානම් හොදය්.මොකද පත්තර කාරයොත් විචාර දාන්නේ එදාවේල හොයාගන්න ඕන නිසා උන් ඕන ගු ගොඩක් මසුරන් වගේ රසකරකර ලියනවා..............................

    oba hari mithraya...prathichaarayata thanks...:yes::yes:
     
    • Like
    Reactions: maheshsenadheera