මහින්ද කීවොත් අපි මරණවා-සුදු වෑන් කියයි

truthful

Banned
Oct 24, 2011
100
21
0
මහින්ද කීවොත් අපි මරණවා-සුදු වෑන් කියයි

EXCLUSIVE: සුදු වෑන්හී සත්‍යය කතාව

Uploaded by admin asia, feature, interviews, news 10:35 AM


" පුතේ අපිට කරන්න දෙයක් නෑ, අපිට වෙඩි තියන්න හරි මරන්න හරි කිව්වොත් අපි ඒක කරනවා. මේක ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක්."


| විශේෂ වාර්තාකරුවකු විසිනී.


සුදු වෑන් අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට බව පැහැදිලිවම ඔප්පු වී ඇත. මෙය හෙළිදරව් වුයේ තොරතුරු හෙළිකර ගැනීමට ළමයකුව සුදු වෑන්හී නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමෙදිය. මොහු සමාජසේවා ආයතනක සේවය කරන අහිංසක දරුවකි. මොහු සමාජ සුභ සිද්ධිය පිණිස විවිධ පීඩනයට ලක් වූ කණ්ඩායම් වෙනුවෙන් වැඩ කරනු ලැබේ. දිනක් මොහු උදෑසන රාජකාරිය සදහා යන අවස්ථාවේදී, පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටි නිලධාරීන් දෙදෙනුකු මොහුගෙන් ප්‍රශ්න වගයක් ඇසීමට ඇති බව පවසා එතන නවතා තිබු සුදු වෑන් රථයක් වෙතට ගෙන ගොස් ඇත. ඔවුන් පලමුවෙන්න එම ළමයා ගැන සම්පුර්ණ විස්තරක් කර ඇත. ඔහු නිවසින් එන වෙලාවේ පටං ඔහු යන එන ගමන් බිමන් ගැන සම්පුර්ණ විස්තරයක් ඉදිරිපත් කර ඇත්තේ ඔහුවත් පුදුමයට පත් කරවමින්ය. ඉන් පසු ඔහු කිසියම් හෝ රාජ්‍යය විරෝධී කටයුක්තකට සම්බන්ධ වී සිටිනවාද යන්නත්, එක විශේෂ වින්ධිතයින් පිරිසක් වෙනුවෙන්, ඔවුන් හමු වී කරන්නේ කුමක්ද යන්න පිලිබදවත් ප්‍රශ්න කර ඇත. මෙම ළමයා කිසිම නීති විරෝධී වැඩකට සම්බන්ධයක් නැති බව තේරුම්ගත් සුදු වෑන් රථයේ නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ " පුතේ අපිට කරන්න දෙයක් නෑ, අපිට වෙඩි තියන්න හරි මරන්න හරි කිව්වොත් අපි ඒක කරනවා. මේක ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක්. ඒක නිසා පුතා මේවට අත ගහන්නේ නැතිව ඉන්න. පුතාගේ පාඩුවේ වෙන වැඩක් කරන්න. මොකද අපිට කිවුවොත් පුතාව මරන්න කියල අපිට එක කරන්න වෙනවනේ. ඒක නිසා පරිස්සම් වෙන්න".


එසේ පවසා එම නිලධාරීන් මෙම ළමයව නිදහස් කර ඇත. ඔවුන් ප්‍රශ්න කරන අතර තුරදී මෙම ළමයා වෑන් රිය ඇතුලත දැක ඇත. ඔහු පවසන පරීදී මෙහි පරිගණක පද්ධතියක් ඇත. සියලු තොරතුරු මෙමගින් ඔවුන් නීරීක්ෂණය කරනු ලැබේ. නිලධාරීන් 8 දෙනෙකු පමණ සිවිල් ඇදුමෙන් සිට ඇත. මෙයින් සුදු වැන් රථ අයත්වන්නේ කාටද යන්න මනාව ඔප්පු වන අතර , රජයට විරුද්ධව කතා කරන හෝ කටයුතු කරන අයව වයස් බේදයකින් තොරව මරන්න, හෝ අතුරු දහන් කිරීමත් රාජ්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ එක රාජකාරියක් බව මනාව පැහැදිලිය.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    පරීක්ෂකවරු ඔහොම ප්‍රශ්නකරලා ඔය විදියේ කතාවක් කියලා යන්න උන් මැටි හරක්ද :P
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Now who is this child? and who saw this child being questioned, or followed? and who got these details from this child? This is a lame joke.