මහින්ද ජාතියේ නපුරු බාප්පා
මේ බාපොච්චා මොන නායකයෙක්ද ?
Srilankaxnews-කාගෙත් තාත්තා යැයි පවසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් තමන්ගෙ පුත්තුන්ට පමණක් රුපියල් කෝටි ගණනින් වියදම් කරමින් තාත්තා වී , රටේ දරුවන්ට බාප්පෙකු වී ඇති බවත් අයවැය රහස් පුත්තුන්ට දුන් නිසා පුත්තු අයවැය ගේන්නත් කලින් රේසිං කාර් 19 ක් ඕඩර් කළා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඞ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්.
වටිනාකම ලක්ෂ 933 යි, පුත්තුන්ට බදු නිදහස ලක්ෂ 2000 යි. මොන නායකයෙක්ද මේ? යනුවෙන්ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද පැවැති ප්රවෘත්ති සාකච්ඡවකදී ප්‍රකාශ කෙළේය ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර මන්ත්‍රීවරයා...
2013 කියන්නේ රාජපක්ෂ පාලනයේ 8වෙනි අවුරුද්ද ආරම්භ කරන වර්ෂයයි. පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස ගත්තොත් මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට තිබෙනවා. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණේ අවුරුදු 16ක පාලනයේත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 08ක පාලනයේත් ආර්ථික ප්රතිලාභ තමයි මේ ජනතාවට ලැබෙමින් තිබෙන්නේ.
ඕනෑම ආණ්ඩුවක් වසර 07ක් තිසේසේ රටක් පාලනය කරලා 08 වෙනි අයැවය ඉදිරිපත් කරන විට එම අයවැයෙන් සුභවාදී ආර්ථික ප්‍රතිඵලයක් ජනතාවට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 07ක පාලනය තුළ අපේ රට බරපතල ආර්ථික අගාධයකට රට ඇදලා දමලා තිබෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා තිබෙනවා අපේ රටේ ආර්ථිකය අර්බුදයට ණය ගැනීම සහ විශාල ලෙස මුදල් අච්චු ගැසීම හැර වෙන පිළියමක් නැති බව. ආණ්ඩුව 2013 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම වන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් හාරසියයක්. ඒ වගේම ආණ්ඩුව ණය ගැනීමට අපේක්ෂා කරනවා රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් තුන්සියයක්. ඒ වගේම සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අපේක්ෂා කරන ආදායම සම්පූර්ණයෙන්ම උපයා ගැනීමේ අපහසුවක් තිබෙනවා. අපේක්ෂිත ආදායම 10%ක අව ප්‍රමාණයක් සහිතව තමයි ලැබෙන්නේ. එහෙම ගත්තාම ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම ලබාගන්න බලාපොරොත්තුවන ණය ප්‍රමාණයට සමාන වෙනවා. වෙනත් ආකාරයකින් කියනවානම් ආණ්ඩුව මාස 06ක් තමන් ලබන ආදායමෙන් ආර්ථිකය ගෙනයන විට අනෙක් මාස 06 ගත කරන්නේ ලබාගන්නා ණය මතයි. අපේ රටේ ආර්ථිකය මෙවැනි අසීරු අඩියකට ගෙනත් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 07ක් ඇවෑමෙන් අපේ රට ගෙනල්ලා තිබෙන්නේ එතනටයි
මේ බාපොච්චා මොන නායකයෙක්ද ?
- Monday, 17 December 2012 21:33