මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නව රජයේ පලමු අයවැය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු සදහසන් කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැය සම්මත වුවත් නැතත් මහ මැතිවරණයක් කැදවීම තම ඉලක්කය බවයි.

    පාර්ලිමේන්තුවේ බහුතරය බලයක් පෙන්වීමටත් පසුව මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් තමන් සූදානම් යයිද ඒ මහතා සදහන් කරයි.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    මේ අතර ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැදවූ පසු නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට 120ක බහුතර බලයක් පෙන්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

    මේ අතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ නොවැම්බර් 05 වැනි දාට පාර්ලිමේන්තුව කැඳවීමට ගෙන ඇති තීරණය අගය කරන බවයි.

    එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය පෙන්වීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.

    ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේධී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සූදානමක සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

    නොවැම්බර් 05 වැනි දිනට පැවැත්වීමට තිබූ සැසි වාරය ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 16 වැනිදාට කල් දැමින.

    පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුනේද 05 වැනිදාටයි

    ආණ්ඩුවේ පාර්ශවය දැනටමත් සදහන් කර ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි.

    දැනටමත් සන්ධාන පාර්ශවයට ආසන 101ක් හා එජාපයට ආසන 100ක් ලෙස හිමිව ඇත.

    ජනති විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ යයි ප‍්‍රකාශ කර ඇති අතර දෙමල සන්ධානය මෙතෙක් තීරණයක් ප‍්‍රකාශයට පත් කර නැත.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පිලිගනිමින් පාර්ලිමේන්තුවේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත‍්‍රී පාල සිරිසේන මහතාට සහතික වෙයි.

    මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
    ----------------------------------

    ඊයේ (2018.10.31) පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූහ.

    මෙහිදී පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමේ අවශ්‍යතාවය පිළිබඳව ගරු කථානායකතුමන් කරන ලද දීර්ඝ කරුණු පැහැදිලි කිරීම කෙරෙහි ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාර පළවූ අතර, හැකි ඉක්මනින් ස්වකීය අවසන් තීරණය දැනුම්දෙන බව එතුමන් සඳහන් කරන ලදී.

    මේ අතර, පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට හිමි පහසුකම් සැලසීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන් විසින් කථානායකතුමන්ගේ අවධානය යොමු කරන ලදී.

    මෙම කරු‍ණ අරභයා අනිකුත් රාජ්‍ය නිලධාරින් ‍ මෙන්ම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය කෙරෙහි අවධානය යොමු කොට, ඊට අනුව කටයුතු කරනු ඇති බව පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිලධාරීන් අග්‍රාමාත්‍ය ධූරයට හිමි පහසුකම් සැලසීමේදී ගැසට් නිවේදනය අනුගමනය කරමින් ස්වකීය රාජකාරි වපසරිය තුළ සිදු කරනු ලබන රාජකාරි කටයුතු සඳහා බලපෑම් කිරීමක් සිය පාර්ශවයෙන් සිදු නොවනු ඇති බව අවධාරණය කරන ලදී.

    – කථානායක මාධ්‍ය අංශය​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පෙරවරු 10.00ට ආරම්භ කරන විට නව අග්‍රාමාත්‍ය මහින්ද
    රාජපක්ෂ මහතා

    ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයට මැති සබයේ නියමිත ආසන වෙන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කිරිම්වලට අදාළව ගැසට් නිවේදන ලැබෙන පිළිවෙළට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදාළ ආසන වෙන්කිරීමේ කටයුතු සිදුකරන බවත් එම නිලධාරියා පෙන්වා දෙයි.

    පාර්ලිමේන්තූවේ ආසන වෙන් කිරීමේ බලය කථානායක කරු ජයසූරිය මහතා සතු බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස ජනපති සමග ඊයේ පැවති හමුවේදී දන්වා තිබූ අතර කථානායකවරයා එය පිලිගෙන ඇති අතර ඒ අනුව මෙම පියවර ගනු ඇතැයි වාර්තාවේ.

    ඒ අනුව 5 වනදා රැස්වන්නට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රනිල් වික්‍රමසිංහ අසුන්ගනු ඇත්තේ වෙනදා පුරුදු අසුනේ නොවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සමස්ත මිල දර්ශක විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.

    අද මධ්‍යහ්නය වන විටම සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්මවා ගොස් තිබිනි.

    අද දිනයේ ගණුදෙනු අවසන් කරන විට සමස්ථ මිල දර්ශකය ඒකක 6101 ලෙස දැක්වින.

    අද දිනයේ පමනක් ඒකක 148ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    සමස්ත පිරිවැටුම බිලියනය සීමාවද ඉක්මවා ගොස් තිබේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සමස්ත මිල දර්ශක විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.

    අද මධ්‍යහ්නය වන විටම සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්මවා ගොස් තිබිනි.

    අද දිනයේ ගණුදෙනු අවසන් කරන විට සමස්ථ මිල දර්ශකය ඒකක 6101 ලෙස දැක්වින.

    අද දිනයේ පමනක් ඒකක 148ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    සමස්ත පිරිවැටුම බිලියනය සීමාවද ඉක්මවා ගොස් තිබේ.

    Try ekak dunnoth lankawe mkt eka nam mata unath wenas karanna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Try ekak dunnoth lankawe mkt eka nam mata unath wenas karanna puluwan.

    ඉතින් බන් වෙනස් කරන්ඩ එපැයි ඒ කාලෙම, ඇයි මහින්ද අගමැති වෙනකන්ම උන්න ඕක වෙනස් කරන්ඩ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහින්ද ලොක්ක ආව විතරය්, හය් කැපැසිටි බය්ක් හන්ගන් ඉඩපුව එලියට දාල දැන් විකුනනවා ඔක්කොම අන්රෙජිස්ටර්

    වෙන මොනාද තියෙන්නේ ඒ වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද ලොක්ක ආව විතරය්, හය් කැපැසිටි බය්ක් හන්ගන් ඉඩපුව එලියට දාල දැන් විකුනනවා ඔක්කොම අන්රෙජිස්ටර්

    වෙන මොනාද තියෙන්නේ ඒ වගේ

    ආන්න ඒව විකුනන තැන් දන්නවනම් බන් උබ ලකාවෙ පුරවැසියෙක් විදිහට පොලිසියට කියපන් එක්කො 119 කෝල් කරල කියපන්.. :yes::yes: ඒක තමයි වෙන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක්සත් ජාතික පක්‍ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරියේදී තමනට දරුණු ලෙස පහර දුන් බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි.

    තමන් අරලියගහ මන්දිරය ඉදිරිටයන් ගමන් කරමින් සිටියදී එහි සිටි පිරිසක් පැමිණ මෙසේ පහර දුන්නේ යයි ඔහු පවසයි.

    එජාප මන්ත‍්‍රිවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මන්ත‍්‍රීවරුන්ද එම පිරිස අතර වූයේ යයිද ඔහු කියයි.

    මෙම බහර දීම නිසා තම හිසටත් තවත් කිහිප තැනකටත් තුවාල වූ බවද ඔහු කියා සිටී.

    අරලිය ගහ මන්දිරය අද වන විට මැරකල්ලි විසින් පාලනය කරන තැනක් වී ඇතැයිද පවසන ඔහු මේ සම්බන්දයෙන් පොලීසියට පැමිණිලි කල බවද කියයි.​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,792

    Miniha mokatada ethanata giye???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ.

    දුමින්ද දිසානායක – වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණය
    දයාසිරි ජයසේකර – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ.

    කැබිනට් ඇමතිවරුන්

    දුමින්ද දිසානායක – වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණය
    දයාසිරි ජයසේකර – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු

    රාජ්‍යය ඇමතිවරුන්

    ලක්‍ෂමන් සෙනෙවිරත්න – ආරක්‍ෂක
    පියසේන ගමගේ – තරුණ කටයුතු, කාන්තා හා ළමා කටයුතු
    ALM හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන
    මොහාන් ලාල් ගේ‍්‍රරු – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

    Last edited:

    ශ‍්‍රියානි විජේවික‍්‍රම – පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා

    නියෝජ්‍ය ඇමතිවරුන්

    අංගජන් රාමනාදන් – කෘෂිකර්ම
    මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
    ඉන්දින බණ්ඩාරනායක – නිවාස හා නාගරික සංවර්ධන
    සාරති දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ
    නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය හා නාවුක
    කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන
     
    Last edited:
    Status
    Not open for further replies.

    Similar threads