මහේල ගේම ඉල්ලු හැටි, පට්ට

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මහේල ගේම ඉල්ලු හැටි, පට්ට

    video එක මෙතනින්
    http://vimeo.com/38025779

    mahela.jpg
    mahela-2.jpg

    සී. බී කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(06) පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

    ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 271 ක් රැස්කරනු ලැබීය.


    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 02 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 274 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත්විය.


    මේ අතර තරඟය අතරතුරදී දිගින් දිගට විනිසුර්වන් හා වාදයකට පැටලුන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනට දඬුවමක් ලෙස තරඟයේ ලැබෙන මුදලින් 10 % ක් අඩුකොට ඇත.


    අද පැවති තරගයේදී විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අත දිගු කොට විවේචනය කිරීම නිසාත් එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවලට අනුව වරදක් නිසාත් මෙම තීරණය ගත් බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සඳහන් කරයි.


    මහේල හා විනිසුරුවන් අතර වාදයට හේතු වුයේ 44 වන ඕවරයේදී ෆර්වේස් මහරුෆ් විසින් යවන ලද පන්දුවකට පසුවී විනිසුරුවරයා විසින් තීන්දුව දීම හේතුවෙනි.ඒ පිලිබඳ අදහස් දක්වන මහේල ජයවර්ධන


    නිපන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ - මහේල
    "මම හිතනවා මම තමයි වැරදිකරු එම සිදුවීම එතරම් වෙලාවක් පුරා ගෙනයාම පිළිබඳව.මට නිපන්දුව පිලිබඳ ප්‍රශ්නයක් නැහැ.



    නමුත් විනිසුරුවරයා පමාවී එම තීන්දුව දීම පිළිබඳයි ප්‍රශ්නය ඇත්තේ.මට හිතෙන්නේ මයිකල් ක්ලාර්ක් විසින් දැන්වීමෙන් අනතුරුවයි විනිසුරුවරයා මෙම තීන්දුව ගත්තේ."

    ඉස්සුවේ; gossip9

    :no::no::no::no::no::no::no::no::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ඈන්තිමට මහේල බේරුනෙත් පරක්කුවෙලා දුන්නු No Ball එකක් හින්ද... :)
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අම්මෝ යන්තම් ඇති. මම හිතුව ඊළඟ මැච් එක තහනම් කරයි කියල.