මහේල_ඉන්දියාවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මහේල_ඉන්දියාවට

    ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණු

    පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

    ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ශූරතාව දිනා ගැනීමයි.

    මහේල අයි පී එල් තරගාවලියක් සඳහා පුහුණුකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාව එය ලෙසටයි සැලකෙන්නේ. ඔහු ඊට පෙර එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළා.

    කෙසේ වෙතත් මහේලට අමතරව විරේන්ද්‍ර ශෙවාග් සහ ටොම් මූඩි යන හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ද ඉන්දීය ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අයදුම් කරනු ඇති බවටයි පැවසෙන්නේ.

    ඉන්දීය නායක විරාට් කෝලි සමග ඇති කර ගත් මත භේදයක් හේතුවෙන් හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය ධුරය අතහැර ගියා.

    මේ අතර ග‍්‍රැහැම් ෆෝඞ්ගේ ඉල්ලා අස්වීමත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධන පුහුණුකරු ධුරය ද මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

    ඊට මහේල ජයවර්ධනගේ නම ද යෝජනා වී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරය දැරීමට මහේලට තවමත් අත්දැකීම් නොමැති බවයි.


    neth news
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    neth news තවත් මෝඩ කතාවක්
    අයි.පී.එල්. දිනුවාකියලා ඉන්දියන් ටීම් එකේ කෝච්කරනවානම් බැරිය
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මන් නම් කියන්නෙ ටොම් මූඩිට හම්බ වෙවි. මොකද ජාතික කණ්ඩායම් වලට ලොක කුසලාන වලට පුහුණු කරලා පළපුරුද්දක් තියෙන පුහුණුකරුවෙක් නිසා ,
    මහෙලට නම් ලැබෙන්නෙ නැහැ, මොකද ටී ටුවෙන්ටියක කණ්ඩායමක් ට්‍රෙනිං කරනවා වගෙ නෙමෙ ජාතික කණ්ඩායම පුහුණු කරනවා කියන්නෙ.
    බලමු
     

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    Don't under estimate the knowledge and experience of Mahela. He is a person with lots of talent and can do attitude. it's a pity that SLC thinks this way. once a great captain, definitely will be a great coach as well. He has the required patience and tactics to lead a team to success.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    එකෙක් නගිනකොට ඉහලට ඇහේ කටු ඇනෙයි අනිකට අදියි බිමට හෙලයි පහතට ඕයි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mahelata nam set wena ekak ne ban. coaching wlath wenamama exam thiyenawa level 1,2,3 kiyala. coach kenek vidihata recognize wenne ethakota. mahela oya exam karala ne man hithanne. tom moody godak durata set wei. sirama talent coach kenek. :)