මහ ගඟ දිගේ..

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    හැමෝටම සුබ දවසක් වේවා.එළකිරි සාමාජිකයෝ ඔක්කොම සනීපෙන් ඇති කියල හිතනවා.පරිස්සමට ඉඳපල්ලා ගෙවල් වලට වෙලා.

    හැමෝගෙම කම්මැලිකම යන්න කියවන්න කියල පොඩ්ඩක් ලියන්න හිතුන.මේකේ ටිකක් ලියල තිබ්බේ.අද තම complete කලේ.

    හැබැයි පුතීල මේක ටිකක් දිගයි.

    වෙනද වගේ නෙමේ මන් මේකට මට පට්ට විදියට උදව් කරපු ඩෝඩෝ මහත්තයට ස්තුතියි කියලම පටන් ගන්නවා.මාර sup එකක් දුන්නෙ මේ ගමන ලෑස්ති කරගන්න.මොකද මේ ගමන ගිය අය අඩුයි.ස්තුතියි මචන්..

    මේ ගමන ගියේ ගිය අව්රුද්දෙ ජුලි.අපේ ජිමා රට ඉඳන් එන්න කලින්ම අපි කතා උනා මේ පාර මහා ගඟ trail එක කරමු කියල.දවස් 4ක් දාගෙන කට්ටිය හෙව්වා.අපිට අලුතෙන් එකතු උනා එළකිරි එකෙන් තවත් සාමාජිකයෙක්.උගේ නම සඳමාල්..ඔක්කොම සෙට් එක 5යි.

    බඩු ඔක්කොම වගේ ගත්ත කලින්.අපේ plan එක උනේ පාන්දර නුවරට ගිහින් වට්ටේගමට මුලින්ම තියෙන train එක අල්ලගන්න.එත් අපි ගිය බස් එක හිතුවට වඩා වේගෙන් ගියා..අන්තිමට හිඟන්නෝ වගේ goodshed එකේ නිදා ගත්ත..

    NOzjZkN.jpg


    ඊට පස්සේ train එකේ නැගල අවේ වත්තෙගමට.

    අපේ සඳා.
    Oc0hLIl.jpg


    වත්තෙගමට ආපු ගමන්ම කලේ ස්ටෑන්ඩ් එක ලඟම තියෙන කඩෙන් කෑව උදේට.බඹරැල්ල බස් එක එන්න වෙලා තිබ්බ නිසා..එත් එක්කම දවල්ටත් ඔතා ගත්ත..එකේ තියෙන්නේ වඩේ තෝසේ වගේ දේවල් තම..අපි එක්ක තවත් සෙට් එකක් හිටිය බඹරැල්ල යන්න.

    කාල එලියට ඇවිල්ල ටිකක් බලන් හිටිය බස් එක එනකන්.
    9MR4UcE.jpg


    බස් එකේ යන අපි.
    myvH4fR.jpg


    හරියටම 7.30 වෙද්දී අපි බස් එකෙන් බැස්ස.අපිත් එක්ක ආපු සෙට් එක නං පිටත් උනා.අපි බග් ටික පොඩ්ඩක් හදාගෙන පිටත් වෙද්දී චුට්ටක් වෙලා ගියා.

    බඹරැල්ල පාලම යට
    SqTlyLE.jpg


    bag හදනව.
    XToIwOu.jpg


    මෙතනින් තම ගමන පටන් ගන්නෙ.
    XwIAGAR.jpg


    පටන් ගත්ත..
    uA50AXF.jpg


    fDc7I6N.jpg


    9G0M5TA.jpg


    ලස්සනයි නේ.
    vg9k1sq.jpg


    Roez7w4.jpg


    පොඩි පොඩි ෂෝර්ට් කට් තියෙනවා.
    kGoL0SN.jpg


    CjKn8kr.jpg


    නැවතත් ප්‍රධාන පාරට
    F3gb2Oq.jpg


    පොඩි විවේකයක්
    6tAYGnu.jpg


    UmI1Oig.jpg


    නැවතත්
    Tu5Lj3g.jpg


    වටේ ලස්සන
    czU6VMb.jpg


    මේ තේ වතු මැද්දෙන් තමා ළඟ පාරවල් තියෙන්නේ.
    8Z2n7IM.jpg


    අන්තිම ලයින් කාමර ටික පහු උනාම මාන කැලේ දිගේ රත්නගිරිය උඩට එන්න තමා තියෙන්නේ..

    එත් අපි පොඩ්ඩක් track එකෙන් එලියට ඇවිල්ල රත්නගිරිය කන්ද මුදුනට ආව.හැබැයි එකෙන් අපිට වෙලාව ටිකක් වැඩිපුර ගියා.

    ගෙදරක හිටපු බල්ලෙක්
    taWni71.jpg


    මගදී පොඩි විවේකයක් ගත්ත.
    tZIvTMn.jpg


    W4m9b0U.jpg


    වටේ ලස්සන
    dDnuGvW.jpg

    QtOlBIP.jpg


    අන්තිම හරිය
    ZjuCnej.jpg


    වටේ ලස්සන
    RmxeQQ2.jpg


    ඔය ගහ යට තමා අපි කලින් හිටියෙ.
    MxpPUBX.jpg


    තව ටිකයි
    q8wDvNb.jpg


    MXRPtjs.jpg


    එකෙක් මුදුනේ
    hyDk6Bg.jpg


    අපේ ජිමා
    9FIhwyv.jpg


    වටේ
    l1kpslw.jpg


    TzJhCmu.jpg


    අපි යන්න ඕන ඔය කන්ද දිගේ තමා
    2c6LvJS.jpg


    ඔන්න ඔතන තියෙන කළු පාට පොඩි කොටුවක් වගේ තැනින් තම කැලේට ඇතුල් වෙන්නේ.
    5gbuQBI.jpg


    මේක මොකක්ද කියල අපේ ඩෝඩෝ නං දන්නවා
    0aeo2f3.jpg


    කූඩැල්ලන් සඳහා detol සත්කාරය
    UKje90Z.jpg


    ගමනේ
    UFZVwBd.jpg


    මූ යකෝ.
    64Ob5K0.jpg


    2lD0g98.jpg


    මේ හරියේ තියෙනවා පොඩි කෝවිලක්..එකට පඬුරක් දැම්ම.
    MvZo59q.jpg


    හුලන් කන්ද කිට්ටුව මීදුම ටිකක් ආව..එකට නං මන් කැමතිලු.
    7honQhb.jpg


    මේ ඉන්නේ හුලන් කන්ද කියන තැන.මෙතන පොඩි ඉඩක් තියෙනවා ඕන නං නවතින්න
    MMEnQYX.jpg


    මෙතන ඉඳන් වැඩි දුරක් යන්න හබුනේ නෑ.මහා වැස්සකට අහු උනා බන්..අපි පායන කාලේ නිසා වැස්සට ලොකුවට ලෑස්ති වෙලා ගියේ නෑ.එක තැනක නැවතිලා එක එක සෙල්ලන් දානවා බඩු ටික බේරගන්න.ඉටි කොලයක් තිබිල එක කොන් වලින් අල්ලන් එක යටට වෙලා ගියා ටික දුරක්.ජිමා කියනවා බුද්ධ පූජාව අරන් යනවා වගේලු.

    ගාබේජ් බෑග් වලින් බඩු ටික ඔතාගෙන ගියා තෙමීගෙන.අපේ එදා දවසේ නවාතැනට..අ කියන්නෙ kmp වාඩියට.

    රොබෝ කෝප් වගේ.
    ypDwmpt.jpg


    වාඩියට යද්දී මගදී වැස්ස පෑව්වත් කට්ටිය හොඳට හෙම්බත් වෙලා..ගිහින් මූණ අත පය හෝදගෙන ගෙනාපු තොසේ ටික කෑවා.අපිට ගොඩක් කලින් ගිහින් අනික් සෙට් එක.උනුත් වැස්සට අහු වෙලා.උන් එහෙමම ගිහින් තිබ්බ රැහැන කෙටූ පතන බලන්න.උන්ගේ main target වෙලා තිබ්බේ තුන්හිස්ගල.අපි මුලින් හිතන් ගියා දවසේ වෙලා තිබ්බොත් එක නගිනවා කියල.එත් අන්ගේ අමරුවත් එක්ක එක අතැරලා රෑට කන්න ලෑස්ති කළා.එදා වාඩියේ හැමදාම ඉන්න මහතුන් මාමත් එක්ක තවත් දෙන්නෙක් හිටිය..පල්ලෙගමින් එනසාල් කඩන්න ආපු අය.එයාලත් අපිට කාම දුන්න.

    රෑ වෙලා කට්ටිය සෙට් උනා..ගමේ අයගේ අත්දැකීම් අහන ඉනන අතරේ අපේ බෝතලෙන් බාගයකට වැඩ උන් තුන් දෙනා ඇරිය..මහතුන් මාමට වැදිලා අම්බානක.කොහොමහරි කට්ටිය රෑට කාල නිදා ගත්ත.

    මේක තමා බිව්වෙ.
    P9fACrp.jpg


    මහතුන් මාම.වාඩියේ තමා ඉන්නෙ..
    p0PLYht.jpg


    අනික් අය.
    WJmCuu3.jpg


    මන්.
    ga8dFd0.jpg


    කට්ටිය නිදි
    SJ2RsfH.jpg


    පහුවදා ටිකක් උදෙන් ඇහැරිලා ලෑස්ති උනා අපේ ගමනට.මන් තවම විස්තර කිව්වේ නෑ කොහෙද යන්නේ කියල.තව ටිකකින් එතනට එනවා.

    Good Morning Knuckles..
    0vv3b1H.jpg


    ලිප
    BDHgoe8.jpg


    උදේ කෑම එක
    V1zhUNb.jpg


    මේවත් කරන්න ඕනනේ
    EaQzKv9.jpg


    අනික් සෙට් එක පිටත් උන කලින්ම උන්ගේ ගමනට.යන්න කලින් අපි එක්ක ෆොටෝ එකක් ගැහුවා.
    APMX3hc.jpg


    කෑම දවල්ටත් පාර්සල් හදගෙනම ආව අපි.එතකොට වෙලාව ඉතුරුයි.
    gMva8kM.jpg


    එන්න ලැස්ති වෙන අපි
    ZgemNlm.jpg


    ටිකක් වෙලා ඉඳල පිටත් උනා ගමනට.

    ඇත්තටම අපේ ප්‍රධාන ඉලක්කය උනේ මහ ගඟ කියන වතුර පාරෙ තියෙන දිය ඇලි ටික බලන්න..එක ගැන මුලින්ම හොයල බලල ඔක්කොම විස්තර හොයන් තිබ්බේ අපේ ඩෝඩෝ මහත්තය.මට සෑහෙන විස්තරයක් කිව්වා..යන්න ඕන විදිය හැමදේම.මොකද මේක පට්ට අමාරු ගමනක්.

    මහ ගඟ පහු කරගෙන තමා බඹරැල්ල පැත්තෙන් kmp වාඩියට එන කෙනෙක් එන්නේ.අ නිසා අපි ටිකක් ආපස්සට යන්න ඕන ගමන් පටන් ගන්න නං.

    පිටත් උනා.
    o1nUDRR.jpg


    පොඩි විවේකයක්.
    YDvLcbv.jpg


    ඇතුලේ මුකුත් නෑ.
    5aYNEHC.jpg


    G-Shock
    NeqVE0m.jpg


    නැවතත් ගමනේ.
    7Spl2Dg.jpg


    පොඩි වෙලාවකින් ආව අපි මහ ගඟට.මෙතන ඉඳන් අපි මේ වතුර පාර දිගේ පහලට බහින්න තමා තියෙන්නෙ.එත් අපේ අවාසනාවකට අපි මේ ගමනට තෝරගත්ත කාලේ වැරදියි.වතුර ඇත්තෙම නෑ.එත් කරන්න දෙයක් නෑ.

    මෙතන තමා ස්ටාර්ට් එක.
    w1TW0sN.jpg


    kE4TvjX.jpg


    එතනම තිබුන පොඩි ලස්සන දිය ඇල්ලක්.
    LNN5xPo.jpg


    මෙතන ඉඳන් අමාරු ගමනක්.
    KYwKTEC.jpg


    close up
    gPmgYUc.jpg


    වතුර තියෙන කාලෙට මෙතන හරි ලස්සනයි.
    1Rs0Syo.jpg


    අපේ ජිමා
    i52eMT3.jpg


    ඕකිඩ් තියෙනවා
    PDShFUZ.jpg


    තව ලස්සන පොඩි එකක්
    TvWQObR.jpg


    සමහර වෙලාවට අපි කැලේට ගිහින් වතුර පාර පාස් කරලා ආව.
    0qhytbw.jpg


    ගමන ඇත්තටම චුට්ටක් අමාරු උනාට පට්ටම ලස්සන පරිසරයක්..ඇත්තටම මන් ආසයි මේ කොළ පාටට.
    w5zNP0u.jpg


    ඊට පස්සේ ටිකකින් අපි ආවේ පට්ට ලොකු දිය ඇල්ලක් උඩට.

    එතන ඈතට පෙන හැටි.
    8BcyCVa.jpg


    මේ තියෙන්නෙ ප්‍රපාතෙ.
    VmMGld5.jpg


    ඔතනට පට්ට ලස්සනට ඈත පේනවා..නියම view එකක් තියෙන්නේ.
    JkeKWX2.jpg


    වල්පොලමුල්ල ,මානිගල
    FOAATTj.jpg


    මොරගහකන්ද ජලාශය පැත්ත
    QFmedJ0.jpg


    නාරං අත්ත ඔය නිම්නය.ඕක දිගේ තමා අපිට ගමන යන්න තියෙන්නෙ.
    ypogjj3.jpg


    ගිනිකෙලියාව පතන,අස්වැද්දුම පතන සහ වමාරපුගල කොටසක්
    oBuWlcj.jpg


    ඔතන ලස්සන ටිකක් වෙලා බලල අපි පිටත් උනා.ඔතනින් එහාට තමා අපිට ගූ ගියේ.ඔය දිය ඇල්ලේ බහින්න තියෙන පැත්තෙන් නෙමේ අපි බැස්සෙ.හැබැයි අතෑරියේ නෑ.මාර ගේමක් දීල ආව පහලට.එතනින් කැලේට ඇතුල් වෙලා ටිකකින් ලොකු පල්ලමක්.කොහෙන්වත් බහින්න තැනක් නෑ..දිගටම ගල් බිත්තිය.හම්බුන පොඩිම තැනින් ළඟ තිබ්බ පොඩි කඹයක් දෙපොට දාල බැස්ස.
    wec0Lw1.jpg


    කට්ටිය.
    2rlT1EB.jpg


    මුලින්ම එකෙක් බැහැල බඩු ටික ගත්ත.
    jEFObb7.jpg


    ඊට පස්සෙ මෙන්න මේ විදියට හෙමීට බැස්ස.
    8UgLM2O.jpg


    5tEMxPb.jpg


    k9VNLHY.jpg


    මේ තියෙන්නේ ගල් බිත්තිය
    wOHS7kG.jpg


    කඹේ ගන්නවා
    Qwk9lkz.jpg


    කොහොමහරි ආව පහලට.
    LN96LCW.jpg


    මේ තියෙන්නේ අ දිය ඇල්ල.

    කෝ යකෝ වතුර.
    nL91wcP.jpg


    පොඩි විවේකයක් ගත්ත.
    OX9Jhbs.jpg


    එතනින් එහාට අපහු ගමනේ.

    මෙතනට එද්දී හවස 4.30.මෙතන රෑට නවතින්නත් හිතන් ඉඳල පස්සේ තව යන කියල ගියා.
    INCEP8A.jpg


    මෙතනින් එහාට ටිකක් තැනිතලාව වගේ තිබ්බේ..අනික මිනිස් ඉදි කිරීම් ටිකක් හම්බුනා අපිට.මන් හිතන්නේ කාලෙකට කලින් එනසාල් කඩන්න ආපු අය නැවතිලා ඉන්න ඇති.
    br57CLd.jpg


    rgeQZhE.jpg


    0LrPCAN.jpg


    කොවිලකුත් තිබ්බ
    zDtFuT2.jpg


    නැවතත් ගමනේ
    wd5cl1S.jpg


    BoxFlR2.jpg


    පොඩි පොඩි දිය ඇලි නං එමටයි..ඒවා පොඩි කියල ලස්සන නං අඩුවක් නෑ.
    LyaY5Ho.jpg


    bbsEzei.jpg


    H1r0s0r.jpg


    මෙතන මරු.
    1VcjU1U.jpg


    ඊළඟට අපේ target එක උනේ රෑට නවතින්න හොඳ තැනක් හොයාගන්න එක.මොකද, ඒ වෙද්දී වෙලාව 5 6ට කිට්ටුයි.

    වැඩි දුරක් එන්න කලින් අපිට හම්බුනා දිය ඇල්ලක්.ගොඩක් ලොකු එකක්..එතන උඩ ගොඩක් ඉඩ තිබුන නිසාත් එක බහින්න කොච්චර වෙලා යයිද කියන්න බැරි නිසාත් අපි එතන නැවතුනා.
    2ENuKF2.jpg


    දිය ඇල්ලේ උඩ.
    PA216sM.jpg


    ආපු ගමන් ගිනි මැලේ ගහල රෑට උයල කෑවා.
    sHTcqwN.jpg


    රෑ කෑම එක.
    oRlvQLr.jpg


    ටිකක් වෙලා කතා කර කර ඉඳල නිදා ගත්ත පහුවදාවත් උදෙන්ම යනවා කියල හිතාගෙන

    උදේ පාන්දර
    fvpRYuI.jpg


    ගූඩ් මොනින්ග්..
    f94SzaV.jpg


    අපි ඒ දිය ඇල්ලට නම් තිබ්බේ කිරිබත් ඇල්ල කියල..ඒකට හේතුව තමා මේක.
    36yrk2H.jpg


    උදේම වැඩ පටන් අරන්
    ZCsUWhO.jpg


    qkY0gBQ.jpg


    GucqcgT.jpg


    තේ හදනව
    HiiJjyg.jpg


    උදේ කෑම එක
    a8sMXYX.jpg


    එදත් දවල්ට පාර්සල් හදාගත්ත.
    J8RxIbt.jpg


    යන්න ලෑස්ති වෙලා ගැහුව අපේ group photo එක.අපේ style එකට.
    CM7MrhV.jpg


    අපි යනවා..
    ocoww5V.jpg


    9rKdzl9.jpg


    ඔය දිය ඇල්ල බහින්න නං අපිට වැඩි වෙලාවක් ගියේ නෑ.
    Tcxq5w5.jpg


    එක ඇත්තටම පට්ට ලස්සනයි.
    78Fvr6f.jpg


    bMDEniL.jpg


    EG4PIw5.jpg


    CpRbRuo.jpg



    එතනින් පහල එකේ තව කොටසක් තියෙනවා
    RoSToNd.jpg


    J7lDqWQ.jpg


    මුළු ඔක්කොම සෙට් එක
    qDFjsz4.jpg


    1Pgc1mf.jpg


    එතනින් එහාට අපහු වැඩි දුරක් යන්න කලින් තව දිය ඇල්ලක් හම්බුනා..

    තවත් ලොකු එකක්
    Bf86KA8.jpg


    oWpJV7O.jpg


    මේ ඒකෙ උඩ.
    wJICVzZ.jpg


    ALdkMXP.jpg


    ඔය දිය ඇල්ල බහින එකත් එච්චර අමාරු උනේ නං නෑ.ඒත් හිත ගන්න අමාරු ඉදි කිරීම් ටිකක් දැක්ක.හිතා ගන්න බ කිව්වේ අ කිට්ටුව එනසාල් වාඩි ,එනසාල් වතු එහෙම නෑ මන් දන්නා විදියට.මොකට කව්රු හදපුවද දන්නේ නෑ.අනික ටිකක් ලොකුයි අ බැමි එහෙම අනික් ඒවට වඩා.
    fDq6Vhk.jpg


    nLK10bI.jpg


    QLFewtB.jpg


    UgsG1hU.jpg


    2PLwmIW.jpg


    පහලට බහිනවා
    hmo7wur.jpg


    ගල් බිත්තියක් තිබ්බ එතනත්.
    BunaafF.jpg


    මේ තියෙන්නේ ඒ දිය ඇල්ල.
    1K0nZ8m.jpg


    එතනින් පහල
    p6aiEBL.jpg


    දුෂ්කර ගමන
    UZExFds.jpg


    පාසි
    EUTsZd9.jpg


    බිස්කට් කනවා..
    mEiHKoZ.jpg


    නැවතත් ගමනේ
    6icUat5.jpg


    තව වැඩි දුරක් යන්න කලින් තවත් දිය ඇල්ලක් හම්බුනා..

    එකෙත් පැත්තෙන් බැස්ස
    FmbyWqB.jpg


    මේ කටු
    00NrV4h.jpg


    මේ තියෙන්නේ ඒක.
    TVy2c60.jpg


    එතැනදී නාල කෑවා.
    ajxlub8.jpg


    මෙතනත් නියම තැනක් තමා රෑ නවතින්න
    ILlFcJK.jpg


    පිටත් වෙන්න හදන්නේ..
    AbC5X8g.jpg


    එකේ පහල කොටස
    qfwDA2s.jpg


    rseOR1F.jpg


    මේ හරිය මේ ගමනේදී මන් දැකපු ලස්සනම තැනක් තමා.
    dfYr8iI.jpg


    p2rowUq.jpg


    සැරෙන් සැරේ මග නවතිනවා ඉතින්.
    BoKZzPg.jpg


    තව දිය ඇල්ලක් හම්බුනා.හැබැයි මේක මේ වතුර පාරෙන් නෙමේ හදන්නේ..එකට එකතු වෙන එකකින් හැදෙන්නේ..
    6YIFeZM.jpg


    දැන් ටිකක් ගමන දුෂ්කරයි
    1X4i8Bz.jpg


    fGOqDkI.jpg


    හැබැයි ගමනාතය ලඟයි වගේ
    7B7YDhX.jpg


    oAMzced.jpg


    පොඩි පොඩි දිය ඇලි
    nVv7EPk.jpg


    P7d9IHM.jpg


    හරියටම 3 වගේ වෙද්දී අපි ආව මහ ගඟ නාරං අත්ත ඔයට එකතු වෙන තැනට..අ කියන්නෙ අපේ target එක complete..
    agplzue.jpg


    මේ තියෙන්නේ එකතු වෙන තැන
    x909dvL.jpg


    නාරං අත්ත ඔයේ උඩ
    Sw2Nux3.jpg


    පහල
    frehmJb.jpg


    ඕක දිගේ අපි යන්න ඕන දූවිලි ඇල්ලට යන පාර සෙට් වෙනකන්..

    එක තමා ඊළඟ target එක උනේ.

    එතන තිබුන පොඩි දිය ඇල්ල..
    g5lUwd5.jpg


    5bfBgj4.jpg


    මෙතනින් එහාට ගමන පට්ටම අමාරු උනා..හේතුව තමා දෙපැත්තෙන්ම ගල් බිත්තිය.මැද්දේ ලොකු ගල්..ඉතින් ,මාරම අමාරුයි.

    පේනවා ඇති නිකන් හදල වගේ..
    dSjPJHj.jpg


    JmyE2Fd.jpg


    සමහර තැන්වලදී අපිට කැලේට ඇතුල් වෙලා යන්නත් සිද්ද උනා.
    Wtd2gD4.jpg


    එක තැනකදී අහු උනා පට්ට වැස්සකට..අපි කොටු උනා කිව්වා නං හරි..යන්න දිහාවක් ඇත්තෙම නෑ.කොහොමහරි තෙමීගෙන ආව දුවිලි ඇල්ලට යන පාර සෙට් වෙනකන්..

    හැබැයි photo නෑ.එකට සමා වෙයල්ලා..වැස්සත් එක්ක cam එක bag එකට දාගත්ත දාගත්තමයි..එලියට ගත්තේ නෑ..අපි එහෙමම ඇද්ද වල්පොලමුල්ලට වෙනන්කන්ම..රෑ ගමන් අපිට ටිකක් පුරුදුයි..කරුමේ කියන්නෙ වතුර තිබ්බේ නෑ..වෙලාවට බෝතල් දෙකක් වගේ තිබ්බ..එකෙන් පිරීමැහුන..
    වල්පොලමුල්ලේ ගෙදරත් දන් පැකේජ් වලා දෙන්නේ.අ නිසා ලොක් කරලා.අපි එළියේ ටෙන්ට් එක ගහන නිදා ගත්ත.
    AEntg7g.jpg


    ezYU7vX.jpg


    වැඩි වෙලා ඉන්නෙ නැතුව එන්න පිටත් උනා..
    O7za5uv.jpg


    ඈතින් පේන්නේ යකුන්ගේ හෙළ මන් හිතන්නේ.
    NHW1MBu.jpg


    මගදී දැකපු ඈත
    fTeShjO.jpg


    මේ ටික ගහල තිබ්බේ අතන්වල ගමේ.
    KKr9i6u.jpg


    myOgqWV.jpg


    0wzeHoE.jpg


    j5DI3Os.jpg


    wcB2hmW.jpg


    මන් හිතන්නෙ ,මට දැන්නෙන්නේ දූවිලි ඇල්ල බලන්න යන උන්ගෙන් සල්ලි කඩාගන්න සීන් එකක් වගේ..එක ගයිඩ් කෙනෙක් දූවිලි ඇල්ල බලන්න යන්න 7500 ගන්නවා.

    ටික වෙලාවකින් අපි ගමේ..
    ZeyaZsO.jpg


    OurMK4b.jpg


    fTrjvkC.jpg


    තෙල්ගමු ඔයෙන් හොඳට නාල ගෙදරකට ඇවිල්ල ටුක් දෙකක් හොයාගෙන එන්න පිටත් උනා ගම රටවලට.

    ඔන්න ඔහොමලු අපේ තවත් එක් වීරක්‍රියාවක් අවසන් උනේ.

    ඉතින් මේ ගමන මේ විදියට සාර්ථකව අවසන් කරගන්න ගොඩක් උදව් කළා ඩෝඩෝ..ස්තුතියි මචන්..ඒ වගේම පොලු තියෙන්නේ නැතුව ආපු සෙට් එකටත් මේක කියවන උඹලටත් ගොඩක් ස්තුතියි..අනික් දේ තමා මේ photo වල මගේ watermark එක නැති හැම photo එකක්රිම සජ්ජගේ ..ස්තුතියි මචන්.

    හිටහල්ල ගෙවල් වලට වෙලා.


    තෙරුවන් සරණයි හැමෝටම..!!!

    නමෝ බුද්ධාය..!!
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කට්ටිය හෙව්ව එක්කද ? :lol:

    සුපිරි ගමන ❤️
    පරිස්සමින් යමල්ල
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    සුපිරියක් මචන්..උඹල අලුත් thread එකක් දානකන් බලන් ඉන්නෙ..අමුතුම ලෝකෙකට ගියා වගේ..තව මේ වගේ ඒවා යන්න උඹලට වාසනාව ලැබේව..ඒවා මේකේ දාන්නත් වෙලාව තිබේවා..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    සෙට් එක :love: වෙනද වගේම සුපිරි ගමනක් තමයි ඉතින්


    jEFObb7.jpg

    කඹේ පහල සජ්ජා අයියා ඉන්නවා කියන්නේ ඉතින් ආයේ බය වෙන්න දෙයක් නෑ :cool:
     
    • Like
    Reactions: tharindup

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,896
    113
    මෙන්න මෙතන...
    පට්ට ගමනක් මචන් වෙනද වගේම...මේක කියවද්දි අමුතුම ෆීලින්ග් එකක් එනව බන් කියන්න තේරෙන්නෙ නෑ...පට්ටම ආසයි බන් මේ වගේ ගමනක් යන්න තියේ නම්..:love::love::love:

    යන තැනක පරිස්සමෙන් ගිහින් වරෙන් මචන් කට්ටියම..ජය..:love::love::love:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,896
    113
    මෙන්න මෙතන...
    මචන් උබලට මේ ගමන ගිහින් එන්න දවස් 4ක් ගියාද? ගෙවල් එක්ක කන්ටැක්ට් තියාගත්තේ කොහොමද බන්..
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    අයියේ බලන් හිටියේ මේ නූල දානකන්. මුලින්ම ඔයාට බොහොම ස්තූතියි මාව එක්කන් ගියාට. මම ගිහින් තිය්න හොදම ගමන මේක. ආයේ එකක් යමු අනිවා. සජාන් අයියාගේ නැත්න්ම් කබෙන් බැහැලා හමාරයි. ෆොටෝ ටිකන්ම් පට්ටම ලස්සනයි. ජය වේවා.... ගෙදරට වෙලා ඉන්න. ඉවර උන ගමන් එකක් යමු
     

    paththe

    Junior member
  • Dec 29, 2008
    158
    2
    18
    Amme sudu aiye aswenma balan hitapu ekak thama elamakiri
    Aye ikmanata gaman yanna labewaai prarthana karanawa
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යකෝ උඹට අවුරුද්දක් ගියානේ මේ ත්‍රෙඩ් එක දාන්න......:frown::frown::frown:

    හිටපන් ලියන්න ඕනේ පොස්ට් ටික ලැස්ති කරගන්නකම්.. :rolleyes::rolleyes: