මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    machan thats bank rate. try buying from a money exchange- its about 225
    බැංකුවෙන් එලියේ, දෙන්නේ demand and supply එකට. බැංකුවකින් උඹට බැංකු රේට් එකට ගන්න පුලුවන් ඒත් සාධාරණ හේතුවක් මත
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ ලස්සනට කතා ලියන්න දන්නවනෙ.. උබ කලින් විමල් ලගද වැඩකලේ. 😁

    උබ ඔය කියන තරම් අවුලක්වෙලා නැහැ බන්. මම banking sector එකේ වැඩ කරන්නෙ.. news site වලින් පෙන්නන්න හදන තරම් අවුලක්ලංකාවෙ banking sector එකට තාම වෙලා නැහැ. දැනට වඩා අමාරු තැනක රට හිටිය 2008 දි. ඒත් ඒක අවුලක් නැතුව ගොඩ ගියා. ඒවත් එක්ක බලද්දි දැන් ලොකු ප්‍රශ්නයක් නැහැ.. දැන් ලංකාවට ඕනි External debt restructure කරගන්න එක. වෙන ලොකු අවුලක් නැහැ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් මේක මාර සෙල්ලමක් වෙලා
    හිතපන් එක පාර මේ වගේ ලිපි පොස්ට් හැම තැනම ශෙයා වෙනවා
    බැංකු වැටෙනවා අරකද මේකද කියල
    මිනිස්සු බය වෙලා සල්ලි අදිනවා ඉතින් කොහොමත් වැටෙනවා
    විපක්ෂෙට හරි මොන හරි කට්ටියකට හරි ඕනේ කරනවා මේ කරන වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න
    මේ මාසේ අන්තිම වෙන්න කලින් කොලබ අවුරුදු 30 උඩ ඔක්කොටම වැක්සින් ගහන්න හදන්නේ
    එහෙම දෙයක් වෙලා රට අයෙ කලින් වගේ එයි කියල හිතල මේ වගේ වට්ටන්න හදන සින් එකක් තියෙන්නේ
     
    • Like
    • Haha
    Reactions: lilman and pazzy12

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කිසිම මුදල් ඒකකයක exchange rate එක සංචිතවල වටිනාකම අනුව වෙනස් වෙන්නෙ නෑ. ලෝකෙ කොහෙවත් එහෙම ගණන් හදල තියෙනව නම් ලින්ක් එකක් දාන්න
    Exchange rate එක depend වෙන දෙයක් නෙවේ මෙතැන කියන්නේ.

    මහබැංකුව මුදල් print කරණකොට එකට අදාල වටිනාකමට ගැලපෙන reserve එකක් තියෙන්න ඕනේ. ඕක ගොඩක් රටාවල් අනුගමනය කරනවා. ඕක economics concepts එකක්.

    උදාහරණයක් මහබැංකුව Rs. 100,000 මුදල් print කරන කොට එකද අදාළව Gold, foreign currency reserve එකක් තියෙන්න ඕනේ කියන එක.

    උදාහරණයක් gold reserves, foreign currency. ඒකයි ඔතන කියන්නේ ලංකාවේ මිනිස්සු dollars ඉල්ලුවත් දෙන්න dollars නැ කියලා. Practically ලංකාවේ මිනිස්සු එහෙම ඉල්ලන්නේ නෑ. ඒත් එහෙම උනොත් දෙන්න තියෙන්න ඕනේ නැත්නම් බංකොලොත් තමයි කියන්න වෙන්නෙ.

    මහබැංකු නිකුත් කරන කාසි නෝට්ටු වලට අදාල වත්කම් (foreign currency assets) නෑ කියන එක ඔතන කියන්නේ.

    Exchange rate එක තිරණය වෙන්නේ නම් demand supply එක මත.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බැස්ල් ආවට පස්සෙ රුපියල වැටෙන්නැ බන්.. 8 වෙනිද ඉදල රුපියල නගිනවා රොකට් එක .බැස්ල් දැනටමත් ඒව ප්ලෑන් කරල ඉවරයි. ඔන්න බලපන් 8 වෙනිද ඩොලර් එක වැටෙන වැටිල්ල. අපේ එස්පෙශල් ටීම් එක ගෙස්කරන්නෙ ඩොලර් එක රු 80ට වගෙ වැටීගෙන වැටීගෙන යය්
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    That isn't the official rate right?

    As far as i can see (correct me if I'm wrong)

    What's happening to the Black market rate is the same thing happened to Car Price.
    Monkey see, monkey do

    The Office fan kenek wage? :rolleyes: :)

    Hmm... car price and black market eke mokakda wuna scene eka... oya kiyanne mid-2020 wuna ekada? :)
     
    • Haha
    Reactions: nimesha95

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Exchange rate එක depend වෙන දෙයක් නෙවේ මෙතැන කියන්නේ.

    මහබැංකුව මුදල් print කරණකොට එකට අදාල වටිනාකමට ගැලපෙන reserve එකක් තියෙන්න ඕනේ. ඕක ගොඩක් රටාවල් අනුගමනය කරනවා. ඕක economics concepts එකක්.

    උදාහරණයක් මහබැංකුව Rs. 100,000 මුදල් print කරන කොට එකද අදාළව Gold, foreign currency reserve එකක් තියෙන්න ඕනේ කියන එක.

    උදාහරණයක් gold reserves, foreign currency. ඒකයි ඔතන කියන්නේ ලංකාවේ මිනිස්සු dollars ඉල්ලුවත් දෙන්න dollars නැ කියලා. Practically ලංකාවේ මිනිස්සු එහෙම ඉල්ලන්නේ නෑ. ඒත් එහෙම උනොත් දෙන්න තියෙන්න ඕනේ නැත්නම් බංකොලොත් තමයි කියන්න වෙන්නෙ.

    මහබැංකු නිකුත් කරන කාසි නෝට්ටු වලට අදාල වත්කම් (foreign currency assets) නෑ කියන එක ඔතන කියන්නේ.

    Exchange rate එක තිරණය වෙන්නේ නම් demand supply එක මත.
    ඔය තියරි දැන් යල්පැනනලු බන් බැසිල් ආවට පස්සෙ රුපියල වැටෙන්නැ බන්.. 8 වෙනිද ඉදල රුපියල නගිනවා රොකට් එක .බැස්ල් දැනටමත් ඒව ප්ලෑන් කරල ඉවරයි. ඔන්න බලපන් 8 වෙනිද ඩොලර් එක වැටෙන වැටිල්ල. අපේ එස්පෙශල් ටීම් එක ගෙස්කරන්නෙ ඩොලර් එක රු 80ට වගෙ වැටීගෙන වැටීගෙන යය්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    මහ බැංකුව බංකොලොත්ද?​




    ලංකාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය ගැන හැමදාමත් උස් හඬින් කතා කළේ ඒ අවස්ථාව වන විට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසිනුයි. බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයින් විසින් බොහෝ විට කළේ මොනවා හෝ සංඛ්‍යාලේඛණ ටිකක් පෙන්වමින් රටේ ආර්ථිකය ගැන ශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි. එයින් අදහස් කළේ විපක්ෂ දේශපාලනඥයින් විසින් නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ බව නෙමෙයි. ඒ අය විසින් බොහෝ විට කළේ පවතිනවාටත් වඩා අශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි.

    ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලනඥයින් විසින් මාරුවෙන් මාරුවට සිදු කළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මෙවැනි පැහැදිලි කිරීම් නිසා ආර්ථික දර්ශක ගැන ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව බොහෝ විට අන්දමන්ද වෙලයි හිටියේ. හැමදාම විපක්ෂයේ ඉන්න පක්ෂ වල දේශපාලනඥයින් කොහොමටත් පවතින තත්ත්වය ගැන ශුභවාදීව නොබලන අශුභවාදීන් වූ නිසා ඒ අය කියන දේවල් දිහා ගොඩක් අය බැලුවේත් සැකයෙන්. ඔය අතර කලාතුරකින් රටේ ආර්ථිකය ගැන නිවැරදි විශ්ලේෂණ කරන විෂය ප්‍රවීණයන්ද හිටියත්, විෂය ප්‍රවීණයන් බොහෝ දෙනෙකුද කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන්නන් වූ නිසා එසේ නොවූ අයෙකු කියන දෙයකට වුනත් වැඩි දෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ.
    මේ සෙල්ලම දැන් කෙළවරකට ඇවිත්. මේ වෙද්දී රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ විපක්ෂ දේශපාලනඥයින් විසින් පමණක් නෙමෙයි. පවතින ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් විසිනුත් තරඟයට වගේ ආර්ථික අර්බුදය ගැන මිනිස්සු දැනුවත් කරනවා.
    මේ ගැන දැන් ඕනෑවට වඩා කතා කරන එකේ තේරුමක් නැහැ. කතා කරන එකේ තේරුමක් තිබුණු කාලයේ අප මේ ගැන ඕනෑ තරම් කතා කර තිබෙනවා. දිනපතා ව්‍යායාම කරන්න උපදෙස් දිය යුත්තේ හෘදයාබාධයක් හැදෙන්න කලින්. හෘදයාබාධයක් හැදුනු අයෙකුට විවේකයෙන් ඉන්න උපදෙස් දෙනවා මිසක් ලොකුවට ව්‍යායාම කරන්න උපදෙස් දෙන්න බැහැ. එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. ඒ කාලය වඩා ඵලදායී කටයුත්තකට යෙදෙවුවානම් සමහර විට ලෝකයේ කොහේ හෝ ජිවත්වන වැඩි දෙනෙකුට යහපතක් විය හැකිව තිබුණා. කොහොම වුනත් අප ලියන දේ දිගින් දිගටම උනන්දුවෙන් කියවන යම් පිරිසක් ඉන්න නිසා වියුණුව මැරෙන්න දෙන්න අදහසක් නැහැ.
    මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන සල්ලි අච්චු ගැහීම ගැන කිහිප දෙනෙක්ම විමසා තිබුණා. ඒ එක්කම ඔය සල්ලි අච්චු ගැහීම ගැන විවිධ ප්‍රවෘත්ති පැතිරෙමින් තිබෙනවා.
    සල්ලි අච්චු ගැහීම ගැන මම කාලයක් තිස්සේ පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන එකටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු. මේවා සල්ලි බව කාට වුනත් පැහැදිලියි. දෙවන කොටස මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල තැන්පතු මුදල්. දෙවන කොටස සල්ලි වෙන්නේ කොහොමද කියන එක එකවර පැහැදිලි වෙන දෙයක් නොවුනත්, ඔය කොටස් දෙකේ වැඩි වෙනසක් නැහැ. මේ කොටස් දෙකේම තිබෙන්නේ මහ බැංකුවේ "වගකීම්" එහෙම නැත්නම් "බැරකම්".
    වාණිජ බැංකු වල තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් බව අපි දන්නවා. තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලූ විට වාණිජ බැංකු විසින් මේ තැන්පතු මුදල් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා වාණිජ බැංකුවක් සතුව හැම විටම ඔවුන්ගේ බැරකම් ඉක්මවන වත්කම් තිබිය යුතුයි. වාණිජ බැංකුවක වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි. බංකොලොත් වූ වාණිජ බැංකුවකට එම බැංකුව සතු සියලුම වත්කම් මුදල් කළත් තැන්පතුකරුවන්ගේ මුදල් සියල්ල ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ.
    මේ කතාවම මහ බැංකුවටත් අදාළයි. කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි.
    මේ විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු වලින්නම් මහ බැංකුවට කිසිම අවුලක් වෙන්න විදිහක් නැහැනේ. මොකද මහ බැංකුවට ඕනෑ තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවක් කවදාවත් බංකොලොත් වෙන්න විදිහක් නැහැ. නමුත් මහ බැංකුවකට එසේ සල්ලි අච්චු ගසා තමන්ගේ වගකීම් පියවිය හැක්කේ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් හා නෝට්ටු වටිනාකමක් ඇති දේ සේ සැලකෙන්නේනම් පමණයි. ඒ නිසා, මහ බැංකුවකට හැම වෙලාවකම තමන් නිකුත් කරන මුදල් නෝට්ටු වල වටිනාකම වෙනත් නිර්ණායකයන්ට සාපේක්ෂව යම් මට්ටමක තියා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකන් ඩොලරයට හෝ රන් අවුන්සයකට සාපේක්ෂව.
    මහ බැංකුවට අනුව ජූලි 1 දින ඇමරිකන් ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52ක්. එයින් අදහස් වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු හා කාසි වලින් 200.52ක් ආපසු අරගෙන ඇමරිකන් ඩොලරයක් දෙන්න මහ බැංකුව සූදානමින් ඉන්නවා කියන එකයි. යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි. මේ පදනම මත සංචිත මුදල් වල සංරචක දෙකේ ව්‍යුහමය වෙනසක් නැහැ.
    ඔය විදිහට රුපියලේ වටිනාකම විදිහට මහ බැංකුව විසින්ම දැනුම් දෙන වටිනාකම අනුව මහ බැංකුවේ බැරකම් සියල්ල පියවන්න ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. එසේ නැත්නම් කියන්න වෙන්නේ මහ බැංකුව බංකොලොත් වී ඇති බවයි.
    වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා, එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා, කියා කියන්නේ මහ බැංකුවේ බැරකම් වැඩි වෙනවා කියන එකයි. එවිට මහ බැංකුවට එක්කෝ එම අනුපාතයට විදේශ සංචිත වැඩි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ ඇර ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙන්න අරින්න වෙනවා. දෙවන ක්‍රමයේදී වත්කම් ඇත්තටම වැඩි වෙන්නේ නැතත් වත්කම් වල රුපියල් අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව සතු ඇමරිකන් ඩොලර්, රන් වැනි වත්කම් වලට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා.
    දැන් අපි මුලින්ම බලන්න වෙන්නේ මාධ්‍ය වාර්තා වල දැකිය හැකි පරිදි මහ බැංකුව ඇත්තටම විශාල ලෙස සල්ලි අච්චු ගහනවද කියන එකයි. පහතින් තියෙන්නේ පසුගිය කාලය තුළ රුපියල් බිලියන වලින් මහ බැංකුවේ සංචිත ඉහළ ගිය ආකාරය.
    2019 දෙසැම්බර් 31- 932.6
    2020 දෙසැම්බර් 31- 964.4
    2021 ජූලි 1 - 1,072.0
    මේ අනුව, 2019 වසරේදී රුපියල් බිලියන 31.8ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 2020 පළමු මාස හය ඇතුළත රුපියල් බිලියන 107.6ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා.
    ඔය රුපියල් බිලියන ගණන් අපි ගොඩක් අයට ඇඟට දැනෙන්නේ නැහැනේ. කොහොම වුනත් මේ ප්‍රමාණය එක පැත්තකින් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැකිය හැකි තරම් විශාල මුදලක් නෙමෙයි. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ ඉතිහාසය බැලුවහම අසාමාන්‍ය මුදල් සල්ලි අච්චු ගැහීමක් නෙමෙයි. ඔය වගේ ප්‍රමාණයකින් සංචිත මුදල් සැපයුම වැඩි වුනා කියලා ලංකාව සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ!
    මේ කතාව ගොඩක් අයට පිළිගන්න අමාරු වෙන එකක් නැහැ. ලංකාවේ බඩු මිල ඉහළ යමින් තිබෙනවා තමයි. නමුත්, මෙය අසාමාන්‍ය ඉහළ යාමක් නොවන බව මැදහත්ව සිතන ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. ඔයිට වඩා වේගයෙන් ලංකාවේ බඩුමිල ඉහළ ගිය වකවානු ඕනෑ තරම් තිබුණා.
    එහෙමනම්, මේ සල්ලි අච්චු ගහන කතාව කිසිම පදනමක් නැති කතාවක්ද?
    මහ බැංකුව විසින් අලුතින් අච්චු ගහන සල්ලි එළියට දමන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ඩොලර් මිල දී ගැනීම. දෙවැන්න භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම. හැබැයි ඒ වගේම මේකේ අනෙක් පැත්තත් වෙනවා. මහ බැංකුවේ සංචිත හෝ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී අච්චු ගහලා එළියට දමපු සල්ලි නැවත මහ බැංකුව ඇතුළට එනවා. සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ හේතුව නිසා කිසියම් මොහොතක සංචිත මුදල් ප්‍රමාණය දෙස බලා එය උද්ධමනයට හේතු වන බව කියන්න බැහැ. උද්ධමනය ඇති වන්නේ මුදල් සැපයුම එක දිගට යම් කාලයක් ඉහළ මට්ටමක තිබුණු විටයි.
    පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. බදු අඩු කර ආදායම් අහිමි කරගත් ආණ්ඩුව ඉතාම විශාල ලෙස පුළුල් වී තිබෙන අයවැය හිඟය පියවාගනිමින් සිටින්නේ මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්. එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැහීමෙන්.
    පසුගිය වසරේ (2020) ජනවාරි පළමුවෙනිදා වන විට මහ බැංකුව විසින් මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම (මුහුණත අගය) වුනේ රුපියල් බිලියන 74.7ක් පමණයි. 2021 ජූලි පළමුවෙනිදා වන විට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 919.2ක් වෙලා. දොළොස් ගුණයකට වඩා වැඩි වැඩි වීමක්!
    මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ අලුතින් සල්ලි සංසරණයට එකතු කරනවා කියන එකනේ. ඒක බොරුවක් නෙමෙයි. ගොඩක් අය සල්ලි අච්චු ගැහීම කියලා මේ දවස් වල කතා කරන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ගැන. එහෙමනම් මම කලින් විස්තර කළ පරිදි සංචිත මුදල් මේ අනුපාතයට වැඩි වෙලා නැත්තේ ඇයි?
    මහ බැංකුව විසින් එක පැත්තකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කරන අතරම අනෙක් පැත්තෙන් විදේශ සංචිත විකුණනවා. විදේශ සංචිත මිල දී ගන්න අය රුපියල් වලින් ගෙවන නිසා සංසරණයේ තිබෙන සල්ලි නැවත මහ බැංකුවට එනවා. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කිරීමේ බලපෑම නිශේධනය වෙනවා. ලංකාවට තවමත් උද්ධමන තර්ජනයක් ඇති වී නැත්තේ ඒ නිසයි.
    ඒ කියන්නේ මේ කියන ආර්ථික අර්බුද කතාව බොරුවක්ද?
    මෙතැන තියෙන්නේ සල්ලි අච්චු ගැහීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා සල්ලි වල ගුණාත්මක භාවය අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක්. මම මේක පුළුවන් තරමින් පැහැදිලි කරන්නම්.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,134.6ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 7,642.4ක්. අවුලක් නැහැනේ. බැරකම් වලට වඩා ගොඩක් වැඩියෙන් වත්කම් තිබෙනවා.
    අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.
    මේ වෙද්දී තත්ත්වය කොහොමද? 2021 ජූලි 1 වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක් බව මම කිවුවනේ. මහ බැංකුවට අනුව ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි.
    මේ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 5,346.1ක සංචිත නැති බව ඉතාම පැහැදිලියි. 2021 මැයි අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,032.8ට බැහැලා. තව තෙසතියකින්, එනම් 2021 ජූලි 27, කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තිබෙන සංචිත වලින් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙන බවත් පැහැදිලියි. අපි දැනට ඒක පැත්තකින් තියලා ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මේ වන විටත් තියෙනවා කියලා උපකල්පනය කරමු.
    මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව බැලුවොත් රුපියල් 200.52 විණිමය අනුපාතිකය යටතේ මහ බැංකුවේ සියලුම වගකීම් ඩොලර් වලින් ආපසු පියවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, සාමාන්‍ය සම්මත අනුව බැලුවොත් මහ බැංකුව බංකොලොත්!
    මේ වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,072.0 තිබෙන නිල සංචිත වලින් ආපසු ගෙවන්න පුළුවන් වෙන්නනම් විණිමය අනුපාතිකය කීයක් විය යුතුද? තවමත් ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මහ බැංකුව සතුව තිබෙනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. තිබෙනවා කියා අපි හිතමු. එහෙම වුනොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ කියන්නේ මේ වෙලාවේ සියලු වගකීම් පියවා මහ බැංකුව වහල දමන්න පුළුවන් වෙන්නෙත් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි.
    නිකමට වගේ කිවුවත් රටක මුදල් ඒකකය කඩා වැටෙන්න කලින් මහ බැංකුව විසිරුවා හරින එකත් විසඳුමක්. අපි හිතමු ඩොලරයක මිල රුපියල් 265.87ක් වෙන්න ඇරියා කියලා. මේ වෙද්දී පවතින තත්ත්වය යටතේ මහ බැංකුව බංකොලොත් ලෙස ප්‍රකාශයට පත් නොකරනවානම් ඊට මෙහායින් නවත්ත ගන්න කිසිම හැකියාවක් නැහැනේ. ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් මහ බැංකුවට පුළුවන් වාණිජ බැංකු වල තැන්පතු සියල්ල ඩොලර් වලින් ගෙවලා, මුළු රටේම තියෙන රුපියල් ටිකත් ඩොලර් වලට මාරු කරලා දෙන්න. ඊට පස්සේ රුපියලුත් නැහැ. මහ බැංකුවකුත් නැහැ. රටේ මිනිස්සු හැමෝම අතේ ඩොලර් තියෙනවා. මිනිස්සු ඩොලර් වලින් ගනුදෙනු කරනවා. රජය ඩොලර් වලින්ම බදු අය කරගෙන ණය ගෙවනවා. රාජ්‍ය ණය ප්‍රශ්නය ඒ විදිහටම තිබුණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය එතැනින් ඉවරයි. උද්ධමන ප්‍රශ්නෙකුත් නැහැ.
    කතාවට කිවුවට ඔය වගේ දෙයක් වෙන්න ඉඩක් නැහැනේ. මහ බැංකුව විසුරුවා හරිනවා තියා ඩොලරයේ අගය වැඩි වෙන්න දෙන්න වුනත් රජය හෝ මහ බැංකුව කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙමනම්, පවතින තත්ත්වය යහපත් අතට වෙනස් විය හැක්කේ කොහොමද?
    ඩොලරයේ අගය දැන් මට්ටමේම තියා ගනිමින් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයේ තියා ගන්නනම් නිල සංචිත ප්‍රමාණය අඩු වශයෙන් ඩොලර් බිලියනය 1.5කින් පමණවත් වැඩි කර ගන්න වෙනවා. අපි හිතමු රජය ඩොලර් බිලියන 1.5ක ණයක් ගත්තා කියලා. ඒ ඩොලර් ටික මහ බැංකුවට විකුණලා ලබා ගන්න මුදල් ටික නැවත මහ බැංකුවටම දීලා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 300ක පමණ ප්‍රමාණයක් ආපහු ගත්තොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම එලෙසම තියෙද්දී විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගිහින් නැවතත් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයට පත් වෙනවා.
    ලංකාව ණය අරගෙන තියෙන හැටියට ඩොලර් බිලියන 1.5ක ණයක් කියන්නේ මහා ලොකු දෙයක් නොවුනත් මේ වෙද්දී ලංකාවේ රජයට ඒ ප්‍රමාණයේ ණයක් ගන්න එක වුනත් පහසු නැති බව අපිට පැහැදිලිව පේනවා. අනෙක් එක කලින් අරන් තියෙන ණය ගෙවන්නත් වෙනම ණය ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ජූලි 27 කල් පිරෙන ඩොලර් බිලියනයේ බැඳුම්කරය. ඒ නිසා, තත්ත්වය හිතන තරම් ශුභදායී නැහැ. ආණ්ඩුවට ඩොලර් බිලියනයක් හොයා ගන්න එක ලේසි නැති බව ආණ්ඩුවේ ප්‍රධානියෙක්ම කියල තිබුණනේ.
    මගේ විශ්ලේෂණ නිවැරදි නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් අනෙක් පැත්තත් පොඩ්ඩක් කතා කරමු. ජූලි 27 බැඳුම්කරය ගෙවන්න ඩොලර් බිලියනයක් සංචිත වලින් ගත්තා කියා හිතමු. ඒ එක්කම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනට බහිනවා. සංචිත වලින් ඩොලර් ගත්තත් ඔය ඩොලර් ටික මිල දී ගන්න රජය රුපියල් හොයා ගන්නත් අවශ්‍යයිනේ. මේ වෙලාවේ හරි හමං බදු ආදායමකුත් නැති නිසා ඔය සල්ලි ටික හොයා ගන්න වෙන්නෙත් භාණ්ඩාගාර බිල්පත් විකුණලා.
    ඩොලර් බිලියනයක් මිල දී ගන්නනම් රුපියල් බිලියන 200ක භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. යන ක්‍රමේට ඔය භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් ආපහු මහ බැංකුවටම විකුණයි කියන එකත් නරක උපකල්පනයක් නෙමෙයිනේ. අපි ඔය රුපියල් බිලියන 200න් රුපියල් බිලියන 128 මහ බැංකුවට විකිණුවා කියා හිතමු. දැන් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,200 දක්වා ඉහළ යනවා. එම බැරකම් ආවරණය කරන්න තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට අඩු වෙලා.
    මේ වගේ තත්ත්වයක් යටතේ මහ බැංකුවට ද්‍රවශීල තත්ත්වයේ ඉන්න පුළුවන් වෙන්නේ ඩොලරයක මිල කීයට ගියොත්ද? රුපියල් බිලියන 1,200 බිලියන තුනෙන් බෙදා බලන්න!
    ලංකාව දැන් පවතින තත්ත්වය යටතේ ආර්ථික අර්බුදය මුලින්ම හිස ඔසොවනු ඇත්තේ විදේශ අංශයේ අර්බුදයක් විදිහටයි. එහිදී මුලින්ම විය හැක්කේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාම. ඉහත කී ගණනය කිරීම අනුව බැලුවොත් ඩොලරයක මිල රුපියල් 400ක් දක්වා යන එක වුනත් වෙන්න බැරි දෙයක් නෙමෙයි. මම කියන්නේ එහෙම වෙනවාම කියන එක නෙමෙයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ ආර්ථිකයේ සමතුලිතතාවය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. හොඳ අතට වගේම නරක අතටත්. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ නරක අතට වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙන බවයි.
    රුපියල් 400 නෙමෙයි රුපියල් 300 දක්වා ඩොලර් එක වැඩි වුනා කියමු. ඒ එක්කම රටේ බඩු මිලත් නොවැලැක්විය හැකි ලෙස විශාල ලෙස ඉහළ යනවා. රජයේ විදේශ ණය වල රුපියල් අගයත් ඉහළ ගිහින් රජයේ අයවැය පරතරය තවත් වැඩි වෙනවා. අයවැය පරතරය පියවන්න තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඊට පස්සේ විෂම චක්‍රයක සර්පිලාකාර ගමනක් මිසක් ගොඩයාමක් නැහැ.
    මේ කිසිවක් මගේ ප්‍රාර්ථනාව නෙමෙයි. ඒ වගේම මට විතරක් තේරෙන දේවලුත් නෙමෙයි. මේවා තේරෙන අය ලංකාවේ ආර්ථිකය පාලනය කරන කණ්ඩායමේ ඉන්නවා. ඒ අය, තත්ත්වය පාලනය කර ගන්න මොනවා හරි කරයි කියා මම හිතනවා. කොහොම වුනත් ඕක තමයි මම දකින විදිහට මේ වෙද්දී ලංකාවේ තත්ත්වය.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
    ඔව් තව ටික දවසකින් සර් ඩොලරය 150 ගෙනවා.ඔයා හරි

    ඔයා හරි අපේන්
    ටොන් පච ශෙයා කරනව ඇරෙන්ඩ ,මේවගෙ ඉන්න මෝඩයන්ට දැන් කරන්ඩ වෙන වැඩක් නැ.. 🤭 🤭 🤭
    ඔයා හරි බැසිල් සර් ආපු ගමන් රුපියල නගිනවා ඩොලර් එකට කෙල වෙනවා..
    ------ Post added on Jul 4, 2021 at 9:28 PM