මහ සයුරේ පාවෙන දැවැන්තයෝ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මහ සයුරේ පාවෙන දැවැන්තයෝ

    tOu92IO.jpg

    පසුගිය සති කිහිපය ගෙවී ගියේ කිනම් මොහොතක හෝ උතුරු කොරියා-ඇමෙරිකා ගැටුමක් නිර්මාණය වීමේ සම්භාවිතාවයක් සහිතවයි.වාසනාවකට මෙන් ඔවුනොවුන් කෙරෙහි අනතුරු ඇඟවීම් කරගන්නවා වඩා දෙයක් සිදුනොවීය.ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි කාල් වින්සන් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් උතුරු කොරියාව දෙසට යවන බව වාර්තා වූයේ මීට සති දෙකකට පමණ පෙරය.බොහෝදෙනා සිතා සිටියේ අප්‍රේල් මස 15 දා උතුරු කොරියාව මිසයිල හෝ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීමක් කල හොත් ඉහත කී ඇමෙරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කරාවි කියාය.නමුත් එම නෞකා පෙළ කොරියානු සීමාවට පවා ආසන්න වූයේ දැනට පැය කිහිපයකට පෙර බවයි වාර්තා වන්නේ.

    3cPAQ7g.jpg
    එක්සත් ජනපදයේ කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව​

    ඒ අතරතුර දේශීයව නිපදවූ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කරන්නට චීනය පසුගියදා සමත්විය.ඒ අනුව දැන් චීනය සතුව ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් තිබේ.මේ දිනවල ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධව ලෝකයාගේ අවදානය වැඩිපුර යොමුව තිබෙන නිසා ඒ සම්බන්ධව ලිපි පෙළක් පළ කරන්නට මේ සූදානම් වන්නේ.

    GIcsGtE.jpg
    චීනයේ නවතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කිරීම​

    නාවික හමුදාවේ ඊළඟ-පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා ගිල්වා දමන්නට ඇමෙරිකාවේ සතුරන්ට හැකිවේද?පිළිතුර විවාදාත්මකය.සමහර ජාතීන් එම කාර්යය සපුරාගන්නට අවශ්‍ය අවි,තාක්ෂණය දියුණු කරමින් සිටින බව රහසක් නොවේ.අලුතින් නිර්මාණය කෙරෙන එවැනි උපක්‍රම හඳුනාගෙන ඒවා පැරදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හමුදා බුද්ධ අංශ සාමාජිකයින්,පර්යේෂකයින් චීන හමුදා ජර්නල් නිතර නිරීක්ෂණය කරයි.

    පහත දැක්වෙන්නේ නූතන ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට තිබෙන ප්‍රධාන තර්ජන සහ ඒවාට එරෙහිව ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ගයි.​

    8efMwgL.jpg




    1.උගුල් මගහැර යෑම


    OFM8UNq.jpg

    උගුල්:ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් විනාශ කිරීමේ පළමු පියවර වන්නේ නෞකාව ඇරලවීම සහ ඊට ආරක්ෂාව සපයන නෞකා/සබ්මැරීන ව්‍යාකූලත්වයට පත් කිරීමයි.එහිදී අනුගමනය කල හැකි ලාභදායි මාර්ගය රැවටීමට ලක් කිරීමයි.හොඳින් පුහුණු කල වෙස්වලාගත් පිරිසක් මසුන් අල්ලන ට්‍රෝලර් යාත්‍රා සමග යැවීම එක් ක්‍රමයකි.එහිදී නාවික ප්‍රහාරක කණ්ඩායමේ ආරක්ෂක නෞකා සහ ගුවන් යානා නොමඟ යැවීමට ප්‍රමාදිත රේඩියෝ සංඥා නිකුත් කිරීම සඳහා වැඩසටහන් ගත කල බෝයාවන් මුහුදේ එළීම සිදුකරයි.


    GIchxGC.jpg

    ඊ-2සී හෝක්අයි:මෙවැනි රැවටීම් පරාජය කිරීමට ගුවන් යානා ප්‍රවාහන නෞකා විසින්ම ඔත්තු බැලීමේ යානා ගුවන් ගත කරයි.මෙම යානා සතුව තිබෙන අධි-බලැති රේඩාර් පද්ධතිය යොදාගෙන සතුරු නෞකා සහ ගුවන් යානාවල පැමිණීම තහවුරු කර ගත හැකිය.





    ඩ්‍රෝන් යානා විනාශ කිරීම


    Amt62Kw.jpg

    ප්‍රති-රේඩාර් ඩ්‍රෝන්:මිනිසුන් රහිත පියාසර කල හැකි ගුවන් යානාවලට ගුවන් යානා ප්‍රවාහන නෞකාවක පරිවාර නෞකා රැවටීමට ලක් කල හැකිය.2004 වර්ෂයේදී ඊශ්‍රායලය විසින් චීනයට විකිණූ හාර්පි නම් ඩ්‍රෝන් යානය රේඩාර් සංඥා සොයා ගොස් රේඩාර් පද්ධතිවලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි.රේඩාර් පද්ධති නොමැතිව පරිවාර නෞකාවලට සතුරු නෞකා-නාශක මිසයිල සොයා ගැනීම සහ බිම හෙළීම කල නොහැක්කකි.


    OHi06Ku.jpg

    ආර්ලෙයි බර්ක් ඩ්‍රිස්ට්‍රෝයර්:ඩ්‍රෝන් යානා වැනි කුඩා වස්තුවක් ඇතුලුව එකවර බහුවිධ තර්ජන හඳුනාගත හැකි පරිදි මෙම නෞකාවල(Destroyer) සංවේදක උසස් කිරීමට ඉංජිනේරුවන් සමත්ව තිබේ.phased-array රේඩාර් වලට එකවර ඉලක්ක 100ක් ලුහුබැදීමේ හැකියාව තිබේ.මෙම රේඩාර් පද්ධතිය S-Band සංඛ්‍යාත පරාසය තුල ක්‍රියාත්මක අතර ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ ප්‍රශස්ත මට්ටමින් භාවිතා කල හැකිය.ඩ්‍රෝන් යානා පහරදීමට පෙර හඳුනාගෙන විනාශ කිරීම මෙම නෞකාවල කාර්යයි.





    සබ්මැරීන සොයාගැනීම


    H0RpIN8.jpg

    ඩීසල් සබ්මැරීන:නොගැඹුරු මුහුදේදී මේවා නිශ්ශබ්ද,මාරක තර්ජන ලෙස ක්‍රියා කරයි.අනාවරණය කරගැනීම අසීරුය.ඒවා සතු සිස්ලර් මිසයිලවලට අතිධ්වනි වේගයෙන් ඉලක්කය කරා ගමන් කල හැකිය.ඉරානය සතුව රුසියාවේ නිශ්පාදිත සම්බැරීන තිබේ.පාකිස්ථානය ප්‍රංශ-ස්කෝපියන් සබ්මැරීන මිලදීගෙන තිබේ.චීනයද සබ්මැරීනවලට මහත් ලැදියාවක් දක්වන අතර 2006 වර්ෂය තුලදී ඔවුන් ඩීසල් සබ්මැරීන 14ක් නිපදවූ බව කියවේ.


    Pr3A1uz.jpg

    එස් එච්-60 සීහෝක්:මෙම හෙලිකොප්ටර් ධ්වනි බෝයාව නම් සංවේදක උපාංගයක් ජලය තුලට ඇතුල් කර කිමිදෙමින් ඇති සබ්මැරීන ශබ්දය,සෝනාර්,උෂ්ණත්වය හෝ චුම්භක සංඥා ඔස්සේ අනාවරණය කර ගනියි.





    ගුවන් ආරක්ෂාව


    onZ5xpp.jpg

    සුකොයි-30 ෆ්ලෑන්කර්:රුසියාවේ නිෂ්පාදිත යුද ගුවන් යානා සැලසුම් කර තිබෙන්නේ ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම්වලට පහරදීමට හැකි අයුරිනි.සුකොයි-30 යානය එය සතු මිසයිල යොදාගෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවල ආරක්ෂක උපක්‍රමවලට පහර දෙයි.සුපර් ෆ්ලෑන්කර් නම් දියුණු සංස්කරණයක් අපනයනය කිරීමට 2011 වර්ෂයේදී රුසියාව සැලසුම් කර තිබිණි.


    IwC6TFx.jpg

    එෆ්-35සී ලයිට්නින් 2:ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වටා තිබෙන ගුවන් සීමාව ආරක්ෂා කිරීමේදී එෆ්-35සී යානය නාවික හමුදාවට බොහෝ ප්‍රයෝජනවත් වේවි.ස්ටෙල්ත් ප්‍රහාරක යානයක් වන එය සතුරු රේඩාර්වලට හසුවන්නට පෙර පහරදී පලා යෑමේ හැකියාවෙන් යුක්තය.නමුත් එය එෆ්-18ඒ සුපර් හෝර්නට් යානය මෙන් ගුවන් සටනේ දක්ෂයෙක්ද යන්න තවමත් සනාථ වී නැත.කෙසේ වෙතත් එෆ්-35සී යානා ආදේශ කිරීමට නියමිතව තිබුණේ 2015 වර්ෂයේදීය.





    මිසයිල නැවැත්වීම


    QDT3h2i.jpg

    නෞකා නාශක බැලස්ටික් මිසයිල:චීනය සතුව මධ්‍යම දුර නෞකා-නාශක බැලස්ටික් මිසයිලවලට ගුවන් යානා ප්‍රවාහන නෞකා ඉලක්ක කල හැකිය.ඔවර් ද හොරයිසන් රේඩාර් පද්ධති භාවිතා කිරීමෙන් කි.මී. සිය ගණනක් සහ දහස් ගණනක් අතර ඇති නෞකා පවා අනාවරණය කරගත හැකිය.එහිදී රේඩාර් තරංග අයනගෝලයෙන් පරාවර්තනය වී දිගු දුරක් ගමන් කරයි.චීනයේ නිෂ්පාදිත ඩොන්ග් ෆන්ග්-21 මිසයිලය සැලසුම් කර තිබෙන්නේ එය තුලම රැගෙන යන රේඩාර් පද්ධතියකින් ගුවන් යානා ප්‍රවාහන නෞකා සොයාගත හැකි අයුරිනි.මෙම මිසයිල ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරයි.


    nz4wFK6.jpg

    ඊජස් කෲසර්:නෞකා-මූලික බැලස්ටික් මිසයිල ආරක්ෂණ දැන් දිගු දුරක් පැමිණ තිබේ.ටයිකොන්ඩ්‍රෙගා පන්තියේ සමහරක් ඊජස් කෲසර් නෞකා එස් එම්-2මිසයිල රැගෙන යයි.ඒවාට අවසන් අධිරයේ පියාසර කරන බැලස්ටික් මිසයිල අවි ශීර්ෂ බිම හෙළීමේ හැකියාව තිබේ.නවතම එස් එම්-3 මිසයිලවලට මධ්‍යම අධියරයේදී එම කාර්යය කල හැකිය.



    මතු සම්බන්ධයි​




    Source:popularmechanics.com

    -HarshaLulzSec-
     

    Similar threads