ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.
බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.
කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.
අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
කොරනෙල්. පොලිසිය, ග්‍රාමසේවක අදාළ වෙන්නේ නෑ ඒ මරණේ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා පැය 24කට වඩා ගිහිල්ලා සිද්ද වෙච්ච මරණයක් නම්. පැය 24කට වඩා අඩු නම්, ගෙදරදී සිද්ද වෙච්ච මරණයක් වගේ දේවල් වලදී විතරයි ඔය තුන් දෙනා අදාළ වෙන්නේ. ඒත් ග්‍රාම සේවක ගැන නම් දන්නේ නෑ මොකට අදාළ වෙනවද කියල.
බොඩිය ගෙනියන්න එන අයටවත්, එම්බාම් කරන එක්කෙනාටවත් අමුතුවෙන් සල්ලි දෙන ක්‍රමයක් නෑ.
ඉස්පිරිතාලේ මොචරියේ ඉන්න අයට නම් කීයක් හරි දෙන්න ඕන කුල්රූම් එකේ මිනිය දාලා තියන්න නම්. ඒකත් ඉතින් මරණ පරීක්ෂනයක් කරනවා නම් විතරයි. අනික ඒකත් දෙන්නම ඕන කියල එකක් නෑ.
මල්ශාලාවෙන් එහෙම ඇවිල්ලා බලල යන එකක් ගැන නම් දන්නේ නෑ. අනික එහෙම ආවා කියල එන එන වෙලාවට සල්ලි දෙන සිරිතක් තියාගන්න ඕනත් නෑ.