මළබද්ධයේ_මන්ත්‍රීවරු
කතානායක පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවත් මළබද්ධයේ මන්ත්‍රීවරු රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට අපහාස කරති: සීනුව ගසා කතානායක ජනාධිපති පුටුවල හිඳ රඟපාති
ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම අතර තුර මළබද්ධයේ සහ ජවිපෙ මන්ත්‍රීවරු කඩාකප්පල් කාරී ලෙස හැසිරීම නිසා පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව යළි පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන බවට අඟවමින්, සහ පාර්ලිමේන්තු කටයුතු රඟදක්වමින් මළ බද්ධයේ මන්ත්‍රී පිරිසක් විසිළු රූපයෙන් හැසිරෙමින් රටක ගරු කළ යුතු ව්‍යවස්ථාදායක සභාව හෙවත් උත්තරීතර පාර්ලිමේන්තුව අපහාසයට ලක් කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න කතානායක අසුනෙහි අසුන්ගෙන යම් යම් දේ ප්‍රකාශ කරන්නට වූ අතර ප්‍රසන්න රණතුංග ජනාධිපති අසුනෙහි අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
මෙම අපහාසාත්මක රඟදැක්වීම සිදුවූයේ මෙලෙස ය. පෙරවරු 11.45 ට සභාවේ කටයුතු සම්ප්‍රදායානුකූලව කතානායකවරයා විසින් අත්හිටුවීමට පියවර ගත්තේය.
මාධ්‍යවේදී ගැලරියේ රැඳී සිටි මාධ්‍යවේදීන්ද මාධ්‍යවේදීන්ගේ කාමරය වෙත පැමිණි අතර දහවල් 12.00 ට පමණ පාර්ලිමේන්තුව යලි රැස්වන සීනුව නාද වන්නට වූයෙන් මාධ්‍යකරුවෝ මාධ්‍ය ගැලරිය වෙත යළි ගියහ. මළබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබේ රැඳී සිටි අතර මහින්දානන්ද අලුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන කතානායක අසුන වෙත කැඳවාගෙන ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා රඟපෑ යෝජනාවෙන් පසුවය.ඉන් පසුව රන්ජිත් සොයිසා හා ප්‍රසන්න රණවීර කතා කරන අයුරින් රඟ දැක්වීමක් සිදුකළහ.
ප්‍රියංකර ජයරත්න කතානායක අසුනෙහි අසුන්ගෙන විගඩම් පෑ අතර ප්‍රසන්න රණතුංග ජනාධිපති අසුනේ හිඳ ගෙන රඟපෑවේය.රටේ ව්‍යවස්ථාදායක සභාවට සාහසික ලෙස අපහාස කරමින් විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් එළවීමට කටයුතු කළ යුතු යැයි ඇමැති රාජිත සේනාරත්න මහතා ලංකාදීපයට පවසා තිබිණ. ඉදිරියේ දී ද අසාධාරණ වර්ජනවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් රටේ ඇති සියලූ නීතින් ඒවාට එරෙහිව යොදා ගන්නා බවත් රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.