මළබද්ධයේ_මන්ත්‍රීවරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මළබද්ධයේ_මන්ත්‍රීවරු

කතානායක පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවත් මළබද්ධයේ මන්ත්‍රීවරු රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට අපහාස කරති: සීනුව ගසා කතානායක ජනාධිපති පුටුවල හිඳ රඟපාති



Parliament_out_look17.jpg


ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම අතර තුර මළබද්ධයේ සහ ජවිපෙ මන්ත්‍රීවරු කඩාකප්පල් කාරී ලෙස හැසිරීම නිසා පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව යළි පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන බවට අඟවමින්, සහ පාර්ලිමේන්තු කටයුතු රඟදක්වමින් මළ බද්ධයේ මන්ත්‍රී පිරිසක් විසිළු රූපයෙන් හැසිරෙමින් රටක ගරු කළ යුතු ව්‍යවස්ථාදායක සභාව හෙවත් උත්තරීතර පාර්ලිමේන්තුව අපහාසයට ලක් කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න කතානායක අසුනෙහි අසුන්ගෙන යම් යම් දේ ප්‍රකාශ කරන්න‍ට වූ අතර ප්‍රසන්න රණතුංග ජනාධිපති අසුනෙහි අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.‍
මෙම අපහාසාත්මක රඟදැක්වීම සිදුවූයේ මෙලෙස ය. පෙරවරු 11.45 ට සභාවේ ක‍ටයුතු සම්ප්‍රදායානුකූලව කතානායකවරයා විසින් අත්හිටුවීමට පියවර ගත්තේය.


මාධ්‍යවේදී ගැලරියේ රැඳී සිටි මාධ්‍යවේදීන්ද මාධ්‍යවේදීන්ගේ කාමරය වෙත පැමිණි අතර දහවල් 12.00 ට පමණ පාර්ලිමේන්තුව යලි රැස්වන සීනුව නාද වන්නට වූයෙන් මාධ්‍යකරුවෝ මාධ්‍ය ගැලරිය වෙත යළි ගියහ. මළබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබේ රැඳී සිටි අතර මහින්දානන්ද අලුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන කතානායක අසුන වෙත කැඳවාගෙන ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා රඟපෑ යෝජනාවෙන් පසුවය‍.ඉන් පසුව රන්ජිත් සොයිසා හා ප්‍රසන්න රණවීර කතා කරන අයුරින් රඟ දැක්වීමක් සිදුක‍ළහ.


ප්‍රියංකර ජයරත්න කතානායක අසුනෙහි අසුන්ගෙන විගඩම් පෑ අතර ප්‍රසන්න රණතුංග ජනාධිපති අසුනේ හිඳ ගෙන රඟපෑවේය.රටේ ව්‍යවස්ථාදායක සභාවට සාහසික ලෙස අපහාස කරමින් විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත‍්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් එළවීමට කටයුතු කළ යුතු යැයි ඇමැති රාජිත සේනාරත්න මහතා ලංකාදීපයට පවසා තිබිණ. ඉදිරියේ දී ද අසාධාරණ වර්ජනවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් රටේ ඇති සියලූ නීතින් ඒවාට එරෙහිව යොදා ගන්නා බවත් රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් අපි මොකක්ද කරන්න ඕනෙ,බනින්න ඕනද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකාබද්දේ විතරක් නෙවේ ඉන්න ඔක්කොමල්ල ඔය වගේ තමා, අවස්තාව එන්න විතරයි ඕනේ සත්තු වගේ හැසිරෙන්න.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය මිනිස්සුන්ට වරදක් නෑ.. ඕකුන්ව පත් කරපු මිනිස්සුන්ට තමයි බනින්න ඕනේ.. ඕකුන් රට කනවා කියලා දැන දැනත් ආයේ ගෙනල්ල ඉන්දෝන උන්ට තමයි හෙන ගහන්න ඕනේ :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය බැල්ලිගෙ පුතාලා දන්නෙ ඔච්චර නෙ ඉතින්
    රට වෙනුවෙන් වැඩක් කරන්න කොන්ද නැති බල්ලෝ