ම්ලේච්ඡ මිනිසා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ම්ලේච්ඡ මිනිසා

    මරණයේ කෝටාව

    48414790_1457465831050007_2730002155321688064_n.jpg

    මෙම ඡායාරූපයේ සිටින මිනිසාගේ නමකට. ඔහු මේ බලා සිටින්නේ කපා දමන ලද ඔහුගේ සිඟිති දියණියගේ අත්,පා දෙස යි. මේ හද සසල කරවන ඡායාරූපය ගනු ලැබුවේ ඇලිස්‌ සීලි හැරිස්‌ විසිනි. ඇය විසින් ලියනු ලැබූ Dont Call Me Lady නම් ග්‍රන්ථයෙහි මේ ඡායාරූපයත් සමඟ දිග හැරෙන අමානුෂීය වූ ද, දුක්‌ඛදායී වූ ද කතාන්දරය, අප්‍රිකානු කොංගෝ රාජ්‍ය ඉතිහාසයෙහි සැඟව ගිය අතිශය අඳුරු වූ ද, අතිශය ම්ලේච්ඡ වූ ද පැතිකඩක්‌ නිරාවරණය කරන්නේ ය. 'කොංගෝව යටත් කර ගත් බෙල්ජියන් ජාතික සුදු පාලකයන් විසින් දිනපතා සැපයිය යුතු රබර් කිරි සලාකයක්‌ ස්‌වදේශිකයන් හට නියම කරන ලද්දේ ය. එක්‌ දිනක න්සාලා නම් මේ ස්‌වදේශිකයාට එකී සලාකය සම්පූර්ණ කරගත නොහැකිවන්නේ ය. සුදු පාලකයන් විසින් ඔහුට නියම කරන දඬුවම වන්නේ ඔහුගේ පස්‌ හැවිරිදි බෝලි නම් දියණියගේ අතක්‌ සහ පාදයක්‌ කපා දැමීමයි. එයින් නොනවතින ඔවුහු ඇය මරා දමා න්සාලාගේ බිරියද මරා දමන්නෝ ය. ඉන් පසුව මේ ම්ලේච්ඡයෝ ඔහුගේ ආදරණීයයන්ගේ මළ සිරුරු ඔහුට තෑග්ගක්‌ ලෙස එවන්නෝ ය. ඔවුන්ගේ කෲරත්වයට එරෙහිව නැඟී සිටින්නට මේ අසරණයන්ට ශක්‌තියක්‌ නොමැත්තේ ය. මේ එක්‌ උදාහරණයක්‌ පමණකි.

    තමන්ගේම ඉඩම්වල කුලීකරුවන් ලෙස වැඩ කිරීමට ඔවුනට සිදුව තිබේ. තම යුරෝපීය රාජකීය පරපුර මැවූ දෙවියන් විසින්ම මේ අප්‍රිකානු මිනිසුන්, ගැහැනුන් හා දරුවන් මවා ඇති බව ලියෝපෝල්ඩ් පිළිගන්නේ නැත. කොටින්ම ඔවුන් මනුෂ්‍යයන් බව ඔහු පිළිගන්නේම නැත.' 1885 බර්ලින් සමුළුවේ සම්මත වීමෙන් මධ්‍යම අප්‍රිකාවේ ප්‍රාන්තයක්‌ වූ නිදහස්‌ කොංගෝ රාජ්‍යය, බෙල්ජියමේ දෙවැනි ලියෝපෝල්ඩ් රජු යටතට පවරා දෙනු ලැබීය. ඔහුගේ අවුරුදු 23 ක (1885-1908) පාලන කාලය තුළ දරුවන් ද ගැහැනුන් ද ඇතුළු අප්‍රිකානුවන් මිලියන 10 කට අධික සංඛ්‍යාවකට පහර දීමෙන්, අත්, පා හා ලිංගේන්ද්‍රියන් කපා දැමීමෙන් තිරිසන් සතුන්ටත් අන්ත ලෙස මරා දමන ලද්දේ ය. වැඩ කිරීමට බල කරමින් සිර කොට නිරාහාරව තබන ලද්දේ ය. ගම් පිටින් ගිනි තබා අළු කරන ලද්දේ ය.

    කොංගෝ රාජ්‍යයේ ස්‌වභාවික රබර් සම්පත සූරා ගැනීම සඳහා ABIR කොංගෝ සමාගම (Anglo Belgian India Rubber Company) නම් සමාගමක්‌ එකී යටත් විජිත පාලනය විසින් පිහිටුවන ලදී. ඉන් පසුව ස්‌වදේශිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත් සමාගම ඔවුන්, ඔවුන්ගේම ඉඩම්වල කුලියට වැඩ කිරීමට යොදවන ලද්දේය. කළු සම නිසාම මනුෂ්‍යයන් සේ සලකනු නොලැබූ ඔවුන්ගේ ලෙයින්, කඳුළෙන් හා දහඩියෙන් නිපදවෙන එක්‌ රබර් කිලෝග්‍රෑමයකින් සමාගම දස ගුණයක්‌ ලාභ ලැබීය. නියමිත දෛනික රබර් කෝටාව සැපයිය නොහැකි වූවිට දඬුවම මරණයයි. සමාගම එකී කාරිය ඉටු කිරීම පවරන ලද්දේ කුලී පදනම මත ලබා ගත් ප්‍රංශ භටයන් හට ය. ඔවුනට අණ ලැබෙන්නේ රබර් කෝටාව සම්පූර්ණ නොකළවුන් වෙඩි තබා ඝාතනය කොට අත් කපා ගෙන වුත් ඉදිරිපත් කරන ලෙසට ය. මේ නීතිය පනවන ලද්දේ සමාගම විසින් ඔවුනට සපයා තිබෙන පතරොම්, වන සතුන් දඩයම් පිණිස පාවිච්චි කිරීම වැළැක්‌වීමටය. මේ නිසාවෙන් දඩයම් පිණිස වැය වූ පතරොම් හිලව් කිරීමට නිර්දෝෂී අහිංසකයන්ගේ අත් දන් දීමට සිදු වීම සුලබ දෙයක්‌ විය. අත් කපා ගැනීම පිණිස අහිංසකයන් මරා දැමීම ඊටත් වඩා සුලබ දෙයක්‌ විය. ලියොන් ෆිවෙස්‌ නම් රාජ්‍ය නිලධාරියකු පිළිබඳව ත්ස්‌වම්බේ නම් ස්‌වදේශිකයකු පැවසූවක්‌ කතෝලික පූජකවරයකු විසින් සඳහන් කර ඇත්තේ මෙසේය. 'සෑම කළු ජාතික ස්‌වදේශිකයකුම මේ මිනිසා හැඳින් වූයේ සමකයේ යක්‌ෂයා ලෙසයි.... කුඹුරේ මරා දමා තිබූ සියලුම මළ සිරුරුවල අත් ඉවත් කර තිබුණි. එක්‌ එක්‌ සොල්දාදුවන් කොපමණ සංඛ්‍යාවක්‌ ඔවුන්ගේ කූඩවලට අත් එකතු කර ගෙන තිබුණා දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍යව තිබුණා. කෝටාව සැපයීමට අපොහොසත්වීම නිසා ගම්මානයක්‌ සහමුලින්ම අතු ගා දමනු ලැබුවා. බොයෙකා ගම්මානයේදී, එක්‌ සොල්දාදුවකු විශාල දැලකට ඇතුළු කරගත් ස්‌වදේශිකයන් 10 දෙනකු එම දැල තුළට විශාල ගල් පටවා ගඟට තල්ලු කර දැමුවා. ඔවුන් එකකුවත් ගොඩ ආවේ නැහැ. තමන්ගේ මව්වරුන්, සහෝදරියන් දූෂණය කරන ලෙස ස්‌වදේශික තරුණයන්ට අණ කරන ලද්දේ ය. ඊට කැමති වන්නන් මරා දමන ලදී. එක්‌ කනිෂ්ඨ යුරෝපීය නිලධාරියකු මෙසේ පැවසී ය. එකී අණට විරෝධය පෑ ගම්මානයක්‌ම වනසා දමන්නට නියෝග කරන ලදී. ගැමියන්ගේ බෙලි කපා උන්ගේ හිස්‌ ගම වටා වූ දඬු වැටෙහි එල්ලන ලද්දේය. ගැහැනුන් හා දරුවන් කුරුස ආකාරයට එල්ලනු ලැබීය.

    ස්‌වදේශිකයකු මරා දමනු පළමු වරට දුටු ඩෙන්මාර්ක මිෂනාරිවරයකු පැවසුවේ, 'එය එතරම් හිතට ගන්නට එපා, යයි සොල්දාදුවකු පැවසුවා. ඔවුන් රබර් ගෙන ආවේ නැතිනම් අප ඔවුන්ව මරා දමනවා. අප ගෙනෙන අත් ප්‍රමාණය අනුව අපව අගය කරන බවට කොමසාරිස්‌ අපට පොරොන්දු වී තිබෙනවා.'

    නිමල් ෆ්‍රැන්සිස්‌
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    leopold ii kiyanne hitler stalin wagema godak marana walata waga kiyanan one kenek eth kuruth wadiya katha karanne nathi charithayak Force Publique use karala thanikarama congo wala minisunge sampath huran kawa witharak newi minisunta wada dela maruwa

    leopold ii ge ideology eka godak radical paththata barai hariyata hitler and stalin wage loke lokuma minimaruwao thamai radical ideology eka thiyana palakayo.
     
    • Like
    Reactions: AnuradhaRa

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,054
    1
    28,514
    113
    ඔය කැරි රටවල් isis කාරයන්ගෙන් හරි කමක් නෑ වැනසිලා යන්න ඕන. මුන් ජිනීවා වල අපිට වැදි බන කියන කොට මේ වගේ photo එකක් පෙන්නල උන්ව පජාත කරන්න කොන්ද පන ඇති නායකයෙක් නෑනෙ ඇත්තටම.

    යකෝ බලගෙන යනකොට ගඩාෆි හොදයිනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිරියේ සුද්දගේ හොද කියන උන්ට රිදෙයි යකෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Othana thiyana prashne, e kale suddo african black jathikayanwa minissu lesa pili noganima...

    Api, kukullu , uro diha balana widiyata thamai suddo negro karayo diha baluwe..

    Oya suddo amanushika na, oka e kale waraddak..

    Mechchara diyunu loke sinhala minissu tamils la diha balanne kohomada! Sakkili jathiyak kiyala..

    Intersex/transgender unta salakanne kohomada api!

    Poddak hithala balapan.,
     
    ඔව් ඔව් සුද්දෝ බබාලා...නලවපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Othana thiyana prashne, e kale suddo african black jathikayanwa minissu lesa pili noganima...

    Api, kukullu , uro diha balana widiyata thamai suddo negro karayo diha baluwe..

    Oya suddo amanushika na, oka e kale waraddak..

    Mechchara diyunu loke sinhala minissu tamils la diha balanne kohomada! Sakkili jathiyak kiyala..

    Intersex/transgender unta salakanne kohomada api!

    Poddak hithala balapan.,

    ලංකාවෙ උඹ ඔය කියන තරං ලොකු ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වෙලා ඇවිස්සුන වෙලාවක කරන දෙයක් ඇරෙන්න අනික් වෙලාවට සිංහල දෙමල අය ඉන්න විදිහ බලපං. විශේෂයෙන් කඩේක එහෙම. සුද්දො වගේ මූණටම discriminate කරන ගතියක් ලංකාවෙ නෑ. අවුලක් තිබ්බත් එවෙලෙ හොඳ මූණ පෙන්නනව.

    ඒක ඒ කාලෙ ලෝකෙ හැටියක් නෙමේ සුද්දන්ගෙ සංස්කෘතියෙ තමා අවුල තිබ්බෙ. ඒ කාලෙ දේශගවේශණය කරන්න පුලුවන් කම තිබුණු ජාති ඕනෙ තරං හිටිය. ඔහොම මිනී මර මර දූශණය කර කර කොල්ල කකා ගියෙ උන් විතරයි. චීනෙ ගැන එහෙම හොයල බලපං. කොලම්බස්ගෙ නැව් බෝට්ටු චීන්නු ගාව එක්දාස් එකසිද දෙසිය ගනං වල තිබ්බ නැව් එක්ක බලද්දි. ඒත් උන් කොලම්බස් වගේ කන්න බොන්න දීල සලකපු මිනිස්සු මෝඩයො විදිහට දැකල උන්ව මරල දේපල කොල්ලකෑවෙ නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Othana thiyana prashne, e kale suddo african black jathikayanwa minissu lesa pili noganima...

    Api, kukullu , uro diha balana widiyata thamai suddo negro karayo diha baluwe..

    Oya suddo amanushika na, oka e kale waraddak..

    Mechchara diyunu loke sinhala minissu tamils la diha balanne kohomada! Sakkili jathiyak kiyala..

    Intersex/transgender unta salakanne kohomada api!

    Poddak hithala balapan.,

    Ehenam ahawal pakatada ban acrica gihin unge properties allagena unge blood ma bonne , unge natural ewsources serama sudda suck kara gatta tama gold walata ehema karanawa , gulf allan natrual gas , ould suck karanawa lankawata awilla muthu manik , ath dala athhu gas kolab serama aran giya okun tamay ban me loke destroy karanne uba aulak ganna epa atta ekane
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ උඹ ඔය කියන තරං ලොකු ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වෙලා ඇවිස්සුන වෙලාවක කරන දෙයක් ඇරෙන්න අනික් වෙලාවට සිංහල දෙමල අය ඉන්න විදිහ බලපං. විශේෂයෙන් කඩේක එහෙම. සුද්දො වගේ මූණටම discriminate කරන ගතියක් ලංකාවෙ නෑ. අවුලක් තිබ්බත් එවෙලෙ හොඳ මූණ පෙන්නනව.

    ඒක ඒ කාලෙ ලෝකෙ හැටියක් නෙමේ සුද්දන්ගෙ සංස්කෘතියෙ තමා අවුල තිබ්බෙ. ඒ කාලෙ දේශගවේශණය කරන්න පුලුවන් කම තිබුණු ජාති ඕනෙ තරං හිටිය. ඔහොම මිනී මර මර දූශණය කර කර කොල්ල කකා ගියෙ උන් විතරයි. චීනෙ ගැන එහෙම හොයල බලපං. කොලම්බස්ගෙ නැව් බෝට්ටු චීන්නු ගාව එක්දාස් එකසිද දෙසිය ගනං වල තිබ්බ නැව් එක්ක බලද්දි. ඒත් උන් කොලම්බස් වගේ කන්න බොන්න දීල සලකපු මිනිස්සු මෝඩයො විදිහට දැකල උන්ව මරල දේපල කොල්ලකෑවෙ නෑ.

    It's true what u stated about the chinese. Chinese people were a product of Confucianism and buddhism.

    But the white were a product of judeo- Christian mentality, which advocated slavery.etc

    My point is that whites weren't inherently bad,.they just grew up under an indoctrination which advocated the things they did. Just like sinhalese thought it's ok to bbq tamils.

    Most European races never got mixed, but now Europeans are much more humane compared to those days, with the progressive condemnation of judeo Christian vslues
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehenam ahawal pakatada ban acrica gihin unge properties allagena unge blood ma bonne , unge natural ewsources serama sudda suck kara gatta tama gold walata ehema karanawa , gulf allan natrual gas , ould suck karanawa lankawata awilla muthu manik , ath dala athhu gas kolab serama aran giya okun tamay ban me loke destroy karanne uba aulak ganna epa atta ekane

    Uba oya kiyanne dan story ekada issara story ekada?

    Dan nam owa karanne businessmen la, race eka adala na...

    Avarage white minissu oya dewal walata kamathi na issara wage