ඔව් මචං, අපි කරන පව් අපිට සාධාරණයි වගේ පේන්නෙඔයා දැන් කියාවි සිංහයා මස් කන්නේ බඩ ගින්නටයි, උට තණකොළ කන්න බෑනේ කියල. ඔව් හරි. උ කරපු පවු වල හැටියට තමා උට ආයේ ගැලවීමක් නැති වෙන්නම වැඩේ සෙට් වෙලා තියෙන්නේ. තිරිසන් ආත්ම උනත් සමහර සත්තු ඉන්නවා ඊළඟ ආත්මේ තිරිසන් ලෝකෙන් මිදෙන්න පුළුවන් විදියට කර්ම විපාකය ලැබිල තියන. උදා : අලියා. ඔය මාංශ භක්ෂක සතුන්ගේ මරණාසන්න චේතනාව වෙන්නෙත් ගොඩක් වෙලාවට ගොදුරක් ගැන සිතීම තමා. සිංහයෙක් වයසට ගිහිල්ල වැහැරිලා දඩයමක් කරගන්න බැරි තරමට දුබල වුනාම උගේ හිතේ තියෙන්නෙම අනේ මට සතෙක් මරන් කන්න ලැබෙනවා නම් කියන සිතුවිල්ලම තමා. ඉතින් ඊලග ආත්මෙත් සොරිම තමා.