උබ ඔහොම කියනවා නේද?මචෝ මගෙ කුඩා කාලේ ඉදලම අම්මා තාත්තා මම දැකලා තිබුනේ නෑ.අම්මව නම් එක පාරක් දැක්කලු ඒ අවුරුදු 4දි වගේ.මොකාටද ඒ පොඩි කාලේ දැකපු අය මතක තියෙන්නෙ.මමත් උබ වගේ ඉස්කෝලෙ යනකාලේ ඉදලම කෙල්ලො කියන එවුන් දිහා බැලුවෙ නෑ.මොකද මගෙ එකම ආසාව උනේ මාව හදාගත්තු කිරි අම්මට මම ලොකුවෙලා සලකනවා කියන එක.ඒත් සාමාන්‍ය පෙළ විතරයි මට කරගන්න පුළුවන් උනේ.ඉස්කෝලෙන් ගුරු දෙගුරු රැස්වීමක් තිබුනොත් එදාට මම ඉවරයි.ගමේ හැම තැනම අනාථයා කියන ලේබල් එකක පිටටම සීල් කරලා තිබුනේ.ඒත් මම ආසාවෙන් සාමාන්‍ය පෙළ කරපු නිසා මට 9/8ක් ගන්න පුළුවන් උනා.ඒත් උසස් පෙළ කරන්න හිතුනේ නෑ
කොහොම හරි මට රට යන පිස්සුව නම් ඔලුවට වැදිලා තිබුනා ෆට්ට විදිහටම.ඒත් වයස නෑ.මොනවා කරන්නද කියලා ගිහින් ගමේ වී මෝලක වැඩ කෙරුවා.කොහොමද අවුරුදු 17ට කිලෝ 70,75 වී මිටි කරගහද්දින්.අව්වෙ ඒවා තම්බලා වේලන්න ඔනා.ගෙදර ඇවිත් ඇඟ කහන්නෙ පනාවෙන්.ඔහොම අවුරුද්දක් විතර වැඩ කෙරුවා.දවසට 450යි.උබට කියන්න අමතක උනා.මගෙ තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 2න්,අම්මා මාව දාලා රට ඇවිත් තියෙන්නෙ මාස 5න්..කොහොම හරි ඔය විදිහට වැඩ කරගෙන ඉන්න ගමන් මට ඩුබායි යන්න සෙට් උනා කුරුණැගල ග්‍රීන් වේ ඒජන්සි එකෙන්.මමත් හොරාට පොත හදලා ඩුබායි ගියා.බලද්දින් අම්බ කට්ටක්.මාසෙටම 17000යි,කන්නත් ඔනා ඒකෙන්,එහෙම මාස තුනක් කට්ට කාලා ආයෙ ලංකාවට ආවා.ඒද්දින් තමයි කොල්ලො මම ලැප් එකක් ගෙනාවෙ.ඒ මගේ පළවෙනි ලැප් එක.ජීවිතේ කවදාවත් ඉන්ටර්නෙට් කියන්නෙ මොනවද කියලා නොදැන හිටපු මම කුරුණැගල ඩයලොග් එකෙන් ඩොන්ගල් එකක් ගත්තා රුපියල් 5000ට.
ගමේ එව්න්ගෙනුත් අහගෙන ෆේස් බුක් එකවුන්ට් එකකුත් ඇරගෙන කොල්ලා චැට්.ඔතනින් කෙල්ලක් සෙට් උනා මට.කීවේ නෙදර්ලන්ඩ් ඉන්නවා කියලා.මේකි උපාසක තාලෙට මාත් එක්ක කතා කෙරුවේ.මමත් දුක් විඳලා තියන එකෙක් නිසා ඒකිට පන උනත් දෙනවා කිය්ලා හිතාගෙන බොක්කෙන්ම ලව් කෙරුවා.අවුරුද්දකුත් මාස 4ක් ගියාට පස්සෙ ඒකි ලංකාවට අවා.බොක්කටම වැදිලා තිබුනේ ඒකිව ඒ වෙද්දින්.ඉතින් මම කටුනායකට ගිහින් ඒකිව උන්ගෙ ගෙදර දාලා මහ රෑ 3ට විතර කිලෝමීටර 9ක් විතර පයින් ආවා.ඒ බස් නැති කට්ට කැලෑවක.ඔහොම ලංකාවෙත් ලව් එක මාස 5ක් විතර ගෙනිච්චා.මේකිට මාව බඳින්න ඔනා කීවා.මමත් මගෙ ප්‍රථම ආදරේ හිතේ තියාගෙන හා කීවා.කොහොමෙන් කොහොම හරි මම දවසක් මේකිත් එක්ක කුරුණෑගල පාක් එකට ගියා.ගිහින් බත් එකක් කාගෙන ඉද්දින් මේකිගෙ ෆෝන් එක වයිබ්රේට් වෙනවා ඇහුනා.ඒත් ඒකිට ගානක් නෑ.
ඒකි අතහොදාගන්න ගිය ගමන් මම ෆෝන් එක අරගෙන නම්බර් එක මීටර් කරගත්තා.ඒකි ගියාට පස්සෙ මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.අරගන බලද්දින් රයිගම කොල්ලෙක්.මම උගෙන් ඇහුවා මෙහෙම නම්බර් එකකට උබ කෝල් ගත්තා මචෝ.මගෙ වයිෆ්ට උබ ගත්තෙ කොහොමද අඳුරන්නෙ කියලා ඇහුවා.මූ ගත් කටටම කීවා උබත් ඇන්දුනාද බන්.ඔකිට අහුවෙන්න එපා වස බඩුවක් මම මේ ගහන්න කතා කලේ කියලා.අහස පොලොව කැරකෙනවා වගෙ දැනුනා.ඒත් දත් මිටි කාගෙන අහගෙන හිටියා.මූ කීවා දැන් ඌ වරායෙ වැඩ කරන්නෙ වරෙන් පුළුවන් නම් කොළඹ කොටුවට කියලා.මමත් එදාට පහුවදාම ගියා.හරියටම ඌත් වෙලාවට ඇවිත් හිටියා.මගෙ ප්‍රථම ආදරෙ ගැන කියන්න මොනවද ලියුම් කවරෙකත් තිබුනා.අපි එහෙමම කතාව පටන් ගත්තා.මූ කියපු කතාවලට ඉන්න තැන අමතක උනා.මේකි සිංගප්පුරුවේ ඉදලා තියෙන්නෙ.එහෙත් ගනිකාවක්.මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා අහපු ගමන් මේ මගෙ යාළුවෙක් එක්ක හිටපු ෆොටෝ වගයක් උබ බලපන් කියලා මගෙ අතට දුන්නා
දිලා කීවා මටත් ඌ තමයි එහෙ ඉඳලා නම්බර් එක දුන්නෙ.මේ ෆොටෝ ටික නම් ඊයෙ රෑ ඉ-මේල් එකකින් ගෙන්නවා ගත්තෙ කියලා.මම ෆොටෝ ටික අරගෙන ගෙදරට ආවේ ජීවිතේ කිසිදාක බීවෙ නැති අරක්කු බොතලයක් අරගෙන.මගෙ වයසෙම තවත් එකෙක්ට කතා කරලා ගේ ලග තියන වෙල් යායට ගිහින් වැටෙන්නම බීවා.ටිකක් සිහිය ආවම බීලා අරකිට කතා කෙරුවා.ඒත් මොකුත් කීවෙ නෑ.මම හිතුවෙ මුන් මේ ඉරිසියාවට ෆොටෝ ශොප් වලින් හදලා එවනවා ඇති.ෆෙස් බුක් එකෙ මේකිගෙත් ෆොටෝ තිබුනනෙ කියන මෝඩ සිතුවිල්ලමයි තිබුනෙ හිතේ..මේකි ඒත් බබා වගේ මට ආදරෙන් කතා කෙරුවා.මුන්ගෙ ගෙදර එන්න කීවා.මමත් අම්මා මාසෙ අවසානෙ රට ඉඳන් එවපු සල්ලි වලින් නය බේරලා ගෙදර කන්න තිබුනු සල්ලිත් අරගෙන ගියා මුන්ගෙ ගෙදර.තෑගි දෙන අළුත් ක්‍රමේ එලිෆන්ට් හවුස් එකක් එහෙමත් ගත්තා පොල්ගහවෙල ටවුන් එකෙන්.ගෙදරට ගිහින් අම්මලාටත් විස්තරේ කියලා මම දවල් ටිකක් නිදාගන්න කියලා මේකිගෙ කාමරේට යන්න කීවා
මමත් ගිහින් ටිකක් ඇලවුනා.මේකිගෙ පර්ස් එක තිබුනේ ඇඳ උඩ.ඒක ඇරලා බලපුවාම සුදු කොලේක ඔතලා තිබුනු මෙමරි චිප් එකක් තිබුනා.හොරෙන්ම ඒක සක්කුවෙ කලිසමට දාගත්තා.කොහොම හරි ගෙදර ඇවිත් බලද්දින් මේකි එකෙක් එක්ක තොල දාන සීන් එකක්.ඇඳක් උඩ ඉදගෙන..තොල දාල පෙරලගද්දින් වීඩියෝ එක කට් වෙලා.තව කොල්ලො ගොඩකගෙ ෆොටෝ තිබුනා.මමත් එකත් ලඟ තියාගෙන මේකි ගැන හොයන්න ගත්තා.ආරන්චි මාර්ග අනුව යද්දින් මේකි ඉස්සරලා බැඳපු එකියක්.බැඳලා තියෙන්නෙත් කලින් කියපු රයිගම සයිඩ් එකේ විපුල ශාන්ත කියන එකෙක්.ඌ තමයි එදා මාව හම්බවෙන්න ඇවිදින් ඇත්තෙ කියලා තවත් මට හිතෙනවා.ඒත් එදා ආපු එකා කීවෙ නාමල් කියලා.මේකිට ඉස්සරලා කසාදෙන් ලමයෙක් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.මේකිගෙ අත් පය වලට හෙන ගහලාද කොහෙද රස්සාවට කරලා තියෙන්නෙ ගනිකා වැඩේ.සල්ලි වලින් නම් උපරිම තිබුනා ඒකිට.පස්සෙ පස්සෙ මම ඒකිගෙන් අයින් උනා.මතක් වෙන වෙන පාරට අඬන්න ගත්තා.බොන්න ගත්තා.
බීවෙ නැති නම් ගංජා හරි ගහනවා.එහෙම ජීවිතයක් මට තිබුනා.උබට කියන්න දුකම සිද්ධිය තමයි මේකිට පිස්සු වැටිලා හිටපු කාලේ වයස අවුරුදු 67ක් උනු මගෙ කිරි අම්මා ගෙදරට කන්න උයලා තියෙන්නෙ කුලී වැඩ කරලා..දෙයියනේ වෙල් ගානේ ගොයම් කපලා..එහෙමම ජීවිතේ කලකිරුනු පිම්මට මම අම්මා ලගට ආවා.ඇවිත් බලද්දින් අලි මදිවට හරක්.අම්මා මෙහෙන් බැඳලා.ලමයෙකුත් ඉන්නවා.ඔනා දෙයක් උනාවෙ කියලා දැන් වැඩ කරගෙන තනියෙන් කාමරයක් අරගෙන ඉන්නවා.දැන් නම් ගෙවල් හදලා.සේරම නය බරින් නිදහස් වෙලා ඉන්නෙ.ඒත් පහු ගිය අතීතෙ මතක් වෙද්දින් අදටත් ජීවිතෙ ගැන කළකිරෙනවා.ඒත් මම මේ දේ කීවෙ උබට බොන්න එපා කියන්න ඔනා නිසා.මොකද මට ඔච්චර ප්‍රශ්න වෙලත් මම බීවෙ සතියට 3,4 පාරක්.බීලා ප්‍රශ්න විසඳන්න බෑ.අදටත් මම කෙල්ලො කියන හැත්තට වෛරකරනවා![]()
මට උඹ ගෙනත් ගොඩක් දුකයි.
කවද හරි මගේ කතාවත් ඉවර වෙනකල්ම කියවල බලපාන.
මගේ කතාව මොකක්ද කියලා.
සමහර විට හිතයි, මේක මේ ෆිල්ම් වල වෙනවා වගේ සීන් එක්කනේ කියලා.\හැබැයි මේ කිසිම දෙයක් බොරු නෙවෙයි,
සහතික ඇත්ත.
මේ වචන වලට හැරෙන්නේ මගේ දුක වෙන්න ඇති.



මැදැයි උබත් එක්ක සැට් වෙන්න කියලා හිතුවා
මෙහෙම දෙයක් දන්නවා නම් මම කිසිදෙයක් කියන්නෙ නැ
එකනෙ එකනෙ ජීවිතෙ හැරි ඔහොමයිලු එවා තෙරුම් අරන් ජිවත් වෙන එකයි කරන්න තියෙන්නෙ
උදව් ඔනවෙන ඕනම් වෙලාවක කියපන් අපි ඉන්නවා සප් එකට
අයියො සල්ලි කිව්වා




