niyamai machan
Ohomama Anuradapure pathteth sancharayak dammanam maru........
Maxxa machan....
MaxxA
harima wedagath machan... me welawe rep denna belu... harima wathinawa. nikan train eke mathara giya wage. hema dema niyameta dala tibuna ... kandy awa wlawakaka set wemu api




) Rep + මෑක්සා මචන්, පට්ට ....
(කෝචිචි ගෑන හොදට දන්නවා වගේ, එල එල මොනව හරි දෑන ගන්න ඕනෙ උනොත් අහන්නම් හොද්) Rep +



නියමයි මචන්. හරියට අපිත් උබත් එක්ක මාතර ගියා වගෙ. අපි train එකෙ ගියාට කවදාවත් උවමනාවෙන් වටපිටවත්, train දිහාවත් බලන්නේ නැහැ ෙනේ.
ලස්සනට ගමන විස්තර කරලා දුන්නට ෙබොහොම ඉස්තුති.![]()
ඔන්න ගාල්ලට ආවා.
![]()
ගාල්ල දුම්රිය ස්ථානය, අපේ දුම්රිය මාර්ග පද්ධතියේ ප්‍රධාන සන්දිස්ථානයක්. ගාල්ල දුම්රිය පොල පිහිටලා තියෙන්නේ V හැඩයට. එක පැත්තකින් එන කොළඹ දුම්රිය මාර්ගයත්, අනිත් පැත්තෙන් එන මාතර දුම්රිය මාර්ගයත් එකතු වෙන්නේ ගාල්ලේ. (V අකුරේ මුල්ලේ ආකාරයට) ගාල්ලට පැමිනෙන හැම දුම්රියක්ම (DMU හැරෙන්නට) මේ නිසා දුම්රිය ඇංජිම දුම්රියේ අනෙක් පසට ගලවා සම්බන්ධකරනවා.
ගාල්ල දුම්රිය පොලට ඇතුල් වෙනකොටම ඈතින් මම දැක්කා හැඩකාරයෝ දෙන්නෙක් දුම්රිය ධාවනාගාරය ඇතුලේ ඉන්නවා.
![]()
අපේ ඇංජිම දුම්රියේ අනෙත් පැත්තට සවිකරගන්න වෙලා යන නිසා ගියා ධාවනාගාරය පැත්තට පින්තූර ටිකක් අරගන්න.
![]()
මෙන්න ඉන්නවා M7 805 යි 814යි.
![]()
M7 ඇත්තටම මගී ප්‍රවාහන ඇංජිමක් නෙමෙයි. ඒක shunting වලට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරපු ඇන්ජිමක්. ඒත් ඇංජිමේ ප්‍රබලත්වය නිසා අපේ රටේ මගී හා භාන්ඩ ප්‍රවාහනයට යොදා ගන්නවා. ටොන් 67ක් බර මේ ඇංජිමේ ධාරිතාව අශ්ව බල 1000යි. 1981 එංගලන්ත මහ රැජිනගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි මේ ඇංජින් අපේ රටට ආනයනය කලේ. ඇන්ජින් 16ක් ලංකාවට ආනයනය කලා. ඉන් 803 කියන ඇංජින් එක 1999 වසරේ රඹුක්කනත් කඩුගමුවත් අතරදී සිදුවෙච්ච අනතුරකින් අද වෙනකොට අක්‍රිය තත්වයේ රත්මලාන ධාවනාගාරයේ තියෙනවා. ඒ ඇරෙන්නට අනෙත් ඇංජින් 15ම සක්‍රීය තත්වයේ පවතින්නේ. ඇත්තටම මෙයා හරිම හැඩකාර ඇංජිමක්.
![]()
![]()
![]()
![]()
![]()
ධාවනාගාරයෙන් එලියේ තවත් එකක්. මේ 799.
![]()
![]()
![]()
shunting වලට යොදා ගන්නා තවත් Hunslet වර්ගයේ ඇංජිමක්.
![]()
ගාල්ලෙන් පිටත් වෙන්න අපේ කෝච්චිය සූදානම්.
![]()
ඔන්න අපි පිටත් උනා.
![]()
දුම්රිය මාර්ගය වගේම දුම්රිය පොළවල් සියල්ලක්ම නවීකරනය වෙනවා.
![]()
කටුගොඩ දුම්රිය ස්ථානය.
![]()
![]()
ඉස්සර දුම්රිය සේවයේ දුර සටහන් උනේ සැතපුම් කණු වලින් උනත් අද අලුතෙන් දුර සටහන් වන්නේ කිලෝ මීටර වලින්.
![]()
මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ.
![]()
![]()
![]()
මුහුදුබඩ මාර්ගයේ දිගටම පොල් ගස් තියෙනවා. පොල් ගස හා බැදීච්ච ජීවන රටාවක් තමයි ඉස්සර මේ ප්‍රදේශවල මිනිස්සුන්ට තිබුනේ. අද වෙනකොට නම් මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
![]()
ඔහොම යනකොට ඉස්සරහින් පුස්සෙක් එනවා දැක්කා. ඒ කියන්නේ M5 එකක්.
![]()
![]()
හබරාදූව.
![]()
ගාල්ල මාතර මහා මාර්ගය.
![]()
කොග්ගල නිදහස් වෙළඳ කලාපය ඉදිරියෙන්.
![]()
කොග්ගල දුම්රිය ස්ථානය.
![]()
කතළුව.
![]()
![]()
තනියම සංචාරය කරන එකෙත් අමුතුම ගතියක් තියනවා.
![]()
අහංගම.
![]()
![]()
මිදිගම.
![]()
දිරායන අපේ දුම්රිය සේවය.
![]()
දුම්රිය වංගුවකින්.
![]()
කුඹල්ගම.
![]()
වැලිගමට ආවා.
![]()
![]()
![]()
මිරිස්ස.
![]()
![]()
![]()
![]()
![]()
කඹුරුගමුව
![]()
![]()
වල්ගම දුම්රිය ස්ථානය.
![]()
මාතරට ලඟා උනා.
![]()
මාතර දුම්රිය කාල සටහන.
![]()
අතීත මතකයන් පොදියක් ආවර්ජනය කරමින් මම මාතරට ආවා. ඉස්සර මාතර ඉස්ටේසමෙන් එලියට එනකොට බක්කි කරත්ත පිරිලා. අද වෙනකොට නම් එක බක්කි කරත්තයක්වත් හොයා ගන්න බෑ. ඒ වෙනුවට ත්‍රීවීල් ගොඩාක් ඉස්ටේසම වටේ පිරිලා. තැඹිලි, වෑවර විකුනන වෙලෙන්දන් එක්කෙනෙක්වත් අද ඉතිරි වෙලා නෑ. ඒ සියළු මතකයක් ආවර්ජනය කරමින් දුම්රියපලෙන් මම පිටත් උනා.
![]()
එලකිරි සංචාරකයා හැමදාමත් වගේ ඔයලාගේ යෝජනා,චෝදනා, අදහස්, උදහස් වෙනුවෙන් විවෘත්තයි.
![]()









maxsa ela ela ela ubata niyama denumak thiyenawa![]()


