මාදුළුවාවේ_සෝභිත හිමියන් කල කීදේ බිදක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාදුළුවාවේ_සෝභිත හිමියන් කල කීදේ බිදක්

    මාදුළුවාවේ_සෝභිත හිමියන් කල කීදේ බිදක්

    කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඉන්ද්‍රඛීලයක් සේ පැන නැඟී, පුරා දශක හතරක් මුළුල්ලේ සාධාරණ සමාජයක් බිහිකර ගැනීමේ උත්තුංග මෙහෙවර උදෙසා නොනවතින අරගලයක යෙදුණු, වත්මන් යුගයේ මහා යතිවරයාණෝ :(හිමිපාණෝ අපවත් වූ සේක.

    ශ්‍රී ලංකාව යහපත් දේශයක් කරන්නට සියලු සමාජ පරිහානීන්ට විරුද්ධව යුක්තිය උදෙසා උන්වහන්සේ එසවූ අභිමානවත් ධජය අකල්හි බිම පතිතව තිබේ. සෝභිත හිමිපාණන් සංස්කෘතික සෝදා පාළුවට එරෙහිවත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහාත්, ජාතික සංහිඳියාව උදෙසාත් රටේ සිදුකළ අසමසම අරගලය මෙතෙකින් නිමාවී තිබේ. උන්වහන්සේගේ අභාවය පිළිබඳ පුවතින් ශ්‍රී ලාංකේය ජාතියේ සුසුම්පොද මොහොතකට නතර වූ බව රහසක් නොවේ.


    මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 73 වසරක දිවි මංතලාවේ මතක සටහන් කිහිපයක් මෙසේය.
    1942- මැයි 29
    පතිරගේ ‍ෙදාන් පීරිස් අප්පුහාමි සහ කුරුවිට ආරච්චිගේ කර්ලිනාහාමි දෙපළගේ පුත්‍රයා ලෙස මාදුළුවාවේ වඩු මඩුවකදී උපත ලැබීම. එදා නමින් රත්නසේකර විය.

    1947- රත්නසේකර දරුවා මාදුළුවාවේ බෞද්ධ පාසලකට ඇතුළත් වීම.

    1955- 13 හැවිරිදි රත්නසේකර පස්වන පන්තියෙන් අස් වී මාදුළුවාවේ ගමටත් පාසලටත් ආයුබෝවන් කියා කෝට්ටේ ශ්‍රී නාග විහාරයට මවුපියන් සමඟ පැමිණීම.

    1956- මාදුළුවාවේ සෝභිත හිමි නමින් මුල්ලේරියාවේ රේවත හිමියන්ගේ ගෝලනමක් ලෙස පැවිදි දිවියට පිවිසීම.

    1957- විද්‍යාලංකාර පිරිවෙනට ශිෂ්‍ය හිමිනමක් ලෙස ඇතුළත් වීම.

    1962- ජුනි 15 ශ්‍රී ජයවර්ධනපුර මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබීම.

    1963- විදේ‍යාදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම.

    1964- විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වීම.

    1965- අධ්‍යාපන ඇමැති අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා දේශපාලන පක්‍ෂපාතකම් උඩ ගුරු පත්වීමක් දීමට විරුද්ධව තවත් පිරිස් සමඟ කොළඹ මැලේවීදියේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයකට සහභාගි වී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම.

    1968- කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ පරිවේණාධිපති ධුරයට පත්වීම.

    1969- ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම. විචිත්‍ර ධර්ම කථික ලෙස සම්භාවනාවට පාත්‍රවීම හා ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වීම.

    1970- රජයේ මත්පැන් ප්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා ගුවන් විදුලිය සෝභිත හිමියන්ට ‍ෙදාර වැසීම.

    1977- නැවත ගුවන්විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්වීම සහ ධර්ම දේශකයන් වහන්සේ තේරීමේ මණ්ඩලයටද පත්වීම.

    1978- විධායක ජනාධිපති ක්‍රමයට විරෝධය පළ කිරීම.

    1981- විවෘත ආර්ථිකය සහ රජයේ ජාතික ප්‍රතිපත්ති විවේචනය කිරීම නිසා නැවතත් ගුවන් විදුලියේ ‍ෙදාර වැසීම.

    1983- ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ධර්මිෂ්ඨ සමාජයට විරුද්ධව කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැති සිංහල බල මණ්ඩලයේ රැස්වීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ තවත් පිරිසක් සමඟ සහභාගිව සිටියදී සෝභිත හිමියන් වේදිකාවෙන් බිමට ඇද දමා මැරයන් විසින් නොසෑහෙන්න පහරදීම.

    1987- ජුනි මාසයේ ජේ.ආර්. - රජීව් ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව මවුබිම සුරැකීමේ පෙරමුණ පිහිටුවා පිටකොටුවේ බෝධිය අසල සිදුකළ විරෝධයේදී සෝභිත හිමියන් සිරිමා බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන ආදී නායකයන් හා එක්ව විරෝධය පෑමේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම.

    1987- ජූලි මස සෝභිත හිමියන් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිසියේ සිරකර තැබීම.

    1988- එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව මැයි දිනය තහනම් කළ විට නාරාහේන්පිට අභයාරාම විහාරයේදී මැයි දින රැලිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හා එක්ව පැවැත්වූ අවස්ථාවේ පොලිස් ප්‍රහාරයකට ලක්වීම.

    1990 - වර්ධනය වෙමින් පැවැති සංස්කෘතික හා ආර්ථික සෝදා පාළුවට එරෙහිව පලිපාන ශ්‍රී චන්දානන්ද, දරමිටිපොළ රතනසාර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරුන් සමඟ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම.

    1991 - ජාතික වීර පදනම පිහිටුවීම.

    1992 - බෞද්ධාගමිකයන් අන්‍ය ආගම්වලට හැරවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙනයන වැඩපිළිවෙළට විරුද්ධව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය හා එක්ව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

    1993 - ජනාධිපති ඩී.බී. විජේතුංග සමයේ සෝභිත හිමියන්ගේ බලපෑම නිසාම රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනත සම්මත කිරීම.

    1994 - විධායක ජනාධිපති ක්‍රමයේදී එ.ජා.ප.යේ 17 අවුරුදු ශාපයට විරුද්ධ ජනතා ව්‍යාපාරය මෙහෙයවමින් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන ප්‍රතිඥාව මත චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයට කටයුතු කිරීම.

    1996 - බෞද්ධාගම මුහුණ දෙන ගැටලුවලට විසඳුම් පිණිස තෛ්‍රනිකාය එක්කරමින් ජාතික සංඝ සභාව පිහිටුවීම. සභාපතිත්වය භාර ගැනීම.

    1996 - ජාතික වීර පදනමෙන් ඔයාමඩුවෙහි ඇලපත්ගම පන්සල, පාසල සහිත ආදර්ශ ගම පිහිටුවීම.

    1997 - චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉදිරිපත් කළ පැකේජයට විරුද්ධ ව්‍යාපාරය ඇරැඹීම.

    1999 - දීඝවාපි පුදබිම ඩෝසර් කිරීම වළක්වා ගැනීමට මහ සඟරුවන සමඟ අම්පාරට වැඩම කරවීම.

    2004 - ජාතික වීර පදනම මඟින් සුනාමි විපතේදී විනාශ වූ ගම්මාන ඉදිකිරීම.

    2007 - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙනගිය ඒකාධිපති වැඩපිළිවෙළට ප්‍රසිද්ධියේ විවේචන එල්ල කිරීම.

    2010 - ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව අදහස් පළ කරමින් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම.

    2012 - අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධව රජය අනුගමනය කළ නීති විරෝධී ක්‍රියා පරිපාටිය දැඩි ලෙස විවේචනය කිරීම.

    2012 - සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටුවීම.

    2013 - ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මහජන මතයක් රටේ ඇති කිරීම.

    2014 - බහුජන සංවිධාන 40ක් පොදු මතයකට ගෙන එමින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමටත්, විධායක ජනාධිපති ක්‍රමය ස්ථිරසාර ලෙස අවසන් කොට පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට පෙරමුණ ගැනීම.

    2014 - පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු කොන්දේසි ගණනාවක් මත එකඟතා ගිවිසුමකට අස්සන් තැබීම.

    2015 - සම්පූර්ණ කරගත නොහැකි වූ කොන්දේසි සඳහා නැවත ජනතාව හමුවට යන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම.

    උපුටා ගැනීමකි..

    උදේනි සමන් කුමාර - ලක්බිම
     
    Last edited:
    • Like
    Reactions: magadia and DAMER

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හාමුදුරුවන්ගෙ දේශපාලනය ගොඩක් කට්ටිය අල්ලගත්තෙ වැරදි තැනකින්. උන් වහන්සේ පක්ෂ දේශපාලනයක් කවදාවත් කරෙත් නෑ .... බුද්ධාගම ජාතිවාදී තැනකට ගෙනිච්චෙත් නෑ

    #Respect
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හාමුදුරුවන්ගෙ දේශපාලනය ගොඩක් කට්ටිය අල්ලගත්තෙ වැරදි තැනකින්. උන් වහන්සේ පක්ෂ දේශපාලනයක් කවදාවත් කරෙත් නෑ .... බුද්ධාගම ජාතිවාදී තැනකට ගෙනිච්චෙත් නෑ

    #Respect

    :yes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Indian hamudawa iwath karannath me hamuduruwo handak neguwa needa. ithihasaya nodanna ballo ohe udu buranawa. manussayek merennama one e manussaya karapu honda deewal anith ayata denaganna nam.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා!!!!!!!!
    :( :( :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    හාමුදුරුවන්ගෙ දේශපාලනය ගොඩක් කට්ටිය අල්ලගත්තෙ වැරදි තැනකින්. උන් වහන්සේ පක්ෂ දේශපාලනයක් කවදාවත් කරෙත් නෑ .... බුද්ධාගම ජාතිවාදී තැනකට ගෙනිච්චෙත් නෑ

    #Respect

    aniwa :(:(:(