මාදු ගඟේ සවාරියක්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,329
    1,373
    113
    Colombo
    මාදු ගඟේ සවාරියක්




    ඌරගස්මන්හන්දිය පොල්අතු පළාතේ කඳු මුදුනක සිට ආරම්භ වී සැතපුම් හයක පමණ දුරක් ගෙවා ලාලිත ගමනින් ගලා ගොස් බලපිටිය මෝය කටෙන් මහ සයුර හා එක්වන බලපිටිය මාදු ගං කොමලිය ස්වභාව ධර්මයේ තවත් මනස්කාන්ත වූ අපූර්වතම නිර්මාණයකි. මේ සුන්දර නදිය වඩාත් හැඩ වැඩ වන්නේ ඇයගේ පහස ලබන දූපත් සමූහය නිසාය. සොබා දහම විසින් දකුණු පළාතට උරුම කරදුන් සුන්දර මාදු ගඟ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොව පුරා සංචාරක පරාදීසයක් ලෙස ප්‍රචලිතය.


    268742_136892869724120_111970805549660_267560_5280446_n.jpg



    දූපත් සමූහය, කලපුව, කඩොලාන පද්ධතිය, වඟුරු බිම්, ගොඩබිම්, ඇල මාර්ග ආදියෙන් සමන්විත මාදු ගඟ තෙත්බිමකි. එම නිසා මාදු ගඟ ශ්‍රී ලංකාවේ තෙවැනි රුම්සා තෙත් බිම් ලෙස නම් කර තිබේ.


    263921_136891729724234_111970805549660_267507_5821524_n.jpg




    කඩොලාන පිරිලා පේනවා නේද??


    260133_136892243057516_111970805549660_267531_4577125_n.jpg






    මාදු ගඟේ තෙත් බිම් ප්‍රමාණය හෙක්ටයාර 915කි. ඉන් හෙක්ටයාර 770ක් ජලයෙන් යට වී ඇත. මාදු ගඟේ දූපත් වැසියන් පවසන අන්දමට ඈත අතීතයේ දී මාදු ගඟ දූපත් හැට හතරකින් සමන්විතව තිබී ඇත. එහෙත් අද එම ප්‍රමාණය දූපත් විසි පහකට සීමා වී තිබේ.


    මාදුව, කොත්දූව, දික්දූව, ශත පහේ දූව, තල්දූව, කඩාපාන දූව, පෙරියමරක්තලදූව, තිනියදූව, මිමා දූව, එරවන දූව, දිමිදූව, හොන්දූව, මිල ෂරල දූව, මුවන් දූව, අප්පල දූව, සහ මියම් දූව මෙහි ඇති දූපත් වේ.





    ​
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,329
    1,373
    113
    Colombo
    මේ දූපත් සමූහය අතරින් විශාලතම දූපත ලෙස මාදුව හැඳින්වේ. එහි විශාලත්වය හෙක්ටයාර 38.8කි. මේ වන විට ජනාවාසයක් බවට පත්ව ඇති එහි පවුල් දෙසීයක් පමණ පදිංචිව සිටිති. පොල්, දෙල්, කොස්, සහ කුරුඳු ආදිය මෙහි වගාකර තිබේ. මාදුවේ වැඩි දෙනෙකුගේ ජීවන වෘත්තීය ධීවර කර්මාන්තය වේ. මාදු ගඟේ දූපත්වලින් විහාරස්ථානයක් පිහිටි එකම දූපත කොත් දූව වේ.

    ​
    264902_136891923057548_111970805549660_267516_7109822_n.jpg
    ​

    ​

    ​
    271196_136891796390894_111970805549660_267510_4679077_n.jpg
    ​

    ​

    ​
    268295_136891823057558_111970805549660_267511_6705986_n.jpg

    ​

    ​
    කොත්දූව රජ මහා විහාරය අතීතයේ දී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස මෙම පන්සල් සඟවා තැබූ බව ද ජනප්‍රවාදයේ වේ.
    ​

    ​
    268090_136892579724149_111970805549660_267548_1231721_n.jpg

    ​

    ​

    ​
    මෙන්න මෙයා ඉන්නෙත් කොත් දූවේ තමයි​
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,329
    1,373
    113
    Colombo

    ​

    ​
    261247_136891836390890_111970805549660_267512_3378044_n.jpg

    ​


    “දැනට මේ දූපත් අතර තිබෙන කුඩා ම දූපත වන්නේ ‘සත පහ දූව‘ ය. ඉපැරණි කෝවිලක හෝ දේවාලයක නටබුන් ද මේ කුඩා දූපතින් දැකගත හැකි ය.


    263866_136892103057530_111970805549660_267525_2833745_n.jpg



    263991_136892563057484_111970805549660_267547_8319010_n.jpg

    මේ තම්යි කුරුදු දුවේ වෙන වෑඩ

    ​
    මාදු ගඟ දෙපස වැඩි කොටසක් කඩොලාන ශාක වලින් වැසී ගොස් ඇත. දකුණු ආසියාවේ ඉතා දුර්ලභ රතමිල්ල නැමැති කඩොලාන ශාකයද මෙහිදී දැක ගත හැකිය. මීට අමතරව මල් කඩොල්, හීන් කඩොල්, සහ මට්ටි කඩොල් ඇතුළු තවත් කඩොලාන ශාඛ විශාල ප්‍රමාණයක් මාදු ගඟට ආවේණික දෑ දැක ගත හැකිවේ.​

    ​
    267957_136891879724219_111970805549660_267514_4678709_n.jpg
    ​

    ​
    මාදු ගඟේ මිරිදිය මසුන් බහුලය. තෙලියා, හුංගා, ලූලා, කොරලියා, කාවයියා, කටිල්ලා, කපු හෙන්දා, වැලිගොව්වා සහ පෙතියා ඇතුළු තවත් මසුන් වර්ග රැසක් මාදු ගඟේ ජීවත් වෙති. එමෙන්ම ඉස්සන්, කකුලුවන්, පොකිරිස්සන් සහ කූනිස්සන් ආදී මත්ස්‍ය වර්ගද මාදු ගඟේ දී දැකිය හැකිය.​

    ​
    263800_136892429724164_111970805549660_267540_5854857_n.jpg
    ​

    ​
    මේ ඉන්නෙ මාදු ගගේ ඉස්සෝ​

    ​
    263867_136892413057499_111970805549660_267539_3372340_n.jpg

    ​

    ​
    270077_136892883057452_111970805549660_267561_545967_n.jpg
    ​

    ​
    මෙයාලත් ඉන්නවා​

    ​
    මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන විට ශ්‍රී ලංකාවේ වෙනත් ගංඟාවකදි දැකිය නොහැකි බොහෝ දේ අපට දැක බලා ගත හැකිය. ගොඩබිම සිට මාදුවට යෑම සඳහා ඉදිකර ඇති පාලම ඉන් එකකි. ​
    අඩි 1200ක් දිග මේ පාලම ශ්‍රී ලංකාවේ දිගම පාලම්වලින් එකකි. යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනයට හැකි වන පරිදි මේ පාලම ඉදිකර තිබේ. සැබැවින්ම එයද මාදු ගඟේ තවත් සුන්දර දර්ශනයකි.​

    ​
    269478_136891939724213_111970805549660_267517_479237_n.jpg

    ​

    ​

    ​
    260014_136891963057544_111970805549660_267518_2553168_n.jpg

    ​

    ​
    ධීවර කාර්මිකයන් විසින් මසුන් අල්ලා ගැනීමට ගඟ මැද ඉදි කර ඇති ඉස්සන් කොටුද මෙහිදී දැක ගත හැකි වේ.​


    269996_136892159724191_111970805549660_267527_3870515_n.jpg


    මාදු ගග බලන්න group වශයෙන් එනවා නම් හරි company එකකින් එනවා නම් හරි මාව contact කරන්න.

     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹලා මේක කියවන් නෑද්ද???
    කියවන්න ටිකක් වෙලා යනවා බන් එතකන් ඉවසලා හිටු:angry:
    නියමයි යාලුවා වෙලාවක එන්න ඔනී:) ආවොත් අපිට සලකපන් හරිය;)
    ජයවේවා
    11.gif
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,329
    1,373
    113
    Colombo
    කියවන්න ටිකක් වෙලා යනවා බන් එතකන් ඉවසලා හිටු:angry:
    නියමයි යාලුවා වෙලාවක එන්න ඔනී:) ආවොත් අපිට සලකපන් හරිය;)
    ජයවේවා
    11.gif


    වරෙන් වරෙන්. ගග මෑදට ගිහින් කිඹුලෙක්ට කන්න දෙන්න :angry::angry::angry::angry: