මාදු ගඟේ සවාරියක්
ඌරගස්මන්හන්දිය පොල්අතු පළාතේ කඳු මුදුනක සිට ආරම්භ වී සැතපුම් හයක පමණ දුරක් ගෙවා ලාලිත ගමනින් ගලා ගොස් බලපිටිය මෝය කටෙන් මහ සයුර හා එක්වන බලපිටිය මාදු ගං කොමලිය ස්වභාව ධර්මයේ තවත් මනස්කාන්ත වූ අපූර්වතම නිර්මාණයකි. මේ සුන්දර නදිය වඩාත් හැඩ වැඩ වන්නේ ඇයගේ පහස ලබන දූපත් සමූහය නිසාය. සොබා දහම විසින් දකුණු පළාතට උරුම කරදුන් සුන්දර මාදු ගඟ ශ්රී ලංකාවේ පමණක් නොව මුළු ලොව පුරා සංචාරක පරාදීසයක් ලෙස ප්රචලිතය.
දූපත් සමූහය, කලපුව, කඩොලාන පද්ධතිය, වඟුරු බිම්, ගොඩබිම්, ඇල මාර්ග ආදියෙන් සමන්විත මාදු ගඟ තෙත්බිමකි. එම නිසා මාදු ගඟ ශ්රී ලංකාවේ තෙවැනි රුම්සා තෙත් බිම් ලෙස නම් කර තිබේ.
කඩොලාන පිරිලා පේනවා නේද??
මාදු ගඟේ තෙත් බිම් ප්රමාණය හෙක්ටයාර 915කි. ඉන් හෙක්ටයාර 770ක් ජලයෙන් යට වී ඇත. මාදු ගඟේ දූපත් වැසියන් පවසන අන්දමට ඈත අතීතයේ දී මාදු ගඟ දූපත් හැට හතරකින් සමන්විතව තිබී ඇත. එහෙත් අද එම ප්රමාණය දූපත් විසි පහකට සීමා වී තිබේ.
මාදුව, කොත්දූව, දික්දූව, ශත පහේ දූව, තල්දූව, කඩාපාන දූව, පෙරියමරක්තලදූව, තිනියදූව, මිමා දූව, එරවන දූව, දිමිදූව, හොන්දූව, මිල ෂරල දූව, මුවන් දූව, අප්පල දූව, සහ මියම් දූව මෙහි ඇති දූපත් වේ.

6+