මාධ්‍යය සදාචාරය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    මාධ්‍යය සදාචාරය

    අමුම අමු හිරිකිතයකින් මෙසේ ලියමි.


    ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යයට අවම සදාචාරයක් නැති අතර ඇත්තේ අමන සදාචාරයක් බව කිව යුතුමය. අතීතයේ මෙවැනි සිද්ධීන් ඇති තරම් වූ අතර මේ නම් කට පියං ඉන්න බැරිම අවස්ථාවක ලියවුණකි.



    සිද්ධිය - නවසීලන්තයේ Christchurch හි ඇති වූ ඝාතන සිද්ධිය.



    වාර්තා කිරීම - දෙරණ නාලිකාව -



    තුවක්කුකරු උණ්ඩ පිරවූ තුවක්කුව රැගෙන මුස්ලිම් දේවස්ථාවනයට යන ආකාරය ද ගිහින් පිට පිට උණ්ඩ පිට කරන ආකාරය කිසිදු පැකිලීමකින් තොරව විකාශය කළ අතර අර වහන්න ඕනවට වගේ යන්තම් බොඳකර තිබිණ.
    අපේ දේ රැකගෙන අළුත් දේ අරගෙන ඔය පාරෙම යං. සදාචාරේ සභ්‍යත්වේ ගැන වාදං දෙසලා දෙසලා නවසීලන්තේ ඇවිළීම ගෙඩි පිටින් වාර්තා කිරීම ගැන ලැජ්ජාවක් ප්‍රවෘත්ති අංශයේ සහ නාලිකාවේ වගකිවයුත්තන්ට ඇත්තටම නැද්ද?


    හිරු නාලිකාව - "කිවියන් සසළ කළ ත්‍රස්ත ප්‍රහාරය" ලු!



    පෙන්නන්න කලිං කුඩා ළමුන්, සුළු ‍‍දේටත් බියට පත්වන පුද්ගලයින් ආතතියට පත්වෙන පුද්ගලයින් නැරඹීමෙන් ප්‍රවෘතිය නැරඹීමෙන් වළකින්නලු. එපා කිව්වොත් අහනම ජාතියක්නේ මිනිස්සු කියන්නේ. හොඳම උදාහරණේ මාධ්‍ය සදාචාරයක් තියාගන්න කියලා කොච්චර කිව්වත් බීරි අලි වගේ ඉන්න ජ(න)ඩ මාධ්‍ය. ඔව් ඔහෙලා තමයි.
    සියල්ලට ඉහළින් සියල්ල දකිමින් යන ගමං මැරෙන්න වෙඩි වැදිලා උදව් ඉල්ලන ගෑණියෙක්ගේ ඔළුවටම තුවක්කුව පත්තු කරනවා පෙන්නන්න තරම් ඔය නාලිකාවල තියන ප්‍රතිපත්ති අමන ද? කිසිදු බොඳ කිරීමක් නැත. නැවත කියමි. කිසිදු බොඳ කිරීමක් නැත.
    බැරිම තැන ටීවි එක ඕෆ් කළේ.


    සිරස - "මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වන තවත් දර්ශන අප සතු වුවද අප ඒවා නොපෙන්වන්නට තීරණය කළේ ප්‍රචණ්ඩත්වය සමාජගත කිරීම නුසුදුසු නිසයි"

    සදාචාරය දවසින් දවසට වලපල්ලට යන රටක මේ වගේ මාධ්‍ය සදාරයන් ගැන කතා කිරීම පවා විහිළුවකි. නමුත් මේ වගේ සිද්ධීන් තමන්ගේ දේශපාලන මත, තම අන්තවාදී මත රටක් තුළ විසිරුවා හැරීමට පාවිච්චි කරනවානම් තමුන් මාධ්‍යකරණයට ඇත්තෙන්ම නුසුදුසුය.මේවා නාලිකා‍‍වේ ප්‍රධානීන්ගේ වුවමනාවට වනවා කියා ප්‍රවෘත්ති සංස්කාරකවරුන් කියනවානම් ඔහේලාගේ කශේරුකාවේ දොසකි!


    මේවා ප්‍රවෘති නොව හුදෙක් තම නාලිකාවල මතය ඉළිප්පීමට පෙන්වන නොමිලේ චිත්‍රපට පමණි. එන්න රසවිඳිමු!



    - නවෝද්‍යා ගමගේ-


    53728820_2128533953907138_3912867076699586560_n.jpg



    53905696_2128534503907083_3563105517301661696_n.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ විතරක් නෙමේයි බන්.. ලෝකෙ වටේම news වලට ඔය ටික පෙන්නුව බන්.. news site වලත් ඔහොම තමයි
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    අනේ රෙද්ද තමයි .ඕක පෙන්නුව කියල මොකද වෙන්නෙ.දැන් ඔය සදාචාර ගැන පොර ටෝක් දෙන උන් ඕක බැලුවේ නැද්ද ?. Internet එක පීරල හොය හොය බලල දැන් ලොරි ටෝක් දෙනව.අපේ රටේ ඉන්න ගොඩක් උන් ඕක internet එකෙන් බලන්ඩ දන්නෙ නෑ ඉතින් උන්ටත් බලන්ඩ ඕව පෙන්නුවට අවුලක් නෑ .උනුත් ආසයි නෙ අපි වගේම full සිදිධිය බලන්ඩ