මදුපින්ඩික සුත්‍රය
ප්‍රපන්ච මත අනුසය හතක් සැදේ. අනුසය ප්‍රකට නැත. මනසේ අභ්‍යන්තරයේ තැන්පත්වී ඇත. ප්‍රපන්ච තුලින් වැඩ කරයි.
රාග අනුසය
පටිඝ අනුසය
දිට්ටි අනුසය
විචිකිච්චා අනුසය
මාන්න්‍ය අනුසය
භවරාග (ඉපතීමට ඇත් ආසාව) අනුසය
අවිජ්ජා (අර්ය සත්ත්‍ය ගැන නොදන්නා කම) අනුසය
ප්‍රපන්ච පිලිගත නුයුතුයි. ප්‍රපන්ච මත කතා කල නුයුතුයි (මෙම නිසායි, බුදුරාජානන් වහන්සේ දෙතිස් කාතාවේ යෙදෙන්න එපා කිව්වේ.). ප්‍රපන්ච මත ක්‍රියා කල නුයුතුයි.
ප්‍රපන්ච යනු ඇහෙන් රුප දැක කල්පනා කීරීම, කනෙන් ශබ්ද අසා ඒ ගැන කල්පනා කීරීම……………. මනසට ආ සිතිවිලි ගැන කල්පනා කීරීම. සිත බැස ගැනීම නිසා කල්පනාකීරීම කරගෙන යයි. මෙම කල්පනා කීරීම මත සසර සකස්වේ.
අනුසය ප්‍රහානය කිරිමෙන් (ප්‍රපන්ච වලට හිත බැස ගන්න නොදීමෙන්) ඉහත අනුසය හත ප්‍රහානය කල හැක.
ඇහ, රුපය හා ව්ඥ්ඥාණය එකතුවීම මත ස්පර්ෂය ඇතිවේ. මෙම ස්පර්ෂය මත විදිමක් ඇතිවේ. විදින්නේ යමක්ද එය හදුනා ගනියි.
මෙම හදුනා ගන්න දේ විතර්ක හෙවත් කල්පනා කරයි චෙතනාවකින්.
මෙම චෙතනාවෙන් විතර්ක කරයිද එය ප්රපන්චවේ. මෙය අවිද්‍යා සහගතව අවබොදයකින් තොරව සිද්දවේ.
අතීතයේ, වර්තමානයේ, දැකපු රුප වැනිදේ කෙලෙස් සමග එකතුවී චෙතනා සකස් කරණවා.
ප්‍රපන්ච හා කෙලෙස් දෙක පදනම සකස් කරණවා සතර අපායට.
ප්රපන්චය අකුසල් උපද්දවයි.
ඇහැ, රුප, විඥ්ඥාණය තියනවාද එතන ස්පර්ෂය ඇත. (මෙලෙස අනිත් ආයතන වලත් සිද්දවේ.)
යම් තැනක ස්පර්ෂය ඇත්ද එතන වීදීම ඇත.
යම් තැනක විදීම ඇත්ද එතන හදුනා ගැනීම ඇත.
යම් තැනක හදුනා ගැනීම ඇත්ද එතන විතර්ක කරණවා.
යම් තැනක විතර්ක කරණවාද එතන ප්‍රපන්ච ඇත.
ඉහත සිද්දවනදේ (ප්‍රපන්ච මත ඇතිවන අනුසය) එක පාරකට පාලනය කීරීමට අමාරුයි. පලමුව අප බදුරාජානන් වහන්සේ මෙම විතර්ක සන්සිදිනා ලදි යයි සද්දාවෙන් අදහා ගත යුතුයි. මෙය සරණ යැමට උපකාරීවේ. ඉන්පසු
සිල්පද රැකීමෙන් යම් කිසි ප්‍රමානයකට ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක.
ඉන්ද්රිය සන්වරය කීරීමෙන් ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක. පෙනෙන රුපයට රාගය, ද්වේෂය, මෝහය ඇතිකරණවාද එයට හිත යොමු කරණනේ නැහැ. (හොල්මන් කතා වැනිදේ ඇසීමෙන් බයක් හට ගනී. මෙම බය හට ගැනීමට හේතුව ප්රපන්චයකී.)
සිහියෙන් සිටීමෙන් ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක. යනකොට එනකොට අකුසල් වැඩෙද කියා සිතා සිහියෙන් සිටිනවා.
සමාදියෙන් සිටිමෙන් ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක. සතර සතිපට්ටානය වැඩීම පසුව සාමාදියක් දියුනු කිරිමට උපකාරීවේ. සමාදිය ඇතිකර ගැනීම වීරියෙන් සිහිය පැවැත්වීම මගින් කලගත යුතුවේ.
අනිත්‍ය වෂයෙන් බැලීමෙන් ප්‍රපන්ච පිලි ගන්නේ නැහැ. මෙය නිදහස් වීමට හේතුවේ. මෙය සමතය හා විදර්ෂනාව වැඩීමෙන් කල හැක.
නිප්පපන්ච හෙවත් නිකෙලෙස් බව ඇති කරගැනිමෙන් අවිද්‍යා සහගත ඇසක් නැත. අවිද්‍යා සහගත ඇසෙන් බලන්නාවූ රුපයක් නැත. මෙතන ඇතිවන වීදීම ප්‍රපන්චයකට හේතු නොවේ. විදීමක් නැත්නම් හදුනා ගැනීමක් නැත. විතර්ක ඇති නොවේ. එම නිසා ප්‍රපන්ච ඇති නොවේ. සප්ත අනුසයම නැතිවී යති. මෙයට ඇති මාර්ගය නම් අර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
අකුසල විතර්ක තුනකී.
කාම විතර්ක
ව්‍යාපාද (තරහා) විතර්ක
වීහිංසා විතර්ක
ධර්ම මාර්ගයට හේතුවන විතර්ක
නෙක්කම්ම (මෙතනින් නිදහස් විය යුතුයි යන්න) විතර්ක
අව්‍යාපාද විතර්ක
අවිහිංසා විතර්ක