මානසික ලෙඩක්ද මචන් මට...

dukaimachan

Member
Jan 9, 2014
10
1
3
මානසික ලෙඩක්ද මචන් මට...

මේකයි මචන්ලා පරශ්නේ...අපේ අම්මා රට හිටිය ගොඩක් කල් ඒ කියන්නේ මට අවුරැද්දෙන් දාල ගිහින් තියෙන්නේ නැති බැරි කමටම...අපේ තාත්තාත් දාලා ගිහින් අපිව..ඉතින් අපේ ආච්චි ගාව තමා හැදුනේ වැඩුනේ..එයාට තමා අම්මා කිව්වේ....අම්මා අවුරැදු 3 න් 5 න් වගේ ලංකාවට ආවමවත් මම අම්මා කිව්වේ නෑ...අම්මා ලගට එද්දි දුවනවා...දැන් මට වයස 26 ක්....අම්මා මට 18 න් වගේ ලංකාවට ඇවිල්ලා රට යන එක නතර කලා...දැන් මචන් අපි අම්මා කියපු ආච්චිත් ජීවත් නෑ...එයා මැරිලා...ඒත් මචන් මම තවම අම්මේ කියන්නේ නෑ...කියන්න හිතෙන්නේ නෑ බන්...අම්මට මුක=ත්ම කියන්නේ නැතිව කතා කරන්නේ..අම්මත් ගොඩක් දුකින් ඉන්නේ කියල මම දන්නවා...මටත් මාර අප්සට්..දැන් මම බදින්න ඉන්න කෙල්ලගේ අම්මට අම්මේ කියන්න වෙනවනේ...ඒක අපේ අම්මට ඇහුනොත් දුක හිතෙනවනේ බන්....ඒ වගේ නැන්දම්මාට අම්මේ කියන්න පුලුවන්...ඒත් අම්මට අම්මේ කියන්න හිතෙන්නේ නෑහැනේ බන්...මේ ලෝකෙ ඉන්න පළමු පුද්ගලයා වෙන්න ඕන බන් අම්මේ කියන්නේ නැති....මට මැරෙන්න හිතෙනවා බන්...මට අම්මේ කියන්නත් ඕනේ...ඒත් කියවෙන්නේ නෑ...උදව් කරපල්ලා මචන්ලා...
 
  • Like
Reactions: llrajitha
Dec 30, 2013
1,235
166
0
උබ මාර සුට්ටක්නේ බන් කියන්නේ..:rolleyes:

අම්මට අම්ම කියන්න හිතෙන්නෙත් නෑලු
අම්මව දුකින් ඉන්නව කියලත් හිතෙනවලු
මැරෙන්නත් හිතෙනවලු. :rofl:

යකෝ අම්ම රටගියේ සල්ලි හොයන්නනේ. නැතුව වේස කමේ යන්න නෙමෙයිනේ. ඔය ටික තේරෙන්නැති සොන්නයෙක්ද උබ? ඒ මනුස්සය උබේ අම්ම බව දන්නව නම් අම්මට අම්ම කියපන්.

දැන් උබ මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද බලාපොරොත්තුවෙන්නේ? :rolleyes:
 
  • Like
Reactions: Sheenmax

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔය හිතේ තියෙන ඔක්කොම අමතක කරලා ඉස්සෙලම දෙන්නත් එක්ක හොඳට කතා කරපන්. ඊට පස්සේ එක පාරක් ආදරෙන් අම්මේ කියල කතා කරපන් බලන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක මහලොකු දෙයක්ද බන් අම්මට අම්ම කියල කතාකරපන් ..
    උබලටඅවුරුදු 18 කට 20 කට පස්සෙ හම්බෙන කෙල්ලන්ට සුදූ / බබා කියන්න පුලුවන් නම් අම්මට අම්මා කියන්න බැරි ද බන්
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඕක මහලොකු දෙයක්ද බන් අම්මට අම්ම කියල කතාකරපන් ..
    උබලටඅවුරුදු 18 කට 20 කට පස්සෙ හම්බෙන කෙල්ලන්ට සුදූ / බබා කියන්න පුලුවන් නම් අම්මට අම්මා කියන්න බැරි ද බන්

    අනේද කියන්නේ. තේරුමක් නැති පිස්සු මනස්ගාත ඔලුවට දාගෙන ඌත් විඳවනව. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,264
    113
    මේකේ ඕවා දාලා වැඩක් නැහැ..මොකද මේකේ ඉන්න උන් ප්‍රශ්නයක් දකින්නේ එක පැත්තකින් විතරයි..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මට දණ ගහලා වැඳලා අඬපන් සමාව ඉල්ලලා එතකොට ඔක්කොම හරි.උඹ නිසා වෙන්න ඇති ඒ මනුස්සයා තාත්තා දාලා ගියාට පස්සේ වෙන මිනිහෙක් එක්ක නොයා උඹලව හොඳින් තියන්න හිතන් රට ගිහින් දුක් විඳින්න ඇත්තේ.ඒ අතින් උඹේ අම්මා වගේ අය අද කාලේ හරි අඩුයි මචෝ.උඹ වාසනාවන්තයි ඒ වගේ අම්ම කෙනෙක් ලැබිච්ච එකට.කට ඇරලා කතා කරපන්.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං අපි පාරේදී හම්බවෙන්න ජීවිතේට නොදැකපු වයසක ගෑනු කෙනෙකුට උනත් චකිතයක් නැතුව අම්මා කියල කියනවා...උඹ වැඩිය හිතන්නේ නැතුව අම්ම කියල කියන්න
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    oka karanna puluwan ubatama vitharai... boru sobana atha arala amme kiyala eka parak kiyahan.... ube hithe dukath adu wei...
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    මෙකයි මචන් උබට තියෙන්නෙ ලෙඩක් නෙමේ බන්.
    අම්ම උම්බලව දාල රට ගියෙ සල්ලි හොයල උම්බලගෙ අනාගතය යහපත් කරන්න හිතාගෙන වෙන්න ඇති .
    අවුරැද්දෙන් තාත්ත දාල ගියම අම්මට මොනව හිතෙන්න ඇතිද බන් .පට්ටම දුකක් නෙ බන් .උම්බල පොඩි කලෙ නිසා උම්බලට ඕක තෙරෙන්නෙ නැහැ.එත් අම්ම උම්බල එක්ක තාමත් ඉන්නවනෙ බන්.ඒකට ගරු කරපන් .

    මෙ ලෝකෙ සැහෙන්න ලමයි ඉන්නව අම්ම කියන්න කෙනෙක් නැතුව
    එහෙම අයත් එක්ක බලන කොට උබ ගොඩක් ලකී.

    එක පාරක් අම්මෙ කියල කතාකරපන් උම්බගෙ ජීවිතෙම වෙනස් වෙයි බන්.පලවෙනි පර කියන්න අමරුයි වගෙනම් කෝල් කරල අම්මෙ කියල කතකරපන්.එක වචනයක් හිරකරගෙන දුක් විදින්න එපා බන්.හයියෙන් කෑගහල අම්මේ කියපන්
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අම්මට දණ ගහලා වැඳලා අඬපන් සමාව ඉල්ලලා එතකොට ඔක්කොම හරි.උඹ නිසා වෙන්න ඇති ඒ මනුස්සයා තාත්තා දාලා ගියාට පස්සේ වෙන මිනිහෙක් එක්ක නොයා උඹලව හොඳින් තියන්න හිතන් රට ගිහින් දුක් විඳින්න ඇත්තේ.ඒ අතින් උඹේ අම්මා වගේ අය අද කාලේ හරි අඩුයි මචෝ.උඹ වාසනාවන්තයි ඒ වගේ අම්ම කෙනෙක් ලැබිච්ච එකට.කට ඇරලා කතා කරපන්.

    aniwa.. good advice..:D
     
    Dec 28, 2013
    94
    11
    0
    මචෝ මම මේ වගේ කෙනෙක් දැක්කේ මගේ ජිවිතේ පලවෙනි වතාවට .
    මේ මොන හරුපයක්ද ?
    තමන්ගේ අම්මට අම්මා කියන්න හිත දෙන්නේ නැති පුතෙක් ?
    කොහොම උනත් ඔයා කියපු කතාවට වඩා එහා ගියපු දෙයක් තියන හැඩයි ඔයාගේ ජිවිත කතාවේ .
    අපේ අහන්න එපා බන් .
    අපි ඔයා ගැන / ඔයාගේ ජිවිත කතාව ගැන හැම දෙයක්ම දන්නේ නැහැ නේ .
    ඔයා ඔයාගේ හදවතට කතා කරන්න .
    හදවතින් අහන්න . :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇයි බං අම්මට අම්ම කියලා කතා කරන්න හිතෙන්නේ නැත්තේ?ඒ මනුස්සයා උබලව ජිවත් කරවන්නනේ රට යන්න ඇත්තේ..එහෙම කැපවීමක් කරපු මනුස්සයට කට ඇරලා අම්මේ කියන්න බැරි එක උබේ ජඩ කමක්.මේකට කාටවත් උබට විසදුමක් දෙන්න බෑ..උබ උබේ හදවටත් එක්ක කතා කරලා උත්තරයක්‌ හොයා ගනින්..
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අම්මට අම්මා කියන්න ලැජ්ජයි නම් තෝ කට ගලක උලා ගනින්. අම්මා කෙනෙක්ට අම්මා කියන්නේ නැතුව කතා කරන කොට කොච්චර දුකයිද බොල. තොගෙ ලමයි තොට තාත්තා කියන්නේ නැතුව මග ඇරියොත් තොට කොච්චර දුකක් ඇති වෙයිද?? ඒ ගැන හිතලා අද ඉදන් කට පුරා අම්මා කියලා කතා කරපන්.
     

    dukaimachan

    Member
    Jan 9, 2014
    10
    1
    3
    නෑ මචන් මම අපේ ආචිචටනේ බන් අම්මේ කිව්වේ මට අවුරැදු 20 ක් විතර වෙනකන්ම..එයා මැරැනට පස්සේ අම්මේ කියල කියන්න හිතෙන්නේ නෑ...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ithin katawath amme kiyan nethuwa hitapan ban otchara amarunan...uba hitanawa wediy....kellage ammata amme kiyanne mokatada aunty kiyapan....puluwannan ithin ube ammata amme kiyapan kata arala ammane ban umbe....man dannawa ube mind eka stuck wenawa kiyala berinan ithin ohomama hitapan ban
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    උබ මාර සුට්ටක්නේ බන් කියන්නේ..:rolleyes:

    අම්මට අම්ම කියන්න හිතෙන්නෙත් නෑලු
    අම්මව දුකින් ඉන්නව කියලත් හිතෙනවලු
    මැරෙන්නත් හිතෙනවලු. :rofl:

    යකෝ අම්ම රටගියේ සල්ලි හොයන්නනේ. නැතුව වේස කමේ යන්න නෙමෙයිනේ. ඔය ටික තේරෙන්නැති සොන්නයෙක්ද උබ? ඒ මනුස්සය උබේ අම්ම බව දන්නව නම් අම්මට අම්ම කියපන්.

    දැන් උබ මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද බලාපොරොත්තුවෙන්නේ? :rolleyes:

    :yes::yes::yes::yes: true amma ta amma kiyala katha karanna machan.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    api koccara keewat be ban..oka kiyanna ubatama hitenne ona...ankia ban uba kiyana widiyata ubalage amma koccara hodada..tattat giyapu ake ubalawa accitama baara deela wena kenek akka giye na neh..e gena hitapan..ubala gena amma koccara hitanawada kiyala..