~මානූෂීය මෙහෙවර~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
sebe siduwiimak lesin me nirmanaya windath me thula geb una kathawa koyi tharam thathwikada?.....manda mewan kata api asa ethi nisa.......

sarthaka nirmanayak ayya.....wena atuwa tika awesi noweyi kiya man hithanawaa.......

බොහොමත්ම ස්තුතියි මල්ලියගෙ ව්ටිනා අදහස්වලට
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මනුස්සකම හා දායව පරදවා
    තිරිසන් කම දිනුව සිදුවිමක්
    ලස්සනට දක්වලා තියෙනවා
    ස්තුතියි අයියා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මනුස්සකම හා දායව පරදවා
    තිරිසන් කම දිනුව සිදුවිමක්
    ලස්සනට දක්වලා තියෙනවා
    ස්තුතියි අයියා

    බොහොමත්ම ස්තුතියි මල්ලියා...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රොන් අයියේ මම අහලා තියෙනවා ජීවිතය කියන්නේ තෝරාගැනීම් ගොඩක එකතුවක් කියලා කවුරුහරි පණ්ඩිතයෙක් කියලා තියෙනවා කියලා.. ඒක කොච්චර ඇත්ත කතාවක්ද...

    යුද්ධයේ කාලකණ්නි කම කියන්නේ නිර්මාණයෙ විස්තර කරලා තියෙනවා වගේ තෝරාගැනීම් කරන්න වෙන හින්දයි. තමන්ටත් වැඩිය උස තුවක්කුවක් උස්සගෙන කෑ ගහගෙන තමන් දිහාවට දුවගෙන එන එකා පොඩි එකෙක් උනත් ඌට කොකා ගැස්සුවේ නැත්නම් ඊලග මොහොතේ අපට ජීවිතය නැති වෙන්න පුලුවන්. උගේ අතින්ම...

    යුද්ධයේ යථාර්තය පෙන්නලා දුන්නට අයියට ගොඩක් පින්...
     
    Oct 25, 2009
    228
    19
    0
    කැලේ ගසක් නසන්න කැලේ ගසක්ම ඕන වෙනවා කියා කියමනක් තියෙනවා . . . එලෙස මිනිස් කමට නිගරු දෙන තිරිසනෙකු වන් මිනිසෙකු නැසීමට මිනිසෙකුම යොදා ගැනීම දෛවයේ සරදමක්ද . . .

    විසෙන් විස නසී කියාද කියමනක් ඇතත් මෙහෙදී විස නැසීමට යොදා ගන්න උත්සාහ කරන්නෙ අවිස . . මනුස්සකමින් පිරි දුබල සොල්දාදුවෙක් . . .

    ඔය සොල්දාදුවත් මාත් අතර වෙනසක් නෑ . . මා එයට කෑ ගසා කිව හැකියි එය මගේ මිනිස්කම කියා . . නමුත් මගේ හර්දසාක්ෂිය ඊට වැඩි හරියෙන් කෑ ගසා පවසන්නේ අයුක්තියට එරෙහිව නැගී සිටින්න බැරි මගේ දීන කම කියායි . . .

    සමාජයට වින කටින නැසිය යුත්තෙක් නැසීමට ධෛර්ය නැති කම . . . දීන කම කියා මටත් සිතේ . . .

    ඒත් සිතේ වීරිය නැති නම් . . .සතුරාටත් මෛත්‍රී කරන්න සිතේ නම් . . . අනේ මන්දා . .
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් මගෙ හිතට දැනුන නිර්මනයක්! හමදාම වගෙ ඔයා ලියන නිර්මානවලට ගොඩ්ක කමති!

    බෙහෙවින් ස්තුතියි මල්ලියා..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියේ මම අහලා තියෙනවා ජීවිතය කියන්නේ තෝරාගැනීම් ගොඩක එකතුවක් කියලා කවුරුහරි පණ්ඩිතයෙක් කියලා තියෙනවා කියලා.. ඒක කොච්චර ඇත්ත කතාවක්ද...

    යුද්ධයේ කාලකණ්නි කම කියන්නේ නිර්මාණයෙ විස්තර කරලා තියෙනවා වගේ තෝරාගැනීම් කරන්න වෙන හින්දයි. තමන්ටත් වැඩිය උස තුවක්කුවක් උස්සගෙන කෑ ගහගෙන තමන් දිහාවට දුවගෙන එන එකා පොඩි එකෙක් උනත් ඌට කොකා ගැස්සුවේ නැත්නම් ඊලග මොහොතේ අපට ජීවිතය නැති වෙන්න පුලුවන්. උගේ අතින්ම...

    යුද්ධයේ යථාර්තය පෙන්නලා දුන්නට අයියට ගොඩක් පින්...

    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
     
    (සමාවෙන්නෝනා, මේක ඔයාගේ නිර්මාණය ගැන නෙවෙයි)කොහාමද ලොකු අය්යේ සුව දුක්?ඔයත් මහගෙදරින් වෙන් වුනා කියලා දැක්කා.මම ඒ පැත්තේ දැන් යන්නෙ නෑ.
    අය්යට මම යෝජනාවක් කරන්න කැමතියි,අපේ (සිංහල)අතීතය ගැන-(සිනමා-කලා-සරසවියේ රසමුසු තැන්)යනාදිය එකතුකරලා අලුතු වැඩක් කරන්නකෝ.ඔයාට හොඳ මතකයක් තියනවා.ඒ අතීතය නව පරපුරට ලොකු අත්වැලක් වේවි.විවේක ඇති වෙලාවක හිතලා බලන්නකෝ:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    dukaa|දුකා;6490924 said:
    කැලේ ගසක් නසනන් කැලේ ගසක්ම ඕන වෙනවා කියා කියමනක් තියෙනවා . . . එලෙස මිනිස් කමට නිගරු දෙන තිරිසනෙකු වන් මිනිසෙකු නැසීමට මිනිසෙකුම යොදා ගැනීම දෛවයේ සරදමක්ද . . .

    විසෙන් විස නසී කියාද කියමනක් ඇතත් මෙහෙදී විස නැසීමට යොදා ගන්න උත්සාහ කරනෙන අවිස . . මනුස්සකමින් පිරි දුබල සොල්දාදුවෙක් . . .

    ඔය සොල්දාදුවත් මාත් අතර වෙනසක් නෑ . . මා එයට කෑ ගසා කිව හැකියි එය මගේ මිනිස්කම කියා . . නමුත් මගේ හර්දසාක්ෂිය ඊට වැඩි හරියෙන් කෑ ගසා පවසන්නේ අයුක්තියට එරෙහිව නැගී සිටින්න බැරි මගේ දීන කම කියායි . . .

    සමාජයට වින කටින නැසිය යුත්තෙක් නැසීමට ධෛර්ය නැති කම . . . දීන කම කියා මටත් සිතේ . . .

    ඒත් සිතේ වීරිය නැති නම් . . .සතුරාටත් මෛත්‍රී කරන්න සිතේ නම් . . . අනේ මන්දා . .

    මගේ නිර්මානයේ කථා නායකයා වගේ චයිතසිකයන් ඇති මිනිස්සු සමාජයේ ඉන්න පුලුවන්. හැබැයි හරි ස්වල්පයයි...

    සිත එතැනට දියුනු කිරීම, ඒ තලයට ගෙන ඒම අපි දීනකම නැත්නම් තමන්ගේ දුබලකම යැයි සිතිය යුතු නෑ.

    බුදු දහමේ වුනත් ඇතුලාන්තයට කිමිදිලා එහි ගැඹුරු දර්ශනය අරගෙන බැලුවම සතුරාට වුවත් මයිත්‍රිය වඩන්න කිවුවට ඒක බහුතරයකට කරන්න අපහසු දෙයක්නේ..අප වෙසෙනා මේ එකා පරයා එකා උඩ නගින්නට දත මැද බලා සිටිනා ගෝලීය ධනේශ්වර සමාජයේ ඒක සිහිනයක් හා බණ පොතට සිමා වූ දෙයක් විතරයිනේ.....

    ඉතින් එහෙම සිතක් ඇති කරගන්න නම් ලොකු මානසික ඒකාග්‍රතාවයක්...සිතේ විශාල වෙර වීර්යක්... සිත යම් ප්‍රමිතියකට දියුනු කිරීමක් පලපුරුද්දෙන් කාලාන්තරයක් තිස්සේ වඩවා ගෙන තිබෙන්නම ඕනේ...එතැනදී එහෙම කෙනෙක් එක් සිත්හී පිහිටා ගන්නා හරි තීරන මතින් ශක්තිමත් චරිතයක් වෙන්නේ නිරායාසයෙන්...

    එතනදී සතුරා කෙතරම් ප්‍රබලද හා රටක් වනසන පිලිලයක්ද කියා වර්ගීකරනයකට එන්න අමාරුයි......මොකද සිත හා සමගාමීව වඩවා ඇති සිතුවිලි ඉන් එහා ගිය ප්‍රබල කමක් නිරන්තරයෙන් අප හා ජීවත්වෙන නිසා හා එය අපට දැනෙන්න තියෙන නිසා....

    මල්ලියට බෙහෙවින් ස්තුතියි අදහස් දැක්වීම ගැන.....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    (සමාවෙන්නෝනා, මේක ඔයාගේ නිර්මාණය ගැන නෙවෙයි)කොහාමද ලොකු අය්යේ සුව දුක්?ඔයත් මහගෙදරින් වෙන් වුනා කියලා දැක්කා.මම ඒ පැත්තේ දැන් යන්නෙ නෑ.
    අය්යට මම යෝජනාවක් කරන්න කැමතියි,අපේ (සිංහල)අතීතය ගැන-(සිනමා-කලා-සරසවියේ රසමුසු තැන්)යනාදිය එකතුකරලා අලුතු වැඩක් කරන්නකෝ.ඔයාට හොඳ මතකයක් තියනවා.ඒ අතීතය නව පරපුරට ලොකු අත්වැලක් වේවි.විවේක ඇති වෙලාවක හිතලා බලන්නකෝ:)

    මං හොඳින් නංගී..ඔයාට කොහොමද? හොඳින් කියලා හිතනවා..

    අද දවසේ නංගියල වගේ ක්‍රියාකාරී තරුන පිරිස් නායකත්වය ගත යුතු සන්ධිස්ථානයකටයි අපි ඔක්කොම අවතීර්ණ වෙලා ඉන්නේ..

    ඔබ එවන් දෙයක් ඔබේ මුලිකත්වයෙන් අරඹන්න...

    මගේ සහයෝගය...මතකය ..දන්නදේ අඩුවක් නොකොට ඔබට ලබා දෙන්නම්....

    නංගිට ජය.....
     
    ම්.....බෝලේ මටම පාස් කලානේ?මට එච්චර සිහිවටන තොගයක් නෑ අය්යේ.ඇරත් මගේ අවිවේකී ජිවන රටාව ඔයා දන්නවානේ.(මූලිකම දේ අතීත සැමරුම් රසවිඳින්න නිවණක් නැති කම)වැඩක් පටන් ගත්තා වගේ නෙවෙයි-දිගටම ලස්සනට කරන්නත් එපැයි.ඔයා මට උදවු කරනවා නම් උත්සාහයක් කරලා බලන්නම්.:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම්.....බෝලේ මටම පාස් කලානේ?මට එච්චර සිහිවටන තොගයක් නෑ අය්යේ.ඇරත් මගේ අවිවේකී ජිවන රටාව ඔයා දන්නවානේ.(මූලිකම දේ අතීත සැමරුම් රසවිඳින්න නිවණක් නැති කම)වැඩක් පටන් ගත්තා වගේ නෙවෙයි-දිගටම ලස්සනට කරන්නත් එපැයි.ඔයා මට උදවු කරනවා නම් උත්සාහයක් කරලා බලන්නම්.:)

    කිසිසේත්ම බෝලය පාස් කිරීමක් නෙවෙයි...මම දන්න දෙය නොසඟවා ලබා දෙන්නම්..ඒකෙ දෙකක් නෑ..

    මමත් නංගියා කිව්ව ආකාරයේ වැඩ ගොඩක (මගේ මෙහෙ රාජකාරියේ වගකීම් සමඟ)දිනපතා පැටලී සිටිනා බැවින් පූර්ණකාලීන හූයක වගකීමකින් යුතු ප්‍රධාන භූමිකාව රඟ දක්වන්න අපහසුයි...

    නමුත් එය පවත්වාගෙන යාමට ඇවැසි තොරතුරු හා බැඳුනු සහයෝගය මට ඔබට ලබා දෙන්න පුළුවන්..
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මිනිස්කමක සංවේදී අනර්ඝ නිර්මාණයක් රොන් අයියේ....
    සුභ පැතුම් හා තව තවත් නිර්මාණ අප අතරට එක් කරන්නට අයියට නිබද දිරි!!!!