මාන_බලන_ගෝටා

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යලිත් රට ලේ විලක් කරන්න මාන බලන ගෝටා ගේ ඇත්ත කතාව.

    https://www.facebook.com/achchaaru/videos/1786958028271067/

    මේ රට පාලනය කළ යුතු විදිහ මම දන්නවා - ඇමරිකානු පුරවැසිකමත් අත්හැර ගෝඨා 2020ට සූදානම්..!

    download.jpg

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සති අන්ත ප්‍රධාන පුවත්පතක් සමග කරන ලද සාකච්චාවක් පහතින් දැක්වෙයි.

    කොහොමද මේ දවස්වල කේන්දරේ. රාජයෝග එහෙම තියෙනවද?

    එහෙම නෑ (මහ හඩින් හිනා)

    ඔබ මීට පෙර ප්‍රකාශ කළා මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන දෙදෙනාගේ එකඟතාව තියෙනවා නම් ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් කියලා. දැන් ඒ දෙදෙනාගේ එකඟතාව ලැබිලද?

    තවම අපි එකට සාකච්ඡා කළේ නෑ. තව කල් තියෙනවා. මහින්ද ජනාධිපතිතුමා හරි කාලය ආවම ඒ සාකච්ඡාව කරයි.

    ඔබ දේශපාලනය ගැන එතරම් උනන්දු නෑ කිව්වත් ඔබේ ප්‍රකාශ බොහොමයකම තියෙන්නේ දේශපාලන මතවාද?

    දේශපාලන මතවාද යමෙකුට තියෙන්න ඕනෑ. මගෙත් දේශපාලන මතවාදයක් තියෙනවා. මම දකින විදිහට මොන විදිහටද මේ රට පාලනය විය යුත්තේ, මොන ප්‍රතිපත්ති ද තිබිය යුත්තේ කියන කාරණය. ඒ පිළිබඳ විවිධ අවස්ථාවල ප්‍රකාශ කරනවා. ඉතින් ඒවා දේශපාලන වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

    නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රිවරු සෘජුවම කියනවා ගෝඨාභය රාජපක්‍ෂ තමයි ජනාධිපති අපේක්‍ෂක කියලා. මෙවැනි ප්‍රකාශයක් ඔවුන් විසින් කරන්නේ ඔබේ අනුදැනුම ඇතිවද?

    නෑ. ඒවා ඒ අයගේ පෞද්ගලික ප්‍රකාශයන්. ඒ අය විතරක් නෙමේ තව අය වගේම දේපාලනඥයන් නොවන අයත් ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් ජනපති අපේක්‍ෂකයකු පත් වෙන්නේ ඒ ඒ අවස්ථාවට යම් කිසි පක්‍ෂයක සුදුසුම පුද්ගලයානේ. එතකොට අපේ පිල මතවාද දරන අය ඒ වෙලාවට හිතන හොදම අපේක්‍ෂකයා කවුද කියන එක මත තමයි ඕනෑම අපේක්‍ෂකයකු ඉදිරියට එන්නේ.

    ඒ අපේක්‍ෂකයා කවුද කියන කාරණය රටේ තහවුරු වෙමින් තිබෙනවා නේද?

    එක පාරටම මම එනවා කියනවට වඩා එය රටේ මතයක් හැටියට වර්ධනය වෙලා එතැනින් එන එක තමයි හොඳම ක්‍රමවේදය. ඒ විදිහට තමයි ජයග්‍රාහී අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න පුළුවන්. මම දකින විදිහට ඊළඟ ජනාධිපතිවරණය රටේ තීරණාත්මකම මැතිවරණයක්. එය අනිවාර්යයෙන් රට ගැන ආදරයක් තියෙන, රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය සුරකින, අවුරුදු ගණනාවක් තිබූ ත්‍රස්තවාදය අවසාන කරපු, ජීවිත කැප කළ රණවිරුවන්ගේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරන ඒ වගේම වැඩකරන්න පුළුවන්, වෛරී දේශපාලනයෙන් තොරව රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් චරිතයක් එන්න ඕනෑ. ඒ චරිතය ජනතාවගෙන් එන්න ඕනෑ.

    යම් හෙයකින් ඒ චරිතය ඔබ වුණොත්?

    ඉතින් ඒ චරිතය මං වුණොත් මට අනිවාර්යයෙන්ම ඒක භාරගන්න වෙනවා.

    ඔබ රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළා මිස අවම තරමින් ගම් සභා නියෝජිතයකු ලෙස හෝ කටයුතු කර නෑ. ඔබ විශ්වාස කරනවද රාජ්‍ය නායකයකුගේ වැනි ධුරයක වගකීම භාරගත හැකියි කියලා?

    මං හිතන්නේ ඒක තමයි. මුළු ලෝකයේම අද සාම්ප්‍රදායික දේශපාලනඥයන් ප්‍රතික්‍ෂේප වෙමින් යනවා. ඒකට හේතුව දේශපාලනය කෙරෙහි තිබූ විශ්වාසය ඇමෙරිකාවේ පවා සිදුවන දෙයක්. ට්‍රම්ප් කියන්නේ ඔබ කියපු ආකාරයේ කිසිදෙයක් නොකරපු දේශපාලනඥයෙක්. ඒ වගේ අය ජනතාව හොයමින් යනවා. ඉතින් දේශපාලනය කරන්න ගම් සභාවෙන්ම එන්න කියලා අවශ්‍ය නෑ. මොකද යම් කිසි දේශපාලනය ගැන අවබෝධයක් තියෙන ඒ වගේම පාලන තන්ත්‍රයේ පළපුරුද්දක් තියෙන අයට පුළුවන් දේශපාලනයට එන්න. ඒක නැති එක තමයි ප්‍රශ්නය. යම් කිසි පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වශයෙන්ම පමණක් පටන් ගත්තොත් ඒක අසාර්ථකයි. ජීවිතයේ යම් අවස්ථාවක රැකියාවක් කර තිබිය යුතුයි.

    එහෙම වුණොත් රටේ මහජන නියෝජිතයකු වීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක්. ඔබේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට ඔබ ලෑස්තිද?

    ඔව්. ඉතින් කරන්න වෙනවනේ.

    සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට සුළු ජාතීන්ගේ ඡන්ද වැදගත්. ඔබ තරග කළොත් දමිළ – මුස්ලිම් ඡන්ද ලැබෙයි කියලා විශ්වාසද?

    මම නියෝජනය කරන පිලෙන් එන ඕනෑම පුද්ගලයෙක් ගන්නා ඒ සුළු වාර්ගික ඡන්ද ප්‍රමාණයම මට ලැබෙනවා කියලා විශ්වාසයි.

    කෙසේ වුවත් ඔබ තරග කරන්න යන්නේ අපරාධ, දූෂණ චෝදනා එල්ල වූ කණ්ඩායමක් සමඟ නේද?

    නෑ. එහෙම කණ්ඩායමක් එක්ක නෙමේ. මම නියෝජනය කරන මතවාදයයි වැදගත්. චෝදනා ඕනෑම අයකුට කරන්න පුළුවන්. ලෝකයේ හැම තැනම තිබූ දෙයක් තමයි ජාතික නායකයන් බිහිවූ සෑම තැනකදීම ජාතිකත්වය, රටක සංස්කෘතිය සාරධර්ම, මේවා නියෝජනය කරන ජාතික නායකයන්ට එරෙහි බලවේග හැම තිස්සේම ඔවැනි චෝදනා එල්ල වෙනවා. අභූත චෝදනාව මූලික වශයෙන් ගේන්නේ දූෂිතයෙක්මයි. දෙවැනි කරුණ තමයි අධිරාජ්‍යවාදය. ඒවා පදනම් විරහිතයි. දැන් වඩාත් පහසුවෙන් සමාජ ජාල හරහා කිසිම පදනමක් නැතිව ඔය කාරණා ඉදිරියට ගේනවා. ඊට පස්සේ ප්‍රධාන මාධ්‍යවලින් ඒවා කතා කරනවා. ඊළඟට ඒ මතය ජනතාව අතරට යනවා. අද මහා දූෂණ කියලා මොනවද එල්ල වෙලා තියෙන්නේ? ඇලුමිනියම් බටයක්, කැරම් බෝඩ් එකක්, සිල් රෙද්දක් ගත්තා කියලා. මේවා තමයි මහා චෝදනා. ඉතිහාසයම අරන් බලන්න. මේ රජයත් ඡන්දයක් ආවම බලන්න.

    නමුත් ප්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා?

    හොරකම් කළා නම් කෝ ඒ මුදල්, දැන් හොයන්න බැරිලු. මොකද හොයන්න බැරි? අද ලෝකේ ඒ තරම් සම්බන්ධතාවක් තියෙනවා. විශාල වශයෙන් බටහිර රටවල් සමඟ ගනුදෙනු කරනවා. ඒ ඕනෑ රටක තියෙන වැරදි මුදල් ගේන්න අපහසුතාවක් නෑ. ඔප්පු කරන්න එපැයි. කාටද නඩු දාන්න ඕනෑ කියලා, පරීක්‍ෂණ පවත්වන්න ඕනෑ කියලා කොහොමද ඇමැති මණ්ඩලයක් තීරණය කරන්නේ? ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේම කිව්වට අහවලා අපි අත්අඩංගුවට ගන්නවා කියලා ඒ පරීක්‍ෂණ කරන නිලධාරීන්ට බාධාවක් නෙමේද? මේකද සාධාරණත්වය? මේක තමයි ඒකාධිපතිත්වය. මේක තමයි පොලිස් රාජ්‍යයක ලක්‍ෂණ.

    ඔබ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට අදාළව එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි කියලා? මොකක්ද ඒ ප්‍රකාශයේ තේරුම?

    යම් කිසි සිද්ධියකදී පරීක්‍ෂණයක් පැවැත්වීමේදී ඒක සාධාරණව දේශපාලන හෝ වෙනයම් අයගේ බලපෑමකින් තොරව සිද්ධ කරන්න ඕනෑ.
    ඔබ ව්‍යංගයෙන් කියන්න හදන්නේ මේ පරීක්‍ෂණය අද වෙනතකට හරවන්න උත්සාහ කරනවා කියලද?

    මම දකිනවා මේ පරීක්‍ෂණය අද හරි දේ පිටුපස යන්නේ නැතිව වෙන වෙන අය පිටුපස යනවා. පැහැදිලිවම පේන දෙයක් තමයි මේ ලසන්ත ඝාතනයට අදාළව මෙය සිදුකරලා තියෙන්නේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කියලා සැක කරන බව.

    ඒ කියන්නේ හමුදා බුද්ධි අංශය සෘජුවම හමුදාපතිවරයා යටතේ තියෙන දෙයක්. නමුත් පෙන්නන්න හදන්නේ එයා යටතේ නෙමෙයි වෙන කෙනෙක් යටතේ බුද්ධි අංශය තිබුණේ කියලා. කවුරුත් දන්න දෙයක් තමයි හමුදා ඒකකයක් වෙනත් කෙනකු යටතේ තියෙන්න බැරි බව. අඩු තරමින් හමුදාපතිවරයා හමුදා නිලධාරියෙක් සම්බන්ධයෙන් වගකිව යුතුයිනේ. එහෙම නැතිව කවුද වගකියන්නේ.

    නමුත් මෙවැනි සිදුවීමකදී ආරක්‍ෂක ලේකම් හැටියට ඔබෙන් ප්‍රශ්න කළ යුතුයි නේද?

    හුඟක් වෙලාවට යම් යම් සිද්ධිවලදී පසුගිය කාලේ මගෙන් ප්‍රශ්න කළා. කිසිම දේකට සම්බන්ධ නොවුණත් ඔබ ආරක්‍ෂක ලේකම්නේ, ඔබ යටතේ තියෙන දේනේ කියලා. ඇයි එහෙනම් හමුදාවේ ඒකකයට සම්බන්ධව ඔබ වග නොකියන්නේ කියලා කවුරුත් හිටපු හමුදාපතිගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි ඒ ? ඒක වෙනත් පැත්තකට හරවන්න හදනවා. එතැනින් පැහැදිලි වෙනවා කිසියම් වෙනත් අරමුණක් තියාගෙන මේක කරනවා කියලා.

    මේ සම්බන්ධව කිසිවෙක්ම ප්‍රකාශ කර නැද්ද?

    ඒ කාලේ දැනට ඉන්න අගමැතිතුමාම පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ වගේම ජෝශප් මයිකල් පෙරේරා කිව්වා මේක කළේ හමුදාපතිගේ කණ්ඩායමක් කියලා.

    ඔබ ඔහොම කිව්වත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි සිදුවීම් වුණේ ඔබ ආරක්‍ෂක ලේකම්ව සිටි සමයේ. ඒ සිද්ධීන්වලට ඔබට වගකීමක් තියෙනවා නේද?

    මට සිද්ධීන් සම්බන්ධයෙන් වගකීමක් නෑ. සිද්ධීන් කළේ කවුද කියලා හොයන්න වගකීමක් තියෙනවා.

    එසේ නම් මෙවැනි සිවිල් ඝාතනවලට හවුල් වූවන්ට එරෙහිව පරීක්‍ෂණ සිදුකළාද ඔබ?

    මං ඒ සම්බන්ධව 100%ක් කාර්යය කරලා තියෙනවාද? ඒ කාලේ තමයි ඒවා ගැන හුඟාක් දේවල් හොයාගෙන තියෙන්නේ. ඕගොල්ලෝ දැන ගන්න ඕනෑ මෙවැනි දෙයක් සිද්ධ වුණෙත් පස්සේ ඒවා හොයන එකේ කාර්යය කොහොමද විය යුත්තේ කියලා. මං ඕක ඛ්ධ්ච් එකට භාර දීලා තියෙනවා. ඊධ්ච් එකට භාර දීලා තිබුණා. බුද්ධි අංශවලට භාරදීලා තිබුණා. මේක පිළිබඳ සොයා බලන්න. ඔය නිලධාරීන් හැම කෙනෙක්ම ඔය ගැන කරන්න පුළුවන් දේවල් කරලා ඒ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු තියෙද්දී එහාට තවදුරටත් කරන්නේ නැතුව ඒ තොරතුරු වෙනත් මාර්ගයකට හැරවීම තමයි වැරදි. එහෙම කරනවා නම් ඇයි මගෙන් නවතින්නේ? එහෙම නම් තවත් ඉහළට ගිහින් කියන්න පුළුවන්නේ අහවලා කියලා. ඔබ ඉහළ නිලධාරියෙක් හින්දා වගකිව යුතුයි කියලා ඕනෑම කෙනකුට කියන්න පුළුවන්.

    ඒ වගේම වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ඝාතනය සම්බන්ධ සිදුවීමත් ඔබේ වකවානුවට අයත් සිද්ධියක්?

    යම් කිසි සිද්ධියක් වුණාම බලන්න ඕනෑ ඒ සිද්ධියේ මැදින් පටන් ගන්න නරකයි. කවුරුත් දැක්කනේ සිරකරුවෝ වහල උඩට නැඟලා ටී56 අරන් ඒ ගොල්ලෝ එතැන උද්ඝෝෂණය. යම් කිසි ස්ථානයක යම් කිසි දෙයක් සිද්ධ වුණාම මුලින් පොලිසිය එනවා. පොලිසියට පාලනය කරගන්න බැරි නම් ඉඊජ් එක තියෙනවා. ඉඊජ් එකට බැරි නම් යුද හමුදාව තියෙනවා.

    ආරක්‍ෂක ලේකම් හැටියට මේ සම්බන්ධ මොකක්ද පැවැරී තිබෙන වගකීම එතකොට?

    මං කලිනුත් කිව්වා වගේ මේ සිද්ධි සම්බන්ධ හොයා බැලීම මගේ වගකීමක් ලෙස ඉටු කළාට මේ සිද්ධිවලට මා වගකිව යුතු නෑ. මම ලේකම්. මම සිවිල් පුද්ගලයෙක්. මේවට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වුණාම මට කතා කරන්නේ නෑ. මේක පරීක්‍ෂණවලට අදාළව යන එකක් නිසා මට නීතියට අදාළව කතා කරන්න බෑ. හැබැයි කිසිම පදනමක් නැතිව මගේ පිටට හරවන්න යන්නේ ඇයි? එතැන කුමන්ත්‍රණයක් ද්වේෂ සහගත අරමුණක් නැද්ද? පොලිසියක යම් අණ දුන් පුද්ගලයෙක් ඉන්නවා. හමුදාවේ අණ දුන්න පුද්ගලයා ඉන්නවා. ඊට පහළ නිලධාරි ඉන්නවා. ඒ ගැන කතා කරන්නේ නෑ.

    බන්ධනාගාර සිරකරුවන් විසින් මහා පරිමාණ කප්පම් ගැනීම් වැනි නීති විරෝධී සිදුවීම් එවකටත් සිදුවුණා. ආරක්‍ෂක ලේකම් ලෙස එදා ඒවා වළක්වාලීමට ඔබ දැවැන්ත ක්‍රියාමාර්ග ගත් බවට කරුණු තිබෙනවා?

    අපි විශාල ප්‍රයත්නයක් ගත්තා මේවට එරෙහිව. කප්පම් ගැනීම පමණක් නෙමෙයි ත්‍රස්තවාදී කාලය තුළ සිටම සිදුවුණු දේවල්. හැබැයි ඒවා පෙන්නන්න හදන්නේ මගේ කාලේ ඒවා කියලා ඒකට හේතු වෙලා තිබුණේ හිරගත කරලා ඉන්න ත්‍රස්තවාදීන් පවා හිරේ ඉඳලා මෙහෙයවූවා. පාතාලය මෙහෙයවූවා. කුඩුකාරයෝ මෙහෙයවුවා. මේවා පාලනය කිරීමට තමයි විවිධ උපක්‍රම යෙදුවේ. ඉතින් දැන් යම්කිසි සිද්ධියක් වෙනකොට ජනතාව ප්‍රශ්න කරනවා ඇයි මේවා වළක්වන්නේ නැත්තේ කියලා. හැබැයි ඒවා වළක්වන්න ක්‍රියාදාම යෙදුවම ඇයි එහෙම වුණේ කියලා අහනවා.

    යම් කිසි සිද්ධියකදී ඒවා පාලනයට කළ යුතු පුද්ගලයා ඒවා පාලනය කරන්න ක්‍රමවේද යොදන්න පුළුවන්. එකක් අසාර්ථක වුණොත් වෙනත් ක්‍රමවේදයක් යොදන්න පුළුවන්. ඒවා පාලනය කරන එක ගැන විතරක් අහනවා. ඒ තත්ත්වය ඇති වුණේ කොහොමද කියලා අහන්නේ නැහැ. එතැන ඉන්නේ මිනීමරුවෝ කුඩුකාරයෝ. පාතාලේ අය අතට ටී56 ආවම හිතන්න. මම විශාල ප්‍රයත්නයක් දැක්වූවා ඔය ටී56 සිරකඳවුරු තුළ තියන්න දෙන්න එපා කියලා. ඇමැතිවරු, නිලධාරීන් ඒ බව දන්නවා. මොකද ඒක තමයි හමුදාවේ මූලික ආයුධය. ටී56 වෙනත් තැනකටත් දුන්නාම හරි පාලනයකුත් නැතිනම් ඔය වගේ සිද්ධි ඇතිවෙනවා. සිරකාරයෙක් අතට ටී56 ක් ගියාම මොකක්ද කරන්න පුළුවන්? එතැනිනුත් මං හිතන්නේ දෙන්නෙක් ද කොහෙද ආයුධ සමඟ නැති වෙලා. තවම නෑනේ.. මේවා ගැන කවුරුත් සලකා බලන්නේ නෑ.

    ඔබට එරෙහිව පවතින නඩු විභාගවලට මුහුණදීම විනා ශේ්‍රෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට ගොස් ඔබ වාරණ නියෝග ගන්න උත්සාහ දරන එක වැරදියි නේද?

    නෑ, එහෙම නෙමෙයි. මට තියෙන අයිතිය නීතිමය අයිතියක්. ඒ කියන්නේ මං මගේ හැම පරීක්‍ෂණයකටම මුහුණ දීලා තියෙනවා. මම උසාවියෙන් බලාපොරොත්තු වෙන්නේ අසාධාරණයක් සිදුනොවීමට මිසක් ඒ පරීක්‍ෂණවලට අදාළව නෙමේ. කොමිසමට ගියා. ජ්ඛ්ධ්ච් එකට ගියා. ඛ්ධ්ච් ගියා. අල්ලස් හෝ දූෂණ එකට ගිහින් තියෙනවා. දැන් ඔබලාම හිතන්න මේ ලංකාවේ ලොකුම හොරා දූෂිතයා මම ද? මට තමයි වැඩිම පරීක්‍ෂණ තියෙන්නේ. එතකොට මම තමයි මේ ඔක්කෝම දූෂණ කරලා තියෙන්නේ. හැබැයි කෝ මේ දූෂණ කරලා හොයපු සල්ලි. මොනවද මේ දූෂණ. ඒකෙන්ම තේරෙනවා මෙතැන එකක් ත්‍රස්තවාදයට විරුද්ධව මූලිකව කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට ඔය දෙමළ ඩයස්පෝරාවේ යුධ විරෝධී කණ්ඩායම මාව විනාශ කරන්න ප්‍රාථමික අරමුණක් තියෙනවා.

    දෙවනුව ඔබ කියන 2020 ජනාධිපතිවරණයට මං අපේක්‍ෂකයා වශයෙන් එයි කියන බය තියෙන දේශපාලනික කණ්ඩායමක් ඉන්නවා. මගේ චරිතය ඝාතනය කරන්න හදනවා. පෞද්ගලිකව දේශපාලනය කරන වෛරී කණ්ඩායමක් ඉන්නවා. අවස්ථාව, ඉලක්කය මං. දූෂිතයෝ ඕනෑ තරම් ඉන්නවා. කෝ ඒගොල්ලන්ට නඩු? ඒ අය නිදහසේ ඉන්නවා.

    ඔබට එල්ල වී තිබෙන මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවෙක්ව සිටින ඔබේ ඥාතියකු වන උදයංග වීරතුංග අධිකරණය මඟහරිමින් සිටිනවා?

    මම හිතන්නේ ඒකත් අධ්‍යයනය කරලා බලන්න. මාධ්‍යවල විවිධ කරුණු පළ වුණා. මම කියන්න කැමැතියි. ඒක මම විතරක් නෙමේ ගුවන් හමුදාවෙනුත් කරපු දෙයක්. ඕනෑම හමුදා උපකරණ මිග් ගැනීමේ ප්‍රධාන පුද්ගලයා තමයි ගුවන් හමුදාව. මම ආරක්‍ෂක ලේකම්වරයා පමණයි. ඒක හින්දා තමයි මම කියන්නේ හැම තිස්සේම කිසිම අරමුණක්, හේතුවක් නැතුව ගෝඨාභය රාජපක්‍ෂ හැම එකකටම දානවා. මේකට මගේ කිසිම සම්බන්ධයක් නෑ.
    නමුත් මම දන්නවා ආරක්‍ෂක ලේකම්වරයා හැටියට එවකට යුද සමයේ යම් කිසි ආයුධයක් ගන්න ගනුදෙනුවක් තිබුණා නම් කිසිම බයක් නැතිව මට කියන්න පුළුවන් එහි සියයට දාහක සාර්ථකත්වයක් විනිවිද භාවයක් පේන විදිහට සිදුවුණු හොඳම ගනුදෙනුවක් කියලා මේ මිග් ගනුදෙනුව. ඒක මම විතරක් නෙමේ ඒවා පාවිච්චි කරපු ගුවන් හමුදාව පවා කියනවා.

    නමුත් මේ ගනුදෙනුව හරහා රාජ්‍ය මුදල් අවභාවිත වුණ බවට එන චෝදනාවට ඔබ මොකද කියන්නේ?

    මේකේ තක්සේරු කමිටුවක් තිබුණා. ටෙන්ඩර් බෝඩ් එකක් තිබුණා. ඇගයුම් කමිටුවක් වගේම කැබිනට් අනුමැතිය පවා ලැබුණා. ඹ්ඛ් විවෘත කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. මේක මම ගන්න ගිය එකක් නෙමේ. ගුවන් හමුදාවෙන් මෙහි අවශ්‍යතාව ආවේ. මම එන්නත් කලින් ඉඳලා මිග් ගුවන් යානාවල අවශ්‍යතාව ගුවන්හමුදාපතිවරයා ඒ ඒ කාලවල හිටපු ඇමැතිවරුන්ට දැනුම් දීලා තිබුණා. මෙය ආරම්භ වෙලා තියෙන්නේ මටත් කලින්. මෙවැනි ගුවන් යානයක් ඕනෑ කියලා තෝරලා තියෙන්නේ ගුවන් හමුදාව. ඒ ගුවන් යානය සුදුසුද කියලා තෝරලා තියෙන්නේ තක්සේරු කමිටුව. මේ ඔක්කෝම තියෙද්දී කිසිම පදනමක් නැතිව දෝෂාරෝපණය කරනවා. මට කියන්න පුළුවන් මේක කිසිම වරදක් නොවී සිදුවූ ගනුදෙනුවක් බව. ඇයි මට විතරක් චෝදනා කරන්නේ. ඇයි තක්සේරු කමිටුවේ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ. ඒ වගේ හිටියේ මේ පොඩි පොඩි අය නොවෙයි. මේ මුදල් සම්බන්ධ ඇගයීම් කමිටුවට පත් කළ පුද්ගලයා එවකට භාණ්ඩාගාර නිලධාරියෙක්. පසුව ඔහු විගණකාධිපති වෙනවා. පසුව මේ රජය යටතේ මහා දූෂණ පරීක්‍ෂා කිරීමට පත් කළ කොමිසමේ සාමාජිකයෙක් වෙනවා. එතකොට තවත් මොනවද කතා කරන්න තියෙන්නේ. එයා ගැන කතා නොකරන්නේ ඇයි? මේවා ඔබලා දැනගෙන සිටියද? ඇයි ගෝඨාභය රාජපක්‍ෂ ගැනම ඉලක්ක වෙන්නේ? මට චෝදනා නඟලා මාව සිරගත කරන්න නෙමේද?

    ඔබ වත්මන් ආණ්ඩුව ගැන ප්‍රබල චෝදනා ඉදිරිපත් කරනවා?

    ආණ්ඩුව ගැන පුද්ගලිකව විවේචනය කරන්න පුළුවන්. ජනතාවටත් ලොකු විවේචනයක් තියෙනවනේ. අද කිසිදෙයක් සිද්ධ වෙන්නේ නෑනේ.
    හේතුව මේ දේශපාලන පළිගැනීම්වල නිරත වෙලා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. පසුගිය රජය යටතේ හිටපු නිලධාරීන් කීදෙනෙක් පදනම් විරහිතව විවිධ අපහසුතාවලට පත් කරලා තියෙනවද? . හැමදේකම පැති 2ක් තියෙනවනේ. කවුරුත් 100%ක් නිවැරදි නෑනේ. 100%ක් නිවැරැදි රජයවල් තිබිලත් නෑනේ. නමුත් අපේ රජය කරපු කාර්යයන් හා කරන චෝදනා ඔය දෙකම සංසන්දනය කරලා බලන්න ඕනෑ.

    අවුරුදු 30ක් මේ රටේ තිබුණු යුද්ධයකටනේ මිනිස්සු චෝදනා කළේ. යුද්දෙට විරෝධී අයමනේ කිව්වේ යුද්දේ කියන්නේ ගසා කෑමට යොදා ගත්ත එකම දේ කියලා. එතකොට එහෙම ගසා කන්නට තිබූ යුද්ධයක් අවුරුදු 2 1/2ක් තුළ අවසන් කරනවනේ. ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒක අවසන් කරපු නිසා මේ රටට, ජනතාවට වුණු සේවය ගැන කතා කරන්නේ නැහැ. කීදෙනෙක් ජීවිත පරිත්‍යාග කළාද? රටක් අවුරුදු 30ක් විඳපු දුකක් තිබුණා. ත්‍රස්තවාදියාගේ නිදහස අයිතිය ගැන කතා කළාට අහිංසක මිනිහා ගැන කතා කරන්නේ නැහැ. ප්‍රායෝගික දේ ගැන කතා නොකරපු නිසයි කිසි දෙයක් කරන්න බැරි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වොක්ස්වැගන් ෆැක්ටරිය, බැඳුම්කර කතාව, මහබැංකු කතාව ගැන කතා නොකර ඉමුකෝ..:)

    එතකොට මචන් සටන් විරාමයක් ඇති කරලා ඒ කාලේ කොටින්ට ඕනේ ඕනේ හැටියට නටන්න දුන්න රනිල මහත්තයා හොඳයිද.?

    සටන් විරම කාලේ හමුදාවට කෙළ වෙනවා කියල දැන දැනත්, කොටි ඒ අයගේ ආයුධ ගෙන්න ගන්නවා කියලා දැන දැනත් ප්‍රභාකරන්ට අතට අත දීපු රනිල් මහත්තයා හොඳයිද..?

    හමුදාවේ රහස් ඔත්තු සේවයක් වෙච්ච මිලේනියම් සිටි නිවාස සංකීර්ණෙ පාවා දුන්නු, අන්තිමට හමුදාවට වැඩ කරපු දක්ෂ නිලධාරියෝ සෑහෙන පිරිසකට කොටි අතින් ජීවිතෙන් වන්දි ගෙවන්න උන විදිහට වැඩ කරපු රනිල් මහත්තයා හොඳයිද.?

    හමුදාවේ කොල්ලෝ ඇඟේ කෑලි එල්ලගෙන, නොකා නොබී, දාඩිය ලේ පෙරාගෙන දුක් විඳගෙන යුද්ධේ කරන් යද්දී තොප්පිගල කැලයක් කියපු, කැලයක් අල්ලගන්න යුද්ධ කරනවා කියපු රනිල් මහත්තයා හොඳයිද.?

    ලංකාවේ මුලින්ම හදපු හයිවේ එකට දවස ගාණේ බැනපු, මත්තල එයාපෝට් එකට බැනපු, එයාපෝට් එකේ වී ගබඩා කරපු,,හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිය කිය හිටපු, මේ දේවල් එකක්වත් වැඩක් නෑ කියපු රනිල් මහත්තයා හොඳයිද.?

    ගුවන් පාලම් මොකටද කියලා අහපු, පැනලා මිනිස්සු මැරෙයි කිව්ව රනිල මහත්තයා හොඳයිද.?

    මාධ්‍ය නිදහස ගැන කතා කරපු, ෆ්‍රී වයිෆයි ගැන කියවපු, දින 100 වැඩ පිළිවෙලින් කලින් ආණ්ඩුවට වඩා වැඩ කරනව කියපු, හොරකම් කරන්නෙම නෑ කියපු, නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියපු, රනිල් මහත්තයා ඒ ඔක්කොම හරියටම කළාද කියලා පොඩ්ඩක් උඹම හිතලා බලලා ත්‍රෙඩ් දාපං දානකොට..
     
    • Like
    Reactions: pga

    සිරිකොතෙන් පඩි හම්බෙනවනම් ඕව මොනවද.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    ගෝඨාට අමුතුවෙන් මාන බලන්න දෙයක් නෑ මානසික ලෙඩෝ. 2020 කොමත් ගෝඨා ගොඩ. :cool:
     
    • Like
    Reactions: pga

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අඹ ගහේ කතාව නම් මඩක් වෙන්න ඕන. හැබැයි ඇමරිකාවෙ ගිහින් ටයිපින් රස්සාවක් කරපු එක නම් ඇත්ත.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawe kohomath paw karayo wedi paw karanata hariyanne ea jatiyema ekek tama. sorry.com wale idan tawath thadi walakata watenawa. desaplakoyo enneth rate minussunge pawa pina anuwa tama. salli tiyanaunta nam mona despalakaya raja karath aulak ne ubalata tama itin :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන්ම කල් වැඩි බන් කැම්පේන් එක පටන්ගන්න. පොඩ්ඩක් මූනුපොත අන්බ්ලොක් වෙනකන්වත් හිටපන්.[/SIZE]

    :lol:

    මුන් පොනිල්ගේ සෝෂල් මීඩියා ටීම් එකේනේ.මුන්ට කිසිදෙයක් බ්ලොක් නෑ:rofl:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ගෝටා තමා පොන්ස් කොහොමත් එන්නේ 2020 වද පොන්ස්ට වෙන්නේ අකුලන් යන්න තමා.:rofl::rofl:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වොක්ස්වැගන් ෆැක්ටරිය, බැඳුම්කර කතාව, මහබැංකු කතාව ගැන කතා නොකර ඉමුකෝ..:)

    එතකොට මචන් සටන් විරාමයක් ඇති කරලා ඒ කාලේ කොටින්ට ඕනේ ඕනේ හැටියට නටන්න දුන්න රනිල මහත්තයා හොඳයිද.?

    සටන් විරම කාලේ හමුදාවට කෙළ වෙනවා කියල දැන දැනත්, කොටි ඒ අයගේ ආයුධ ගෙන්න ගන්නවා කියලා දැන දැනත් ප්‍රභාකරන්ට අතට අත දීපු රනිල් මහත්තයා හොඳයිද..?

    හමුදාවේ රහස් ඔත්තු සේවයක් වෙච්ච මිලේනියම් සිටි නිවාස සංකීර්ණෙ පාවා දුන්නු, අන්තිමට හමුදාවට වැඩ කරපු දක්ෂ නිලධාරියෝ සෑහෙන පිරිසකට කොටි අතින් ජීවිතෙන් වන්දි ගෙවන්න උන විදිහට වැඩ කරපු රනිල් මහත්තයා හොඳයිද.?

    හමුදාවේ කොල්ලෝ ඇඟේ කෑලි එල්ලගෙන, නොකා නොබී, දාඩිය ලේ පෙරාගෙන දුක් විඳගෙන යුද්ධේ කරන් යද්දී තොප්පිගල කැලයක් කියපු, කැලයක් අල්ලගන්න යුද්ධ කරනවා කියපු රනිල් මහත්තයා හොඳයිද.?

    ලංකාවේ මුලින්ම හදපු හයිවේ එකට දවස ගාණේ බැනපු, මත්තල එයාපෝට් එකට බැනපු, එයාපෝට් එකේ වී ගබඩා කරපු,,හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිය කිය හිටපු, මේ දේවල් එකක්වත් වැඩක් නෑ කියපු රනිල් මහත්තයා හොඳයිද.?

    ගුවන් පාලම් මොකටද කියලා අහපු, පැනලා මිනිස්සු මැරෙයි කිව්ව රනිල මහත්තයා හොඳයිද.?

    මාධ්‍ය නිදහස ගැන කතා කරපු, ෆ්‍රී වයිෆයි ගැන කියවපු, දින 100 වැඩ පිළිවෙලින් කලින් ආණ්ඩුවට වඩා වැඩ කරනව කියපු, හොරකම් කරන්නෙම නෑ කියපු, නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියපු, රනිල් මහත්තයා ඒ ඔක්කොම හරියටම කළාද කියලා පොඩ්ඩක් උඹම හිතලා බලලා ත්‍රෙඩ් දාපං දානකොට..

    Wena Ekak Thiya Hitan Ta Monawada Thiyana Sudusu Kam :lol::lol:
    Pora G.N only Mama Hithenne Degree Ekak wath na

    Mey Secretary Kenek Hitapu Nikam pathweem denna ba Ehema Ayata :P:P
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අඹ ගහේ කතාව නම් මඩක් වෙන්න ඕන. හැබැයි ඇමරිකාවෙ ගිහින් ටයිපින් රස්සාවක් කරපු එක නම් ඇත්ත.

    Mama ahala tibbe IT admin kiyala. Habai ithin pora nam supiri waddek
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    වොක්ස්වැගන් ෆැක්ටරිය, බැඳුම්කර කතාව, මහබැංකු කතාව ගැන කතා නොකර ඉමුකෝ..:)

    එතකොට මචන් සටන් විරාමයක් ඇති කරලා ඒ කාලේ කොටින්ට ඕනේ ඕනේ හැටියට නටන්න දුන්න රනිල මහත්තයා හොඳයිද.?

    සටන් විරම කාලේ හමුදාවට කෙළ වෙනවා කියල දැන දැනත්, කොටි ඒ අයගේ ආයුධ ගෙන්න ගන්නවා කියලා දැන දැනත් ප්‍රභාකරන්ට අතට අත දීපු රනිල් මහත්තයා හොඳයිද..?

    හමුදාවේ රහස් ඔත්තු සේවයක් වෙච්ච මිලේනියම් සිටි නිවාස සංකීර්ණෙ පාවා දුන්නු, අන්තිමට හමුදාවට වැඩ කරපු දක්ෂ නිලධාරියෝ සෑහෙන පිරිසකට කොටි අතින් ජීවිතෙන් වන්දි ගෙවන්න උන විදිහට වැඩ කරපු රනිල් මහත්තයා හොඳයිද.?

    හමුදාවේ කොල්ලෝ ඇඟේ කෑලි එල්ලගෙන, නොකා නොබී, දාඩිය ලේ පෙරාගෙන දුක් විඳගෙන යුද්ධේ කරන් යද්දී තොප්පිගල කැලයක් කියපු, කැලයක් අල්ලගන්න යුද්ධ කරනවා කියපු රනිල් මහත්තයා හොඳයිද.?

    ලංකාවේ මුලින්ම හදපු හයිවේ එකට දවස ගාණේ බැනපු, මත්තල එයාපෝට් එකට බැනපු, එයාපෝට් එකේ වී ගබඩා කරපු,,හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිය කිය හිටපු, මේ දේවල් එකක්වත් වැඩක් නෑ කියපු රනිල් මහත්තයා හොඳයිද.?

    ගුවන් පාලම් මොකටද කියලා අහපු, පැනලා මිනිස්සු මැරෙයි කිව්ව රනිල මහත්තයා හොඳයිද.?

    මාධ්‍ය නිදහස ගැන කතා කරපු, ෆ්‍රී වයිෆයි ගැන කියවපු, දින 100 වැඩ පිළිවෙලින් කලින් ආණ්ඩුවට වඩා වැඩ කරනව කියපු, හොරකම් කරන්නෙම නෑ කියපු, නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියපු, රනිල් මහත්තයා ඒ ඔක්කොම හරියටම කළාද කියලා පොඩ්ඩක් උඹම හිතලා බලලා ත්‍රෙඩ් දාපං දානකොට..

    well said bro
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Wena Ekak Thiya Hitan Ta Monawada Thiyana Sudusu Kam :lol::lol:
    Pora G.N only Mama Hithenne Degree Ekak wath na

    Mey Secretary Kenek Hitapu Nikam pathweem denna ba Ehema Ayata :P:P

    හිටංට ඇදුනේ ටිකට් එකක්. සල්ලි හසුරුවන්න නොතේරෙන එකෙකුට කෝටි ගාණක් ඇදුනාම ඌ හිටියටත් වැඩිය කෙළෝ ගන්නවා හැම මගුළම කරන්න ගිහින්..
    හිටන්ටත් ඒකමයි වෙලා තියෙන්නේ..
    මහින්දගේ සමහර වැරදි නිසා මිනිස්සු යන එනමක් නැතුව දුන්නා හිටං කාරයට.. මිනිහා ආවේ රනිල්ගේ ඉනිමග දිගේ නිසා තනි තීරණ අරන් ඉනිමග පැත්තකට දාගන්න විදිහක් නෑ දැන්.. පව් එක අතකට..කොච්චරනම් කියනවද මේ ගොල්ලෝ එක්ක බෑ.. හරි නරකයි, මං කියන දේ අහන්නේ නෑ.. කොලේ ඉරාගෙන ඇඟෙ හලාගන්නවා අරකයි මේකයි කියලා.. අන්තිමට රනිල්ම ගිහින් අතින් අල්ලන් එනවා අඬන්න එපා කියලා..

    සෞඛ්‍ය ඇමති වෙලා හිටිය කාලේ කරපු දේවල් ඇත්තටම අගය කරන්න ඕනේ.. මොකද දූෂණ වංචා මුකුත් නැති සාධාරණ මනුස්සයා නිසා.. හැබැයි ජනාධිපති කෙනෙක් විදිහටනම් පොඩ්ඩක්වත් සුදුසු නෑ..

    රනිල්නම් මේලෝ රෙද්දකට සුදුසු මනුස්සයෙක් නෙමෙයි මට හිතෙන හැටියටනම්.. හොඳක් කියලා කරපු කිසිම දෙයක් නෑනේ..
    කරන තරමක් කරලා තියෙන්නේ කෙළ වෙන විදිහේ වැඩමයි. යුද්දේ කාලේ ජපන් ආධාර පවා නවත්තන්න ට්‍රයි කරලා තිබුණානේ.. අනික මොකක් හරි ඇහුවාමත් දෙන්නේ පිස්සු විකාර උත්තර..
    මතකනේ බුලත් ගොවියෝ ගැටලු ගැන කියද්දී මෑන් කිව්වේ කොල්ලෝ චුවිංගම් කනවා කියලා..
    පාර්ලිමන්ට් එකෙත් මතකනේ බැඳුම්කර ගැන අහද්දී කවුද හොරා කිය කිය නටපු හැටි..
    මොකක් හරි වැරද්දක් උන ගමන් කලින් ආණ්ඩුව අල්ල ගන්න එක ඇරෙන්න ඒවට හරි විසඳුම් දීලාම නෑනේ මෙච්චර කාලෙකට..