5 වේගය සම්බන්ද දඩේදී, අදාල වේගය අනුව , අවවාද කිරීමේ සිට වේගයට අදාලව වරදේ ප්‍රමාණයට ක්‍රමයෙන් වැඩිවෙන දඩයක් හා ලකුණු දීමක්/කැපීමක් විදියට වෙනස් විය යුතුයි. ලකුණු අවසානයේ බරියදුරු බලපත්‍රය මාස ගණනින් අවලංගු වීම වියයුතුයි.
අනික්වා දඩේත් වැඩිකරලා තව හිරකරන්න ඕන. උදාහරනෙකට රක්ෂණය නොමැතිව රිය පැදවීමට
දඩයක්, + රථය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන ගාස්තු+ වහනය රදවා තිබීමේ වියදම් ගෙවියයුතු අතර සති 2ක් ඇතුලත දඩ ගෙවා රක්ෂණ ආවරණය නොපෙන්වුවහොත් වහනය තලාදැමිම/ රාජසන්තක කලයුතුයි.
මේවා ලංකාවට අලුත් වුනත් ලංකාවෙන් පිට අපි අත්විදින නීති. කාටහරි කියන්න පුළුවන් දියුණු රටක් හා ලංකාව සමාන කරන්න බෑ කියල, ඒත් වාහනේකට හැප්පුනහම දියුණු නොදියුණු කතාව නෙමෙයි රක්ෂණයක් නොතිබුනොත් හැපුන කෙනා හා යැපෙන්නන් අනාතයි.
කොහොමත් මොන ආණ්ඩුවට පොලිසියට බැන්නත් අදටත් ලංකාව ඉන්දියාව බංගලාදේශය ගානට වැටිලා නැත්තේ පොඩි එකාටහරි නිතිය ක්‍රියාත්මක වන නිසා. දවසකටහරි ගිහින් බලපල්ලා ඔය රටවල්වල හැටි මම මගේ ඇහැට දැක්කේ නෑ තලාගත්ත නැති හුරගත්ත නැති වාහනයක්. ඒ අතින් ලංකාව හොදයි එත් ලංකාවට ගියපු සුද්දෝ නම් වාහන පැදලා ගල් බූත වෙලා එන්නේ
ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ.
අනික මුන් මේ කෑගහනවා හයියෙන් යන්න ඕන කියල, මම පහුකරන පොඩි පොඩි නගරවලත් නගරය අරම්බයේම වේගසීමාව 30 / 40 / 50 හා ස්පීඩ් කැමරා දාල තියෙන්නේ. ලිමිට් පැන්නද දවස් තුනෙන් සනීපෙට දඩේ ගෙදරටම එනවා. ෆෙරාරි ලම්බෝගිනිත් 30 ට 40ට බල්ලෝ වගේ යන එකේ ඉදියන් ලඩි පදින සොන්නලු ජනාකීර්න නගර හරහාත් 70ට පදින්න කතාව.
දැන් මට බැනපල්ලා. මේ මම හදපු නීති නෙමෙයි, පිළිපදින නීති.