there are two sides to everyone's story... but some of these idiots who drive buses and lorries should be shot!!!
![]()
යාලුවනේ වෙන ත්‍රෙඩ් එකක තිබුන කමෙන්ට් එකක් දැකල මේක ලියන්න හිතුනෙ.
අපි කවුරුත් කැමති නෑනෙ ලංකාවේ බස් පාරෙ යන ව්දිහට. ඒකට විසඳුමක් පේන තෙක්මානෙක නෑ. ඒකට විසඳුමක් දෙන්න ගන්න උත්සාහයක් නෙමේ මේක. අඩු ගානෙ ලේ කෝප කරගන්නෙ නැතුව සැහැල්ලුවෙන් මම යන්නෙ කොහොමද කියල කියන්නයි උතසාහ කරන්නෙ.
දුර ගමනක් යන්න පිටත් උනාම පිටිපස්සෙන් එන බස් වලට අපිට ඉස්සර කරගන යන්න පුදුම ගේමක්නෙ දෙන්නෙ. ඒ වගේම තමයි ඉදිරියෙන් එන වාහන වලට ඉස්සර කරන බස් අපිව දැක දැක තැනක් නොතැනක් නැතුව මූනට එන්නෙ නිකන් කාලතුවක්කු උන්ඩ වගේනෙ. මමනම් කියන්නෙ ඒ වගේ වෙලාවට ඔය තඩි ලේලන්ඩ් බස් එක්ක ගේමට යන්න එපා. අපි ඉඳල හිටලා දුර ගමනක් යනවා වගේ නෙමේ. උන් ඕක දවස් 365 තිස්සෙම එදා වේල හම්බකරන්න ගහන ගේම් එකේ කොටසක්. බස් එකේ ඉන්න සෙනග හැමෝටම ඕන කොහොම හරි ඉක්මනට ගෙවල් දොරවල් වලට යන්න. මට මතකයි මටත් බස් වල ගියපු කාලයක් තිබුනා. ඒ දවස් වල හිමින් පරිස්සමට යන බස් එකකට නගින්න කැමතිම නෑ. කොහොම හරි ඉක්මනට යන එක තමයි ඒ කාලේ අගේ කරේ.
ඒ හින්ද තඩි ලේලන්ඩ් බස් ලොරි වගේ ඒවා පාරෙ යනකොට එයාලට ටිකක් ඉඩ දීල සපෝර්ට් එකක් දෙන්න. ඒ මිනිස්සු ඒවා එලවන්නේ ජොලියට නෙමේ. පනම් හතරක් හොයාගන ගෙවල් දොරවල් නඩත්තු කරන්න කරන වැඩක්. ඔය දේවල් ඔය විදිහට දකින්න පුලුවන්නම් හිත නිමාගන ගමනක් යන්න පුළුවන්.
![]()
රෙප් කැපුවා. උන්ට පනම් 4ක් හොයාගන්න පාරේ යන අනිත් උන් මැරෙන්න ඕන නෑ. අත්දැකීම් තියන නිසා දාන්නේ. උන්ට බස් එක ඔහොම ගෙනියන්නේ නැතුව සල්ලි හොයන්න බැරි නම් වෙන රස්සාවකට යන්න ඕන. ඕකුන් රේස් පැදලා පාරේ එකෙක් මැරුණම, ඒකාගේ පවුලට මොකද වෙන්නේ?. aruna1
අනේ මන්දා! ලන්කාවෙ යාලුවො හදවතින් කතා කරන්නෙ, මොලෙන් නෙමේ.
මම කියන්නෙ උන් කරන දේ හරියි කියන එක නෙමේ. වෙන දෙයක්. ඒක තෙරුම් අරගන අගේ කරලා රෙප් දීපු හැමෝටම බොහොම ස්තුතියි!
තෙරුනේ නැති දෙන්නට කවදහරි තෙරුම්ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.![]()
ලොරි එලෝන හැමෝම එහෙම නෑ බ්‍රෝ... අනික ඕවත් එක්ක ගේම ඉල්ලලා පොඩ්ඩ මිස් උනොත් කොහෙන් නවතීද දන්නෙ නෑ.

එහෙමයි කියලා මම නම් උන්ට ඕන විදියට රඟන්න දෙන්නේ නෑ බං. ලඟදි දිග ට්‍රක් එකක් අරන් යද්දි පරයෙක් පාරම වහගෙන පාර මැද. කොටනවා 30ට විතර. ඉස්සර කරන්නත් බෑ. ඕන එකක් වෙන්න දැම්මා, ඇල්ලුවා තට්ටුව. උගේ දකුණු කන්නඩිය එතනම ගැලවිලා බිම. දොරත් ඩැමේජ්. මම ගෙදර ඇවිත් බ්‍රාසෝ ටිකක් දැම්මා තට්ටුවට. වේසිගෙ උන් හිතන් ඉන්නේ පාරවල් උන්ගේ කියලා. නීතියට අනුව යන්න ඕන. හෙමින් යනව නම් පිටිපස්සෙන් එන වාහනේකට ඉඩ දෙන්න ඕන ඉස්සර කරන්න.
ඔහේ කරබගෙන ඉන්නෙපා බං. අඩු ගානේ කැම් එකක රෙකෝඩ් වෙන එකක් හරි පබ්ලිශ් කරපන් සයිට් වල. නැති නම් ඉස්සරහට පාරේ යන්න වෙන්නේ හද්ද පරණ කෑලි හැලෙන යකඩ ගොඩවල් අරන්. හොඳ වාහනයක යද්දි කාණුවෙන් යන්න වෙයි මෙහෙම ගියොතින්.![]()
ඔය ගොඩක් බර වාහන ස්ලෝ කරොත් උන්ට ආපහු ඒක පත්තු කරගන්න හෙන වෙලාවක් යනවා. ඒ හින්ද උන් තව වාහනෙකට ඉඩ දුන්නට ස්ලෝ කරන්නෙ නෑ. වැඩේ වැරදියි. ඒ මොකද කියල හෙතුව දැන්ගත්තම මටනම් උන් එක්ක තරහ යන්නෙ නෑ. අනුකම්පාවක් ඇතිවෙන්නෙ![]()
