ලංකාවේ නීතිය ගැන කලකිරී විදේශිකයෙකු සියදිවි නසාගනී
මෙරටට පැමිණි සංචාරකයෙකු තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදි කිරීමට ඉඩමක් ගැනීමේදී වංචාවකට හසුව ඒ පිලිබඳ නිතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන කලකිරී ලංකාවට ම පැමිණ සියදිවි නසාගෙන ඇත.
මෙම සංචාරකයා රුසියානුවෙකු වන අතර 2012 වසරේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක් ලබාදී ඉඩමක් ලබා දී ඇත. එම පුද්ගලයා විසින් රුසියානුවා හට වංචාකොට විකුණා තිබුනේ තංගල්ල ප්‍රදේශයේ සුසාන භූමියකි.
එම ඉඩමේ හෝටලයක් ඉදි කිරීමට ඉහලින් බලාපොරොත්තු තබා ගත් රුසියානුවා හෝටලයේ සැලසුම් පවා සකස්කොට එයට අවසරය ගැනීමට යාමේදී තංගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉඩම කනත්තක් බව පැහැදිලිකොට එහි හෝටලයක් ඉදි කිරීමට නොහැකි බව පවසා ඇත.
තමා අසුවූ වංචාව පිලිබඳ දැනගත් විදෙශිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කොට ඇත. එම පැමිණිල්ලට අනුව වංචාකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත්කර ඇත.
එහිදී වැරැද්ද පිළිගත් එම පුද්ගලයා ලක්ෂ 60 කොටස් වශයෙන් ගෙවීමට එකඟ වී ඇත. නමුත් පසුගිය අප්‍රේල් පලවනදා තෙක් ඔහුට ඉන් ලැබී තිබුනේ ලක්ෂ 10 ක් පමණි.
ඒ හේතුවෙන් මාර්තු 30 වනදා ලංකාවට නැවත පැමිණෙන ඔහු කටුනායක ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන නීතිඥයෙකු මුණ ගැසී සිවිල් නඩුවක් දැමීමටද කතාකරගෙන තිබුණි. එහිදී එම නීතිඥයා හට ඔහු පුන පුනා පවසා ඇත්තේ ලංකාවේ නිත්‍ය පිලිබඳ තමාට ඇත්තේ මහත් කලකිරීමක් බවයි.
අප්‍රේල් පළමුවනදා නීතිඥයා මෙසේ මුණගැසීමෙන් අනතුරුව අප්‍රේල් දෙවනදා කටුනායක එම හෝටලයේදී කලිසමේ ලේස් පටියක් ගෙලේ ඔතා රුසියානුවා සියදිවි හානි කරගෙන ඇත.
