ඉන්දියාවේ පියන් ජොබ් 368ක් සඳහා අයැදුම් කල හැටි.
ලංකාවට ඔහොම වෙන දිනය වැඩි ඈතක නොවේ.
- පී.එච්.ඩී එකක් තියෙන එවුන් 250ක්
- පශ්චාත් උපාධිධාරීන් 25000ක්
- නිකම් උපාධිධාරීන් 150000ක්
- උපාධි නැති අය ලක්ෂ 22ක්
http://www.bbc.com/news/world-asia-india-34276253
හේතු ගොඩක් තියෙනවා. ලංකාවෙත් ඉන්දියාවේ වගේම මානසිකත්වය හැදිල තියෙන්නේ ඉගෙනගත්තම ජොබ් හම්බවෙනවා කියල නිසා. යමක් හිතල කරන්නට ඉගෙනගෙන නැති නිසා. වයිට්කොලර් ජොබ් එකක් නැත්නම් අනාගතයක් නැතය කියා හිතන නිසා. දෙමාපියන්ගේ අරමුන දරුවා කෙසේහෝ දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් කරන්න නිසා.
ඉතින් සීමා සහිත ජොබ් මාකට් එකට රිංගන්න රටේ ලෝකේ නැති ක්රම හොයාගන්නවා. එකක් තමයි හොරට උපාධි ගැනීම. අනික හොර උපාධියක් නැතත් හොර සහතිකයක් හරි හදා ගැනීම. දේශපාලකයන්ගේ ලියුමක් ගැනීම. ලියුම් උපාධි මොකුත් නැතුව දොස්තර කෙනෙක් වගේ ඇඳගෙන හොස්පිටල් වල ගැවසෙන අයත් ඉන්නවා.
ඉතින් මේ ජොබ් එකක් හොයා ගන්න එක අනෙකා පාගගෙන වට්ටලා ගියෙ නැත්නම් දිනන්න බැරි තරඟයක්.
දොස්තරලා කොහොම උනත් ඉංජිනේරුවො ගැන නම් මම හොඳට දන්නවා. මොන උපාදිය තිබුනත් වැඩබැරි ටාසන්ල ඕනෙ තරම් මට හම්බවෙලා තියෙනවා. ඉන්ටවිව් එකක් කරද්දි අපිට තියෙන ලොකුම ප්රශ්නෙ ඇප්ලිකේෂන් 1000+ අතරින් හොඳ එකෙක් හොයාගන්න එක.
අපි ඉන්ටවිව් කරල ජොබ් දෙන්නෙ ප්රයිවට් කොම්පැනි වල විතරයි. ආන්ඩුවෙ දොස්තර රස්සාව දෙන්නෙ ඉන්ටවිව් කරල නෙවෙයි.
වැඩ බැරි ටාසන්ල උනත් ආන්ඩුවෙ මෙඩිකල් කොලේජ් එකකට ගිය උන්ට ජොබ් දෙනවා. ප්රයිවට් මෙඩිකල් කොලේජ් ආවම කොහොමද උන්ට ජොබ් දෙන්න ඕනෙ? උන්වත් නිකම්ම ගන්න වෙනවනෙ. උපාධි සහතිකේ බලල ජොබ් දෙන නිසා තමයි මේ අවුල.
ඔවු ඉන්දියාෙවේ එහෙම තමයි. අපිට තවත් ඉන්දියාවක් වෙන්න ඕනි නෑ.
අනික පියන්ලාත් උපාධියක් ගන්න වට අකමැති උපාධිය ආභරණයක් කරන් ඉන්න සමහරැ.
ලන්කාවේ දොස්තරලාගේ, ඉන්ජොන්ගේ හිගයක් තියෙන්නේ.. ඒකයි ගිය ගමන් ජොබ් ලැබෙන්නේ. නැතුව උපාධිය නිසා නෙමේ.
උපාධිය නිසා ජොබ් දෙනවා නන් ඉතින් අර උද්ඝෝශන කරන ආටන්ටත් ජොබ් ලැබෙන්න ඕනි. දැන් තේරෙනවාද?







