මාලිංගගේ මාධ්‍යය හමුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ලසිත් මාලිංග ඊයේ (26) දිනයේ මාධ්‍යය සංදර්ශනයක් සිදුකල බව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් පවසති.
තමාට ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අවශ්‍යනම් අර්ජුන රණතුංග මහතාට මාධ්‍යය ප්‍රහාර එල්ල කරන ලෙස ආණ්ඩුවේ බලධාරීන් කල ඉල්ලීම මාලිංග ඊයේ ඉටුකල බව එම විචාරකයන්ගේ අදහසයි. ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍යය හමුවකදී මාලිංග තමාගේ පාදය ආබාධය ගැන කතාව පැත්තක තබමින් තමාට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට හේතුවූ කාරණාවලට අර්ජුන වගකිව යුතු බව පැවසීය. ඔහු මේ බව පවසා ඇත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට බවයි වාර්තා වන්නේ.
ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අර්බුදයක් හටගෙන තිබුනි. මාලිංග තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දියාවේදී කල ප්‍රකාශයට ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ ඊට ඉඩ ලබාදිය නොහැකි බවයි. එහෙත් අයි.පී.එල් මුදල් වලට කෑදරකමින් මාලිංග හට තවදුරටත් එම තරඟාවලිය තුළ රැඳී සිටීමට ඉඩ ලබාදෙමින් ක්‍රිකට් බලධාරීන් මාලිංගට පවසා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීමට අවශ්‍යනම් අර්ජුනට මාධ්‍යය මගින් ප්‍රහාර එල්ල කරන ලෙසයි. එසේ වුවහොත් පමණක් මාලිංගට ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම යාමට අවසර ලබාදිය හැකි බවයි ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ.
මේ අනුව අර්ජුන රණතුංග මහතාට එරෙහිව මාලිංග ඊයේ දියත් කල මාධ්‍යය ප්‍රහාරයට අනුව අයි.පී.එල් තරඟාවලිය අවසන් වන තෙක් තරඟාවලිය තුළ රැඳී සිටීමට ඔහුට අවසර ලැබුනි. කෙසේ වෙතත් වාර්තා වන්නේ අයි.පී.එල් තරඟාවලිය තුළදී මාලිංගට ලැඛෙන මුදලින් කොටසක් ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාටද ලබාදීමට මාලිංගග එකඟවී ඇති බවයි.
එමෙන්ම මාලිංග ලබන වසරේදීද අයි.පී.එල් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් මාලිංගගේ පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීම වෙනුවෙන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් කලකිරීමට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
උපුටා ගත්තේ

Code:
www.athulatha.com/
Last edited:

.හරියට ඇත්ත නැත්ත දන්නෙත් නෑ.ලියපු එකා මොකාද දන්නෙත් නෑ,ඔහේ විශ්වාස කරනවා.මේ රටට කෙල වෙන එක පුදුමය වැයි මේ වගේ මිනිස්සු ඉන්න කොට