මාලිංග සමුගන්න හදයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යෑවීමේ උපදේශක වශයෙන් පත්කිරීමට මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය තීරණය කර තිබේ. ඒ අනුව තම සමුගැනීම ඉතාමත් ඉක්මනින්ම ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව මාලිංග විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
'මම තවම ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කතා කරලා නෑ. නමුත් දේශීය ක්‍රිකට් පිටියේදී මගේ ශරීර යෝග්‍යතාව කෙසේ දැයි මම බලනවා. මම දැනට අයි.පී.එල්. ක්‍රීඩා දිවිය අවසන් කරලා ඉන්නෙ. මේක වෘත්තීය වෙනසක් සිදුවෙන්න හොඳම වෙලාව. මම හිතන්නෙ නෑ මම තවදුරටත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරාවි කියලා.' යනුවෙන් මාලිංග වැඩිදුරටත් පවසා තිබේ.
පළමු වරට අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ මාලිංගව මෙසේ පත්කර ගැනීමට හේතුව ඔහුගේ අත්දැකීම් සිය කණ්ඩායමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව මුම්බායි හිමිකරු අකාශ් අම්බානි මහතා සඳහන් කර තිබේ. සිය රාජකාරිය උපරිමයෙන් කිරීමට තමා කැපවෙන බවද මාලිංග පවසා තිබේ.