well said !
ලංකාවේ සෙසු වේග පන්දු යවන්නන් සියල්ලෝ අසමත්ය. එක්කෝ ආබාධිතය. ධම්මික, ශමින්ද, කුලේ, සුරංග, තිසර මේ ගොඩේය. කවුරුත් මොකුත් කියන්නේ නැත. තිසරගේ මහන්තත්තකම වැඩිය. සනත් තිසරට ඒ කණ්ඩායමේ සෙල්ලම් කරන්න කි විට තිසරට මානසික ආතතිය හැදුනේය. ජනාධිපතිට කියා ටීම් එකට ආවේය. හැබැයි ලකුණු ගැහුවේ නැත. විකට් ගත්තේද නැත. රට අතහැර නවසිලන්තයට යන බව කීවේය. නවසීලන්තයේ අච්චර දක්ෂයන් සිටියදී තිසරට සිටිසන් දී ජාතික කණ්ඩායමට ඔබා ගන්නට නම් උන්ට පිස්සුවක් තිබිය යුතුය.චන්දිමාල් අසමත් විය. සනත් චන්දිව ඒ ටීම් එකට දැම්මේය. චන්දි නිහතමානිව ඒ ටිම් එකට ගොස් ශතක දෙකක් ලබාගෙන යලි ජාතික කණ්ඩායමට එක්විය. කවුරුත් තිසරට බැනලා පෝස්ට් හැදුවේ නැත.
මාලිංග IPL ගහයිද?
මාලිංග අයි පී එල් ගහයිද යන්න මේ දිනවල සෑහෙන දෙනෙකුගේ බඩ රිදවන හද කකියවන ගැටලුවක් බවට පත්ව තිබේ. මාලිංග හෙට මැච් එකේ සංචිතයේනම් සිටී.
මාලිංග අයි පී එල් ගැහුවොත් මටනම් එහි අවුලක් නොපෙනේ. පාදයේ ආබාධය හොදවීමට මාසයක් ප්‍රමාණවත්ය. මාලිංගට කස්ටිය එක එක ඒවා කියන්නේ මාලිංග පච්ච කොටාගත්, කොණේඩෙ පාටකරගත් රස්තියාදුකාරයෙක් නිසාය. අනෙක් අතට “මීට කලින් මාව දැකල නැද්දැයි අහපු නිසාය“. මාලිංගගේ කල්කිරියාවනම් මාත් අනුමත කරන්නේ නැත. හැබැයි මාලිංග අයි පී එල් ගහයිදැයි බලා විපිලසරව මාලිංගට දත නියවන්නට බලා සිටින අය මේ ටිකත් කල්පනා කර බැලුවොත් හොදය.
අයි පී එල් එකට කබ්බන් ගන්නේ නැත. ගන්නේ වැඩ්ඩන්ය. මොකද ටියුබ් ලයිට් වලට කෝටි ගනන් ගෙවන්න ඉන්දියාවේ අන්ට පිස්සුවක් නැත. මාලිංග දෙවන වැඩිම ලංසුව හිමි විදෙස් ක්‍රීඩකයාය. ඉන්දිය රුපියල් කෝටි 95ක ලංසුවක් ඔහිට හිමිය. අයි පි එල් සීසන් 4කදී කඩුලු 20කට වැඩිය දවාගත් එකම ක්‍රීඩකයා මාලිංගය.
මාලිංග 2015 වර්ල්ඩ් කප් ගැහුවේ කකුල ඔපරේෂන් කර මාස 3කට පසුවය. ඔපරේෂන් එකකින් පසු ඇතිවන තත්වය දන්නේ කකුලක් ඔපරේෂන් කල එකෙක්ය. මමද පාදයේ සැත්කමකට ලක්ව මාස 8ක් ඇවිදගන්න බැරුව හිටපු එකෙක් ලෙස එම තත්වය හොදින් දනිමි. එහෙව් තත්වයක් මත මාස 3කින් ආපු එකට ඔය කවුරුත් මාලිංගට හොද කීවේද තුති මල් පිදුවේද නැත. එහෙම ඇවිත් මාලිංගගේ කකුලේ ආබාධය වැඩිවී යලි ක්‍රීඩා කිරීමට නොහැකි වූවානම් ඔය කවුරුත් ඌට කන්න දෙන්නේද නැත. ඕනනම් පෝස්ට් එකක් හදා ලයික් ටිකක් එකතු කරගෙන මාසයකින් දෙකකින් මාලිංග අමතක කර දමනු ඇත.

ඇන්ජි ආබාධිතය. ඒ නිසා කවදාවත් පන්දුවාර 10 දාන්නේ නැත. 20-20 පන්දුවාර 4 දාන්නේද නැත. කවුරුත් ඇන්ජිට සනීප වෙනකල් එලියෙ ඉන්නයයි කියන්නේ නැත. හැබැයි ඇන්ජිගේ මේ ක්‍රියා කලාපය ලංකාවට අවාසි සහගතය. හැබැයි කවුරුත් පොස්ට් හදා දමන්නේ නැත.
හේතුව ඇන්ජිවත්, තිසරවත් මීට කලින් මාව දැකල නැද්දැයි අසා නැත.මේ වගේ උදාහරණ දුසිමක් පෙන්වා දිය හැක.
ගල් වදින්නේ පල ඇත රුකටය. හැමෝම මාලිංග ගැන අවධානයෙන් සිටින්නේ එබැවිනි. අරවින්දද බලා සිටින්නේ මාලිංග අයි පී එල් යනකල්ය. ඒ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවන්නට පහසු වනු වස්ය. කවුරු මොනවා කිවත් අපේ ක්‍රිකට් දැන් දුවන්නේ හිතවත්කම්වලට එකිනෙකා සන්තෝස කිරීමටය.
ක්‍රීඩකයෙක් හැටියට මාලිංග දක්ෂයෙකි. මම අගය කරන්නේ ඒ දක්ෂතාවයයි. විනය ක්‍රීඩකයෙකුට වැදගත්ය. දක්ෂයා විශිෂ්ටයෙකු කරන්නේ විනයයි. මාලිංග වරද්දා ගත්තේ එතැනයි. සැමුවෙල්ස්ට විනයක් නැත ඔහු ලෝක කුසලානය දෙවරක් කොදෙව්වන්ට දිනා දුන්නේය. කෝලිට විනයක් නැත. නමුත් ලෝක කුසලාන තරගාවලියේ වීරයා ඔහුය. එනිසා මටත් මාලිංගගේ විනයෙන් වැඩක් නැත. මොකද විනය රැක්කාට මැච් දිනවන්නෙක් විය නොහැක.
-විදුරංග විලෝචන ගුණසේකර-