මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද කියන ප්රශ්නය මේ වන විට මාලිමාවට ඡන්දය දුන්, නොදුන් බොහෝ දෙනෙකුට තියෙනවා.
මාලිමාවට දැඩිව විරුද්ධ ඇතැම් අය හිතන්නේ ඉබේට ම මාලිමාවේ ජනප්‍රියත්වය පිරිහී, තවත් අවුරුද්දකින් විතර අරගලය වැනි දෙයක් ඇති වී, මාලිමාවට සහ අනුරට ගෙදර යන්නට සිදු වී, අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා මෙන් රාජ්‍ය බලය තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇති බවයි.
මාලිමා ආණ්ඩුව කරන සමහර පත්කිරීම්, සමාජ මාධ්‍ය හැසිරෙන විදිය වගේ ම සිජිටල් අවකාශයේ දේශපාලනය සම්බන්ධයෙන් පොදුවේ තියෙන වියවුල් සහගත (chaotic) ස්වභාවය නිසා කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයි.
මේ නිසා සජිත් ප්‍රේමදාසට වුණත් උපදෙස් දෙන අය කියනවා ඇත්තේ "කොහොම හරි අල්ලන් ඉන්න" කියලයි. ඇතැම් විට මේ තරම් විශාල පරාජයකින් පසුව වුණත් සජිත් ප්‍රේමදාස 'ගෙදර යාමක්' ගැන නොහිතනවා ඇත්තේ මේ තත්ත්වය නිසයි. රනිල් වික්‍රමසිංහ වුණත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහමුලින් ම අතහැර පූර්ණ ලෙස විශ්‍රාම යාමක් ගැන නොහිතන්න බලපාන ලොකු ම හේතුව වනවා ඇත්තේත් ඒකයි.
මාලිමා ආණ්ඩුවේ පාලනය කිසියම් දුරකට ව්‍යාකූල එකක් වීම බලාපොරොත්තු විය හැකි දෙයක්. සාමාන්‍යයෙන් ඒක අසාමාන්‍ය තරමේ බලාපොරොත්තු ගොන්නක කර මතින් බලයට පත් වෙන ඕනෑම ආණ්ඩුවකට සිදු වන දෙයක්. එහෙම ආණ්ඩුවක පාලනයේ ස්වභාවයෙන් ම කිසියම් වියවුල් සහගත ස්වභාවයක් තියෙනවා. ඇත්ත වශයෙන් ම මේ විදියේ ආණ්ඩුවක් මොන තීරණය ගත්තත් එයින් වියවුලට පත් වන කොටසක් ආණ්ඩුව ඇතුළේ ම වුණත් ඉන්නවා.
උදාහරණයක් විදියට මාලිමා ආණ්ඩුවට IMF වැඩසටහන මේ විදියට ම ඉස්සරහට ගෙන යාම හෝ නොයාම කියන දෙකෙන් කුමක් කළත් එයින් වියවුලට පත්වන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා. මෙයට කලින් ආණ්ඩුවල වගකීම් දැරූ නිලධාරීන් මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කළත්, නොකළත් එයින් වියවුලට පත් වන පිරිසක් මේ තුළ ඉන්නවා. ඇත්ත වශයෙන් ම මේ විදියේ ආණ්ඩුවක් මොන වැදගත් තීරණයක් ගත්තත් එයින් අසතුටට පත් වන පාර්ශ්වයක් ආණ්ඩුව බලයට ගෙනා බලවේගය තුළ ඉන්නවා. මෙහෙම ආණ්ඩුවක් සම්බන්ධයෙන් එය ඉතා ම ස්වාභාවික තත්ත්වයක්. මේ නිසා බැලූ බැල්මට ම කිසියම් වියවුල් සහගත ගතියක් පෙනෙන්නට තියෙනවා.
ඒත් එහෙම වියවුල් සහගත ගතියක් තිබුණා කියා ආණ්ඩුව තව මාස හයකින් හෝ අවුරුද්දකින් වැටෙයි කියලා නම් මම හිතන්නේ නැහැ.
මාලිමාව වැටෙන්නේ හෝ ගෙදර යන්නේ මාලිමාවට එරෙහි කඳවුර මාලිමාවට වඩා ප්‍රබල narrative එකක් ගොඩනැගූ දාටයි. ඒක අද හෝ හෙට, එහෙම නැත්නම් තවත් මාස හයකින් හෝ අවුරුද්දකින් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි.
මාලිමාව ගොඩනැගූ 'දේශපාලන ක්‍රමය සුද්ද කිරීම' කියන narrative එක එක්ක තරග කරනවා නම් තරග කරන්නට පුළුවන් වන්නේ බණ්ඩාරනායක 1956 දී ගොඩ නැගූ 'මහජන යුගය' සම්බන්ධ narrative එකට පමණයි. ඔබ බණ්ඩාරනායකට කැමති වුණත්, අකැමැති වුණත් බණ්ඩාරනායකගේ narrative එක තවමත් ලංකාවේ දේශපාලනයේ හොල්මන් කරනවා. ඇත්ත වශයෙන් ම හිතුවොත් 1956 දී බලයට පැමිණි බණ්ඩාරනායකට ජීවත් වෙන්න ලැබුණේත් අවුරුදු තුනයි. බණ්ඩාරනායක ගේ පාලන සමය ලංකාවේ දේශපාලනයේ පැවති ඉතා ම වියවුල් සහගත කාලයක් කියා කිව හැකියි. ඔහුගේ ජීවිතය අවසන් වූයේත් ඔහුට බලයට එන්නට වැඩියෙන් ම උදව් කළ අය අතින්මයි. ඒ මොන දේ වුණත් බණ්ඩාරනායක ගේ narrative එක එතැනින් පසු දීර්ඝ කාලයක් ආණ්ඩු හැදෙන්නට සහ පෙරළෙන්නට හේතු පාදක වුණා.
මාලිමාව ගැනත් මට තියෙන්නේ ඒ විදියේ තක්සේරුවක්.
මාලිමාව තීරණාත්මක ලෙස පරාජය කරන්නට පුළුවන් වෙන්නේ මාලිමාව පරාජය කළ හැකි narrative එකක් මාලිමාවට එරෙහි පාර්ශ්වය විසින් ගොඩනැගූ දාටයි. රනිල්ට ඒක කරන්නට බැහැ. ඔහුට ඒක කරන්නට පුළුවන් යැයි කෙනෙකු තර්ක කළත් ඔහුට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරි වී නැහැ. සජිත්ට මේ කියන කතාවේ අගක් මුලක්වත් තේරෙන්නේ නැහැ. සජිත් ඉතිරි කාලයත් ඔහුට සුපුරුදු පන්නයේ ම දේවල් කරමින් කියමින් කාලය නාස්ති කරනවා හැරෙන්නට වෙනත් දෙයක් කරයි කියලා මං හිතන්නේ නැහැ. ඒ වගේ ම යම් හෙයකින් ඔහුට මෙය තේරුණත්, සජිත් වැනි කෙනෙකු වටා ගොඩනැගිය හැකි කිසිම narrative එකකුත් නැහැ. ඔහුට තියෙන ලොකු ම සීමාසහිතකමත්, ඔහු ගේ වලංගුභාවය නැති වෙන්න ලොකු ම හේතුවත් එයයි..
එහෙම ශක්තිමත් narrative එකක් ගොඩ නොනගන තාක් කල් සිදුවන්නේ මාලිමාව ජනප්‍රියත්වයෙන් පිරිහෙන විට එයට සමාන්තර ව විපක්ෂයේ ද ජනප්‍රියත්වය පිරිහීමයි. ඒක හරියට ම ගෝඨාභය ගේ ජනප්‍රියත්වය පිරිහෙන විට එයට සමාන්තරව සජිත් ගේ ජනප්‍රියත්වය ද පිරිහුණා වගේ දෙයක්. එයින් සිදු වූයේ 2019 දී බලය ලබාගැනීමට පුළුවන් වේ යැයි සිහිනයකින්වත් නොසිතූ අනුරට 2024 දී බලයට එන්නට මාර්ගය පෑදීමයි. මේක අනාගතයේත් සිදුවීමට විශාල ඉඩකඩක් තියෙනවා.
ඒ නිසා අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා මෙන් කාගේවත් ඔඩොක්කුවට රාජ්‍ය බලය වැටෙන්නේ නැහැ.
එය සෑහෙන වෙහෙස මහන්සියක් දැරිය යුතු ව්‍යාපෘතියක්. මේ මොහොතට සාපේක්ෂව හිතුවොත් ඉතා ම සීරුවෙන් කළ යුතු 'ආඛ්‍යාන පිළිබඳ යුද්ධයක්' ( War of Narratives). මා බලාපොරොත්තු වෙන එක ම දෙය ලංකාවේ දක්ෂිණාංශයට නැඹුරු අය මෙය සීරියස් තැනකින් අල්ලා ගනු ඇති කියලයි.
අඹ ගෙඩිය මාස හයකින් ඔඩොක්කුවට වැටෙනකල් බලන් ඉන්න අයට මට කියන්න තියෙන්නේ 'සිහිනවලින් ඇහැරිලා ගෙදර ගිහින් නිදාගන්න' කියා විතරයි.
රසික ජයකොඩි
05 - 10 - 2024